දිනපතාම අපගේ ඇස් බොහෝ වෙහෙසට පත් වෙනවා, විශේෂයෙන්ම කියවීම වැනි ක්‍රියාකාරකම් නිසා. එහිදී අපේ ඇස් වලට වැඩි ආතතියක් ඇතිවීම සිදුවෙනවා. මෙම ආතතිය නිසයි ඇස් වලට තෙහෙට්‍ටු බවක් දැනෙන්නේ. ඈස් අධික ලෙස තෙහෙට්‍ටුවට ලක්වීම නිසා අක්ෂී සහ දෘෂ්ටි ගැටලු මතුවිය හැකියි-උදා: ඇස් වියළීම, රතුවීම, පෙනීම බොඳ වී යාම ආදී වශයෙන්. සිරුරට මෙන්ම ඇස් සඳහා ද හොඳින් විවේක ලබාදීම වැදගත්. ඒ සඳහා ඔබට අනුගමනය කල හැකි හොඳම ක්‍රමය තමයි ඇස් සඳහා ව්‍යායාම ලබාදීම.
පෙනීම කියන්නේ ඔබ ආරක්ෂා කරගත යුතුම දෙයක්. ඇස් පරිස්සම් කරගන්න සහා පෙනීම දියුණු කරගන්න මේ සරල ව්‍යායාම සහ සම්බාහන ක්‍රම අනුගමනය කරන්න.
- ෂටර් ක්‍රමය (ඇහිපිය ගැසීම)

ඇස් තද නොකර වේගයෙන් මිනිත්තු 2ක් පුරාවට ඇසිපිය සලන්න. මෙමඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව වැඩිදියුණු වේ.
- වීදුරුව මත තිතක් තබා සිදුකරන ව්‍යායාමය

වීදුරුව මත තිතක් අඳින්න. ජනේලයෙන් පිටත දුරින් පිහිටන වස්තුවක් දෙස බලන්න. දැන්, නැවත ජනෙල් වීදුරුව මත ඇති තිත දෙස බලන්න.මෙම චක්‍රය පස් වතාවක් පමණ නැවත නැවත සිදුකරන්න.
- ඇස් විශාල කර බැලීම

සෘජුව සිටගන්න. ඔබේ ඇස් තදින් වසාගෙන තත්පර 5ක් පුරාවට රැඳිසිටින්න. දැන්, ඇහිපිය විවර කර හොඳින් ඇස් විශාල කර බලන්න. මෙම ව්‍යායාමය 8 වරක් පමණ සිදුකරන්න. මෙමඟින් ඇහි පිය මත ඇති මාංශ පේශීන් ශක්තිමත් කිරීම, රුධිර සංසරණය වැඩිදියුණු කිරීම සහ ඇසේ මාංශ පේශීන් සැහැල්ලු කිරීමට උපකාර කිරීම සිදුකරනු ලබයි.
- අත්ලෙන් ඇස් උණුසුම් කිරීම

ඇස් වසාගෙන යම් ප්‍රසන්න මතකයක් ගැන සිතමින් මිනිත්තු කිහිපයක් පුරාවට සැහැල්ලුවන්න. ඔබේ අත් උණුසුම් වන තුරු හොඳින් එකිනෙක අතුල්ලන්න. ඔබේ දෑතින් ඇස් වසාගන්න. මිනිත්තුවකට පසු ඔබේ ඇස් විවෘත කරන්න.
- ඇස් සම්බාහනය කරන්න

ඇඟිලි තුඬු වලින් ඔබේ ඉහළ ඇහි පිය මත මෘදුව තෙරපන්න. තත්පර 1-2කට පමණ පසු ඇසි පිය මතින් ඇඟිලි තුඬු ඉවත්කරන්න. මෙසේ තෙවරක් පමණ සිදුකරන්න. මෙම සම්බාහනය ක්‍රමය හරහා අන්තර් අක්ෂීය තරලය සංසරණය වඩාත් ක්‍රමවත් කිරීම සිදුකරයි.
- උණුසුම් ජලයෙන් සහ සිසිල් ජලයෙන් ඇස් සේදීම

දිනකට දෙවරක් ඔබේ ඇස් සෝදන්න. උදෑසන, පළමුව උණුසුම් ජලයෙන් සෝදා අනතුරුව සිසිල් ජලයෙන් සෝදන්න. සවස් කාලයේදි ඇස් සෝදන විට එහි විරුද්ධ පියවර අනුගමනය කරන්න. එනම් පළමුව සිසිල් ජලයෙන් සෝදා ඉන් අනතුරුව උණුසුම් ජලයෙන් සෝදාගන්න.
- නියපොත්ත දෙස එක එල්ලේ බලා සිටීම

ඔබේ අත ඔබ ඉදිරියෙන් දිගුකරගනිමින් මහපට ඇඟිල්ල ඉහළට ඔසවමින් එහි නියපොත්ත දෙස බලාසිටින්න. දැන්, සෙමින් ඔබේ ඇඟිල්ල ඔබේ නාසය දෙසට ලංකරන්න. දැන් නැවත එය පිටුපසට ගමන් කරවන්න. මෙය 10 වරක් පමණ නැවත නැවත සිදුකරන්න.
- බ්ලෆ් ක්‍රමය (blind man’s bluff)

ඇහි පිය තදින් හකුළුවමින් ඔබේ ඇස් වසාගෙන තත්පර 5ක් පුරාවට රැඳීසිටින්න. ඉන්පසුව, තියුණු ලෙස එක්වරම ඇස් විවෘත කරන්න. මෙසේ 10 වරක් පමණ සිදුකරන්න.
- රවුමට ඇස් කැරකීම

ඇසේ කලු ඉංගිරියාව සෙමින් වක්‍රාකාරව කරවකවන්න. දකුණු දෙසට 4 වතාවක් ලෙසත් වම් දෙසට 4 වතාවක් ලෙසත් ඇස් කරකවන්න.
- ෆ්ලර්ටිං ක්‍රමය හෙවත් දෙපස බැලීම

ඔබේ ඇස් ඉතා සෙමින් වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් චලනය කරන්න. මෙය 6 වරක් පමණ සිදුකරන්න.
- “අනන්තය” (infinity) සංකේතය පරිද්දෙන් ඇස් කරකැවීම

අනන්තය ලකුණේ රටාව සේ ඔබේ ඇස් නොනවත්වා චලනය කරන්න. සලකුණේ මැද සිට අරඹන්න. මෙය තෙවරක් පමණ සිදුකරන්න.