හදිස්සි අවස්ථාවට ජීවිතය පවා රැක ගන්න ඔබේ නිවසේ තිබිය යුතු තෙල් වර්ග 11ක්

health tips

ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ නොයෙක් රෝග සමනය කිරීම සඳහා විවිධ ඖෂධ වර්ග උපයෝගී කරගෙන තෙල් වර්ග නිෂ්පාදනය කරනු ලැබේ. 

ඕනෑම ආයුර්වේදීය වෙළඳසැලකින් එම තෙල් වර්ග මිලදී ගත හැකි අතර සම්බාහනය කිරීමට හෝ සාත්තු කිරීමට එම තෙල් භාවිතා කළ හැකිය. එනම් ඉන් රෝග ගණනාවක් සමනය කර ගත හැකිය.

සර්ව විෂාදී තෛලය

  • සියලු විෂ නැසීම සඳහා මෙන්ම විෂ ගෙඩි සුව කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ආයුර්වේද තෙල් වර්ගයක් ලෙස සර්වවිෂාදි තෛලය හඳුනාගත හැකිය. 
  • කෘමි සතුන් දෂ්ට කළ විට එම විෂ ඉවත් කරගැනීමට 
  • කෘමි සතුන් දෂ්ට කළ විට ඇති වන කැසීම සුව කිරීමට
  • සර්පයෙක් දෂ්ට කළ විට සිදු කරන ප්‍රතිකාරයන්ට 
  • විසර ගෙඩි කැසීමට යන ආදී රෝග ගණනාවක් සමනය කිරීම සඳහා සර්ව විෂාදී තෛලය භාවිතා කළ හැකිය

නිල්‍යාදී තෛලය -ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුල හිසකෙස් වර්ධනය කර ගැනීමට භාවිතා කළ තෙල් වර්ගයක් ලෙස නීල්‍යාදී තෛලය හැඳින්විය හැකිය.  එනම් විශේෂයෙන්ම සෙම් රෝග අවම පුද්ගලයින් හිසකෙස් වල මෙම තෙල් ආලේප කර හොඳින් සම්බාහනය කිරීමෙන් හිසකෙස් ගැලවී යාම හිස කෙස් සුදු වීම ආදිය වළක්වා ගත හැකිය. 

වාත විදුරංග තෛලය වයස්ගත පුද්ගලයින්ට ඇතිවන හන්දිපත් වේදනාව වාත අමාරු සුව කරගැනීම සඳහා  නිශ්පාදනය කළ  වාත විදුරංග තෛලය ආයුර්වේදය තුළ භාවිතා කරන තවත් එක් වටිනා ඖෂධයකි.  එනම් වේදනා, ඉදමුම් ඇති ස්ථානවල බාහිරින් මෙම තෙල් ආලේප කර හොඳින් සම්බාහනය කිරීමෙන් සියලුම වාත රෝග හන්දිපත් වේදනා ඉදිමුම් සුව කරගත හැකිය.

පීනස් තෛලය-ඈත අතීතයේ සිටම සෑම නිවසකම පාහේ භාවිතයට ගනු ලැබූ තෙල් වර්ගයක් ලෙස  පීනස් තෛලය හඳුනාගත හැකිය.එනම් කැස්ස ඉරුවාරදය හා එම රෝග නිසා ඇතිවන රෝග සංකූලතා සුව කර ගැනීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

සිද්ධාර්ථ තෛලය-සෑම නිවසකම පැවතිය යුතු තෙල් වර්ගයක් ලෙස සිද්ධාර්ථ තෛලය හඳුනාගත හැකිය. මෙය  සිරුරේ ඇතිවන  තැලුම් සිරීම් සඳහා මෙන්ම වාත අමාරු සුව කර ගැනීම සඳහා මෙම භාවිතා කරයි. එනම්පැරණි පොත් පත්වල සඳහන් වන්නේ මරණාසන්න රෝගීන්ට මෙම තෙල් දමා සම්බාහනය  කිරීමෙන් පසුව සුව වූ බවයි.  මේ නිසා මෙම තෛලය නිවස තුළ තබා ගත යුතු ඖෂධයක් ලෙස බොහෝ දෙනකු විශ්වාස කරයි. 

ශුලහර තෛලය-අතපය වේදනාව ආම වාත වේදනා කැක්කුම් සුව කිරීම සඳහා ශුලහර තෛලය ඖෂධයක් ලෙස භාවිතා කරයි. නමුත් මෙය භාවිතා කිරීමේ දී  ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. 

බටු තෛලය-ආයුර්වේදය තුළ නිශ්පාදනය කරන බටු තෛලය පීඩාකාරී ඇදුම රෝගය හා අනෙකුත් සෙම් රෝග සුව කිරීම සඳහා භාවිතා කරනු ලැබේ. එනම් මේ සඳහා  පපුවෙහි මෙම තෙල්  ආලේප කළ යුතුය. එමෙන්ම හිසේ කැක්කුම සඳහා ද බටු තෙල් ආලේප කිරීම යෝග්‍ය වේ. මීට අමතරව කුඩා දරුවන්ගේ හිස කෙස් වර්ධනය කර ගැනීම සඳහා ද බටු තෙල් ගල්වා සම්බාහනය කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. 

පිණ්ඩ තෛලය-ආයුර්වේදය තුළ නිශ්පාදනය කළ තවත් එක් වටිනා ඖෂධයක් ලෙස පිණ්ඩ තෛලය හඳුනාගත හැකිය. එනම් කුෂ්ඨ, දද සහ සම මත ඇතිවන දැවිල්ල සුව කරගැනීම සඳහා ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. එනම් පින්ඩ තෛලය  දද කුෂ්ඨ තුවාල මත දිනපතා ආලේප කිරීමෙන් ඉක්මන් සුවය ලබා ගත හැකිය. 

මහා නාරායන තෛලය-සියලු වාත රෝග සුවකර ගැනීමට ඖෂධයක් ලෙස භාවිතා කරන තෙල් වර්ගයක් ලෙස  මහානාරායන තෛලය හැඳින්විය හැකිය. එනම්  ඕනෑම වයසක පුද්ගලයෙකුට භාවිතා කළ හැකි මෙම තෛලය වාත රෝග සුවකර ගැනීම සඳහා භාවිතා කරන්නේ නම් එය තැවුම් ක්‍රමය යටතේ  සිදු කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඉන් වේදනාව ඉක්මනින් සුව කර ගත හැකිය. 

අශ්වගන්ධ තෛලය-ස්නායු රෝග අංශබාග රෝග සඳහා භාවිතා කරන තෙල් වර්ගයක් ලෙස අශ්වගන්ධ තෛලය හඳුනාගත හැකිය. මෙම තෙල් වර්ග ආලේප කිරීමෙන් කෘශ වූ සිරුරේ ලේ ගමනාගමනය කමවත් කරගත හැකිය. එමෙන්ම මෙමගින් ලිංගික උත්තේජනයද වැඩි කර ගත හැකිය. මේ නිසා අංශභාග ස්නායු රෝග ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ එම රෝග තත්ත්වයන් සමනය කර ගැනීමට  අශ්ව ගන්ධ තෛලය බාහිරව ආලේප කරනු ලැබේ.

කෝලශ්ලේෂ්මා තෛලය-ආයුර්වේදය තුළ රෝග රැසකට භාවිතා කරන තවත් එක් තෙල් වර්ගයක් ලෙස කෝලශ්ලේෂ්මා තෛලය හඳුනාගත හැකිය. එනම් මෙම තෙල් වර්ග සෙම කැස්ස වැනි රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා බාහිරව ආලේප කිරීම මෙන්ම මුඛය ඇතුළතින් උගුර පපුව ආදී ස්ථානවලද ආලේප කිරීම සිදුකරයි. එනම් ඉන් සෙම් රෝග ඉක්මනින් සුව කරගත හැකිය. යන ආදී රෝග ගණනාවක් සමනය කිරීම සඳහා මෙම ඖෂධීය තෙල් වර්ග භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ.