ඉතා ඉක්මනින් මරණය ළඟා කරවන පිළිකාව මාරාන්තික රෝගයක්. දවසින් දවස පිළිකා රෝගීන් වැඩිවන අතර ඒ අතරේ කුඩා දරුවන් වගේම වැඩිහිටි පුද්ගලයන් ද වෙනවා. ඒ නිසා වයස් භේදයකින් තොරව සෑම අයෙකුටම ඇතිවෙන්නට හැකි පිළිකාව අද අපේ ජීවිතවලට විශාල තර්ජනයක් බවට පත්ව අවසන්. නමුත් පිළිකා ඇතිවෙන්නේ අපේ යම් යම් වැරදි නිසාවෙන් බව බොහෝදෙනෙක් අමතක කරලා. ආහාරපාන වගේම අපි භාවිතා කරන යම් යම් ද්‍රව්‍යයන් පවා අතිශය පිළිකාකාරක බව ඇතැම් අය දැනුවත් නැහැ. ඒ නිසාවෙන් අද අපි ඔබට කියන්නට යන්නේ එවැනි පිළිකාකාරක දේවල් මොනවාද යන්නයි.

- නිදා ගන්නට භාවිතා කරන මෙට්ට අද බොහෝ විට නිදා ගැනීම සඳහා අපි භාවිතා කරන කොට්ට කෘතීම දේවල් භාවිතයෙන් සකස් කරන ලද දේවල්. මේ කෘතීම කෙඳි පිළිකාකාරක වන නිසා ඒ වෙනුවට ලොම්, පොල් කෙඳි ආදියෙන් සකස් කරන ලද මෙට්ට භාවිතා කරන්නට පුළුවන්.
- කපු ඇඳ ඇතිරිලි බොහෝ රටවල මහා පරිමාණයෙන් කපු වගා කරනු ලබනවා. ඉතා හොඳ අස්වැන්නක් ලබා ගන්නට කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒවායින් සකස් කරන ලද කපු ඇද ඇතිරිලි හා මෙට්ට භාවිතය සුවපහසු වුණත් ස්වසන පිළිකා වගේම තද හිසරදය ආදී තත්ත්වයන් වුණත් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ වෙනුවට කාබනික කපු හා ලිනන් තෝරා ගැනීම සුදුසුයි.
- නල ජලය අද බොහෝදෙනෙක් භාවිතා කරන්නේ නල ජලය. මේ ජලයට බොහෝවිට නයිට්‍රේට් කියන රසායනිකය එකතු කරනවා.නයිට්‍රේට් කියන්නේ ඉතා ප්‍රබල පිළිකා කාරකයක් වන අතර ඒවා රසායනික පොහොරවලත් අඩංගු වෙනවා.පසට පොහොර යෙදීමෙන් පවා ඒවා ජලයට එකතු වෙන්නට පුළුවන්. ගැබිනි කාන්තාවන්ට හා කුඩා දරුවන්ට මේ ජලයෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් ඉහළයි. ඒ නිසා බීමට ගන්නා ජලය පානයට සුදුසු දැයි පරීක්ෂා කර බැලිය යුතු වෙනවා.
- කෘතීම කෙඳිවලින් සැකසූ බුමුතුරුණු අද බුමුතුරුණු නැති නිවසක් සොයා ගන්නට නොහැකි තරම්.ඒ තරමටම ඉතා සමීප දෙයක් වෙලා තියෙන මේවා නිෂ්පාදනය කරන්නේ කෘතීම කෙඳිවලින්. ඒ සඳහා ෆෝමැල්ඩිහයිඩ්, ඇසිටෝන් ආදී රසායන ද්‍රව්‍ය භාවිතා කෙරෙනවා.ඒ නිසා මේ කෙඳි අපේ ශරීරයට ඉතාම අහිතකරයි.ඒ නිසා අද වෙද්දි මේවා භාවිතයෙන් පිළිකා ඇති කරන බව සොයාගෙන තියෙනවා.
- රෙදි සේදුමෙන් පසුව යොදන සුවඳ දියර රෙදිවල සුවඳක් පවත්වා ගන්න අපි හැමෝම කැමතියි.ඒ නිසා අද බොහෝදෙනෙක් රෙදි සේදීමෙන් පසුව විවිධාකාරයේ සුවඳවත් දියර යොදනු ලබනවා. ඒවා බොහෝවෙලාවට අපේ ශරීරයට අහිතකර පිළිකාකාරක වෙනවා. මේවා දිගුකාලයක් තිස්සේ භාවිතා කරන විට ස්වසන පිළිකා වගේම අග්න්‍යාශික පිළිකා වුණත් ඇතිවෙන්නට පුළුවන්.

- රූපලාවන්‍ය නිෂ්පාදන ලස්සනට ඉන්නට අපි හැමෝම කැමතියි. ඉතින් තරුණ පෙනුම රැක රූපය ලස්සන කරගන්නට පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් විවිධාකාරයේ ආලේපන වර්ග භාවිතා කරනවා. මේවායේ වැඩි වශයෙන් ෆැරෆීන් කියන සංයෝගය අඩංගු වෙනවා. මෙය ප්‍රබල පිළිකාකාරකයක්. මේ ෆැරෆීන් පියයුරු පිළිකාවලටත් හේතුවෙන බව සොයාගෙන තියෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝර්මෝන ශ්‍රාවය අක්‍රමවත් කරන්නටත් මෙය හේතුවෙන බවයි සොයාගෙන ඇත්තේ.
- සුවඳ ගල්වනයන් වාහනයේ, නිදන කාමරයේ, කාර්යාලයේ හෝ නාන කාමරයේ ආදීයේ මේ සුවඳ ගල්වනයන් භාවිතා කරන්නට බොහෝදෙනෙක් උනන්දු වෙනවා. සුවඳවල් ගණනාවකින් යුක්ත මේවා දුගඳ නැති කර ප්‍රසන්න වටපිටාවක් ඇති කරන්නට හේතු වෙනවා. නමුත් මේවා නිෂ්පාදනයේ විවිධ රසායන ද්‍රව්‍ය යොදනු ලබනවා.ඒ නිසා ඒවා භාවිතයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත පිළිකා පවා ඇති වෙන්නට පුළුවන්.
- සුවඳ ඉටිපන්දම් මේවායේ අඩංගු වෙන ෆැරෆීන් කියන්නේ ප්‍රබල පිළිකාකාරකයක්. ඉටිපන්දම් දැල්වූ පසු එයින් විහිදෙන සුවඳ අපේ පෙනහළුවලට ඉතාම අහිතකරයි. එය ස්වසන පිළිකා ඇතිවීමේ අවදානමක් මෙහි පවතිනවා.
- ප්ලාස්ටික් කෝප්ප සහ ප්ලාස්ටික් බෝතල් අද සුලබවම දකින්නට ලැබෙන භාණ්ඩ අතරෙ ප්ලාස්ටික් බඩු භාණ්ඩ මූලික තැනක් හිමිකර ගන්නවා. බෝතල්, කෝප්ප පවා ඉතාම ආකර්ශණීය ලෙස නිමවා ඇත්තේ ඒවා ගන්නට පාරිභෝගිකයා පෙළබෙන ආකාරයටයි. කොහොමනමුත් ශක්තිමත් බව හා ප්‍රත්‍යස්තභාවය වැඩි කරන්නට විවිධ කාබනික සංයෝග එකතු කරනු ලබනවා. BPA (බිස්පිනෝල් A )කියන්නේ එවැනි එක් සංයෝගයක්. BPA තාප සංවේදීයි. ඒ රසායනික නිදහස් වන්නේ ප්ලාස්ටික් බෝතලය තුළ තියෙන ජලයට එහෙම නැත්නම් ප්ලාස්ටික් කෑම බදුනක තියෙන ආහාරවලට විශේෂයෙන්ම රස්නය ඇති ජලය හෝ ආහාර ගබඩා කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. එමගින් පියයුරු පිළිකා ඇතුළු තවත් බොහෝ බරපතළ සෞඛ්‍ය ගැටළු ඇති කරනු ලබනවා.
- සෝපාවන් අද සෑම නිවසකම වාගේ සෝපාවන් දකින්නට ලැබෙනවා. විවිධ මිල ගණන් යටතේ විවිධ විලාසිතාවලට අනුව තියෙන සෝපාවන් පවා අපිට පිළිකා සඳහා අවදානමක් ඇති කරනවා.මේවා සකස් කරන්නට භාවිතා කරන අමුද්‍රව්‍ය පිළිකා ඇති කරන්නට සමත් වෙන බව බොහෝදෙනා දන්නේ නැහැ. ඒ නිසා නිවසේ අලංකාරයට වඩා තමන්ගේ සෞඛ්‍ය සම්පන්න බව සිතන අයෙක් නම් ඔබටත් මේ වෙනුවට දැවමය ගෘහ භාණ්ඩ භාවිතයට හැකියාව තියෙනවා.
- නිය ආලේපන නිය ආලේපන සකස් කරන්නට රසායන ද්‍රව්‍ය බොහොමයක් යොදා ගන්නවා. මේවා බොහොමයක් පිළිකාකාරක වන නිසා නිතර නිය ආලේපන භාවිතය සුදුසු වන්නේ නැහැ.
- පොලිතින් ප්ලාස්ටික්වල දැවටූ සකස් කරන ලද ආහාර අද සෑම සකස් කරන ආහාරයක්ම පාහේ ඇසුරුම් කර තියෙන්නේ ප්ලාස්ටික් හෝ පොලිතින්වල. එය මාස 3 සිට 6 ක් තරම් කාලයක් හොඳ තත්ත්වයේ තිබුණත් ඉන්පසුව පොලිතින් දිරායාම වගේම ආහාරවල රසායන ද්‍රව්‍යයත් ඒ සමඟ මිශ්‍ර වෙන්නත් ඉඩකඩ තියෙනවා.ඒවා ශරීරගත වීමෙන් පිළිකා ඇතිවෙන්නට පුළුවන්.
- තීන්ත තීන්ත ආලේප කරද්දි දැනෙන සුවඳ බොහෝ අය ආස වුණත් ඒ සුවඳ ලෙස පිටවෙන්නේ තීන්ත සඳහා භාවිතා කරන ලද රසායනිකයන්.මේවා සිරුරට අහිතකර පිළිකාකාරක නිසා ඒ සුවඳ ආඝ්‍රානය කිරීමෙන් පෙනහළු ආශ්‍රිත පිළිකා ඇති වෙන්නට පුළුවන්.
ඉතින් අපි නොදැනුවත්වම භාවිතා කරන මෙවැනි බඩු භාණ්ඩ හරහා පවා පිළිකා වැළදීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා හැකිතාක් එවැනි පිලිකාකාරක දේවලින් ඈත්වීම අප කළ යුතුමයි නීරෝගී ජීවිතයක් උදෙසා.