කැස්ස යනු වයස් භේදයකින් තොරව නිතර හටගෙන රෝග තත්වයකි එනම් මෙය රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. බොහෝ විට කැස්ස ඇති වනු ලබන්නේ පෙනහළු තුළ ඇති වූ සෙම් ඉවත් කිරීම සඳහාය. එමෙන්ම ආහාර ගිලිනවිට එම ආහාර ආහාර මාර්ගයට ඇතුළු නොවී ස්වාසනාලයට ඇතුල් වූ විටද කැස්ස ඇතිවේ. ඊට අමතරව උගුර ආශ්‍රිතව ඇතිවන යම් ආසාදන තත්ත්වයන් හේතුවෙන් ද කැස්ස බොහෝවිට ඇතිවේ. එම ප්‍රධාන හේතූන් වලට අමතරව වෙනත් හේතූන් රාශියක් ද කැස්ස ඇති වීමට හේතුවේ.
- වැස්සට තෙමීම.
- ශ්වාස නාල වියළීම.
- දේශගුණික විපර්යාස
- පණු රෝග පැවතීම.
- නිතර කතා කිරීම.
- හදවත් රෝග.
- අවේලාවේ ස්නානය කිරීම.
- විවිධ ආහාර වර්ග භාවිතා කිරීම.
- පෙනහලු වල කොටස් එක් රැස්වීම.
- කිවිසුම් වේග වැළැක්වීම
- අධිකව ව්‍යායාම කිරීම
- දුම් හා දූවිලි ආග්‍රාහණය කිරීම
මේ ආදී වූ හේතුන් නිසා කැස්ස ඇති වනු ලැබේ. එනම් කැස්ස යනු නිරෝගී බව හෙළි කරන තවත් එක් ලක්ෂණයක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. නමුත් කැස්ස ඇතිවිට ඉන් ඇතිවන සංකූලතාවයන් හා ඉන් ඇතිවන අපහසුතාවය එදිනෙදා කාර්යයන් වල නිරත වීමට බාධා පමුණුවනු ලැබේ. මේ නිසා කැස්ස සමනය කර ගැනීමට ප්‍රතිකාර ලබා ගත යුතුය. වෛද්‍ය උපදෙස් හා ඖෂධ වලට අමතරව කැස්ස සමනය කර ගැනීමට නිවසේදීම කළ හැකි ප්‍රතිකාර

ලුණු වතුර ප්‍රතිකාරය.බොහෝවිට කැස්ස ඇතිවීමට පෙර උගුර ආශ්‍රිතව නොයෙක් වේදනාවන් ඇති වනු ලැබේ. එවැනි අවස්ථාවක පළමුවෙන්ම සිදු කළ යුත්තේ මද උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් එකතු කර උගුර සහ මුඛය හොඳින් සේදීමයි. මෙය දිනකට දෙවතාවක් පමණ සිදු කිරීම මගින් කැස්ස ඇතිවීම පාලනය කරගත හැකිය. එමෙන්ම ඒ හේතුවෙන් ඇතිවන උගුර ආශ්‍රිත වේදනාවන් ද මෙම ප්‍රතිකාරය තුළින් සමනයට පත්වේ.
වාෂ්ප ඇල්ලීම කැස්ස ඇති වූ විටක වාෂ්ප ඇල්ලීමද යෝග්‍ය වේ. එනම් බොහෝ විට වියළි කැස්ස ඇතිවිටක වාෂ්ප ඇල්ලීම මගින් සෙම බුරුල් කර ගත හැකිය.
මී පැණි ප්‍රතිකාරය.ඖෂධීය ගුණයෙන් යුතු මී පැණි බොහෝ රෝග සමනය කිරීමට මෙන්ම කැස්ස සමනය කර ගැනීම සඳහා ද යොදා ගත හැකිය. එනම් මීපැණි වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක කැස්ස ඇති වීම වළක්වනු ලැබේ. එනම් කැස්ස ඇති විටෙක මී පැණි හැන්දක් පමණ ආහාරයට ගෙන මද උණුසුම් වතුර පානය කිරීම මගින් උගුර ආශ්‍රිත වේදනාව, මුඛය ආශ්‍රිත රෝග මෙන්ම කැස්ස සමනය කරගත හැකිය. ඊට අමතරව සුදුලූනු මිශ්‍ර මී පැණි ඖෂධයද බොහෝ දෙනෙකු ඖෂධ වශයෙන් යොදා ගනු ලැබේ.
peppermint oil කැස්ස සමනය කිරීමට peppermint oil ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.එනම් මේ සඳහා peppermint oil ස්වල්පයක් උණුවතුරට දමා වාෂ්ප ඇල්ලීම මගින් සෙම බුරුල් කරගෙන කැස්ස ඇතිවීම පාලනය කර ගත හැකිය.
ඉඟුරු ඉඟුරු යනු ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බොහෝ රෝග සමනය කිරීමට භාවිතා කරන ඖෂධයකි. එනම් කැස්ස ඇති විටකදී එය යම්තාක් දුරට සමනය කර ගැනීමට ඉඟුරු භාවිතා කළ හැකිය. එනම් කැස්ස මෙන්ම උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන් සමනය කිරීමට ද ඉගුරු යොග්‍යවේ. එනම් මේ සඳහා ඉඟුරු කැබැල්ලක් තලා සපා කෙල ගිලීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව තේ පානයට ඉඟුරු කැබැල්ලක් එක් කොට පානය කිරීම මගින් ද කැස්ස සමනය කර ගත හැකිය.

කහ කැස්ස සමනය කර ගැනීමට භාවිතා කළ හැකි තවත් එක් ඖෂධයක් ලෙස කහ හැඳින්විය හැකිය. එනම් කහවල අඩංගු ප්‍රතිජීවක ගුණය ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග සමනය කිරීම සිදුකරයි. එනම් කැස්ස ඇති විටෙක උණුසුම් වතුර වීදුරුවකට කහ ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් දමා මිශ්‍ර කර උගුර සෝදා හැරීම මගින් කැස්ස, හා උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවන් සුව කර ගත හැකිය.
මිංචි කොළ මිංචි කොල වල අඩංගු මෙන්තොල් මගින් සෙම බුරුල් කිරීම සිදුකරන නිසා කැස්ස ඇතිවිටක මිංචි කොළ භාවිතා කිරීම ගුණදායකය. එනම් මින්චි කොළ කිහිපයක් ගෙන උණුවතුරට දමා මද වේලාවක් තැම්බෙන්නට තබා එය පානය කිරීම මගින් කැස්ස මෙන්ම කැස්ස හේතුවෙන් ඇතිවන උගුර ආශ්‍රිත වේදනාවන්ද සමනය කර ගත හැකිය.
- මීට අමතරව කැස්ස ඇති විටක ඒ සඳහා සුදුසු ආහාර භාවිතා කළ යුතුය.
- උක්,තම්පලා,කළුකැම්මේරිය,පෙතිතෝර,
- කොල්ලු,එළබටු ,රාබු,වැටකොලු,පතෝල,
- එළුකිරි,අන්නාසි,දොඩමි වර්ග වඩාත් සුදුසුවේ.
- කැස්ස ඇති විට ශීත ආහාර නොගත යුතුය.
අයිස් වතුර ,අයිස් ක්‍රීම්,ශීත පාන වර්ග,මුදවපු කිරි , බණ්ඩක්කා ,නිවිති,බටු… ආදී ශීත ආහාර එනම් එළවළු,පලතුරු, පලාවර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. මේ ආදී ඖෂධ වර්ග භාවිතා කිරීම මගින් කැස්ස ඉක්මනින් සුව කරගත හැකිය.