පිළිකා සෛල විනාශ කරන හොඳම ආහාර 12 ක්

health tips

පිළිකාව කියන්නේ අද මුළු ලෝකය පුරාම ඉතාම වේගයෙන් පැතිර යන භයානක රෝගයක්. මේ පිළිකා ඇති වෙන්නේ විකෘති සෛල ඇතිවී ඒවා ඉතා ඉක්මනින් බෙදී පැතිර යාම නිසා. ඒ නිසා පිළිකාවක් ඇතිවුණාම එය පාලනය කිරීම ඉතාම අපහසුයි. කිසිදු භේදයකින් තොරව සියලුදෙනාම ගොදුරු කර ගන්නා පිළිකාව සුව කරන්නට නම් තවමත් ඖෂධයක් නැති තරම්.නමුත් පිළිකාව වළක්වා ගන්නට වගේම පැතිරයාම වළක්වා ගන්නට ක්‍රමවේද බොහොමයක් පවතිනවා. ආන්ත්‍රික පිළිකා, පියයුරු පිළිකා ,මුඛ පිළිකා , චර්ම පිලිකා, ගුද පිළිකා හා අක්මා පිළිකා ආදී පිළිකා නිසා දිනකට මරණයට පත්වන ප්‍රමාණය දවසින් දවස වැඩිවෙමින් පවතිනවා. ඒ නිසා පිළිකා සෛල විනාශ කරන ආහාර වර්ග වැඩි වශයෙන් අපේ ආහාරවේලට එකතු කර ගන්නට සිදු වෙනවා. ඉතින් අද අපි ඔබට කියන්නේ පිළිකාවලින් ආරක්ෂා වෙන්නට ලබාගත හැකි හොඳම ආහාර කිහිඅයක් පිළිබඳව.

  • බ්‍රොකොලි බ්‍රොකොලිවල අඩංගු සල්ෆ්රෝන් කියන සංයෝගය ප්‍රතිපිළිකා නාශකයක්. මේ සංයෝගයට හැකියාව පවතිනවා  පිළිකා සෛල ඇතිවීම වැළැක්වීමට. විශේෂයෙන්ම ඒ සල්ෆෆරෝන් කියන සංයෝගයට පියයුරු පිළිකා වර්ධනය 75%  කින් අඩුකළ හැකි බව අධ්‍යයනවලින් තහවුරු කරගෙන තියෙනවා. ඒ වගේම පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා ඇතිවීම වළක්වාලන්නටත් ඒ පිළිකා සෛල විනාශ  කරන්නත් බ්‍රොකොලිවලට විශේෂ හැකියාවක් ඇති බව තවත් පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා සතියකට වාර කිහිපයක් බ්‍රොකලි ආහාරයට එකතු කර ගැනීමට අමතක නොකරන්න.
  • බෝංචි තන්තු බහුල ආහාරයක් වන බෝංචි වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්තොත් අධෝ මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකාවලින් ආරක්ෂා වෙන්නට ඔබට පුළුවන්. බෝංචි ආහාරයට ගන්නා අයගේ පිළිකා සෛල වර්ධනය වීමේ වේගය ඉතාම අඩු මට්ටමක පවතින බව පර්යේෂණ කිහිපයකින්ම තහවුරු කරගෙන තියෙනවා. ඒ නිසා ආහාර වේලට බෝංචි එකතු කරගත්තොත් පිළිකාවලින් ආරක්ෂා වී සිටින්නට හැකියාව ලැබෙනවා.
  • කැරට් අපි හැමෝම බහුලව භාවිතා කරන එළවලුවක් තමයි කැරට්.කැරට් නිතර ආහාරයට ගන්නේ නම් එය අපේ ශරීරයේ පිළිකා සෛල ඇතිවීම අවම කරන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. පර්යේෂණයකට අනුව තහවුරු  කරගෙන ඇත්තේ කැරට් ආහාරයට ගැනීමෙන් ආමාශයේ පිළිකා ඇතිවීම 26%කින් අවම කරන බවයි. පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා වගේම පෙනහළු පිළිකා ඇතිවීමත් බොහෝදුරට අවම කරන්නට කැරට්වලට හැකියාව පවතිනවා.
  • කුරුඳු කුරුඳුවල අඩංගු සෑම සංඝටකයක්ම පාහේ අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට අතිශයින්ම වැදගත් වෙනවා.  විශේෂයෙන්ම රුධිරයේ ඇති ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරමින් දියවැඩියා තත්ත්වය පාලනය කරන්නට වගේම පිළිකා සෛල පැතිරීම වළක්වාලන්නටත් අපූරු හැකියාවක් මේ කුරුඳුවලට ඇති බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.හිසේ සහ බෙල්ලේ ඇතිවන පිළිකා සෛල ව්‍යාප්තවීම වළක්වන්නට කුරුඳු තෙල්වලටත් හැකි බවත් පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.
  • බෙරි බෙරිවල ඇන්තෝසයින් කියන සංයෝගය අඩංගු වෙනවා. මේ වර්ණකය ප්‍රතිඔක්සිකාරකයක් විදියටත් වැදගත් වෙනවා. ඒ නිසාම පිළිකා සෛල වර්ධනය වීම අවම කරන්නට බෙරිවලට හැකියාව පවතිනවා. ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා මුඛ පිළිකා ආදී පිළිකා ඇතිවීම එමගින් අවම කරනු ලබනවා.
  • රට කජු පර්යේෂණවලින් සනාථ කරගෙන ඇති ආකාරයට රටකජු ආහාරයට ගැනීම මගින් පිළිකා සෛල විනාශ කරනවා පමණක් නොවෙයි පිළිකා ඇතිවීම පවා වළක්වනු ලබනවා. දිනපතාම රටකජු ආහාරයට එකතු කර ගන්නා විට පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු ගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම අග්න්‍යාශය, ආමාශය ආශ්‍රිතව සහ සම ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් රටකජු ආහාරයට ගැනීම මගින් වළක්වනු ලබනවා. මෙහි අඩංගු සෙලීනියම් කියන සංයෝගයට පෙනහළු පිළිකා ඇතිවීම වළක්වන්නටත් අපූරු හැකියාවක් පවතිනවා.
  • ඔලිව් තෙල් පිළිකා තත්ත්වයන් වළක්වා ගන්නට ඔලිව් තෙල්වලට විශේෂ හැකියාවක් පවතිනවා. මධ්‍යධරණී ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඔවුන්ගේ ආහාරවේල් සඳහා දිනපතාම ඔලිව් තෙල් එකතු කරගනු ලබනවා. එය පිළිකාවෙන් මිදෙන්නට උපකාරී වෙනවා. ඒ නිසාවෙන් පිළිකා ඇතුළු රෝග බොහොමයකින් ආරක්ෂා වී සිටින්නට දිනපතාම ආහාරවේලට ඔලිව් තෙල් එකතු කර ගන්නට වගබලා ගන්න.
  • අමු කහ අමුකහ විෂබීජ නාශකයක් ලෙස ප්‍රකට වුණත් ඒ හැරුණාම මෙහි අඩංගු කර්කියුමීන් කියන සංයෝගය ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ප්‍රතිපිළිකානාශකයක් ලෙසටත් ක්‍රියා කිරීමේ හැකියාව මත පිළිකා සෛල වර්ධනය වීමේ වේගය බොහෝ සෙයින් අඩු කරනු ලබනවා.ආන්ත්‍රික පිළිකා, පෙනහළු පිළිකා, හිස ආශ්‍රිත පිළිකා ආදිය සුවපත් කරන්නටත් අමුකහවලට හැකියාව තියෙනවා.ඒ නිසා දිනපතාම ආහාරවේලට අමුකහ එකතු කර ගැනීම පිළිකාවලින් ආරක්ෂා වෙන්නට බෙහෙවින් ඔබට උදව් වෙනවා.
  • සිට්රස් කුලයේ පලතුරු දෙහි, දොඩම්, ලෙමන් සහ මිදි සිට්රස් කුලයට අයත් පලතුරු වන අතර මේ පලතුරු නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා ඇතුළු පිළිකා තත්ත්වයන් 27% කින් අඩුකර ගන්නට හැකියාව ඇති බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත්.
  • තක්කාලි තක්කාලිවල අඩංගු ග්ලයිකොජන් කියන සංයෝගයට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතිනවා. පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා අවම කර ගන්නටත් තක්කාලි බෙහෙවින් උපකාරී වෙනවා. මේ සඳහා වඩා සුදුසු වන්නේ තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීම බවත් මතක තබා ගන්න.
  • සුදු ළූණු සුදු ළූණුවල ඇති ඇලිසීන් කියන සංයෝගයට පිළිකා සෛල විනාශ කර දමන්නට හැකියාව පවතිනවා. ඒ හැරුණාම ළූණු, ලීක්ස් ආදී ආහාරත් අමාශයේ ඇතිවන පිළිකා සෛල මරා දමන්නට ක්‍රියා කරනු ලබනවා.
  • මාළු සැමන්, මැකරල් ආදී මළුවල විටමින් වගේම ඔමේගා 3 මේද අම්ලත් බහුලවම අඩංගු වෙනවා. එය පිළිකා ඇතිවීමේ අවදානම බොහෝසෙයින් අඩු කරන්නට උපකාරී වෙනවා.

ඉහත සඳහන් කළ ආහාර වර්ග නිරන්තරයෙන් ආහාරයට ගන්නට හැකි නම් ඔබට පිළිකාවෙන් ආරක්ෂා වී නීරෝගී ජීවිතයක් ගත කරන්නට පුළුවන්. කෘතීම ආහාර පරිභෝජනයෙන් මිදීමත් පිළිකාවෙන් ආරක්ෂා වීමට බෙහෙවින් වැදගත් කාරණාවක් බව සිහියේ තබා ගන්න.