දිලීර ආසාදනයට ලක්ව ඇති නියපොතු වලට ස්වභාවික පිළියම් 9 ක්

health tips

නියපොතු වල පියකරු නීරෝගි පෙනුම ඔබේ දෙපා වල ආකර්ෂණීය බව තවත් වැඩිකරයි. කෙසේවෙතත් ඇතැම් අයගේ නියපොතු කහ වීම හෝ කලු පැහැයට හුරු දුඹුරකට හැරීම වගේ අවපැහැගැන්වීම් වලට ලක්වෙනවා. ඇතැම් විට ආසාදිත නියපොතු වලින් යම් දුගඳක් ද හැමිය හැකියි.මීට ප්‍රධානම හේතුවක් විය හැක්කේ නියපොතු වල දිලීර ආසාදනය වීමයි.නියපොතු වල ගැටලු මතුකරවන දිලීර ආසාදන වලට සිදුකළ හැකි පහසු ප්‍රතිකර්ම මොනවාද කියලයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙය හොඳ පිරිසිදුකාරකයක් ලෙස භාවිත වෙයි.දිලීර නාශක ගුණ ඇති නිඔසා නියපොතු ආසාදන වලට හොඳ ප්‍රතිකර්මයක් ලෙස ද භාවිත කළ හැකියි.

පුළුන් කැබැල්ලකට පෙරොක්සයිඩ් ස්වල්පයක් ගෙන ආසාදිත නියපොතු මත ගල්වා ඒවා පිරිසිදු වීමට හරින්න.විකල්ප ක්‍රමයක් ලෙස, සීතල වතුර කෝප්ප 4කට පෙරොක්සයිඩ් කෝප්ප 1/8ක් මිශ්‍ර කළ වතුර බේසමක මිනිත්තු 20ක් කකුල් පොඟවාගෙන ඉන්න.

ඇපල් සයිඩර් විනාකිරි ආහාර රසගන්වන අමුද්‍රව්‍යක් වන ඇපල් විනාකිරි වල ප්‍රබල දිලීර නාශක ගුණ අඩංගුයි.25% සාන්ද්‍රිත වර්ගයේ ඒවා වඩාත් ඵලදායි බව අධ්‍යයන පෙන්වාදෙයි.

ඇපල් සයිඩර් විනාකිරි කොටස් 1කට වතුර කොටස් 4ක් මිශ්‍ර කළ වතුර බේසමක කකුල් පොඟවාගෙන ඉන්න.සති 2-3ක් මෙම ප්‍රතිකර්මය කරන්න.

වික්ස් වේපොරබ් බාම් (vicks vaporub) සෙම්ප්‍රතිශ්‍යාව සහ හිසරදයට ප්‍රතිකාර කරන මෙම බාම් විශේෂය නියපොතු වල දිලීර ආසාදන වලට ද හොඳ පිළියමක්. ඊට හේතුව ඒවායේ අන්තර්ගත යුකැලිප්ටස් තෙල් ය.දිනපතා මෙම බාම් ආසාදිත නියපොතු මත ගැල්වීමෙන් දිලීර විනාශ වි ඒවා පැතිරීම පාලනය වන බව පෙන්වාදෙයි.

මවුත්වොෂ් ලිස්ටරීන් වැනි මවුත්වොෂ් වර්ගයක් මේ සඳහා වඩාත් සුදුසුයි.

උණුසුම් වතුර හා මවුත්වොෂ් සම ප්‍රමාණ වලින් ගෙන  ඊට ලෙර්මන් ගෙඩි බාගයක යුෂ මිශ්‍ර කරන්න.මෙම වතුර බේසමේ මිනිත්තු 20ක් පමණ කකුල් පොඟවාගෙන ඉන්න.අධික කාලයක් වතුරේ කකුල් ඔබාගෙන සිටිමෙන් සම වියළීම හෝ පැලීම් මතුවිය හැකියි.

සුදුලූනු සුදුලූනු වල ප්‍රබල විෂබීජනාශක හා දිලීර නාශක ගුණ අඩංගුයි.සුදුලූනු බිකි දෙකක් පමණ ගෙන තලාගන්න. ආසාදිත නියපොතු වල ගල්වන්න.මිනිත්තු 30ක් තිබෙන්නට හැර ඉවත්කරන්න. දිනපතා කිරිමෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබේවි.සම රතුවීම, දැවිල්ල වැනි අපහසුතා මතුකළ හැකි නිසා සුදුලූනු වලට සංවේදි අය මෙම ක්‍රමයෙන් වළකින්න.

තේ ෆ්ලැවනොයිඩ බහුල නිසා කලු තේ දිලීරනාශක ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකියි.සාදාගත් කලු තේ කෝප්ප 4ක ප්‍රමාණයක් පැත්තකින් තබා නිවෙන්නට හරින්න. බේසමකට වත්කර මිනිත්තු 15ක් පමණ නියපොතු එහි පොඟවාගෙන ඉන්න.පසුව නියපොතු තෙත මාත්තු කරන්න. 

ටී ට්‍රී තෙල් මෙම සුවඳ තෙල් වල ප්‍රබල ඖෂධීය ගුණයක් තිබෙයි.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සමේ ගැටලු වලට ප්‍රතිකාර කරයි.දියමිටියෝ වැනි ගැටලු වලට ද හොඳ පිළියමකි.පොල් තෙල්, ඔලිව් තෙල් හෝ ජොජෝබා තෙල් වැනි තෙල් ස්වල්පයක් සමඟ මෙම ටී ට්‍රී තෙල් බිංදු කිහිපයක් තනුක කර නියපොතු වල ගල්වන්න.

උණුසුම් වතුර ටී ට්‍රී තෙල් බිංදු කිහිපයක් තබා කකුල් පොඟවාගෙන ඉන්න.ඔරිගානෝ සහ පැඟිරි තෙල් ද මේ වෙනුවට භාවිත කළ හැකියි.

බේකිං සෝඩා පැල්ලම් ඉවත් කිරීමේ සිට, ආහාර පාන සැකසීමේදී, සමට සිදුකරන සත්කාර දක්වා පුළුල් පරාසයක භාවිත වන අමුද්‍රව්‍යක් ලෙස බේකිං සෝඩා හැඳින්විය හැකියි.නියපොතු වල දිලීර වර්ධනය වීමට ඒවයේ ‍රැඳී ඇති තෙතමනය ප්‍රධාන හේතුවකි.බේකිං සෝඩා මඟින් තෙතමනය ඉවත්කරන නිසා නියපොතු වල දිලීර ආසාදන වලට හොඳ පිළියමකි.

බේකිං සෝඩා හැන්දකට වතුර ස්වල්පයක් දමා ඝන මිශ්‍රණයක් සාදාගන්න.නියපොතු මත ගල්වා මිනිත්තු 10ක් පමණ තිබෙන්නට හරින්න.පාවහන් ගැලවූ පසු ඒවා තුළට බේකිං සෝඩා ස්වල්පයක් ඉසින්න.එවිට ඒවා තුළ තෙතමනය ‍රැඳීම, දුගඳ ඇතිවීම වැළකෙයි.

එප්සම් ලුණු (සවිඳ ලුණු) එප්සම් ලුණු හොඳ වේදනානාශකයක් ලෙස ප්‍රචලිතයි.එමෙන්ම එප්සම් ලුණු යනු හොඳ දිලීරනාශකයක්.මැග්නීසියම් සල්ෆේට් ලෙස හඳුන්වන්නේ ද මේවායි.එප්සම් ලුණු මේස හැඳි 1ක් වතුර ලීටර් 2ක පමණ මිශ්‍ර කර කකුල් පොඟවාගෙන ඉන්න.

කකුල් වල සනීපාරක්ෂාව ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත්!

  • දිගු වෙලාවක් එක දිගට පාවහන් පැලඳගෙන සිටීමෙන් දහඩිය හා තෙතමනය එකතු වී නිය දිලීර වේගයෙන් වර්ධනය වීමට ඉඩ තිබෙයි.
  • එදිනෙදා ගමන් බිමන් වලදී එකම කුට්ටම නොදා පාවහන් කුට්ටම් දෙකක් පමණ තබාගෙන මාරුවෙන් මාරුවට පලඳින්න. 
  • කකුල් වලට වාතාශ්‍රය ලැබෙන ආකාරයේ සැකැස්මක් ඇති කපු මේස් පලඳින්න.ඒවායේ තෙතමනය හා දහඩිය ‍රැඳීම අවමයි.
  • දිනපතාම ඔබේ කකුල් හොඳින් සෝදන්න.තෙත පිසදමා වියළා ගැනීමට අමතක නොකරන්න.
  • පාවහන් සඳහා සකසා ඇති විෂබීජනාශක ස්ප්‍රේ වර්ග වෙළඳපොලේ තිබෙයි.
  • පොදු නාන කාමර වල ස්නානය කරන්නේ නම් සෙරෙප්පු නොමැතිව ඒවායේ ගමන් කිරීමෙන් වළකින්න.
  • නියපොතු කොටට කපා පිරිසිදුව පවත්වාගන්න.

*පීඩාකාරි ලක්ෂණ දිගින් දිගටම අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.