ක්ෂණිකව ජීවිතය නැති වෙන හාට් ඇටෑක් පවා ඇති කරන ධමනි වල මේදය තැන්පත්වීම ඉවත් කරන ආහාර 10 ක්

health tips

හදවතේ සිට සිරුර පුරා ඇති විවිධ පටක වෙත ඔක්සිජන් බහුල රුධිරය ගෙන යන්නේ ධමනි මඟිනි.මෙම ධමනි නීරෝගීව පවතින තාක් හදවතේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව සිදුවෙයි.කෙසේවෙතත් විවිධ හේතුසාධක නිසා මේ ධමනි වල අභ්‍යන්තරයේ (බිත්ති වල) මේදමය ද්‍රව්‍ය තැන්පත්වී රුධිර ගමනාගමනයට බාධා ඇතිවන ආකාරයෙන් ධමනි අවහිර වීමට පටන්ගත හැකියි.මෙම මේදමය ද්‍රව්‍ය සෑදී ඇත්තේ මේද, කොලෙස්ටරෝල්,කැල්සියම්,සෛලීය අපද්‍රව්‍ය සහ ෆයිබ්‍රින් වැනි රුධිරයේ සංසරණය වන විවිධ ද්‍රව්‍යයයි. ධමනි අවහිර වීමෙන් ධමනි සිහින්වීමේ (atherosclerosis) රෝග තත්වය පවා වර්ධනය වීමට ඉඩ තිබෙයි.ධමනි අවහිර වීමෙන් එහි ව්‍යුහය ඝන වී රුධිරය ගමන් කිරීම සීමාවෙයි. මීට අමතරව ධමනි අවහිරතා නිසා හෘද රෝග, හෘදයාබාධ හා ඇතැම් විට ආඝාතය (අංශබාගය) පවා ඇතිවීමට ඉඩ තිබෙයි.

ධමනි අවහිර නොවී ඒවා පවිත්‍රව තබාගැනීම සඳහා හෘදයට හිතකර ආහාර පාන පරිභෝජනය කිරීම ඉතා වැදගත්. ඇතැම් කුළුබඩු වල එවැනි ආහාර පාන වල ගුණය තවත් වැඩිකළ හැකි ප්‍රබල ඖෂධ ගුණ අන්තර්ගතයි. අද අප ඔබට කියන්නට සූදානම් වන්නේ ඔබේ ධමනි අවහිරතා දුරුකරවමින් ඔබේ හෘද ක්‍රියාකාරීත්වය නීරෝගී වීමට ප්‍රතිලාභ දෙන එවැනි ඖෂධීය කුළුබඩු වර්ග කිහිපයක් ගැනයි.

කුරුඳු කුරුඳු හෘද ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරවන ගුණ අඩංගු කුළුබඩුවකි. තන්තු හා කැල්සියම් බහුල නිසා පිත ලවණ සිරුරෙන් බැහැරට ගෙනයයි.මෙහිදි සිරුරේ අතිරික්තව පිත ලවණ සෑදෙන්නට පටන්ගනියි. ඒවා නිපදවෙන්නේ සිරුරෙ කොලෙස්ටරෝල් බිඳදැමීමෙනි.මින් කොලෙස්ටරෝල් මට්ටම් අඩුවිමක් ද සිදුවෙයි.හෘද හා ධමනි අවහිරතා ඇතිවීමේ අවදානම බොහෝදුර පාලනය වෙයි. රුධිරය කැටිවීම වළකන සිනමැල්ඩිහයිඩ් සංඝටක ද කුරුඳු වල බහුලයි.

ජින්සෙන් අපේ රටේ එතරම් ජනප්‍රිය නොවූවත් ජින්සෙන් යනු කොරියාව,ජපානය, චීනය වැනි රටවල ඉතා ප්‍රචලිත ඖෂධයකි. ඒවායේ ඉතා ඉහළ මට්ටමේ පෝෂණ ගුණ අඩංගුයි.රුධිර ඝනකම ස්වභාවිකව අඩුකරවයි.හෘදයාබාධ හා වෙනත් හෘද රෝග  අවදානම් අඩුකරවයි.රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් අඩුකරවයි.මේවා අතිරේක පෝෂක ලෙස ද වෙළඳපොලේ ඇත.

රෝස්මරි රසවත් සුවඳවත් ඖෂධයක් ලෙස සැලකෙන රෝස්මරි ධමනි වල මේද ද්‍රව්‍ය තැන්පත්වීම අවම කරවයි.රෝස්මැරිනික් අම්ල බහුල නිසා හෘද සෞඛ්‍යයට ඉතා හිතකරයි.ලිපිඩ පරිවෘතිය හා ප්‍රදාහයට ඇතිකරන බලපෑමින් ධමනි වල මේද ද්‍රව්‍ය තැන්පත්වීම අවම කිරීමට මෙම අම්ල වලට හැකියි.අධි ආතතියට ඉතා ගුණදායි ඖෂධයකි. විටමින්  බී සහ සී බහුල නිසා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් හෘදයට හොඳ ආරක්ෂාවක් ලැබේ.

මිරිස් මිරිස් ආහාරයට ගැනීම ආඝාතය (අංශබාගය) තත්වයෙන් මියයාමේ අවදානම 61%කින් පමණ අවම කරන බව ඇතැම් අධ්‍යයන වල පෙන්වාදී තිබෙයි.මේවා හෘදයට හා ධමනි වල නීරෝගිබවට ඉතා හිතකර බව බොහෝ අය නොදනිති.මෙම ගුණය සිරුරට ලැබෙන්නේ මිරිස් වල ඇති කැප්සයිසින් නම් සංඝටක මඟිනි.මේවායේ ඇති තාප ගුණය රුධිරය කැටිගැසීම වළකයි; රුධිර පීඩනය පාලනය කරයි; එමෙන්ම අහිතකර කොලෙස්ටරෝල් අඩුකරවයි.දැවිල්ල ඇතිවිය හැකි නිසා මධ්‍යස්ථ ප්‍රමාණ වලින් පරිභෝජනයට එක්කරගන්න.

කලු ගම්මිරිස් කලු ගම්මිරිස් ආහාර වලට වෙනස්ම වූ රසයක් එක්කරයි.මේවායේ ප්‍රතිඔක්සිකාරක බහුලයි.එම නිසා අවහිරතා දුරු කර ධමනි මාර්ග පැහැදිලි වීමට හා ට්‍රයිග්ලිසරයිඩ හා අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් අඩුවීමට සලස්වයි.මේවායේ ඇති පෙපරයින් නම් සංඝටක ධමනි අවහිරතා ඇතිවීමට තුඬු දෙන සෛල බන්ධන වළකයි.

ඉඟුරු ජීර්ණ පද්ධතියේ මෙන්ම හෘදයේ නීරෝගිබව වැඩිදියුණු වීමට ගුණදෙන තවත් වැදගත් ඖෂධයක් ලෙස ඉඟුරු හැඳින්විය හැකියි.පාරම්පරික වෛද්‍ය ක්‍රම වල මෙය ප්‍රබල ඖෂධයක් ලෙස භාවිත වෙයි.ඉඟුරු වල හෘදයාබාධ හා ධමනි සිහින්වීමේ අවදානම අවම කරන බොහෝ ජෛවසක්‍රීය සංඝටක හා ප්‍රතිඔක්සිකාරක ඇත. ධමනි වල මේද තැන්පත්වීම ද වළකයි.රුධිර නාළ ප්‍රසාරණය කර රුධිරය ගමන් කිරීම පහසු කරවයි.ඉඟුරු යුෂ හෝ ඉඟුරු මුසු කළ තේ පානය කිරීම ඉතා ගුණදායකයි.

පාස්ලි ආහාර රසගැන්වීමට වගේම අලංකරණයට යොදාගන්න පාස්ලි හෘද සෞඛ්‍යයට ඉතා හිතකර බව පෙන්වාදෙයි.රුධීර නාළ සිහින් වීම වැළැක්වීමට සහය දෙන ක්ෂුද්‍රපෝෂක මේවායේ බහුලයි.නයිට්‍රේට් බහුල නිසා ධමනි හරහා රුධිරය ගමන් කිරීමට සහය දක්වයි.ෆෝලේට්, නම් බී විටමිනය බහුල නිසා හෘද සෞඛ්‍යයට  හොඳ ආරක්ෂාවක් ලැබෙයි. හෘද රෝග අවදානම් අවම කෙරෙයි.

කහ මුළුතැන්ගෙයි වගේම ඖෂධීය පිළියම් සහ සත්කාර වලදී ද බොහෝ විට භාවිත වෙන කුළුබඩුවක් වන්නේ කහයි.ආහාර වලට ප්‍රසන්න වර්ණයක් එක්කිරීමට අමතරව ඒවායේ ගුණය වැඩිකිරීමට ද කහ ප්‍රතිලාභ දෙයි.හෘදයේ ධමනි හොඳින් පවිත්‍ර කරවන ඖෂධයකි.ප්‍රදාහක රෝග, පිළිකා, දියවැඩියාව,ස්ථූලතාව හා රුධිර නාළ සිහින් වීමේ රෝග වලට ප්‍රතිකාර කෙරෙන පාරම්පරික වෛද්‍ය ක්‍රම වල ප්‍රධාන අමුද්‍රව්‍යක් ලෙස වදකහ භාවිත කරයි.ධමනි ඝනවීම වළකන අතර මේද ‍රැඳීමෙන් ද ආරක්ෂා කරයි.කර්කියුමින් නම් කහ වල අඩංගු ප්‍රබල සංඝටක වල ප්‍රතිප්‍රදාහක හා ප්‍රතිඔක්සිකාරක ගුණාංග බහුලයි. එම නිසා ධමනි බිත්ති වලට හානිවීමෙන් ආරක්ෂා කරයි.

සුදුලූනු රුධිර නාළ සිහින් වීම හා අධිආතතිය වැනි තත්වයන්ට ඉතා ගුණදායි ඖෂධයක් ලෙස සුදුලූනු හඳුන්වයි.සුදුලූනු  වල ඇති ඇලිසින් නම් රසායනය මඟින් ධමනි තුළ මේද තැන්පත්වීම වළකයි.එමෙන්ම රුධිර පීඩනය අවම කරයි.රුධිර පීඩනය රුධිර නාළ ආශ්‍රිත ගැටලු ඇතිවීමේ අවදානම වැඩිකරවයි.කිරීටක ධමනි රෝගයෙන් පෙළෙන රෝගින්ගේ ධමනි වල මෘදු කරවයි.

සැෆ්රොන් අලංකාර මෙන්ම ප්‍රසන්න සුවඳකින් යුතු සැෆ් රන් තරමක් මිලෙන් අධික කුළුබඩුවක්.කෙසේවෙතත් මේවා හෘද සෞඛ්‍යයට ඉතා ගුණදායීය.මේවායේ කොලෙස්ටරෝල් අඩුකරවන හා ප්‍රදාහය පාලනය කරන ගුණාංග බහුලයි.ක්‍රෝසටින් නම් සක්‍රීය සංඝටක බහුල නිසා, කොලෙස්ටරෝල් මට්ටම් අඩුකිරීමට සහ රුධිර නාළ සිහින්වීයාම වැළැක්වීමට ඉහළ මට්ටමේ ගුණයක් ලබාදෙයි. සැෆ් රන් මුසු කළ තේ පානය කිරීම වඩාත් ගුණදායකයි.ෆ්ලැවනොයිඔඩ හා ප්‍රතිඔක්සිකාරක බහුල නිසා හෘදයට හොඳ ආරක්ෂාවක් හිමිවෙයි.