වේදනාව යනු රෝගයක් නොව බෙල්ල, කොන්ද, මුඛය , ශ්‍රෝණි ප්‍රදේශය,උදරය,පපුව,හිස,දණහිස්,ස්නායු, පේශී, සන්ධි, කකුල් ආදී සිරුරේ විවිධ ස්ථාන වල බලපෑම් ඇතිකළ හැකි රෝග ලක්ෂණයකි. සිරුරේ වේදනාවක් මතුවූ විට යම් සහනයක් ලබාගැනීම සඳහා අප මුළින්ම කරන්නේ යම් වේදනානාශක ඖෂධ පෙත්තක් ගැනීමයි. ක්ෂණික සහනයක් ලැබුණත් මේවා දිගු කලක් භාවිතයෙන් යම් අතුරුබලපෑම් සිරුරේ මතුකළ හැකියි.අද අප ඔබට කියන්නේ සිරුරේ පීඩාවන් සමනය කරන ස්වභාවික වේදනානාශක කිහිපයක් ගැනයි.

පෙපර්මින්ට් තෙල් ප්‍රතිප්‍රදාහක සහ විෂබීජනාශක ගුණාංග බහුල තෙල් වර්ගයක් නිසා සිරුරේ වේදනාවන්ට සහනය සලසයි.පෙපර්මින්ට් ශාකයේ අඩංගු සංඝටක වේදනාකාරි පේශී භ්‍රාසයන් (ගැස්ම) සහ ආතරයිටිස් ලක්ෂණ සමනය කිරීමට ගුණදායී බව අධ්‍යයන වලින් සොයාගෙන ඇත.නළල දෙකෙලවර තෙල් ස්වල්පයක් ගැල්වීමෙන් හිසරදය අඩුවී යයි.ඇතැම් අයට ආසාත්මික විය හැකි නිසා සමේ ස්වල්පයක් ගල්වා ඔබ ඊට ආසාත්මිකදැයි පරික්ෂා කිරීමෙන් පසුව භාවිත කිරීම වඩාත් සුදුසුයි.
කැප්සයිසින් කැප්සයිසින් යනු මිරිස් වල අඩාංගු සංඝටකයකි.මේවා වේදනානාශක ලෙස ක්‍රියාකරයි. සියුම් දැවිල්ලක් ඇතිකළ ද මෙම සංඝටක මඟින් වේදනා අපහසුතා වැඩිවීමක් සිදුනොවෙයි.මේවා අඩංගු ආලේපන සහ ප්ලාස්ටර් වර්ග වේදනානාශක ලෙස භාවිත වෙයි.
වදකහ කහ වල අඩංගු කර්කියුමින් නම් සංඝටක වේදනානාශක ගුණයෙන් යුක්තයි.සිරුරේ ප්‍රදාහය (දැවිල්ල සහිත ඉදිමුම) අඩුකිරීමට සහය දෙයි.ඔස්ටියෝආතරයිටිස් තත්වයෙන් පෙළෙන අයට කර්කියුමින් සාරය ඉතා ගුණදායීය.කහ මුසු කළ තේ සහ එළකිරි පානය ඇතැම් රටවල ඉතා ප්‍රචලිතයි.ඇතැම් අය මේවා වේදනානාශක පාන ලෙස පරිභෝජනය කරති.උණු කරගත් එළකිරි වලට කහ කුඩු ස්වල්පයක් දමා කලවම් කරගන්න. රසය සඳහා මී පැණි හෝ සීනි එක්කරගන්න.තේ සකසන විට උතුරන වතුරට කහ ස්වල්පයක් දමා මිනිත්තු 15ක් පමණ තැම්බෙන්නට හරින්න. කෝප්පයකට වත්කර නිවෙන්නට තබා පානය කරන්න.රසය සඳහා ලෙමන් යුෂ හෝ මී පැණි එක්කරගන්න.
ලැවෙන්ඩර් තෙල් ලැවෙන්ඩර් තෙල් හොඳ වේදනානාශකයකි.මෙම තෙල් ආග්‍රහණය කිරීම මිග්‍රේන් රෝගීන්ගේ අපහසුතා සමනය කරවන බව ඇතැම් අධ්‍යයන වල සඳහන් වෙයි.මෙම තෙල් වල සිරුර ප්‍රදාහය වීම වළකන ප්‍රතිප්‍රදාහක සහ වේදනානාශක ගුණ බහුලයි.සිරුරට හානිකර විය හැකි නිසා මේවා ගිලීමෙන් වළකින්න.බාහිර භාවිතයට පමණක් යොදාගන්න.
යුකැලිප්ටස් තෙල් මෙම තෙල් වල ඖෂධීය ගුණ බහුලයි. ප්‍රබල වේදනානාශක ගුණ ඇති නිසා වේදනා කැක්කුම් පමණක් නොව ඉදිමුම් හා ප්‍රදාහක තත්වන්ට ද සහනය සලසයි.මෙම තෙල් ආග්‍රහණය කිරීමෙන් ද හොඳ සහනයක් ලබාගත හැකි බව සඳහන් වෙයි.විෂ සහිත විය හැකි නිසා සුරතලුන්ගෙන් ඈත්කර තබන්න. එමෙන්ම කුඩා ළමුන් සඳහා භාවිත නොකරන්න.ඇදුම රෝග ලක්ෂණ උත්සන්න කරවිය හැකි නිසා භාවිතයට පෙර ඔබ ඊට ආසාත්මිකදැයි පරික්ෂා කර බලන්න.
ඉඟුරු සප්ලිමන්ට් වර්ග වලට වඩා නැවුම් ඉඟුරු වල සිරුරට හිතකර ඖෂධීය ගුණ බොහෝ අන්තර්ගතය. මේවා තේ හෝ උණු වතුර සමඟ මුසු කොට පානය කළ හැකියි.දිනකට ඉඟුරු ග්‍රෑම් 2ක් පමණ පරිභෝජනය කිරීම ක්‍රීඩා හෝ ව්‍යායාම වලින් පසු ඇතිවන මාංශ පේශී වේදනාව අඩුවීමට ගුණදායි බව පර්යේෂණ මඟින් පෙන්වාදෙයි.
රෝස්මරි තෙල් වේදනානාශක ගුණාංග බහුල රෝස්මරි තෙල් සිරුරේ ප්‍රදාහය මට්ටම් අඩුකර සිරුර වඩාත් සැහැල්ලු කරවයි.මතක ශක්තිය වඩවන සංඝටක ද මේවායේ බහුලයි.හිසරදය මෙන්ම අස්ථි හා පේශී වේදනාවට හොඳින් සහනය සලසයි.භාවිතයට පෙර වෙනත් තෙල් වර්ගයක් සමඟ තනුක කරන්න.පොල් තෙල්, ඔලිව් තෙල් වැනි තෙල් වර්ගයකින් අවුන්ස එකකට මෙම තෙල් වලින් බිංදු 3-5ක් මිශ්‍ර කර භාවිත කරන්න.
කරාබු නැටි සාම්ප්‍රදායික වෙදකම් වල බහුලව භාවිත වන ඔසුවක් වන කරාබු නැටි දත්කැක්කුම් වලට හොඳ අත්බෙහෙතකි.කරාබු නැටි තෙල් ද මෙහිදි ගුණදායීය.ප්‍රතිප්‍රදාහක, දිලීරනාශක, වෛරසනාශක ගුණ මෙන්ම ප්‍රතිශක්තිය වඩවන ගුණ ද බහුලයි.
කටු චිකිත්සාව (acupuncture) ඉපැරණි චීන ප්‍රතිකාර ක්‍රමයක් වන මෙමඟින් සිරුරේ නිල ලක්ෂ්‍යයන් වෙත කටු එන්නත් කරමින් වේදනාව අඩුකිරීමට ප්‍රතිකාර කරයි. තුනටිය,කොන්ද, බෙල්ල සහ දණහිස් වේදනාවන්ට වඩාත් ප්‍රත්‍යක්ෂයි.හිසරදය හා මිග්‍රේන් අපහසුතා මෙන්ම එවැනි තත්වයන් යලි මතුවීම ද අඩුකරවයි.නිදන්ගත වේදනාවන් සමනය කරයි. ඔස්ටියෝආතරයිටිස් ලක්ෂණ අඩුකිරීමට සහය වෙන බව පර්යේෂණ මඟින් පෙන්වාදෙයි.

යෝගා සිරුරේ වේදනා අපහසුතා සමනය කරගැනීමට උපකාරී වන ව්‍යායාම ක්‍රමයකි.නම්‍යතා ව්‍යායාම (ස්ට්‍රෙචිං) වල යෙදීමට හැකිකරමින් සිරුරට කායික චිකිත්සාවක් ලබාදෙයි.කොන්දේ වේදනාවන් දුරුකරයි. ශ්වසනය ක්‍රමවත් කරමින් මානසික යහපැවැත්ම මෙන්ම කායිකව හොඳ සැහැල්ලුවක් ලබාදෙයි. ආතතිය හා කාංසා ලක්ෂණ පාලනය කරයි.
සතිමත් භාවනාව පර්යේෂණ මඟින් පෙන්වාදෙන්නේ යහපත් සිහියකින් යුතුව භාවනා වල යෙදීම රෝග ලක්ෂණ අඩුකිරීමට සහය දෙන බවයි.මනස නිරවුල් වෙයි. පීඩාකාරී විශාදයීය ලක්ෂණ අඩුකරවමින් පුද්ගලයාගේ ජීවන තත්වය වඩාත් යහපත් කරයි.
උණුසුම් වතුරේ බැස සිටීම මාංශ පේශී වේදනා, සන්ධි වේදනා සහ පේශී ගැස්ම වැනි ගැටලු වලින් පෙළෙන ඔබට මෙය හොඳ ප්‍රතිකර්මයකි.උණුසුම් වතුර පිරවූ නාන තටාකයක බැස සිටීම මඟින් සිරුරේ පීඩාවන් බොහෝ දුරට සමනය වී ඔබට සැහැල්ලුවක් ඇතිවෙයි.ආතරයිටීස් රෝගීන් ට මෙය වඩාත් හිතකරයි. පීඩාකාරී කකුල් වේදනාවලින් පෙළෙන විට මෙය උත්සහ කර බලන්න.
උණුසුම් තැවීම් උණුසුම් යමකින් සිරුරේ වේදනා දෙන ප්‍රදේශය යම් වෙලාවක් තැවීම මඟින් ද වේදනා අපහසුතා සමනය වී යයි.උණුසුම් කළ තුවායක්, හීටිං පෑඩ් එකක් හෝ උණුසුම් වතුර පිරවූ බෝතලයක් මෙහිදී ඔබට භාවිත කළ හැකියි.සම පිලිස්සීමට ඉඩ ඇති නිසා උෂ්ණත්වය ගැන සැලකිලිමත් වීමට අමතක නොකරන්න!