සිරුරේ නීරෝගී පැවැත්ම සඳහා ඉතා වැදගත් කාර්යන් රැසක් ඉටුකරන මිනිස් සිරුරේ ඇති දෙවන විශාලතම ඉන්ද්රිය වන්නේ අක්මාවයි.කාබෝහයිඩ්රේට, ප්‍රෝටීන සහ ලිපිඩ පරිවෘත්තියට දායක වීම, දේහ උෂ්ණත්වය නියාමනයට දායක වීම, රුධිරය ගබඩා කර තබන අවයවයක් සේ ක්‍රියාත්මක වීම, ඛනිජ ද්‍රව්‍ය ගබඩා කිරීම, ප්ලස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කිරීම මෙන්ම ප්‍රධාන වශයෙන් සිරුරේ විෂහරණ අවයවය සේ ක්‍රියාකිරීම අක්මාව විසින් ඉටුකරන කාර්යන් අතරින් ප්‍රධානයි.
නමුත්, කාලයත් සමඟ ඇතැම් විට අක්මාව අකර්මන්‍ය වීම සිදුවිය හැකියි. එනම් නිසි ලෙස ක්‍රියාත්මක නොවිය හැකියි.මේ සඳහා එහි විෂ අපද්‍රව්‍ය එක් රැස් වීමත් ප්‍රධාන හේතුවක් විය හැකියි. අක්මාව නිසි ලෙස ක්රියාකාරීත්වයේ නොපවතින බව හෝ අක්මාවට හානිවී ඇතිබව එම අවයවය ඔබට විවිධ ලක්ෂණ මඟින් සංඥා කරනු ලබයි. මෙම ලක්ෂණ නොසලකා හැරීමෙන් මීටත් වඩා බරපතල ගැටලු සිරුරේ වර්ධනය වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එම නිසා දිගු කලක් තිස්සේ ඔබ තුළ මෙවැනි පීඩාකාරී ලක්ෂණ හඳුනාගන්නට ලැබෙයි නම්,වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න!
ඔබේ අක්මාව නිසි පරිදි ක්‍රියා නොකරන බව හඟවන සංඥා.

ඇස් හා කට අධිකව වියළීම වයස,දේශගුණය, ඇතැම් බෙහෙත් වර්ග භාවිතය වැනි පරාසයක හේතු අතරින් ඇස් හා කට අධික ලෙස වියළී යාමට primary biliary cholangitis (PBC) නම් රෝග තත්වය ද හේතුවෙයි. එය ස්වයං ප්‍රතිශක්ති කාණ්ඩයේ නිදන්ගත අක්මා රෝගයකි.පිත්ත ප්‍රණාල වලට හානිවීමෙන් මතුවන බහුලව කාන්තාවන්ට බලපාන රෝගයකි.ඇස් හා කට වියළීම මෙම රෝගයේ පූර්ව රෝග ලක්ෂණ මතුකිරීමකි.
තද පැහැති මූත්‍රා පිටවීම මූත්‍රා අධික තද පැහැයක් ගනියි නම් එය යම් අක්මා රෝයක් පිළිබඳ සංඥා කිරීමක් විය හැකියි.ඇස් හා සම කහවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ බිලිරුබින් නම් වර්ණකයි. එමෙන්ම ඒවා මූත්‍රා අධික ලෙස කහ පැහැයක් ගැනීමට ද බලපෑ හැකියි.මූත්‍රා තද තැඹිලි හෝ දුඹුරු පැහැයක් ගනියි නම් ඉන් ඔබ යම් අක්මා රෝගයකින් පෙළෙන බව පෙන්නුම් කරනවා විය හැකියි.අක්මාව තුළ මෙම වර්ණක නිසි ලෙස ජීර්ණය නොවන නිසා ඒවා සිරුරේ එකතුවීමට පටන්ගනියි.මේවා අධිකව ඇතිවිට රුධිරයට හෝ මූත්‍රා වලට මිශ්‍ර වෙයි.
කැක්කුම් හා වේදනා ඇඟ වෙහෙසවා වැඩක නොයෙදුණත් අධිකව කැක්කුම් වේදනා දැනෙයි නම් බොහෝ විට ඊට හේතුව යම් අක්මාවේ ගැටලුවක් වෙන්නට පුළුවන්. PBC තත්වය ඊට උදාහරණයක්.අස්ථි, පේශී හෝ සන්ධි වල අපහසුතා මතුවිය හැකි අතර සමේ කැසිල්ල මතුවිය හැකියිනිසි ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.
මනසේ ව්‍යාකූල බව වැඩිවීම ආතතිය නිසා මනසේ ව්‍යාකූලබවක් ඇතිවිය හැකියි. නමුත් ඒ හැරුණු අවස්ථා වල ද ඔබ තුළ එවැනි තත්වයක් මතුවෙයි නම් එය බරපතලයි. hepatic encephalopathy යනු බරපතල අක්මා රෝගී තත්වයෙන් මොළයේ ක්‍රියාකාරීත්වය පරිහාණියට පත්වීමේ තත්වයයි.මෙම තත්වයේදි සිරුරේ වස විස ද්‍රව්‍ය රුධිරයෙන් බැහැර කිරීමට අක්මාවට නොහැකියි.එම නිස එම විෂ ද්‍රව්‍ය රුධිරයේම එකතුවී මොළයට හානිකර බලපෑම් ඇතිකිරීමට පටන්ගනියි.කලක් ගත වන විට සරල දෙයක් තේරුම්ගැනීමේ හැකියාව පවා ඔබට අහිමිව යා හැකියි.
සම තුවාල වීමේ ප්‍රවණතාව වයසට යන විට සම තුනී වීම නිසා සම තුවාල වීමේ හැකියාව ඉහළ යා හැකියි.නමුත් කිසිම හේතුවක් නැතිව ඔබේ සම පහසුවෙන් තුවාල වෙයි නම් බොහෝ විට ඊට හේතුව ඔබේ අක්මාවට හානිවී තිබීම විය හැකියි.අක්මාව හානිවූ විට රුධිරය ගැලීම වැළැක්වීමට ක්‍රියාකරන රුධිරය කැටිගසන ප්‍රෝටීන ප්‍රමාණවත්ව අක්මාවේ නිපදවෙන්නේ නැහැ.එම නිස සම නිතර තුවාල වීම, රුධිරය ගැලීම වැනි ගැටලු ඇතිවෙයි.මෙවැනි තත්වයක් අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
පියයුරු විශාල වීම පුරුෂයින්ගේ පියයුරු ඉදිමීම මද්‍යසාර නොව අක්මාවේ මේද තැන්පත්වීමේ තත්වයේ (non-alcoholic fatty liver disease) පූර්ව රෝග ලක්ෂණයකි.පියයුරු වල පටක අධික ලෙස වර්ධනය වීම ආරම්භ වන්නේ ඊස්ට්‍රජන් හා ටෙස්ටෙස්ටරෝන් හෝර්මෝන වල අසමතුලිතතාවක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
අනපේක්ෂිත ලෙස බර අඩුවීම කිසිඳු උත්සහයකින් තොරව සිරුරේ බර අධිකව අඩුවීම සාමාන්‍ය තත්වයක් නොවිය හැකියි.පසුගිය මාස 6-12 ඇතුළත ඔබේ ශරීර බරින් 5%කට වඩා අඩුවීමක් දකින්නට ලැබේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.මෙය අක්මා රෝගයේ රෝග ලක්ෂණයක් වීමට ඉඩ ඇත.අක්මා සිරෝසිස් හෝහෙපටයිටිස් C වෛරස් ප්‍රදාහ රෝග තත්වයේ රෝග අවදානම් පෙන්නුම් කිරීමක් වීමට ද පුළුවන.
ඇස් සහ සම කහ වීම මෙය ජෝන්ඩිස් තත්වයයි.සිරුරේ බිලිරුබින් වර්ණක ඉහළ මට්ටමක් ඇතිවීමෙන් මෙම රෝගයට තුඬුදෙයි.සිරෝසිස් හෝ හෙපටයිටිස් B රෝග තත්වයන්හි බලපෑම් ද ඊට හේතුවිය හැකියි.හෙපටයිටිස් B යනු අක්මාව ප්‍රදාහයට හා හානියට ලක්කරන වෛරස් රෝගයකි.අක්මාවට හානිවීම නිසා එය ඉදිමීමට පටන්ගනියි.
පැහැදිලි හේතුවක් නැතිව තෙහෙට්ටුවක් දැනීම නිදන්ගත අප්රාණිකබවට හේතුව යම් අක්මා රෝගයක් වන්නට ද ඉඩ තිබිය හැකියි.මොළයේ ස්නායුසම්ප්‍රේෂක තුළ ඇතිවන වෙනස්කම් බලපෑමින් අක්මාවේ ඇතිවන දුර්වලතා ඊට හේතුවිය හැකියි.
නින්ද බාධාකාරී එකක්වෙයි අක්මා සිරෝසිස් තත්වය නින්ද ආශ්රිත රෝගාබාධ රැසකට හේතුසාධක විය හැකි බවට අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.ඉන්සොම්නියා (නින්ද නොයාම),දහවල් කාලයේ අධික නිදිමත ආදි ගැටලු මතුවිය හැකියි.
හිරිගඩු පිපීම උණුසුම් බ්ලැන්කට්ටුවකින් සිරුර ආවරණය කරගෙන සිටියත් නිතරම වගේ සිරුරේ හිරිගඩු පිපෙනවාද?මෙය ඇතැම් විට cholestasis තත්වයේ ලක්ෂණයක් විය හැකියි.මෙය අක්මා රෝග තත්වයකදි මතුවිය හැකි තත්වයකි.අක්මාවේ පිත ප්‍රවාහය සීමිත වීම හෝ පූර්ණ ලෙස ඇණහිටීමේදී මෙය මතුවෙයි.එනම් පිත ස්රාවය බාහිරව හෝ අභ්‍යන්තරිකව ප්‍රමාදවීම හෝ ඊට බාධා ඇතිවීම මීට හේතුවෙයි.HIV,හෙපටයිටිස් වැනි වෛරස් ආසාදන හා බැක්ටීරියා ආසාදන මෙම cholestasis තත්වය මතුවීමට හේතුවිය හැකියි.
පිත ප්‍රණාල හානිවන PBC තත්වය ද මේ තත්වය ඇතිකරවිය හැකියි.අක්මා හා අග්න්‍යාශයික ගැටිති වර්ධනය වීමේ තත්ව ද මෙම ගැටලුවට තුඬු දෙයි.
නිතරම ඇතිවන බඩ පිපුම බඩ පුරවාදැමීම හෝ බඩ පිපුම (ඉදිමීම) ඉතා පීඩාකාරීය.ලොකු ආහාර වේලකින් පසු මේ තත්වය ඇතිවීම සාමාන්‍යයි. කෙසේවෙතත් ආහාර නොගෙනම බඩ පිපුම ඇතිවේ නම් ඊට හේතුව ascites තත්වය විය හැකියි.මෙය බඩේ තරල අධිකව එකතුවීමෙන් ඇතිවන තත්වයකි.ඇතැම් රෝගාබාධ තත්වයන් නිසා මෙය හටගත හැකි වුවත් සිරෝසිස් වැනි බරපතල ලෙස අක්මාව හානියට පත්වන රෝගයකින් පෙළෙන පුද්ගලයින් තුළ මෙය නිතර නිතර මතුවෙයි. අක්මාව අවට නහර තුළ රුධිර කැටිති ඇතිවිමෙන් ද ascites තත්වය හටගත හැකියි.

ඒකාග්‍රතාව පවත්වාගැනීම අසීරුවීම අවධානය හා මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම දවසින් දවස අසීරු කාර්යක් බවට පත්වෙමින් ඇත්නම් බොහෝ විට ඊට හේතුව පරිහාණියට පත්වෙමින් ඇති ඔබේ රෝගී අක්මාවයි.
අල්ල රතුවීම පැහැදිලි හේතුවක් නැතිව අල්ල රතුවීම මද්‍යසාර නොවන අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගය හා සම්බන්ධ ලක්ෂණයක් විය හැකියි.අක්මාවේ සෛල තුළ අධිකව මේද එකතුවීමෙන් මේ රෝගය ඇතිවිය හැකි අතර මත්පැන් පානය නොකරන අයට ද බලපෑ හැකියි.නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු මතුවීමේ ඉහළ අවදානමක් ඇත.