අපිට නිතර වැළදෙන රෝගයන් අතුරින් හිසරදය කියන්නේ සුලබ රෝග තත්ත්වයක්. බොහෝවිට මේ තත්ත්වය ඇති වෙන්නේ යම් රෝගයක ලක්ෂණයක් විදියටයි. ඉතින් හිසරදය ඇතිවෙන්නට බලපාන හේතු අතුරින් බහුලවම ඇති වෙන්නේ මානසික ආතතිය හේතුවෙන්. සුව නොවන නිතර ඇතිවන පීඩාකාරීම හිසරදය වෙන්නේ ඉරුවාරදයයි. මේ තත්ත්වයන්වලදී ඖෂධමය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වුණත් සාමාන්‍ය හිස කැක්කුමක් ඇතිවීම වළක්වා ගන්නට වගේම එය සුවකර ගන්නටත් අපිට හැකියාව තියෙනවා. ඒ කොහොමද කියන කාරණාව පිළිබඳවයි අද අපි ඔබ සමඟ කතා කරන්නේ.

- ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. හිසරදය ඇතිවුණු විටකදී කළ හැකි සරලම වැදගත්ම දේ වෙන්නේ හැකිතරම් ජලය පානය කිරීම. යම් විටෙක අපේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබුණේ නැත්නම් විජලනය තත්ත්වය ඇතිවෙනවා. විජලනය නිසා බොහෝ විට හිසරදය ඇතිවෙන්නට පුළුවන්.ඒ නිසා දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම හිසරදය ඇති වෙන්නට වගේම එය සුවකර ගන්නටත් බෙහෙවින් බලපානු ලබනවා.
- බෙහෙත්වේලට මැග්නීසියම් ස්වල්පයක් එකතු කර ගන්න.මැග්නීසියම් අපේ ශරීරයේ බොහෝ කාර්යන්වලට නැතුවම බැරි ඛනිජයක්. රුධිරයේ සීනි පාලනය කරන්නට මැග්නීසියම් අත්‍යවශ්‍ය වෙනවා. හිසරදයට වඩා හොඳ ප්‍රතිකර්මයක් වන මැග්නීසියම් දිනකට මිලිග්‍රෑම් 600 ක් ලබා ගත්තොත් හිසරදය නිසා ඇතිවන වේදනාකාරී බව නැතිකර ගන්නට හැකියාව ලැබෙනවා. නමුත් මෙය වැඩි වශයෙන් පානය කිරීම සුදුසු නොවන බවත් මතකයේ තබා ගන්න.
- මත්පැන් පානය අඩු කරන්න.මත්පැන් පානය කිරීම හිසරදයට හේතුවක්.මත්පැන් පානය කරන අය නිතරම මුත්‍රා පිට කරනවා. ඒ නිසා ශරීරයට ඕන කරන ජල ප්‍රමාණය අඩු වී යනවා. ඒ නිසා හිසරදයට එය හේතුවක් වෙනවා. මත්පැන් භාවිතයෙන් වැළකීම මගින් හිසරදය ඇතිවීම වළක්වා ගන්නට අපිට පුළුවන්.
- ප්‍රමාණවත් නින්දක් ලබාගන්න ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගත් විට එය අපේ ශරීර සෞඛ්‍යට ඉතා අහිතකර ආකාරයෙන් බලපාන්නට පුළුවන්. දිනකට පැය 7 ක් තරම් දිගු නින්දක් ලබා නොගැනීම නිසා හිසරදය ඇති වෙන්නට පුළුවන්. ස්වභාවිකවම හිසරදය නැතිකරගත හැකි හොඳම ක්‍රමය වෙන්නේ නිදා ගැනීම. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්.
- සුවඳ තෙල් භාවිතා කරන්න ශාකවලින් ලබාගන්නා මේ තෙල්වල ඉහළ සාන්ද්‍රතාවයක් වගේම ඉහළ සංයෝගත් පවතිනවා. ඒ නිසා හිසරදය ඇතුළු වෙනත් බොහෝ ලෙඩරෝගවලට මේ තෙල් භාවිතා කරන්නට පුළුවන්. පෙපර්මින්ට්, ලැවෙන්ඩ්ර තෙල් කියන්නේ හිසරදය සමනයට භාවිතා කළ හැකි එවැනි සුවඳ තෙල් වර්ග දෙකක්. මේ තෙල් උඩුතොල මත තබා ආශ්වාස කිරීම මගින් හිසරදය නිසා වේදනාවට පත් ඔබට විශාල සුවයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා.
- හිස්ටමින් අධික ආහාරවලින් වළකින්න හිස්ටමින් කියන්නේ ශරීරයේ පටකවල ඇති රසායනිකයක්. මේ රසායනිකයට හැකියාව පවතිනවා අපේ ශරීරයට ආහාර නිසා ඇතිවිය හැකි ලෙඩවලින් ස්නායු පද්ධතියට ඇතිවන හානිය වළක්වා ගන්නට. පරණ වුණු චීස්, පැසවීමෙන් සාදන ආහාර, බියර්, වයින්, ලුණු දමා තබන මස්වලත් හිස්ටමින් අන්තර්ගත වෙනවා. හිස්ටමින් හේතුවෙන් බොහෝදෙනාට හිසරදය ඇතිවෙන්නට හැකි බව අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා. ඒ වගේම හිස්ටමින් නිසා ඇතැම් අයට මලපහ කිරීමේ අපහසුතාත් ඇති වෙන්නට පුළුවන්. ශරීරයේ වැදගත් එන්සයිමවලට හානි කරන්නත් හැකියාව ඇති මේ හිස්ටමින් අඩංගු ආහාරවලින් වැළකීම මගින් නිරන්තරයෙන් ඇති වෙන්නට හැකි හිසරදයෙන් ආරක්ෂා වෙන්නට ඔබට පුළුවන්.
- අයිස් කැටවලින් සම්බාහනය කරන්න සිනිඳු තුවායක අයිස් කැට කිහිපයක් ඔතා හිස බෙල්ල නළල තැවීමෙන් හිසරදය ඉතා ඉක්මනින් සුව අතට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.ශරීරයේ නාල හැකිලී රුධිර ගමනය අඩාලවීමෙන් ඇතිවන හිසරදය ඉතා ඉක්මනින් සුවකර ගන්නට මේ ප්‍රතිකර්මය ඉතා සුදුසුයි.කල්ගත වුණු චීස්, මධ්‍යසාර, චොක්ලට්, ඇඹුල් රසැති පලතුරු හ කෝපි වර්ග නිතරම ආහාරයට ගැනීමෙන් වළකින්න.ආහාර නොගෙන ආහාරවේල් මගහැරීම හේතුවෙන් පවා හිසරදය ඇතිවුණත් ඉහත සඳහන් කළ ආහාර වර්ග ගැනීම නිසාවෙන් පවා නිතර හිසරදය ඇති වෙන්නට හේතු වෙනවා.

- තේ හෝ කෝපි පානය කරන්න ශරීරය උත්තේජනය කළ හැකි පානයන් වන තේ හෝ කෝපි හිසරදය ඇතිවිටෙක පානය කළොත් එය හිසරදය ඉතා ඉක්මනින් සුවපත්භාවයට පත් කරන්නට හේතු වෙනවා.
- විටමින් බී වැඩිපුර ලබා ගන්න.අපි ගන්නා ආහාර ශක්තිය බවට පත් කරන්නට අපූරු හැකියාවක් ඇති විටමින් B වලට ඔබව හිසරදයෙන් ආරක්ෂා කරන්නත් හැකියාව පවතිනවා. නමුත් විටමින් බී වැඩි වශයෙන් ශරීරයට ලබා ගතහොත් මුත්‍ර රතු පැහැයක් ගන්නට පුළුවන්.
- යෝගා ව්‍යායාම්වල නිරත වීම මාස තුනක පමණ කාලයක් දිගින් දිගටම යෝගා ව්‍යායාම්වල නිරතවුණොත් නිතර නිතර හිසරදය ඇතිවීම වගේම එයින් ඇතිවන වේදනාවන් සමනය කර ගන්නටත් එය හේතුවක් වෙනවා.
- නාසයට අපහසු සුවඳ මගහරින්න අද සෑමදෙනෙක්ම පාහේ සුවඳ විලවුන් භාවිතා කරනවා. නමුත් ඇතැම් අයට මේ සුවඳ විලවුන්වල ඇති සැර ස්වභාවය නිසා හිසරදය වගේම වමනයත් ඇති වෙනවා. ඒ වගේම වෙනත් සුවඳ අධික ආහාර වගේම සිගරැට් ගන්ධයත් හිසරදයට හේතුවක් වන නිසාවෙන් ඒවා මගහැර සිටීම වැදගත්.
- නයිට්‍රේට් හා නයිට්‍රයිට් අම්ල භාවිතය අඩු කරන්න. ආහාර කල්තබා ගැනීම සඳහා භාවිතා කරන මේ අම්ලය හොට් ඩෝග්ස්, සෝසේජස්, බේකන් ආදී ආහාරවල බැක්ටීරියා ඇතිවීම වළක්වා ගන්නට භාවිතා කරනවා. ආහාරවලට යොදන මේ අම්ලය බොහෝදෙනෙක්ට හිසරදය ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා ඒවායින් වැළකි සිටීම හිසරදය වළක්වා ගන්නට හේතු වෙනවා.
- ඉඟුරු තේ පානය කරන්න. ඉඟුරුවල ශරීරයට හිතකර සංයෝග බොහොමයක් අඩංගු වෙනවා. ඒ නිසා හිසරදය ඇතිවිටෙක ඉඟුරු තේ එකක් පානය කිරීම මගින් ඒ පීඩාකරී හිස වේදනාව සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.
- ව්‍යායාම්වල නිරත වෙන්න. හිසරදය අපේ දෛනික කාර්යයන් සියල්ලක්ම අඩපණ කරන නිසා එය සැබැවින්ම පීඩාකාරී තත්ත්වයක්. ඉතින් නිතර නිතර හිසරදය ඇතිවීම වළක්වා ගන්නටත් එය සුවකර ගන්නටත් මේ ක්‍රම්වේද සහ උපදෙස් ඔබට බෙහෙවින් වැදගත් වනු ඇතැයි සිතමි.