වයස්ගත වීම අපිට වළක්වාලන්නට නොහැකි වුණත් වයසත් සමඟ ඇතිවීමට වැඩි ඉඩකඩක් ඇති රෝග පිළිබඳව වගේම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න ඒ ඒ වයස්වලදී අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක මොනවාද යන කාරණාවන් පිළිබඳව දැන සිටීම බෙහෙවින් වැදගත් වෙනවා. වයස අවුරුදු 40 හෝ ඉන්පසු කාලය අපි හඳුන්වන්නේ මැදි වයස විදියට. තරුණත් නොවන මහළුත් නොවන ඒ කාලය බොහෝ අය දෙමාපියන් ලෙස තමන්ගේ යුතුකම් වගකීම් ඉටු කරමින් අත්දැකිම් බොහොමයකින් පරිපූර්ණව ගත කරන කාලය. දරුවන්. රැකියාව මුණුබුරුන් ආදීන් සමඟ ගෙවෙන, සිරුර ක්‍රමයෙන් වියපත්වීම ආරම්භ වන මේ කාලයේදි ඔබ ඔබේ සෞඛ්‍ය පිළිබඳව කොතරම් උනන්දුවිය යුතුද? . මේ වයසේ පසුවන ඔබට ඇතිවන්නට හැකි ලෙඩරෝග මොනවාද. ඉතින් අද අපි කතා කරන්නේ මැදිවයසේ පසුවන ඔබටත් තරුණ විය අවසන්වෙමින් යන ඔබටත් බෙහෙවින්ම වැදගත් වන ඒ කාරණාවන් පිළිබඳවයි.
වයස අවුරුදු 40 ඉක්මවූ පසුව කාන්තාවන්ට බහුලවම ඇතිවන රෝග තත්ත්වයන් වගේම අපහසුතා පවතිනවා. ඒවා කායික වගේම මානසිකවත් හඳුනා ගන්නට පුළුවන්.

- ශරීරය ක්‍රමයෙන් තරබාරු වීම වයසත් සමඟම පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය අවම වීම මත බොහෝ වෙනස්කම් ශරීරයේ ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මස්පිඩුවල තද බව ලිහිවීමත් සමඟ ශරීරයේ බර ඉතා ඉක්මනින් වැඩිවීමට පටන් ගන්නවා.
- ආර්තවහරණය ඔසප්වීම සම්පූර්ණයෙන්ම නතර වීම හෙවත් ආර්තවහරණය බොහෝ කාන්තාවන්ට 40 ඉක්මවූ පසුව සිදු වෙනවා. එය ශාරීරික වගේම මානසිකවත් වෙනස්කම් බොහොමයක් ඇති වෙන්නට හේතු වෙනවා.
- එකවරම ඇඟ උණුසුම් වීම
- අධික ලෙස දහදිය දැමීම පපුවේ ගැස්ම
- හතිය සහ ක්ලාන්ත ගතිය
- නින්ද නොයාම
- ඊස්ට්‍රජන් හෝර්මෝනය ශ්‍රාවය වීමේ අඩුකම නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් ගැනීම හේතුවෙන් ලිංගික සබඳතාව සඳහා තිබූ උනන්දුව හීන වීම .
- ලිංගික එක්වීමකදී වේදනාවන් ඇතිවීම
- මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවීම. ඇතැම්විට යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් හෝ කැසීමක් ඇතිවීම
- මුත්‍ර පිට කරන වාර ගණන වැඩිවීම , මුත්‍රා වේග දරා සිටීමට නොහැකි වීම හා ඉබේ මුත්‍ර පිටවීම
- සම වියළීයාම තුනී වීම සහ රැලි වැටීමට පටන් ගැනීම
- පියයුරු හැකිලීයාම හා ඒවායේ වේදනාව

- කොන්දේ වේදනාව වගේම හන්දි හා මස් පිඩුවල වේදනාව
- නුරුස්සන සුළු ස්වභාවය
ආදී තත්ත්වයන් ඔසප් චක්‍රය නතරවීමත් සමඟ ඇති වන්නට පුළුවන්. මේ ආර්තවභාවය සිදුවීම පියයුරු පිළිකා, හෘදයාබාධ, අධි රුධිර පීඩනය, අස්ථි දියවීම ආදී රෝගයන් පවා ඇතිවීමේ අවදානම වැඩි කරනු ලබනවා.
- මානසික වෙනස්වීම විශේෂයෙන්ම කායිකව සිදුවන හෝර්මෝන වෙනස්වීම සහ පරිවෘත්තීය ක්‍රියා අවම වීම ආදී කාරණා මත නුරුස්සන සුළු ස්වාභාවය, ඉක්මනින් කේන්තියාම,සාංකාව, අමතකවීම, අලස බව ආදී වෙනස්කම් ඇති වන්නට පුළුවන්. මේ තත්ත්වයන් හැරුණාම කොලෙස්ටරෝල්, දියවැඩියාව,මල බද්ධය, ඇස් පෙනීමේ දුර්වලතා ආදී රෝගවලටත් ගොදුරු වන්නට පුළුවන්.
වයස 49 ඉක්මවූ කාන්තාවක් වෙනස්කරගත යුතු ආහාර පුරුදු
වයස 40 ඉක්මවන අවස්ථාවේදී කායික වගේම මානසිකවත් මෙවැනි රෝග සහ පීඩාකාරී තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ වෙනස්කම්වලට මුහුණදීමට සහ අවදානම් රෝගවලින් ආරක්ෂා වී සිටින්නට නම් අපේ ආහාර රටාව වෙනස් කරගත යුතු වෙනවා.
- ජලය වැඩිපුර පානය කිරීම වියපත්වීමත් සමඟ ශරීරයට දැනෙන පිපාසය අඩුවෙනවා. ඒ නිසාම ශරීරයේ ජල ප්‍රතිශයත් අඩුවී යනවා. එය සම වියළීම ඇතුළු ආසාදන තත්ත්වයන් ඇති කරන්නට වගේම සිරුරේ උශ්ණත්වය පාලනය ඇතුළු තවත් කාර්යයන් අඩපණ කරනු ලබනවා. ලෙඩරෝගවලින් ආරක්ෂා වීමට සහ යහපත් පැවත්ම සඳහා වැඩි වශයෙන් ජලය පානය කිරීම අත්‍යවශ්‍යයි.
- තන්තු බහුල ආහාර ලබා ගැනීම තන්තු බහුල නැවුම් එළවලු, පලතුරු සහ පලා වර්ග ආහාරයට වැඩි වශයෙන් එකතු කර ගැනීම ආහාර ජීර්ණය පහසු කිරීමටත් මලබද්ධය ඇතිවීම ආදී තත්ත්වයන් සමනය කර ගන්නත් උපකාරී වෙනවා.
- නට්ස් වර්ග ආහාරයට ගැනීම කජු, ආමන්ඩ්, රට කජු, වට්ටක්කා, කොට්ටන් ආදී නට්ස් වර්ග සුළු ප්‍රමාණයකින් දිනකට ගැනීම මගින් ශරීරයට අත්‍යවශ්‍ය වන පෝෂක බොහොමයක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මේද අඩු කාබෝහයිඩ්රේට් ප්‍රමාණයක් වගේම ප්‍රති ඔක්සිකාරක බහුලව අන්තර්ගත මේ නට්ස් වර්ග දියවැඩියාව, හදවත් රෝග ආදියෙන් ඔබව ආරක්ෂා කරනු ලබන අතර වයස්ගත වීම පමා කරනු ලබනවා.ඒ වගේම කුරුට්ට සහිත රතු සහල්, ඕට්ස්, කුරක්කන්, මෙනේරි ආදී ධාන්‍ය වර්ගත් නිතර ආහාරයට ගැනීම මගින් පිළිකා, දියවැඩියාව හා හදවත් රෝග ආදිය ඇතිවීම වළක්වනු ලබනවා.

- මාළු වර්ග සතියකට දෙතුන් වාරයක් පමණ හෝ මාළු ආහාරයට එකතු කර ගැනීම වයස 40 ඉක්මවූ කාන්තාවක් අනිවාර්යෙන්ම සිදුකළ යුතුයි. සැමන්, හුරුල්ලන්,සාඩින් ආදී ගුණදායක මාළු නිතර ආහාරයට එකතු කර ගැනීම මගින් දියවැඩියාව, අධි රුධිර පීඩනය,විෂාදය හා හදවත් රෝග ආදීය ඇතිවීම වළක්වනු ලබනවා.
- කැල්සියම් බහුල ආහාර ලබා ගැනීම වයස්ගත වෙත්ම ආහාරවලින් පෝෂක අවශෝෂණය කර ගැනීම තරමක් දුරට අඩුවන බැවින් ශරීරය එය අස්ථිවලින් සපුරා ගන්නට කටයුතු කරනු ලබනවා.ඒ නිසාවෙන් ශරීරයේ කැල්සියම් ඌණතාවයක් ඇතිවීමේ ඉඩකඩ වැඩි නිසා ආහාර වේලට කිරි ආශ්‍රිත නිෂ්පාදන, මාළු වර්ග, බෝංචි, ආමන්ඩ් ආදිය එකතු කර ගන්නට වගබලා ගන්න. ඒ හැරුණාම දිවුල්, දොඩම්, නාරං ආදී පලතුරුවලත් කැල්සියම් අන්තර්ගත නිසා එවැනි පලතුරුත් නිතර ලබා ගන්නට කටයුතු කරන්න.
- තදකොළ පැහැ පලා වර්ග ඇස් නීරෝගීව තබා ගන්නට මුකුණුවැන්න, නීරමුල්ලිය, වැල් දොඩම්, පෙනෙල, හාතවාරිය, කතුරු මුරුංගා ආදීකොළ වර්ග සුදුසු ලෙස ආහාරයට එකතු කරගත යුතුයි.
- විවිධ වර්ණවල එළවලු පලතුරු සහ පලා වර්ග ආහාරයට එකතු කර ගැනීම
- කුළු බඩු ආහාරවලට හොඳින් එකතු කිරීම
එය ආහාර රුචිය හා රසය වැඩි කරනවා වගේම මානසික අවපීඩනයෙන් ඔබව ආරක්ෂා කරනු ලබනවා.වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් මේ කරුණු කාරණා පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්න. ඒ වගේම හැකි සෑම විටම ආහාරය නිසි වේලාවට ගන්නට මතක තබා ගන්න. පමාවී ආහාර ගැනීම නිදන්ගත රෝග බොහොමයක් වර්ධනයට හේතුවිය හැකි බැවින් නීරෝගී ජීවිතයක් සඳහා එය ඔබට බාධාවක් ගෙනදේවි. එබැවින් ඒ කාරණවාත් මතකයේ රඳවා ගන්නට අමතක කරන්න එපා.