සින්ක් කියන්නේ අපේ ශරීර ක්‍රියාවලීන්ගේ පැවැත්මට ඉතා වැදගත් ඛනිජයකි.විශේෂයෙන්ම දරුවන්ගේ ශරීර වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස සින්ක් හඳුන්වයි.
නිසි සින්ක් පෝෂණයක් සිරුරට නොලැබීමෙන් සිරුරේ සින්ක් ඌනතා සංඥා සහ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන්ගත හැකියි. ඔබත් මෙවැනි තත්වයන්ගෙන් පෙළෙමින් සිටින්නේ නම් නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර වෙත යොමුවන්න.
PMS (pre menstrual syndrome) තත්වය පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ඉතා පීඩාකාරී මෙන්ම කාන්තා සෞඛ්‍යට බලපෑම් කළ හැකි රෝග ලක්ෂණ මතුකරන තත්වයකි.මෙය ඔසප් චක්‍රයේ ඩිම්බ මුදාහැරීමට පසු හා ඔසප් රුධිරය ගැලීමට පෙර අතර කාල සීමාවේදී මතුවන තත්වයකි.සිරුරට ලබාගන්නා සින්ක් ප්‍රමාණය වැඩිකරගැනීම මඟින් PMS තත්වයේ රෝග ලක්ෂණ පාලනය කරගැනීමට හොඳ සහයක් ලැබෙන බව පෙන්වාදෙයි.දිනකට ලබාගත යුතු සින්ක් ප්‍රමාණය දැක්වෙන්නේ මිලිග්‍රෑම් 8ක් ලෙසයි.මුහුදු බෙල්ලන්,හරක් මස් වැනි රතු මස් වර්ග,නට් වර්ග,ඇට වර්ග,කිරි නිෂ්පාදන, රනිල බෝග හා සින්ක් පෝෂණයෙන් බලගැන්වූ සීරියල් ආහාර වල සින්ක් බහුලයි. ඒවා ඔබේ පරිභෝජනයට එකතු කරගන්න. සින්ක් සිරුරේ ඇති හෝර්මෝන අසමතුලිතතා ප්‍රකෘතිමත් වීමට සහය වෙයි.

අනවශ්‍ය රෝම වර්ධනය අනවශ්‍ය රෝම අධික ලෙස වැඩීම ඔබව අපහසුතාවට පත්කරන්නට පුළුවන්. මීට නොයෙකුත් හේතු බලපෑ හැකි අතර සින්ක් ඌනතාව ද ඒ අතර වේ.මේ තත්වයට විසඳුමක් ලෙස රෝම ඉවත් කිරීමේ ප්‍රතිකාර වෙත ඔබ යොමුවෙනවා ඇති.නිසි වෛද්‍ය උපදෙස් යටතේ සින්ක් සප්ලිමන්ට් වර්ග ගැනීමෙන් හොඳ ගුණයක් සිරුරට ලැබෙනු ඇති බව අධ්‍යයන මඟින් පෙන්වාදේ.PCOS හෙවත් පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ සිරුරේ අධික ලෙස රෝම වර්ධනය වීම එක් රෝග ලක්ෂණයක් ලෙස හඳුනාගැනේ. සින්ක් සප්ලිමන්ට් භාවිතය එම තත්වය පාලනය කරගැනීමට උපකාරී වූ බව ඇතැම් අධ්‍යයන වල සඳහන් .
ඇතැම් පුරුෂයින් තුළ සරුබව සම්බන්ධ ගැටලු මතුවීම සින්ක් ඌනතාව ශුක්‍රාණු තරල වල ගුණාත්මකබව හා ප්‍රමාණාත්මක බව කෙරෙහි අහිතකරව බලපායි.සරුබව සම්බන්ධ ගැටලු මතුකරයි.සිරුරට සින්ක් ගබඩා කරගැනීමට නොහැකි නිසා දිනපතා සින්ක් පෝෂණය සිරුරට ලබාගැනීමට සිදුවෙයි.ඔබ අවුරුදු 19-50 අතර අයෙක් නම් මිලිග්‍රෑම් 14ක් පමණ ලබාගත යුතුයි.කෙසේවෙතත් අධික ලෙස සින්ක් බහුල ආහාර පාන ගැනීම ද සිරුරට අහිතකර විය හැකියි. විශේෂයෙන්ම පුරුෂ ප්‍රජනන ඉන්ද්‍රියයන්ට විෂ සහිත විය හැකියි. නව යොවුන් වියේ පිරිමි ළමුන් තුළ ලිංගික වර්ධනය පසුගාමී වීමට ද සින්ක් ඌනතාව බලපෑ හැකියි.
ළමා වර්ධනයට බලපෑම් හානි මතුකළ හැකියි ළමුන්ගේ සිරුරු තුළ නව පටක වර්ධනය හා කොලැජන් නිර්මාණය වීම ප්‍රවර්ධනය වීමට සහ ශක්තිමත් අස්ථි හා කාටිලේජ වර්ධනය සඳහා සින්ක් ඉතා වැදගත් කාර්යබාරයක් ඉටුකරයි.ප්‍රතිඔක්සිකාරක ගුණයක් ද ඇති නිසා සින්ක් මඟින් ලෙඩ රෝග වලින් ළමුන්ව ආරක්ෂා කරයි. ආහාර ගැනීමට හොරවීම නිසා ඇතැම් දරුවන් හට සින්ක් ඇතුළුව නිසි පෝෂණයක් නොලැබෙන්නට පුළුවන්. ළමුන්ට ලබාදෙන ළදරු පිටි කිරි නිෂ්පාදන වල සින්ක් විශේෂයෙන්ම අඩංගු කර තිබේ.
නියපොතු පළුදුවී හා පොතු ගැලවී යාම නියපොතු වල මෙවැනි ලක්ෂණ මතුවීමට බොහෝවිට සින්ක් ඌනතාව හේතුවේ.සින්ක් ඌනතාවේ පළමු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් ලෙසත් මෙය හඳුන්වයි.නියපොතු ශක්තිමත් වීමට ප්‍රෝටීන් ද ඉතා වැදගත්.සින්ක් මඟින් එම ප්‍රෝටීන් සිරුරට වඩාත් හොඳින් උරාගැනීමට සහය ලබාදෙයි.ප්‍රමාණවත් තරම් සින්ක් පෝෂණයක් සිරුරේ නොමැති විට ඔබේ නියපොතු පළුදු වි පහසුවෙන් කැඩීයාම හා පොතු ගැලවී යාමට පටන්ගත හැකියි.නියපොතු වල තිරස් අතට ඉරි තැලීම,මෘදු සිහින් පොතු වශයෙන් කොටස් ගැලවීයාම සින්ක් ඌනතාවේ ලක්ෂණ බව පෙන්වාදේ.බරපතල සින්ක් ඌනතාවකදී නියමහ අවට දැවිල්ල සහිත ඉදිමුම් මතුවිය හැකියි.
පාලනය කරගත නොහැකි ලෙස හිසකෙස් හැලීයාම හෝර්මෝන වෙනස්කම්,ආතතිය,අසනීප තත්වයන්,නින්ද අඩුකම,නිසි පෝෂණයක් නොමැතිකම වැනි බොහෝ හේතු හිසකෙස් හැලීයාමට හේතුසාධක වේ. සින්ක් ඌනතාව ද ඒ අතරින් එකකි.මෙය ඕනෑම වයසක කෙනෙකුට ඇතිවිය හැකියි.හිසකෙස් හැලියාමෙන් කෙස්කලඹ සිහින් වීමට, තට්ටය ලක්ෂණ මතුවීමට පටන්ගෙන ඇත්නම් ඔබ එදිනෙදා ලබාගන්නා සින්ක් පෝෂණය මදක් වැඩිකරන්න.සින්ක් සප්ලිමන්ට් මඟින් ඇලොපීසියා වැනි තට්ටය පෑදීමේ රෝග ලක්ෂණ ප්‍රකෘති තත්වයට පත්කරගැනීම බොහෝ විට සිදුකළ හැකි බව අධ්‍යයන පෙන්වාදේ.
රස නොදැනීම කැමතිම කෑමක් ආහාරයට ගත්තත් රසක් දැනෙන්නේ නැතිද? රස සංවේදනය නැතිවීයාමේ රෝගාබාධ වලට සින්ක් ඌනතාව ද යම් බලපෑමක් එල්ල කරන බව අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙනවා.Dysgeusia (රස සංවේදනා විකෘතිවීම) ජාන රෝග,හිසට ඇතිවන කම්පන,පිළිකා,ජීවනා රටාවේ වෙනස්කම් සහ ඇතැම් විට කොවිඩ්-19 වැනි රෝගාබාධ බලපෑමින් මතුකළ හැකි ස්නායු රෝග ලක්ෂණයකි.මේ සඳහා සින්ක් ඌනතාවේ බලපෑම් ද තිබෙයි.
බර අඩුවීම සින්ක් ඌනතාවේ තවත් රෝග ලක්ෂණයක් ලෙස මෙය හඳුන්වයි.රස සංවේදනය නොදැනීමත් සමඟ බොහෝ විට මේ තත්වය මතුවිය හැකියි.රස නොදැනෙන නිසා ආහාර පාන ගැනීම අඩුවීම මීට බලපායි.නමුත් මෙය නීරෝගී ක්‍රමයකට සිදුවන බර අඩුවීමක් නිසා සිරුරට එතරම්ම හිතකර වන්නේ නැහැ.ව්‍යායාම නොකරම ඔබේ සිරුරේ බර මාස 6ක් ඇතුළත 5%කින් අඩුවී ඇත්නම් ,ඔබ සින්ක් ඌනතාවෙන් පෙළෙමින් සිටිනවා වෙන්නට පුළුවන්.
චර්මදාහය (dermatitis) ඔබ හොඳින් සින්ක් බහුල ආහාර පාන පරිභෝජනය කළත් ජානමය වෙනස්කම්, සිරුරට පෝෂක උරාගැනීමේ දුර්වලතා සහ අධික මත්පැන් පානය වගේ දේවල් නිසා ඔබ සින්ක් ඌන අයෙක් බවට පත්විය හැකියි. සම කැසීම,අධික වියළීම,තුවාල වීම,සැරව ගැලීම,පොතු ගැලවීයාම හා සම රළු ඝනකම් වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් එය සින්ක් ඌනතාවේ බලපෑමින් මතුවු චර්මදාහය තත්වයකි.මෙය බෝවන්නේ නැත.නමුත් සමේ මතු වූ පලු දිගු කාලයක් සුවනොවී තිබෙයි ඒවා ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව අමතක නොකළ යුතුයි.

රුධිර ග්ලූකෝස් ඉහළ මට්ටමක් ගැනීම රුධිර සීනි මට්ටම් ඉහළ යාමට සින්ක් ඌනතාව ද හේතුවිය හැකියි.රුධිර ග්ලූකෝස් මට්ටම් ස්ථායිව පවත්වාගැනීමට සින්ක් සහය වේ.නිසි සින්ක් පෝෂණයක් නොමැතිකම රුධිර සීනි මට්ටම් ඉහළ යාමට බලපායි. ඉන් ස්ථූලතාව,හෘද රෝග,ආඝාතය (අංශබාගය),පෙනීමේ දුර්වලතා,සමේ වණ හා නිතර බර අඩු වැඩිවීම වැනි තත්වයන් සිරුරේ වර්ධනය වීමේ අවදානම ඉහළ යයි. ඔබට දියවැඩියාව ඇතත් නැතත් දිනපතා හොඳ සින්ක් පෝෂණයක් ලබාගැනීමට මතක තබාගන්න.
තුවාල සුවවීමට දිගු කලක් යාම සිරුරේ එන්සයිම රැසක ක්‍රියාකාරීත්වය සඳහා සින්ක් ඉතා වැදගත්.තුවාල සුවවීමේ ක්‍රියාවලියට ද සින්ක් අත්‍යවශ්‍යය.සිරුරේ පවතින සින්ක් ප්‍රමාණය ඉතා අඩු නම් තුවාල සුවවීම ඉතා මන්දගාමී වීමට පටන්ගනියි. පියලි,බෝංචි,ධාන්‍ය,ඇට වර්ග වගේ සින්ක් බහුල ආහාර පිසීමට පෙර ඒවා ජලයේ පෙඟවීමට මතක තබාගන්න. මින් සිරුරට හොඳ සින්ක් පෝෂණයක් ලබාගත හැකියි (කැල්සියම් හා සින්ක් සප්ලිමන්ට් වර්ග එකවරක නොගන්න.ඉන් සිරුරේ සින්ක් අවශෝෂණයට බාධා ඇතිවිය හැකියි)
බුරුල් මලපහ පිටවීම විරේචක,ආහාර නොඉවසීම හා ප්‍රදාහක බඩවැල් රෝග වැනි හේතු වලට අමතරව සින්ක් ඌනතාව ද පාචනයට හේතුකාරක විය හැකියි.
මනෝභාවය අයහපත්වීම,මතක දුර්වලතා සින්ක් මඟින් මොළයේ නියුරෝන අතර සන්නිවේදනයට සහය ලබාදේ.ස්නායු පද්ධතිය නීරෝගීව හා සක්‍රීයව පවතින තාක් මතකය ආශ්‍රිත් ගැටලු මතුවීම වේ.නමුත් මෑතක සිට ඔබේ මනස වියවුල් බවක්, ඇතැම් මතක පිලිබඳ අවිනිශ්චිත බවක් දැනේ නම් ඔබේ දෛනික සින්ක් පෝෂණය ගැන තරමක් සැලකිලිමත්වන්න.ළමුන්ගේ මොළයේ වර්ධනයට ද සින්ක් ඉතා වැදගත්.
ඇස් පෙනීමේ දුර්වලතා වයසට යන විට ඇසේ රෙටීනාව තුනී වී යයි.ඒ නිසා පෙනීම බොඳවීයාම හා ඇසේ නොයෙකුත් අපහසුතා මතුවෙයි . මෙය macular degeneration හෙවත් අක්ෂි පරිහාණී තත්වයකි.dry degeneration යනු සින්ක් ඌනතාවෙන් ඇතිවන අක්ෂි දුර්වලතාවකි.
දවසින් දවස කන් ඇසීම අඩුවීම කන් ඇසීම අඩුවීයාම සින්ක් ඌනතාව පෙන්නුම් කරන ලක්ෂණයක් වීමට පුළුවන්.මෙවැනි ලක්ෂණ මතුවීම වළක්වාගැනීමට නිතිපතා හොඳ සින්ක් පෝෂණයක් සිරුරට ලබාගත හැකි ආහාර පාන පරිභෝජනය කරන්න. නිසි වෛද්‍ය උපදෙස් යටතේ සප්ලිමන්ට් වර්ග හෙවත් අතිරේක පෝෂක භාවිත කරන්න.