අද අපි බෝහෝදෙනා කතා කරන්නට අකමැති විශාල බියක් දක්වන රෝගයක් තමයි පිළිකාව කියන්නේ. වයස්භේදයකින් තොරව සෑම දෙනෙක්ම ගොදුරු කරගන්නා පිළිකාවෙන් සැබැවින්ම අපිට ආරක්ෂා වෙන්නට නොහැකි ද?. ඉතින් අද ඔබ සමඟ කතා කරන්නේ වඩාත් භයානකම රෝගයක් විදියට පැතිරෙන පිළිකාවෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට අපි අනුගමනය කළ යුතු චර්යා හා ජීවන රටාවන් පිළිබඳවයි.
අපේ ශරීරය සැකසී ඇති මූලික තැනුම් ඒකකය වෙන්නේ සෛල.මේ සෑම සෛලයකම ක්‍රියාකාරිත්වය න්‍යෂ්ටියේ ඇති ජාන මගින් පාලනය වෙනවා. මේ සෛලවල න්‍යෂ්ටියේ ඇති ජානවල අකර්මණ්‍යතාවයක් හෝ යම් වෙනස්කමක් නිසා ඒ සෛල අසාමාන්‍ය ලෙස බෙදීයාමක් ඇති වෙන්නට පුළුවන්. මෙසේ මේ සෛල අවිධිමත් ආකාරයට වැඩි ප්‍රමාණයකින් නැවත නැවත බෙදීයාම තුළින් තමයි අද අපි මාරාන්තික රෝගයක් ලෙස සලකන පිළිකා රෝගය ඇති වෙන්නේ. මිනිස් ශරීරයේ ඕනෑම පටකයක, ඕනෑම අවයවයක, මේ තත්ත්වය ඇති වන්නට පුළුවන්. පිළිකාවක් ඕනෑම අයෙකුට ඇතිවෙන්නට හැකි වුණත් ඇතැම් පිළිකා ඇති වෙන්නේ කෙසේද යන්නවත් අපි දන්නේ නැහැ. නමුත් බොහෝ පිළිකා ඇතිවන්නේ අපේ වැරදි චර්යා හා ජීවන පුරුදු නිසාවෙන් කියන කාරණය අපිට අකමැත්තෙන් වුණත් පිළි ගන්නට සිදු වෙනවා. ඒ නිසා පිළිකාවන් වර්ධනය වෙන්නට බලපාන හේතු පාලනය කරගත්තොත් මේ පිළිකා මාරයාගෙන් ඔබටත් මටත් ගැළවෙන්නට හැකියාව ලැබෙනවා.
පිළිකා ඇති වෙන්නට බලපාන හේතු

- ජානමය සාධක
- අලස ජීවන රටාව
- අධික ලෙස හිරු එළියට නිරාවරණය වීම
- මත්පැන් හා දුම්කොළ භාවිතය
- සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම
- ස්ථුලතාවය
- ඇතැම් රසායනික ද්‍රව්‍ය
- තාක්ෂණික උපකරණ සමඟ වැඩි වශයෙන් ගැටීම
- රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බොහෝවේලා බලා සිටීම
- දුරකථන ඇමතුම්වලදී දකුණු කණ නිතර භාවිතා කිරීම
- විකිරණශීලීත්වය අධික ජංගම දුරකථන භාවිතා කිරීම
- ප්‍රමිතියෙන් තොර වූ කණ්ණාඩි පැළදීම
- මානසික ආතතිය
- ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම
- සෝඩා අඩංගු පැණී බීම හා කෘතීම ආහාර නිතර පරිභෝජනය
- අධික ක්ලෝරීන් සහිත ජලය පානය
පිළිකාවලින් වැළකී සිටීම සඳහා කළ හැකි දේ

- දුම්පානය සහ දුම්කොළ භාවිතයෙන් වැළකීම දුම්පානය නිසා පිළිකා ඇතුළු භයානක රෝග බොහොමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම දුම්පානයෙන් මුඛ කුහරයේ පෙනහළුවල වගේම ශරීරයේ වෙනත් අවයවයන්වලත් පිළිකා වර්ධනය වීමට හේතුවෙනවා. වළක්වාගත හැකි පිළිකාවලින් 50% ක්ම දුම්පානය සහ දුම්කොළ භාවිතය නිසා ඇතිවන බැවින් ඒ පිළිකා වළක්වා ගත හැකි එකම ක්‍රමවේදය වන්නේ මේ දුම්පානය හා දුම්කොළ භාවිතයෙන් වැළකී සිටීමයි. දුම්කොළ ,පුවක් බීඩි, බාබුල් ආදියෙන් වැළකීම මගින් බොහොමයක් පිළිකා අපිට වළක්වා ගන්නට පුළුවන්.
- මත්පැන් පානයෙන් වැළකීම මුඛයේ, උගුරේ ගලනාලයේ, ආමාශයේ, අක්මාවේ, ගුද මාර්ගයේ අන්ත්‍රවල පියයුරු ආදී සෑම පිළිකාවක් මත්පැන් පානය මූලික හේතුව කොටගෙන ඇතිවන පිළිකා තත්ත්වයන්. මත්පැන් සුළු ප්‍රමාණවලින් ලබා ගත්තත් පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යන අතර ක්‍රමයෙන් මුඛයේ උගුරේ අක්මාවේ ආහාර මාර්ගයේ ඇති සෛලවලට හානි කරනු ලබනවා. ශරීරය විසින් හානි වූ පටක් අලුත්වැඩියා කිරීමේදී සෛලවල ඇති ජාන වෙනස්කම්වලට භාජනය වීම සිදුවන නිසා එය පිළිකාවක් වර්ධනය වීමේ ආරම්භක පියවර වෙනවා. එබැවින් සම්පූර්ණයෙන්ම මත්පැන් භාවිතයෙන් වැළකීම පිළිකාවලින් ආරක්ෂා වෙන්නට කළ යුතුමයි.
- සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම පිළිකා වර්ධනයට වගේම පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකර ගන්නටත් අපේ ආහාර රටාව වැඩි දායකත්වයක් සපයනු ලබනවා. එබැවින් පිළිකා ඇතිවීමේ අවදානම ඇති කරන ආහාර පුරුදුවලින් වැළකී සිටිය යුතුයි.
- කෘෂි රසායනික නොයෙදූ අලුත් එළවලු පලතුරු හා පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්න
- පිෂ්ඨය අඩංගු ආහාර ප්‍රමාණවත් ලෙස පමණක් ලබා ගන්න.
- සරල සීනි අඩංගු ඝන ආහාර සහ පානයන් භාවිතය අවම කරන්න.
- සීනි රහිත පලතුරු යුෂ පානය කරන්න.
- පිළිකා මර්දනය සඳහා විශේෂ වූ පලතුරු (කෙසෙල්, කිවි, අලිගැට පේර,පෙයාර්ස්, දෙළුම් ) ආහාරයට ගන්න.
- ග්‍රීන් ටී පානය කරන්න . එය පිළිකා නාශකයක්.
- විටමින් C අඩංගු පලතුරු නිතර ආහාරයට එකතු කර ගන්න.
- කහ, සුදු ළූණු, පිරිසිදු ඔලිව් තෙල් ආහාරයට එකතු කර ගන්න.
- සත්ව ප්‍රෝටීන අධික තාපයට ලක්වන බැදපු මාලු, බාබකිව් හෝ බේක් කළ මස් වර්ග, බේකන්, හැම්, සොසේජස් ආදී ආහාරවලින් වළකින්න.
- ලුණු, සීනි හෝ තෙල් අධික ලෙස ආහාරයට ගැනීමෙන් වළකින්න.
- කල්තබා ගන්නා ආහාර වර්ග වන අච්චාරු, ජෑම්, බටර්, චට්නි ආදී ආහාර නිතර ගැනීමෙන් වළකින්න.
- ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම. දිනපතා ශාරීරික ව්‍යායාම්වල නිරතවීම ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීම සහ උසට සරිලන බරක් පවත්වා ගැනීම පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනු ලබනවා.කුඩා දරුවන් සහ නව යොවුන් වියේ දරුවන් පැයක කාලයක් ව්‍යායාම්වල නිරතවිය යුතුයි.වැඩිහිටි පුද්ගලයන් දිනකට විනාඩි 30 ක් බැගින් දිනකට දින 5 ක් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීම පිළිකාවලින් ආරක්ෂාවීමට උපකාරී වෙනවා.
- මානසික සැහැල්ලුවෙන් ජීවත් වීම මානසික ආතතිය ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරන අතර එබැවින් ශරීරය පිළිකාවලින් ආරක්ෂා කරන යාන්ත්‍රණය පවා දුර්වල කරනු ලබනවා. එබැවින් සතුටින් විනෝදයෙන් කල්ගත කිරීමට ඕන කරන කටයුතුවල යෙදීමට මතක තබා ගන්න.
- අවට පරිසරය පිරිසිදුව තබා ගන්න අපිරිසිදු වාතය, ජලය, පස් පිළිකා ඇති කරන්නට බලපාන බැවින් විෂ දුම් දූවිලි ආදියෙන් ආරක්ෂා වීමත් පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් සැලකිලිමත් වන්න.බොහෝ මරණවලට හේතුවන පිළිකා වර්ග අතුරින් බොහෝමයක් පිළිකා තම උනන්දුව මත වළක්වා ගන්නට හැකියාව පවතිනවා. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වී පිළිකාවෙන් ඔබත් ඔබේ ආදරණීයනුත් ආරක්ෂා කර ගන්න.