කළු පැහැති සම ස්වභාවිකව සුදු පැහැ කරන මී පැණි වලින් සත්කාර 3 ක්

health tips

සමේ පැහැපත්බව හා දීප්තිය වැඩි කරන ඖෂධ ගැන කතා කරද්දී මී පැණි කියන්නේ එම ප්‍රතිලාභ අපේ සමට ලබාදෙන ඉහළ පෙළේ උදාහරණ අතරින් එකක්.මී මැස්සන් විසින් නිපදවන මෙම මී පැණි වල පෝෂක අති විශාල ප්‍රමාණයක් අන්තර්ගත බව අධ්‍යයන හරහා සොයාගෙන තිබෙනවා.සමට හිතකර B6 වැනි විටමින් වර්ග,රයිබෝෆ්ලැවින්,යකඩ,සින්ක්,ප්‍රතිඔක්සිකාරක හා ෆ්ලැවනොයිඩ් වැනි පෝෂක ද බහුලයි.මී පැණි වල ප්‍රබල ප්‍රතිබැක්ටීරිය ගුණ ඇත. බැක්ටීරියා පමණක් නොව දිලීර ආසාදන වළක්වාගැනීමට ද උපකාර කරයි. සමේ කුරුලෑ,බිබිලි, දද ඇතුළු සමේ ගැටලු වලට ප්‍රතිකාරයක් සේ ක්‍රියාකරයි. සමට තෙතමනය දී පෝෂණය කරයි. සම මෘදු සුමුදු කරයි.

මී පැණි වලින් ඔබේ සමේ පැහැපත්බව හා දීප්තිමත්බව වැඩිකරගන්නේ කොහොමද?

ඒ සඳහා උපකාරී වන හොඳම සත්කාර ක්‍රම 3ක් ගැනයි අද අපි ඔබට කියාදෙන්නේ.

පළමු ක්‍රමය -පෙර සඳහන් කළා වගේ මී පැණි කියන්නේ සම සමනය කරන, සමට තෙතමනය සලසා සම ආරක්ෂා කරන, එමෙන්ම සම සුව කරන ප්‍රබල ඖෂධයක්.ස්වභාවික දෙයක් නිසා සමට කිසිඳු අතුරුබලපෑමක් ද නැහැ.ඒ නිසා ඔබට බියකින් තොරව මේ ක්‍රම භාවිත කළ හැකියි.සත්කාර කිරීමට පෙර මුහුණ පිරිසිදු කරගැනීම ඉතා වැදගත් බව අමතක කරන්න එපා!

මුළින්ම අමු මී පැණි මේස හැඳි 2ක් බඳුනකට එක්කරන්න.ඊට කහ (කස්තුරි කහ වඩාත් යෝග්‍යයි) තේ හැඳි 1/2ක් දමන්න. කහ සම පැහැපත් කර මුහුණේ ප්‍රභාව වැඩිකරයි. සමට පිරිසිදු බවක් ලබාදෙයි.සම ප්‍රදාහයට ලක්වීම පාලනය කරයි.මෙය හොඳින් කළවම් කරන්න.මින් ස්වල්පයක් ගෙන මුහුණේ තුනී තට්‍ටුවක් ලෙස ආලේප කරගන්න. මිනිත්තු 15-20ක් පමණ තිබෙන්නට හැර උණුසුම් වතුරෙන් මුහුණ සෝදන්න.තෙත මාත්තු කර හොඳ මොයිෂ්චරයිසර් එකක් සමට ආලේප කරන්න. හොඳ සන්ක්‍රීම් එකක් ද භාවිත කිරීමට මතක තබාගන්න.

දෙවන ක්‍රමය-මෙම මාස්ක් සත්කාරය සම පැහැපත් කිරීම,සමට තෙතමනය සැලසීම, සම මෘදු සුමුදු කිරීම වැනි ප්‍රතිලාභ ලබාදෙයි.යෝගට් මේස හැඳි 2ක් බඳුනකට දමන්න. යෝගට් වල ඇති කිරි සහ ලැක්ටෝ අම්ල සම පෝෂණය කරයි. සමට හොඳින් තෙතමනය සලසයි.ඊට අමු මී පැණි මේස හැඳි 1ක් එක්කර හොඳින් කළවම් කරන්න. මෙය මුහුණේ ගල්වා මිනිත්තු 20-30ක් තබන්න. පසුව උණුසුම් වතුරෙන් තෙත් කළ තුවායකින් මුහුණ පිසදමා මෙය ඉවත්කරගන්න.

තෙවන ක්‍රමය-මෙම සත්කාරය ඔබේ සමේ ආකර්ෂණීය බව, ස්වභාවික දීප්තිය වඩවමින් සම නීරෝගී කරයි.ජොජෝබා තෙල් වලින් තේ හැඳි 2ක් බඳුනකට දමන්න. ජොජෝබා තෙල් වෙනුවට සමේ සිදුරු අවහිර නොකරන (non-comedogenic) වර්ගයේ ඕනෑම තෙල් විශේෂයක් මෙම සත්කාරයට භාවිත කිරීමට ඔබට හැකියි. ආමන්ඩ් තෙල් ඊට තවත් හොඳ උදාහරණයක්.ඊට අමු මී පැණි මේස හැඳි 1/2ක් දමා කළවම් කරන්න.මෙය පිරිසිදු බෝතලයකට පුරවාගන්න.දිනපතා නින්දට පෙර පිරිසිදු කරගත් මුහුණේ මෙම තෙල් මිශ්‍රණයෙන් බිංදු 2-3ක් පමණ ගෙන සමේ ගල්වා ඇඟිලි තුඬුවලින් කවාකාරව මිනිත්තු 5ක් පමණ ඔබේ මුහුණ සම්බාහනය කරන්න. මිනිත්තු 30ක් පමණ තබා ඉවත් කිරීම හෝ පුරා ‍රැයක් සමේ ‍රැ‍ඳෙන්නට තබා පසුදා උදෑසන උණුසුම් වතුරෙන් මුහුණ පිරිසිදු කරගැනීම සිදුකරන්න.