නිතර හැදෙන හිසරදය සුව කරන ප්‍රතිකාර 14 ක්

health tips

බාල වැඩිහිටි භේදයකින් තොරව අධික වේදනාවන් ගෙනදෙන රෝගී තත්ත්වයක් ලෙස හිසරදය හැඳින්විය හැකිය. හිසරදය නැමැති රෝගී තත්ත්වයේ ස්වරූප කිහිපයක් පවතී. 

සාමාන්‍ය හිසරදය හිස බර ගතිය, හිස කැක්කුම , කරකැවිල්ල, හිසේ තද බව, හිසෙහි ඇතිවන හිරිය, වමනය, ක්ලාන්තය, දෘෂ්ටිය වෙනස් වීම යනාදී ලක්ෂණ මෙහිදී දැකගත හැකි ය. වා, පිත් හා සෙම් යන ත්‍රිදෝශ කිපීමෙන් ඇතිවන හිසරදය (සන්නිපාත හිසරදය)අධික තාපය, අධික උණුසුම් ගතිය, හිස කරකැවිල්ල සහ උණ, හිසෙහි බර ගතිය, තද ගතිය, ශීතල, ඇස් ඉදිමීම, කන්, ඇහි බැම හා උගුර ආදියෙහි සෙම් ඇතිවීම ආදී ලක්ෂණ ත්‍රිදෝශ කිපීමෙන් ඇතිවන හිසරදයේ දී දැකගත හැකි ය. 

පණුවන් නිසා ඇතිවන හිසරදය හිසෙහි ඉදිකටු අනින්නාක් බඳු වේදනාවක් ඇතිවීම, හිස අභ්‍යන්තරයේ ලෙළදෙන්නාක් මෙන් දැනීම, නාසයෙන් සැරව සහිත ලේ පිටවීම, හිසෙන් අධික රශ්නයක් දැනීම ආදී ලක්ෂණ මෙහිදී දැකගත හැකිය. තව ද  මෙම හිසරදය ක්‍රිමිජ හිසරදය ලෙස ද හදුන්වයි. 

ඉරුවාරදය හිරු උදා වීමත් සමග මෙම හිසරදය ඇතිවන අතර තුන්දොස් කෝප වීමෙන් ද ඇතිවන බව මතය වේ. ඇස් බැමි දෙපස මෙහිදී අධික ලෙස වේදනාවන් ගෙන දේ. තවද අධික ශබ්දය හා ආලෝකය මෙහිදී මෙම හිසරදයෙන් පෙලෙන රෝගීන් තවත් පීඩාවට පත් කරයි. පුද්ගලයින් කායිකව පමණක් නොව මානසිකව ද මෙහිදී පීඩාවට පත් වේ. 

අනන්තවාත හිසරදය ස්නායු වේදනාවන් නිසා ඇතිවන හිසරදය ආදී වශයෙන් හිසරදයේ ස්වභාවයන් පෙන්වාදිය හැකි ය. 

හිසරදය සම්බන්ධයෙන් පවතින ප්‍රතිකාර ක්‍රම පිළිබඳ විමසා බැලීමේදී හොදම ප්‍රතිකර්මය වන්නේ විවේකීව සිටීමවේ. ඊට අමතරව හිසරදයේ ස්වරූපය හදුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර වෙත යොමු වීම ද ඉතා වැදගත්වේ. 

මීට අමතරව ස්භාවික ප්‍රතිකාර කිරීම ද සුදුසුවේ. එනම් 

  • එඩරු මුල් හා සුවද කොට්ට්ං සමව ගෙන විනාකිරෙන් අඹරා හිසෙහි ආලේප කිරීම යෝග්‍යවේ.
  • උක් මුල්, අරලු, බුලු, නෙල්ලි හා වියලි මිදි සමව ගෙන කෂාය සකසා පානය කිරීම ගුණදායකය. 
  • ගිතෙල් හා උක් හකුරු ආහාරයට එක්කර ගැනීම හා ගිතෙල් හිසෙහි ගැල්වීම සුදුසුවේ. 
  • සුවද කොට්ටං චූර්ණය හිසේ ආලේපනය සුදුසු වේ. 
  • සුවඳ කොට්ටන්, වියළි ඉඟුරු, ජඨාමාංශ, විනාකිරෙන් හෝ තල තෙලින් අනා හිසෙහි  පැලැස්තර යෙදීමද සුදුසුය.
  • ඉගුරු, තිප්පිලි, ගම්මිරිස් හා කරද ඇට එළ ගව මුත්‍රා වලින් අඹරා නස්න කිරිමෙන් ක්‍රිමිජ හිසරදය සුව කර ගත හැකි ය. 
  • වේලා කොළ අඹරා ආලේප කිරීම හා එහි චූර්ණය භාවිත කිරීම යෝග්‍යවේ. 
  • වායු නිරෝධක බෝතලයක් තුලට ඇමොනියම් ක්ලෝරයිඩ් ජලය ස්වල්පයක් දමා හොදින් සොලවා නස්න කිරීම යෝග්‍යවේ. 
  • කලු තල, වැල්මී, හාතවාරිය අල, සාරණ හා ඊතණ සියල්ල ඇල් දියෙන් අඹරා ආලේප කිරීම සුදුසුවේ. 
  •  සුදු හදුන් හා සුදු ලූණු තල තෙලින් අඹරා විනාකිරෙන් අනා පැලැස්තර යෙදීම යෝග්‍යවේ. 
  • උණු වතුර කෝප්පයක් ගෙන ඊට වියලි නෙල්ලි මිටක් දමා හුමාලය නොයන සේ තම්බා රාත්‍රීයට පානය කිරීම් සුදුසුවේ. 
  • නිල්‍යාදි තෛලය ගෙන ඊට දෙහි ඇඹුල් ස්වල්පයක් දමා පොල් තෙල් පහනක් දල්වා එමගින් රත්කර නිවා හිසට දැමීමෙන් සෙම් ගතිය නැතිවේ. එමගින් හිසරදය දුරු කරගත හැකිය. මීට අමතරව පොල්තෙල් වලට දෙහි ඇඹුල් යොදා ආලේප කිරීමෙන් ද හිසරදය සුව කරගත හැකිය. 
  • උඳුපියලිය, රතු ලූනු, සියඹලා කොළ කොටා පොට්ටනි බැඳ, වණ්ඩුවේ තම්බා නලල හා හිස තැවීම ද යෝග්‍යවේ.වියළි කහ කුඩු ගෙන තල තෙල් වලින් අනා පාන්තිරයක ඔතා අවුලුවා ගින්දර නිවා කොස් කොළයකින් ගොටු සාදා ඒ තුළ තබා එන දුම නස්න කිරීම සුදුසු වේ. 
  • ඖෂධමය ප්‍රතිකාර වලින් ම පමණක් හිසරදය සුව කර ගැනීමට උත්සාහ කරනවාට වඩා තවත් සරල ප්‍රතිකර්ම කිහිපයක් ම හිසරදය සුව කර ගැනීම සදහා පවතී. 
  • හිසරදය ඇති වූ විට උණු වතුරින් ස්නානය කිරීම හෝ උණුසුම් ජලය පෙගවූ රෙදි කැබැල්ලකින් නලල හා හිස තැවීම. 
  • මිංචි තෙල්, සගන්ධ තෙල් හෝ ලැවෙන්ඩර් තෙල් බිදුවක් හිසෙහි හා නලලෙහි ගල්වා සම්භාහනය කිරීම. 
  • හොදින් ජලය පානය කිරීම තුලින් විජලනය නිසා ඇතිවන හිසරදය සුව කරගත හැකි ය. 
  • ඉගුරු යෙදූ තේ කෝප්පයක් පානය කිරීම ද මේ සඳහා යෝග්‍යවේ. 
  • අතේ මහපට ඇගිල්ල හා දබරගිල්ල එකතු වන ස්තානයේ තප්පර දහයක් පමන තදින් ස්පර්ශ කොට එම ස්තානය තප්පර දහය බැගින් දක්ශිනාවර්තව හා වාමාර්තව රවුමට පිරිමැදීම සුදුසුවේ. 
  • උරහිස හා බෙල්ල දෙපස අතේ මහපට ඇඟිල්ල භාවිතයෙන් කවාකාරව මිනිත්තුවක් පමණ සම්බාහනය කිරීම මගින් ද හිසරදය සමනය කර ගත හැකිය. 
  • මේ ආකාරයට හිසරදය සුවකර ගත හැකි ප්‍රතිකර්ම රාශියක් පවතී. ඒවා වෙත යොමු විමෙන් හිසරදය නිසාවෙන් ඇතිවන කායික හා මානසික වේදනාවන් දුරු කරගත හැකිය.