ගොඩක් අය ශරීරය නිරෝගි කරගන්න, ලස්සන කරගන්න, පැහැපත් වෙන්න වගේ කරුණු වලට අද වෙද්දි කෘතිම දේවල් සිදුකරන්න පුරුදු වෙලා ඉන්නවා. විශේෂයෙන් විටමින් වර්ග, භාහිර පෝෂක ආදි ලෙස පෙති වර්ග බොනවා.
ඉතිං මේ වගේ දේවල් වලින් නිරෝගි බවට වඩා රෝගි බව තමා අපිට ලැබෙන්නේ. ඉතිං ඇත්තටම නිරෝගි ජීවිතයක් ලබා ගන්න ස්වභාවිකවම ලබා ගන්න පුළුවන් දේවල් ගොඩක් අපි අතර තිබෙනවා. ඒ වගේ අපිට ගොඩක් වටින දෙයක් තමා හිරුඑළිය කියන්නේ.
ගොඩක් අය සම අඳුරු පැහැවනවාට බයේ හිරු එළියට නිරාවරණය වෙන්න කැමති නෑ.. ඒ වුණාට ඔබ දන්නවාද එමගින් අපගේ සිරුරට අත්‍යවශ්‍යය විටමිනයක් වන විටමින් D ඌනතාවයක් ඇතිවිය හැකි බව.
අපිට විටමින් D ලබාගත හැකි ලාභදායීම සහ පහසුම ක්‍රමය වන්නේ හිරු එළියට නිරාවරණය වීමයි. නමුත් අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් අහිතකර බලපෑම් එල්ලවිය හැකි බැවින් ඒ පිළිබඳවද සැළකිලිමත් විය යුතුයි. හිරු එළියට අමතරව විටමින් D ලබාගත හැකි ප්‍රභවයන් ලෙස කොඩ් ලිවර් ඔයිල්, තෙල් සහිත මාළු, බෙල්ලන්, බිත්තර කහමද, නිවිති, කේල් වැනි දෑ ලබා ගන්න පුළුවන්.
බොහෝ දෙනා විටමින් D මගින් ඔබගේ සිරුරට අත්වන ප්‍රතිලාභ සහ එය නොලැබීමෙන් ඇතිවන අහිතකර ප්‍රථිඵල පිළිබඳව එතරම් හිතන්නේ නෑ. නමුත් විටමින් D මගින් සිරුරට අත්වන වාසි ගොඩක් තියෙනවා. අපි අද බලමු මොනවද ඒ වාසි කියලා.

අස්ථි ශක්තිමත් කිරීම-ඔබගේ ආහාර වේලෙහි ප්‍රමාණවත් තරම් කැල්සියම් අන්තර්ගත නොවුණ විට ඔබගේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කැල්සියම් ඔබගේ අස්ථි මගින් ලබාගැනීමට සිදුවන අතර එය අස්ථි ව්‍යුහයට බලපෑම් එල්ල කරනවා. ඒ වුණත් ඔබ ප්‍රමාණවත් පරිදි විටමින් D මාත්‍රාවක් ලබාගන්නේ නම් එමගින් ඔබගේ ආහාරවල ඇති කැල්සියම් අවශෝෂණය කර ගැනීමට සහය වගේම ඔබේ අස්ථි නිරෝගීව හා ශක්තිමත්ව පවතින බවත් එමගින් සහතික වනවා.
පිළිකා රෝගවලින් ආරක්ෂාව සැලසීම -හිරුඑළියට වැඩි වශයෙන් නිරාවරණය වීමෙන් චර්ම පිළිකා ඇතිවනවා යැයි පැවසුණත් හිරු එළියට අඩුවෙන් නිරාවරණය වීමද පිළිකා ඇතිවීමේ අවධනාම ඉහළ නංවනවා. ඒ වගේම තමා හිරු එළියට හොඳින් නිරාවරණය වන කාන්තාවන්ගේ සිරුරේ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට එය උපකාර වන බවට පර්යේෂණ මගින් මේවන විට තහවුරු වී තියෙනවා.
සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීම-ඔබ දන්නවාද උණ, කැස්ස, සෙම්ප්‍රතික්ශාව වැනි රෝග සඳහා පහසුවෙන් ගොදුරු වන්නේ ප්‍රමාණවත් තරම් කාලයක් හිරු එළියේ ගත නොකිරීම හේතුවෙනුයි. අධ්‍යනවලින් හෙළිව ඇති ආකාරයට විටමින් D සුළු මාත්‍රාවක් ගැනීම පවා රෝගවලින් අඩකට ගොදුරු වීම වළක්වාලනවා. එම නිසා දවසකට විනාඩි 10ක් වත් හිරු එළියට නිරාවරණය වීම ගොඩක් වැදගත් වනවා.

හුස්ම ගැනීමේ ගැටළු වලින් රැකවරණය-ශ්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයන්ට උණුසුම් දේශගුණයක් සහ හොඳ වාතාශ්‍රයක් සහිත පෙදෙස් වඩාත් උචිත බව පැවසෙනවා. එමෙන්ම හිරු එළියට නිරාවරණය වීමෙන් ප්‍රමාණවත් විටමින් D ප්‍රමාණයක් ලබාගැනීම හුස්ම ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා.
මනෝභාවය ඉහළ නැංවීම සහ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරිම– සිරුරේ විටමින් D ප්‍රමාණවත් පරිදි තිබීම මගින් ඔබට වඩා හොඳ මනෝභාවයකින් යුතුව කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර වැඩිහිටි වියේදී මනා බුද්ධියකින් යුතුව කටයුතු කිරීමට එය සහය වනවා.. විශේෂයෙන් විටමින් D මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිකිරීමට සහය වන විටමිනයක් ලෙසයි සැලකෙන්නේ.
මාංශ පේශි වර්ධනයට උදව් වීම-ඔබ හිරු එළියට නිරාවරණය වූ විට ඔබගේ සම මගින් විටමින් D සිරුරට අවශෝෂණය කරගනු ලබන අතර විටමින් D, steroid හෝමෝනයක් ලෙස සිරුරට අවශෝෂණය වනවා. ප්‍රමාණවත් පරිදි විටමින් D ලැබීම සිරුරේ මාංශ පේශීන් නිසි පරිදි වර්ධනය කෙරෙහි වැදගත් වනවා.