පිළිකා හැදීගෙන එද්දී සුව කර හැකි හෙළ ඔසු 6 ක්

health tips

ලෝකය පුරාම ජනතාව ලොකු කුඩා භේදයකින් තොරව බිලි ගන්නා මාරාන්තික රෝගය තමයි පිළිකා කියන්නේ. අද වනතුරුත් මේ රෝගය සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නැති නිසා මේ රෝගයට අපි හැමෝම දක්වන්නේ දැඩි බියක්. අපේ රටේ බහුලව දකින්නට ලැබෙන පිළිකා අතර මුඛ පිළිකා, පියයුරු පිළිකා, ගලනාල පිළිකා, ගර්භාෂ පිළිකා, ගැබ් ගෙල පිළිකා සහ අක්මාව ආශ්‍රිත පිළිකාවන් ප්‍රමුඛ වෙනවා. නීරෝගී ජීවන රටාවක් පවත්වා ගෙන යාමෙන් පිළිකාවන්ගෙන් 1/3 ක් වළක්වා ගන්නට අපිට හැකියාව තියෙනවා. ඒ වගේම පිළිකාවක් වර්ධනය වන මූලික අවධියේදී හඳුනා  ගැනීමෙන් පිළිකාවලින් 1/3 ක්ම සම්පූර්ණයෙන් සුව කරන්නටත් හැකියාව පවතිනවා. මේ පිලිකාව  සඳහා නිශ්චිත ඖෂධ නැතත් බටහිර වෙදකම තුළ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් එය සාර්ථකව සුවකළ හැකි සහ සාර්ථකව පාලනය කළ හැකි ප්‍රතිකාර ක්‍රම පවතිනවා. අපි අද කතා කරන්නේ අතුරු ආබාධ  නැති නොබියව භාවිතා කළ දේශීය වෛද්‍ය  ක්‍රමයේ එවැනි අත් බෙහෙත් කිහිපයක් පිළිබඳව.

  • වැල්මී තම්බා පානය කිරීම ආයුර්වේදය තුළ බහුලවම භාවිතයට ගන්නා ඖෂධයක් වෙන වැල්මී වෛරසවලට එරෙහිව කටයුතු කරනු ලබනවා. ඒ වගේම පිළිකා සෛල වර්ධනය වීම ඉතා සාර්ථකව පාලනය කරන්නටත් වැල්මීවලට විශේෂ හැකියාවක් පවතිනවා. Interferon  නිෂ්පාදනය දිරිමත් කර ශරීරයේ පිළිකාවලට එරෙහිව ස්වභාවික Natural Killer Cell Activity මගින් පිළිකා සෛල විනාශ කරනු ලබනවා. බොහෝ පිළිකා නාශක දේශීය ඖෂධීය ශාකවල මේ හැකියාව දකින්නට ලැබෙනවා. ඒ හැරුණාම Triterpenes K Glcyyrrhizin මගින් පිළිකා ඇති කරන සාධකවලට එරෙහිව ක්‍රියා කරන අතර අක්මාවේ ඇතිවන මාරාන්තික පිළිකා වැළැක්වීමේ හැකියාවත් වැල්මී සතු බව සොයා ගෙන තියෙනවා. මේ සඳහා අපිට වැල්මී කෂාය ලෙස ගැනීම හෝ තම්බා පානය කිරීමට හැකියාව තියෙනවා.
  • බිං කොහොඹපිළිකා මට්ටු කරන ඖෂධීය ශාක අතුරින් බිං කොහොඹ කියන්නේ ඉතාම වටිනා ගුණයන්ගෙන් සමන්විත ඖෂධයක්. මේ බිං කොහොඹවල Andrographolide, Diterpenoid Lacton, Kalmeghina  ආදී රසායනික සංයෝග පිළිකා සෛල විනාශ කරන්නට සමත් බව සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ පියයුරු පිළිකා තත්ත්වයන්, පුරස්ථි ග්‍රන්ථි පිළිකා ආදිය මර්දනයට බිං කොහොඹ ඉතාම සුවිශේෂී ඔසුවක් වන්නේ ඒ නිසාවෙනුයි.
  • කළු දුරු අද එතරම් භාවිතයට නොගත්තත් කළුදුරු පිළිකාවලට එරෙහි ඔසු අතරින් මූලික තැනක් ගනු ලබනවා.මේ කළුදුරු මධ්‍යධරණී ප්‍රදේශවල අරාබිකරයේ ජනතාව ශ්වසන ආබාධ, උදරාබාධ වගේම පිළිකා සඳහාත් මේ ඖෂධය භාවිතා කර තියෙනවා.මීයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණයකින් හෙළි වී ඇති ආකාරයට Cisplatin කියන පිළිකා නාශක ධූලක ඖෂධයෙන් රුධිර සෛලවලට සිදුවන හානිය වැළැක්වීමට කළුදුරුවලට හැකි බව එමගින් අනාවරණය කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අන්ත්‍රවල ඇතිවන පිළිකා, මොළයේ පිළිකා,පියයුරු පිළිකා, ලේ පිළිකා වගේම මුඛ පිළිකා ආදියෙන් ඇතිවන අවදානම් තත්ත්වයන් ද අඩු කරනවා.ඒ වගේම කළුදුරු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් සුවිශේෂී හැකියාවක් ඇති බව සොයා ගෙන තියෙනවා.කලුදුරු පානය කිරීම සඳහා සෝදා පිරිසිදු කරගත් කලුදුරු තම්බා පෙරා පානය කරන්නට පුළුවන්. මෙසේ තම්බා පානය කිරීමේදී එය නිවුණු  පසු  මී පැණි ස්වල්පයක් එකතු කර පානය කරන්නත් ඔබට පුළුවන්.
  • ඒ හැරුණාම  රාත්‍රියේ ජලයේ පෙගෙන්නට දමා ගත් කලුදුරු පසුදා  උදෑසන පෙරා පානය කිරීම ,කලුදුරු ඇට සෝදා වියළා කුඩු වශයෙන් සකස් කරගෙන උදෑසන තේ හැන්දක ප්‍රමාණයක් මී පැණියෙන් අනා ආහාරයට ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෙඩ රෝග බොහොමයකින් වැළකී සිටින්නට උදෑසන හිස්බඩ කලුදුරු  ඇට 7 ක්  පමණ හපා මද උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්නත් පුළුවන්.
  • කටු පිල පහතරට තෙත් හා වියළි කලාපවල බහුලව වැවෙන කටුපිල ශාකයේ හට ගන්නා ගෙඩි කොත්තමල්ලි ඇටයට වඩා තරමක් විශාල සුදු පැහැයෙන් යුක්ත ගෙඩි විශේෂයක්. මෙහි මල් කොළ පැහැයට හුරු කහ පාටක් ගන්නා අතර පත්‍රවල යටි පැත්තේ යන්තම් බූවක් දක්නට ලැබෙනවා. පිළිකා නාශක ගුණ සහිත මේ කටුපිල ශාකයේ පංචාංගයම ඖෂධ  පිණිස භාවිතා කෙරෙනවා.යටි පතුලේ හට ගන්නා පිළිකා සඳහා කටුපිල ගසේ පංචාංගයම කහ ලුණු දමා කොටා මලවා බැඳීමත් ,අක්මාවේ පිළිකා සඳහා කටුපිල කෂාය ගම්මිරිස් කුඩු සමඟ ලබාදීමත් සිදු කරනු ලබනවා.
  • වැලි අනෝදා කටු අනෝදා වැලි අනෝදා ආදී වශයෙන් අපි ආහාරයට ගන්නා අනෝදා වර්ග පිළිකා නැසීමේ විශේෂ හැකියාවෙන් සමන්විතයි. ඉතා ඉහළ පෝෂ්‍ය පදාර්ථ බොහොමයකින් සමන්විත මේවා ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නට හැකියාව තියෙනවා. මේ සඳහා කටු අනෝදා  කොළ තේ පානයක් ලෙස භාවිතා කිරීමෙන් පවා පිළිකා  මර්දනය කරගත හැකියි.

මේ ඖෂධ  හැරුණාම, අමුක්කරා, මුකුණු වැන්න,දෙළුම්, කොබෝලීල, සාරණ, පෙනෙල, කුරුඳු , ජයපාල, බක් මී, එරබදු, ලෝලු, තිප්පිලි, කලුකැම්මේරිය, කලාදුරු , රසකිද , ආදී ඖෂධ වර්ග පිළිකා මට්ටු කරන ඉතා  බලගතු ඔසු ලෙසයි සඳහන් වෙන්නේ.