ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙකුට බලපෑ හැකි ජීර්ණ මාර්ගයේ ගැටලුවක් ලෙස මලබද්ධය හැඳින්විය හැකියි.පහසුවෙන් හා ක්‍රමවත් ලෙස නිතිපතා මලපහ නොවීම මේ ගැටලුවේ ස්වභාවයයි.සතියකට වාර 3 හෝ 4 ක පමණක් මලපහ පිටවීමේ තත්වය එහෙමත් නැතිනම් අක්‍රමවත් ලෙස මලපහ පිටවීම ලෙසයි වෛද්‍ය විද්‍යාත්මකව මේ ගැටලුව පැහැදිලි කරන්නේ.බරපතල මලබද්ධය තත්වයක් ලෙස හඳුන්වන්නේ මලපහ පිටවීම සතිකයට එක් වතාවකටත් අඩුවෙන් සිදුවන අවස්ථාය.
අන්ත්‍ර තුළදී මල ද්‍රව්‍ය වල ඇති ජලය තවදුරටත් අවශෝෂණය කරගැනීම නිසා මල අපද්‍රව්‍ය වඩාත් වියළි හා ඝනකම් ස්වභාවයකට පත්වෙයි. එම නිසා මලපහ කිරීමේදී දැඩි අපහසුවක් ඇතිවේ.පහසුවෙන් මල පිටනොවන නිසා පුද්ගලයාට තැටමීමට සිදුවේ.මෙසේ දැඩි ආයාසයකින් මලපහ කිරීමේදි දැඩි වේදනාවක් ඇතිවේ. බඩ පිපුම, බඩේ කැක්කුම,බඩ දඟලන ගතිය,ඔක්කාරය,මුඛ දුර්ගන්ධය,හිසරදය,අසාමාන්‍ය කුඩා හෝ විශාල මලද්‍රව්‍ය මලබද්ධය හා සම්බන්ධ වෙනත් ගැටලු ලක්ෂණයි. මලබද්ධය දිගින් දිගටම ඇතිවේ නම් (නිදන්ගත වීමෙන්) ක්‍රමවත්ව බැහැර නොවන මල අපද්‍රව්‍ය වල ඇති වස විස ද්‍රව්‍ය රුධිරයට මිශ්‍ර වී මේ අවදානම වැඩිවේ.ඇතැම් විට ගුද ප්‍රදේශයේ සම පිපිරීම හෝ තුවාල වීම් සිදුවිය හැකියි.අර්ශස් ගෙඩි මතුවීම හා වෙනත් බඩවැල් ආශ්‍රිත අපහසුතා මතුවිය හැකිය.නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සංකූලතා මතුවිය හැකිය.ඔබත් මෙම අපහසුතාවෙන් පීඩාවට පත්වෙන කෙනෙක් නම් පහසු අත්බෙහෙත් ක්‍රම ගැන දැනුවත්ව සිටීම ප්‍රයෝජනවත් වේවි.
වියළි ප්ලම්ස් දිනකට වියළි ප්ලම් ගෙඩි 4ක් ආහාරයට ගන්න.ප්ලම් වල සෝර්බිටෝල්නම් විරේචක ගුණ ඇති සංඝටක අඩංගුයි.එමෙන්ම ජීර්ණය පහසු කරවන තන්තු ද බහුලයි.

මිංචි සහ ඉඟුරු අඟලක් පමණ පොතු පොතු ඉවත්කරගත් ඉඟුරු කැබැල්ලක් උණුසුම් වතුර බඳුනකට දමන්න.බඳුන ලිප තබා මිනිත්තු 10ක් පමණ මදගින්නේ තැම්බෙන්නට හරින්න.ලිපෙන් ඉවත් කර මින්ට් හෙවත් මිංචි කොළ 8ක් පමණ ඊට එක්කරන්න. මිනිත්තු 2-3ක් පමණ වසා තබන්න.කෝප්පයකට පෙරා පානය කරන්න.මෙම ඖෂධීය පානය බඩවැල් වල ක්‍රියාකාරීත්වය වේගවත් කරයි.
එඬරු තෙල් උදෑසන අවදි වූ පසු හිස්බඩ එඬරු තෙල් මේස හැඳි 1ක් පමණ ගිලින්න.මෙය වසර 3000කට වඩා පැරණි අත්බෙහෙතක් ලෙසයි සඳහන් වන්නේ.
ව්‍යායාම කරන්න සිරුරට හොඳින් ව්‍යායාම නොලැබීම ද මලබද්ධයට හේතුවක්.සිරුරේ ක්‍රියාශීලී බව අඩුකම නිසා ජීර්ණය වූ පසු ඉතිරි වන අවශේෂ හෙවත් මල ද්‍රව්‍ය පහළට ඒම මන්දගාමී ය.මිනිත්තු 2ක් පමණ දුවන්න. එක තැන වාර 20ක් උඩ පනින්න.මෙවැනි සරල ව්‍යායාම ජීර්ණ පද්ධතිය වෙත ඇති රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරයි.ඝන මල පහ බඩවැල් හරහා ඉදිරියට ගමන් කිරීම පහසු කරවයි.
කලුදුරු තෙල් මැදපෙරදිග රටවල භාවිත වන ඉපැරණි අත්බෙහෙතක් ලෙස මෙය හඳුන්වන්නට හැකියි.කලුදුරු ඇට තෙල් තේ හැඳි 1ක් පානය කිරීම මලබද්ධයට දුරුකරගැනීමට සහය වේ.බැක්ටීරියානාශක ගුණ ඇති නිසා ජීර්ණ මාර්ගයේ වේදනා අපහසුතා අඩුකිරීම (අර්ශස් වේදනා අඩුකරයි) මෙන්ම ආසාදන ද විනාශ කරයි.මරණය හැර වෙනත් ඕනෑම දෙයක් සුව කළ හැකි ප්‍රබල ඖෂධයක් ලෙසයි කලුදුරු පිළිබඳ ග්‍රන්ථ වල සඳහන් කර තිබෙන්නේ.
ක්සයිලිටෝල් (xylitol) ක්සයිලිටෝල් තේ හැඳි 2ක් තේ කෝප්පයක හෝ වතුර වීදුරුවක දිය කර දිනකට 2-3 වරක් පමණ පානය කරන්න.මේවා බර්ච් ශාකයෙන් නිස්සාරණය කරගන්නා ස්වභාවික සීනි මද්‍යසාරයකි.මේවා පැණි රසකාරකයක් ලෙස භාවිත කරයි.බඩවැල් වෙත වතුර ගමන් කිරීමට සලස්සමින් ඝන හා අවහිර වී ඇති මල අපද්‍රව්‍ය ඉවත්වීමට සහය දේ.
ලෙමන් වතුර ලෙමන් ගෙඩියක පොත්ත ග්‍රේට් කර උණුසුම් වතුර කෝප්පයකට මිශ්‍ර කරන්න. ලෙමන් ගෙඩියක යුෂ ද එක්කර කළවම් කරන්න.රසය වැඩිකරගැනීමට මී පැණි තේ හැඳි 1ක් එක්කර පානය කරන්න. ලෙමන් වල ඇති සිට්‍රික් අම්ල මලබද්ධය දුරුකිරීමට අවශ්‍ය විරේචක ගුණය සිරුරට ලබාදෙයි.ජීර්ණ මාර්ගයේ ඇති වස විස නසයි.

වතුර දිනකට වතුර ලීටර් 1.5-2 අතර ප්‍රමාණයක් පානය කරන්න. සිරුර අධිකව විජලනය වීම ද මලබද්ධය ඇතිවීමට හේතුවිය හැකියි.වතුර පානය කිරීම අඩු වන විට බඩවැල් වල මාංශ පේශී වෙත රුධිරය ගමන් කිරීම අඩුවිය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස මල අපද්‍රව්‍ය වඩාත් වියළී යයි.වෙනදා ඔබ වතුර වීදුරු 8ක් පානය කරනවා නම්, තවත් අමතරව වතුර වීදුරු 2-3ක් පානය කරන්න.
සෙනෙහෙ කොළ තේ (senna tea) සෙනෙහෙ කොළ තේ කෝප්ප 2ක් පමණ පානය කරන්න.මෙය වෛද්‍ය විද්‍යාත්මකව පවා අනුමත ස්වභාවික විරේචක ගුණ බහුල, මලබද්ධයට හොඳ පිළියමකි.මේවා ඖෂධ හල් වලින් ලබාගත හැකියි.මේවායේ අඩංගු ග්ලයිකොසයිඩ බඩවැල් වල ඇති ස්නායු උත්තේජනය කරමින් බඩවැල් ක්‍රියාකාරීත්වය වේගවත් කරයි.
කෙසේවෙතත් ඔබ මේ තත්වය දිගින් දිගටම අත්දකින බවක් වැටහෙන්නේ නම්, වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් නුවණට හුරුයි