නිදාගන්න යද්දී මේස් පැලඳීමෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන 5 ක්

health tips

සීතල අධික දවස් වලට ඇතැම් අය මේස් කුට්ටමක් පැලඳගෙන නින්දට යාමට පුරුදු වෙලා ඉන්නවා.සීතලෙන් සම ආරක්ෂා වන නිසා ඉන් කකුල් වලට හොඳ සුවපහසුවක් දැනෙනවා. ඇතැම් අය  කකුල් උණුසුම්ව තියාගන්න අවශ්‍ය නිසා පුරුද්දක් විදියට නින්දට යන්න කළින් මේස් කුට්ටමක් පලඳිනවා.නිදාගන්න යද්දි මේස් පැලඳීමෙන් සිරුරට පහත ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිවෙන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.

කකුල් වල වියළි බව ඇතිවීම පාලනය කරයියටි පතුල් වියළීම, සම රළු වීම හෝ පැළීම බොහෝ අය මුහුණදෙන පීඩාකාරී අත්දැකීමක්.යටි පතුල් වලට අමතරව කකුල් වල දෙපැත්ටේ, ඇඟිලි අතර මැද සම ද වියළී යා හැකියි.මේ නිසා සමේ කැසිල්ල, තදගතිය සහ පීඩාකාරී ස්වභාවයක් මතුවිය හැකියි.කකුල් වල සම ආශ්‍රිතව තෙල් ග්‍රන්ථි පිහිටීම ඉතා අඩුය.එම නිසා සමේ තෙතමනය බොහෝ ඉක්මනින් ඉවත් වී යාමට ඉඩ තිබෙයි.

කකුල් වල වියළි බව පාලනයට අත්බෙහෙත් හා ක්‍රීම් වර්ග භාවිත කළ හැකියි. මේස් පැලඳීමට පෙර යටි පතුල් වලට හොඳ මොයිෂ්චරයිසිං ක්‍රීම් ස්වල්පයක් ගල්වන්න. නින්දට යන විට මේස් පැලඳීමෙන් සමේ තෙතමනය ඉවත්නොවී ආරක්ෂා වීමට හොඳ සහයක් ලැබෙයි. පැළුණු තැන් වල සම ඇඳ ඇතිරිලි වල පැටලීම වළකයි. මින් හානි පතුල් යථා තත්වයට පත්වීම වේගවත් කරගත හැකියි.

ඉක්මන් නින්දකට ඉඩ සලසයි දෙපා සීතල වීමට නොදී උෂ්ණත්වය පාලනය කරන නිසා සිරුරට හොඳ සනීපයක් දැනෙයි.දෙපා උණුසුම් ව පවතින විට ඔබේ මොළයට සිරුරේ උෂ්ණත්වය අඩුකළ යුතු බවට සංඥා ලැබීමට පටන්ගනියි.සිරුරේ උෂ්ණත්වය පහළ යන විට මේ නිදාගැනීමට වෙලාව බව සිරුර වටහාගනියි. මේස් පැලඳීමට කලින් ඔබේ කකුල් යම් වෙලාවක් සම්බාහනය කරන්න.

Raynaud’s වැනි රෝග වළක්වාගත හැකියි මෙය රුධිරය සාමාන්‍ය පරිදි ගමනාගමනය නොවන විට ඇතිවන රෝග තත්වයක්.ආතතිය හෝ අධික සීතල කාලගුණය වැනි සාධක ඊට බලපෑ හැකියි.ඉන් ඇතිවන බලපෑමින් මුළු සිරුර පුරාම හිරිවැටීමක් ඇතිවිය හැකියි. ඇතැම් විට පේශි පෙරළෙන ගතියක් දැනිය හැකියි.අත් වල හා කකුල් වල ඇඟිලි සුදුමැලි හෝ නිල් පැහැයකට හැරිය හැකියි.Raynaud’s disease අවදානම පිරිමි අයට සාපේක්ෂව කාන්තාවන්ට වැඩි බව සඳහන්.ශරීර උෂ්ණත්වය නියාමනය වීම හා දෙපා උණුසුම්ව පවත්වාගැනීමෙන් මෙම අවදානම වළක්වාගත හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි. මේස් පැලඳීම ඊට හොඳ සහයක් ලබාදෙයි.

හැමදාම එකම මේස් කුට්ටමක පලඳින්න එපා. තෙතමනය හා දහඩිය තුළ බැක්ටීරියා වර්ධනය වී මේස් වලින් දුගඳ හැමිය හැකියි. එම නිසා ඒවා පිරිසිදුව භාවිත කරන්න.සම්පීඩන මේස් (compression socks) පලඳින්න එපා.රුධිර සංසරණයට බාධා නොවන ආකාරයේ ලිහිල් මේස් පලඳින්න.තෙතමනය උරාගන්නා රෙද්දකින් මැසූ මේස් වඩාත් සුදුසුයි.කෘතිම රෙදි වලට වඩා කපු වැනි ස්වභාවික අමුද්‍රව්‍යයෙන් සැකසූ ඒවා ‍තෝරාගන්න.නින්දට කලින් දෙපා සෝදා පිරිසිදු කරගන්න.

රුධිර සංසරණය වැඩිදියුණු කරවයි මේස් පැලඳගෙන සිටින විට කකුල් වලට ඇති රුධිර සැපයුම ඉහළ යයි.ඔක්සිජන් බහුල රුධිරය සිරුර පුරා හොඳින් සංසරණය වීම සහතික කරයි. මින් මාංශ පේශි, පෙනහළු හා හෘද ක්‍රියාකාරීත්වයන් හොඳින් සිදුවීමට සහය දෙයි.මේස් වලින් කකුල් වලට ලැබෙන උණුසුම රුධිර නාල ලිහිල් කර රුධිරය ගමන් කිරීම පහසු කරවයි. කකුල් වලට හිර මේස් පැලඳිමෙන් රුධිර ගමනාගමනයට බාධා ඇතිවෙයි. උණුසුම් වතුරේ කකුල් පොඟවාගෙන සිට ,කකුල් වල තෙත මාත්තු කර, හොඳ මොයිෂ්චරයිසර් එකක් ගල්වා මේස් පැලඳීමෙන් හොඳ ප්‍රතිලාභයක් අත්කරගත හැකියි.

තාප ග්‍රහණ (hot flashes) ඇතිවීම වළක්වාගැනීමට සහය වෙයි සිරුරේ උණුසුම හදිසියේම ඉහළ යාම ඔබට පීඩාකාරී අත්දැකීම් මතුකළ හැකියි.මේ තත්වයේදි අධික උණුසුමක් මුළු සිරුර පුරාම පැතිරෙන බවක් දැනෙයි. දහඩිය දැමීම්, හෘද ස්පන්දනය වේගවත්වීම, මුහුණ රත්වීම වැනි ලක්ෂණ මතුවෙයි.තාප ග්‍රහණ වලට බොහෝ විට හේතුවන්නේ සිරුරේ උෂ්ණත්වය නිසි ලෙස පාලනය නොවී පවතින නිසා සිරුරේ හටගන්නා හෝර්මෝන අසමතුලිතතායි.හොඳින් රුධිර සංසරණය සිදුවන විට ශරීර උෂ්ණත්වය පහළ යයි.

උණුසුම් කළ මේස් කුට්ට්මක් පැලඳගෙන නින්දට යාමෙන් තාප ග්‍රහණ තත්වයන්  ඇතිවීම බොහෝ දුරට අවම කරගත හැකියි. මෙම තත්වය ආර්තවහරණයට ලක්වූ කාන්තාවන් බොහෝවිට මුහුණදෙන තත්වයකි. උණුසුම් මේස් පැලඳීම මේ තත්වය පාලනය කරන්නේ කෙසේද කියා ඔබට සිතේවි. රාත්‍රී නින්දේදි මේස් පැලඳගෙන සිටින විට රුධිර සංසරණය වැඩිදියුණු වේ. ඉන් ශරීර උෂ්ණත්වය හොඳින් නියාමනය වී තාප ග්‍රහණ මතුවීමේ අවදානම බොහෝ දුරට අවම කෙරෙයි.