අස්ථි පද්ධතිය නිර්මාණය කිරීම,මාංශ පේශී,හෘදය,පෙනහළු හා මොළය හොඳින් ක්‍රියාත්මක වීම සහතික කිරීම,ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නීරෝගී බව සඳහා දායක වීම,ස්නායු පද්ධතියේ නිසි ක්රියාකාරීත්වයක් ඇතිකිරීම,ළමා සංවර්ධනයට සහය වීම ආදී නොයෙකුත් සෞඛ්‍ය ප්රතිලාභ රැසක් සිරුරට ලබාදෙන වැදගත් පෝෂකයක් ලෙස විටමින් D හැඳින්විය හැකියි.
සිරුරට නිසි පරිදි විටමින් D පෝෂණයක් නොලැබීමෙන් විටමින් D ඌනතා තත්වයක් වර්ධනය වීමට ඉඩ තිබෙයි.ලෝකයේ බිලියන 1කට වඩා වැඩි පිරිසක් සිරුරට අත්‍යවශ්‍ය වන මෙම විටමින් හිඟතාවෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තා මඟින් පෙන්වාදෙනවා.විටමින් D ඌනතාව නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමට හේතු සාධක වීමට පුළුවන්.පහත දැක්වෙන්නේ ඔබේ සිරුරේ විටමින් D ඌන බව පෙන්නුම් කරන අවදානම් සංඥා කිහිපයකි. ඔබත් මෙවැනි ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.
- හිසකෙස් ගැලවීයාම

හිසකෙස් හා නිය වර්ධනයට අවශ්‍ය කෙරටින් ප්‍රෝටීන වල ක්‍රියාකාරීත්වය සඳහා සමේ සෛල වලට විටමින් D පෝෂණය ඉතා වැදගත් වේ. ප්‍රමාණවත් තරම් විටමින් D නොලැබෙන විට විට හිසකෙස් නීරෝගීව වර්ධනය වීමට තරම් ප්‍රමාණවත් මට්ටමින් කෙරටින් නොනිපදවෙයි.මේ නිසා කෙස්කලඹට බලපෑම් ඇතිවීමට පටන්ගනියි.විටමින් D ඌනතාව ගැහැණු පිරිමි දෙපාර්ශවයම තුළ ඇලොපීසියා (හිස මුඩු වීමේ රෝගයකි) හා හිසකෙස් තුනී වීම වැනි ගැටලු වලට තුඬු දිය හැකි බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.
- නින්ද ආශ්රිත ගැටලු

නීරෝගි නිදන රටාවක් ඇතිවීම කෙරෙහි විටමින් පෝෂණය ඉතා වැදගත් කාර්යබාරයක් ඉටුකරයි.විටමින් ඌනතා තත්වයක් සිරුරේ හටගැනීම නින්ද නොමැතිකම (ඉන්සොම්නියා),විටින් විට අවදිවෙන බාධාකාරී නින්ද,නින්දෙන් අවදි වු පසු නැවත නින්ද නොයාම හා පුද්ගලයා නිදන පැය ගණන ඉතා අවම වීම වැනි ගැටලු වලට හේතුවන බව අධ්‍යයන පෙන්වාදෙයි.ඇතැම් පුද්ගලයින් තුළ නිද්‍රා ඇප්නියා වැනි රෝග වර්ධනයට බලපෑ හැකියි.මෙය නින්දේදි හුස්ම ගැනීම අපහසුවීමෙන් නින්දට බාධා ඇතිවන රෝග තත්වයකි. තදබල ලෙස නින්දෙන් ගෙරවීම ප්‍රධාන ලක්ෂණයකි.
- නිතර නිතර අසනීප වීම

රෝග වලින් ආරක්ෂා වීමට ඔබේ සිරුරට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොඳ රැකවරණයක් ලබාදෙන ප්‍රබල පෝෂකයක් ලෙස විටමින් D හඳුන්වයි.සිරුරේ මෙම විටමිනය ඌන වූ විට, වෛරස ආසාදන හා විවිධ ලෙඩ රෝග වලට ඔබේ සිරුර ඉතා පහසුවෙන් ගොදුරුවෙයි.සෙම්ප්‍රතිශ්‍යාව,බ්රොන්කයිටිස් හා නියුමෝනියා වැනි රෝග අවදානම් වඩාත් ඉහළ යා හැකියි. මෙම විටමිනය ශ්වසනය පද්ධතිය හා එහි නීරෝගි පැවැත්ම සඳහා ඉතා වැදගත්ය.
- අස්ථි හා සන්ධි වේදනා

විටමින් D ඌනතාව වයස්ගත වීමේදී රූමටොයිඩ් ආතරයිටිස් රෝගය වර්ධනය වීමේ අවදානම ඉහළ නංවන බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.කැල්සියම් අවශෝෂණය වීමට සහය දෙමින් සිරුරේ අස්ථි ස්කන්ධය පවත්වාගැනීමට කටයුතු කරන්නේ විටමින් D ය.නිදන්ගත මාංශ පේශී වේදනාව හා වෙනත් අස්ථි ආශ්රිත ගැටලු වලින් පෙළෙන පුද්ගලයින් තුළ විටමින් D ඉතා අඩු මට්ටම් වලින් පැවතීමේ නැඹුරුතාව වැඩි බව විද්‍යාත්මක අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.
- නිතරම වෙහෙසකර ගතියක් ඇඟට දැනීම

ආතතිය,කාංසාව,විශාදය වැනි හේතුසාධක බලපෑමින් ද සිරුරේ තෙහෙට්‍ටුකර ගතියක් නිතර දැනෙයි. ඊට අමතරව සිරුරේ විටමින් D ඌනවීමෙන් ද මෙම රෝග ලක්ෂණය සිරුරේ මතුකිරීමට පටන්ගත හැකියි.බොහෝවිට නිතරම වාගේ අධික තෙහෙට්ටුවක් දැනෙයි.මීට හේතුව අස්ථි වල හා මාංශ පේශී වල දුර්වලභාවයයි.එම බලපෑමින් මුළු සිරුරටම මහන්සි ගතියක් නිතර දැනෙයි.විටමින් D බහුල නීරෝගි සෞඛ්‍යසම්පන්න තෝරාගැනීම් හරහා ඔබේ ආහාර පාන රටාව වෙනස්කරගැනීම, වෛද්‍ය නිර්දේශ යටතේ විටමින් D අතිරේක පෝෂක වල සහය ලබාගැනීමෙන් ඔබේ සිරුරේ නැතිවූ ශක්තිය නැවත වර්ධනය කරගැනීමට හැකිවේවි.
- තුවාල සුවවීමට ඉතා දිගු කාලයක් ගත වීම

දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ සිරුරේ ඇති තුවාල සුවවීමට දිගු කලක් ගත වෙයි. නමුත් ඔබ එම රෝග තත්වයෙන් නොපෙළෙනවා වුවත් සමේ ඇතිවන තුවාල සුවවීමට කල් ගත වන බවක් නිරීක්ෂණය වේ නම්, බොහෝ විට ඊට හේතුව ඔබ විටමින් D ඌනතාවෙන් පෙළීම විය හැකියි.නව පටක සෑදීමට අවශ්‍ය වර්ධක සාධක නියාමනය වීම සඳහා මෙම විටමිනය ඉතා වැදගත් බවයි අධ්‍යයන මඟින් පෙන්වාදෙන්නේ.කකුලේ වණ රෝග වලින් පෙළෙන පුද්ගලයින් බොහෝවිට විටමින් D ඌනතාවෙන් පෙළීමේ වැඩි ඉඩකඩක් ඇතිබව තවත් අධ්‍යයනයක සඳහන් වේ.සුළු තුවාල පවා සුවවීමට අසාමාන්‍ය ලෙස ඉතා දිගු කාලයක් ගත වේ නම් ඔබේ සිරුරේ මෙම විටමිනය හිඟවීම ඊට හේතුව විය හැකියි.
සිරුරේ විටමින් D මට්ටම් වැඩිකරගන්නේ කොහොමද?

- ආහාර පාන: බිත්තර කහමද, මේද මාලු (සැමන්,සාඩින්,හුරුල්ලන්),විටමින් D බලගැන්වූ කිරි,යෝගට්, මස්, බිම්මල්,දොඩම් යුෂ වැනි ආහාර වල විටමින් D බහුලයි. ඔබේ එදිනෙදා ආහාර වේලට මේවා එකතුකරගන්න.
- නිසි වෛද්‍ය උපදෙස් යටතේ නිවැරදි මාත්රාවන්ට අනුව අතිරේක පෝෂක (සප්ලිමන්ට්) ලබාගැනීම මඟින් ද සිරුරට අවශ්‍ය විටමින් D පෝෂණය ලබාගත හැකියි.
- හිරු එළියට නිරාවරණය වීමේදී අපේ සමේ විටමින් D නිපදවෙයි. උදෑසන හිරු එළියට නිරාවරණය වීම වඩාත් යෝග්‍යයි. උදෑසන 10-සවස 4ත් අතර හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න. නිවසින් පිටවීමට මිනිත්තු 20කට පෙර හොඳ සන්ක්‍රීම් එකක් සමේ ගල්වන්න.