තක්කාලි භාවිතයෙන් ලස්සන වෙන ක්‍රම 7 ක්

health tips

සම ලස්සනට තබා ගන්නට උනන්දු වෙන අයට මේ ලිපිය බොහොම වැදගත් වේවි. අද අපි කතා කරන්නේ තක්කාලි භාවිතයෙන් කොහොමද අපේ සමේ පැහැය වැඩිකරගෙන ලප කැලැල් නැතිකරගෙන ලස්සන වෙන්නේ කියලා. තක්කාලි කියන්නේ අපි නිතර ආහාරයට ගන්නා එළවලුවක්. ඒත් ආහාරයට ගන්නවා වගේම අපේ සම රැක ගන්නටත් තක්කාලී අපිට භාවිතා කරන්නට පුළුවන්.  සම ගැඹුරින් පිරිසිදු කරන්නට, හිරු රශ්මියට පිළිස්සුණු සම යථා තත්ත්වයට පත් කරන්නට වගේම  ලප කැලැල් මකා දමන්නත් තක්කාලිවලට පුළුවන්. ඒ වගේම වයස්ගත වීම පාලනය කරන්නට උපකාරී වෙන විටමින් C   තක්කාලිවල බහුලවම අඩංගු වෙනවා.

තක්කාලි භාවිතයෙන් සමේ සුදුමැලිවීම වළක්වන අතර සමේ කුරුලෑ වගේම අඳුරු බවත් ඉවත් වෙනවා. ඒ වගේම සමේ රැළි ඉවත්වීමත් වගේම වයසට යාමත් පාලනය කරනු ලබනවා. මුහුණට රුධිර සංසරණය වැඩිවෙලා  සම ශක්තිමත් වෙලා සමේ සිදුරු සහිත ස්වභාවය අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි සම අහිතකර පාරජම්බූල කිරණින් ආරක්ෂා  කරනවා. ඒ වගේම චර්ම පිළිකා ඇතිවීමත් වළක්වනවා.මේ සඳහා තක්කාලීවල අඩංගු වෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් උදව් වෙනවා.ඒ නිසා තක්කාලී ආහාරයට ගැනීමට අමතරව තක්කාලි මුහුණේ ආලේප කිරීමෙන් වාසි බොහොමයක්ම ලබා ගන්නට පුළුවන්.

  • තක්කාලි භාවිතයෙන් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම
  •  පොඩි කරගත් තක්කාලී යුෂ මේස හැදි 2 ක් 
  •  හාලි පිටි මේස හැදි 2 ක් 
  •  මී පැණි මේස හැන්දක් 
  • මේ සියල්ලම හොඳන්ම මිශ්‍රකර ගන්න.මේ මිශ්‍රණය මුහුණේ රෝම ඉවත් කර  ගන්නට අවශ්‍ය ප්‍රදේශය මත ආලේප කර විනාඩි 20 ක් වියළෙන්නට තබා  පසුව සෝදා හරින්න . මෙයින් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්නට පුළුවන් වගේම සම පැහැපත් කර ගන්නත් පුළුවන්. 
  • තක්කාලි භාවිතයෙන් හිරු එළියට අවපැහැ ගැන්වුණු සම යථා තත්ත්වයට පත්කර ගැනීම මේ සඳහා තක්කාලි යුෂ සහ මී පැණි අවශ්‍ය වෙනවා. මේ සියල්ල හොඳින් මිශ්‍රකර අවපැහැ ගැන්වූ ස්ථානවල හොඳින් ආලේප කර මිනිත්තු 20 ක් පමණ තබා සෝදා හරින්න.  තක්කාලිවල සහ මී පැණිවල ප්‍රතිඔක්සිකාරක ගුණ වගේම බැක්ටීරියා නැසීමේ හැකියාවක් ද පවතිනවා. ඒ නිසා හානියට පත්වුණු සම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්නට මේ මිශ්‍රණයට හැකියාව පවතිනවා.
  • තක්කාලි භාවිතයෙන් කුරුලෑ අඩුකර ගැනීම  මුහුණේ සමේ ඇති සිදුරු හරහා මුහුණේ  ඇති තෙල් පිටතට  ශ්‍රාවය වීම නිසා කුරුලෑ ඇති වී ඒ කුරුලෑව වර්ධනය වෙනවා. තක්කාලි යුෂවල අන්තර්ගත වන ආම්ලිකතාවය නිසා තක්කාලි යුෂ කුරුලෑ මත ආලේප  කිරීමෙන් සමේ සිදුරු සිරවීමක් ඇති කර තෙල් ශ්‍රාවය වීම  වලක්වා  කුරුලෑ සුවකර දෙනවා. ඒ සඳහා තක්කාලි ගෙඩියක් ගෙන දෙකට කපා තක්කාලි  යුෂ ආසාදිත ස්ථානයේ ආලේප වන පරිදි  තක්කාලි කැබැල්ල මුහුණේ අතුල්ලන්න. මෙසේ තත්පර කිහිපයක්  තක්කාලි කැබැල්ල මුහුණේ  අතුල්ලා මද උණුසුම් ජලයෙන් ඒ ස්ථානය සෝදා පිරිසිදු කර ගන්න.
  • තක්කාලි භාවිතයෙන් ලප කැලැල් ඉවත් කර ගැනීම හොඳින් සෝදා පිරිසිදු කරගත් මුහුණේ කුරුලෑ ලප කැලැල් ඇති ස්ථානවල  තක්කාලි යුෂ ආලේප  කර විනාඩි  15 ත් 20 අතර  කාලයක් තබා ගන්න. මෙයින් කුරුලෑ මගින් ඇතිවී ඇති ලප කැලැල්  සාර්ථකව ඉවත් කර ගන්නට පුළුවන්. ඒ වගේම මුහුණේ රැඳී ඇති කුණු දූවිලි, බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ආදියත් ඉවත් කර ගන්නට මේ සත්කාරය ඉතාම සුදුසුයි.
  • සමේ රැළි වැටීම අඩු කිරීම හා වයසට යාම පාලනය  කුඩා භාජනයක් ගෙන එයට තක්කාලි යුෂ මේස හැන්දක් සමඟ ලෙමන් යුෂ බින්දු  කිහිපයක් එක්කර  හොඳින් මිශ්‍ර  කරන්න. කපු පුළුන් කැබැල්ලක්  ගෙන  මේ මිශ්‍රණයේ පොගවා සමේ ආසාදන ඇතිවී ඇති ස්ථානවල  ආලේප කරන්න.  විනාඩි 5 කින් පමණ පසු මඳ උණුසුම් ජලයෙන්  සෝදා ගන්න.සමේ රැලි වැටීම පාලනය සඳහා තක්කාලිවල ඇති ලයිකොපීන් ඉතා වැදගත් වෙනවා. මෙයින් සම තුළට ඔක්සිජන් උරා ගැනීමත් වේගවත් කරනවා.එය සම ඉක්මනින් වයසට යාම වළක්වා සමේ රැළි වැටීම වළක්වා ගන්නට උපකාරී වෙනවා.
  • තක්කාලි ගෙඩියක යුෂ සහ ඉදුණු අලුගැට පේර ගෙඩියක් ගෙන බ්ලෙන්ඩර් කරගෙන  සම මත ආලේප කර විනාඩි 20-30 ක් අතර කාලයක් තබන්න . ඉන්පසුව නිවුණු ජලයෙන් සෝදා  හරින්න. මෙය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්.
  • මේ හැරුණාම තක්කාලි යුෂවලින් සකස් කරගත් අයිස් කැට මගින් සමේ පැහැපත් බව වැඩිකර ගැනීම, සම රැලි වැටීම පාලනය ආදී බොහෝ ප්‍රතිලාභ ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා දිනපතාම රාත්‍රී නින්දට යාමට පෙර ශීත කළ තක්කාලි කැටයක් මුහුණේ අතුල්ලන්න.
  • සැලකිය යුතුයි. මෙහිදී වස විසෙන් තොර තක්කාලි  ගන්නට උත්සාහ කිරීම අතිශයින්ම වැදගත්.