මයික්‍රෝවේව් උඳුනේ නැවත රත් නොකල යුතු ආහාර වර්ග 7 ක්

health tips

1946 දී පර්සි ස්පෙන්සර් විසින් අහම්බයෙන් වගේ සොයාගත් මයික්‍රෝවේව් උඳුන වර්තමානය වනවිට මුළුතැන්ගෙයි පවතින ප්‍රධානතම උපාංගයක් බවට පත්වෙලා.ආහාර පිසීමට වගේම රත්කරගැනීමේ කාර්යය සඳහාත් මෙම උඳුන භාවිතා කරනු ලබයි. ඒ නිසාම මයික්‍රෝවේව් උඳුනකට දමා නැවත වරක් රත් කිරීම සිදු නොකලයුතු ආකාරයේ ආහාර වර්ග ගැනත් ඔබ දැනුවත් වී සිටීම වැදගත්. 

  1. තැම්බූ බිත්තර

තැම්බූ බිත්තරයක් මයික්‍රෝවේව් උඳුනක යලි රත් කිරීමේදී එහි ඇති ජල අණු පීඩනයක් නිර්මාණය කරමින් වාෂ්ප නිපදවීම සිදුකරයි. බිත්තර වල ඇත්තේ ඉතා තුනී සිවියක් සහා ක‍ටුවකි. ඒ නිසා බොහෝ වේලාවක් පීඩනයක් දරාසිටීමට නොහැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස උඳුන තුලදීම හෝ පිඟාන මතදී හෝ කන අතරතුරදී බිත්තරය උණු වී පුපුරා යාම සිදුවිය හැකියි.

  1. කැරට්

මයික්‍රෝවේව් උඳුනක කැරට් පිස ගැනීමට වගේම රත්කරගැනීමටත් ඔබට හැකියි. නමුත්, අමු පොත්ත සහිත කැරට් ඒ ආකාරයෙන් රත්කරගැනීම අනතුරුදායකයි. නිසි ලෙස සෝදා පස් ඉවත් කරගෙන නැති කැරට් උඳුනට දැමූ විට ඒවායේ ඉතිරිව ඇති පස් කොටස් වල ඇති ඛනිජ කොටස් උඳුන තුලදී ගිණිපුපුරු විහිදුවීමට ඉඩතිබේ.ඔබේ නොසැලකිල්ලෙන් මෙය දිගින් දිගටම සිදුකලහොත් විද්‍යුත් චාපනයක් ඇතිවී උඳුනට දැඩි හානි ඇති වීමට ඉඩ ඇත.

  1. සකස් කල මස් 

සකස් කල මස් නිෂ්පාදන සෞඛ්‍යයට එතරම්ම හිතකර ආහාරයක් නොවන්නේ එහි අධික ලෙස ලුණු,රසකාරක,රසායනික ද්‍රව්‍ය සහා කල්තබාගැනීමේ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්කොට තිබෙන නිසයි. මයික්‍රෝවේව් උඳුනට දැමූ ඇසුරුම් කල මස් සහා කෑන් වල දමා ඇති මස් නිෂ්පාදන වල කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යාම සිදුවේ. අධික මේදය කියන්නේ හදවත් රෝග ඇතිවීමට බලපාම මූලික හේතුවක්. ඒ නිසා මයික්‍රෝවේව් උඳුනේ මස් රත්කරගැනීම සෞඛ්‍යාරක්ෂිත වන්නේ නැහැ. ‘හැම්, සොසේජස් ’ වැනි මස් නිෂ්පාදන ආරක්ෂාකාරී ලෙස රත්කරගැනීමට  ග්‍රිල් එකක් හෝ ලිපක් භාවිතා කරන්න.

  1. ජලය

මයික්‍රෝවේව් උඳුනේ ජලය රත්කරගැනීම ගැටලුවක් වෙන්නේ කොහොමද කියා ඔබට සිතෙනවා ඇති. අධ්‍යයනයකින් හෙලි වී ඇත්තේ පිලිස්සුම් තුවාල ඇති වූ සිද්ධි වලින් බහුලව වාර්තා වූ ඒවා මයික්‍රෝවේව් උඳුනේ තබා රත්කරගත් ජලය නිසා ඇති වූ සිද්ධි බවයි. විශේෂයෙන්ම ඒවා බහුලව සිදුව ඇත්තේ කුඩා දරුවන්ටයි. මයික්‍රෝවේව් උඳුනේ ඇති විද්‍යුත්චුම්භක තරංග හේතුවෙන් එය අධික ලෙස තාපවත්වීම සිදුවේ. අධික තාපයේදී ජල අණු අස්ථාවර වී තාපවත්වීම තවදුරටත් තීව්‍ර වීම සිදුවෙනවා. ඒ හේතුව නිසා එහි පිපිරීම් වුවත් සිදුවිය හැකියි.

  1. මිරිස්

ඉතාමත් සැර ගතියකින් යුක්ත මිරිස් වර්ග වල ‘කැප්සයිසින්’ ඉහළ මට්ටමකින් අන්තර්ගත වේ. ඒ නිසාම දහනය වීම සිදුවිය හැකිය. මයික්‍රෝවේව් උඳුන තුල ඇති විද්‍යුත්චුම්භක තරංග වලට නිරාවරණය වීමේදී, මිරිස් වලින් දුම මතු වී ක්‍රමයෙන් ගිණි ගැනීම සිදුවිය හැකියි. උඳුනෙන් මෙසේ පිටවන ගින්න සහා දුම නිසා ඔබේ සමේ දැවිල්ල සහා පිලිස්සුම් ස්වභාවයක් දැනෙනු ඇත.

  1. කුකුල් මස්

කුකුල් මස් යනු ‘සැල්මොනෙල්ලා’ නම් ක්ෂුද්‍රජීවීන් සඳහා සීග්‍ර ලෙස පැතිරීමට හොඳම මාධ්‍යයකි (විශේෂයෙන්ම හොඳින් පිස නොගත් විට). මයික්‍රෝවේව් උඳුනේ අමු මස් කැබැල්ලක් පිසගන්නාවිට පිටතින් සහා ඇතුලතින්ද සමානව හොඳින් පිසගැනීමට ඇති හැකියාව අවමයි. ඒ හේතුවෙන් මස් කැබැල්ල පහසුවෙන් බැක්ටිරීයා ක්‍රියාකාරිත්වයට ගොදුරු වීමට ඉඩ ඇත. කුකුල් මස් පමණක් නොව අනෙකුත් අමු මස් වලටද මෙය අදාල වේ. ඒ නිසා මස් පිසින විට සෘජු ගින්දරේ ,පෑන් එකක් මත , ග්‍රිල් එකක හෝ උඳුනක දමා හොඳින් පිසගන්න.

  1. තක්කාලි සහා තක්කාලි සෝස්

තක්කාලිත් මයික්‍රෝවේව් උඳුන තුල අධික වේලාවක් තැබූ විට තැම්බූ බිත්තර වලට සිදුවන ආකාරයෙන්ම පුපුරායාමට ඉඩ තිබෙනවා.නැවුම් තක්කාලි වල සහා පැස්ටා සෝස් වල ඇති දියර ස්වභාවය නිසා අධික පීඩනයේදී ඉන් බුබුලු මතුවීම සහා තක්කාලි සාරය වෑස්සීමට පටන්ගනියි. මේ නිසා උඳුනේ තැනින් තැන රතු පැල්ලම් ලෙසින් තක්කාලි විසිරී යාම සිදුවෙයි.