වකුගඩු ආශ්‍රිත රෝග කියන්නේ අද අපි හැමෝම දන්නා එක්තරා විදියේ භයානක රෝගයක්. අපි පානය කරන්නට ගන්නා ජලයේ කෘමිනාශක වල් නාශක ආදී රසායන ද්‍රව්‍යවල අඩංගු වන බැර ලෝහ අපේ ශරීරයට ඇතුළු වෙලා ශරීරයේ තැන්පත්වීම නිසා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. ඒ හැරුණාම අපි ගන්නා විවිධ ඖෂධවල බලපෑම , ඇතැම් ලෙඩ රෝග, වැරදි ආහාර පුරුදු හා මත්ද්‍රව්‍ය භාවිතය ආදී හේතු රාශියකම ප්‍රතිඵලයක් විදියට මේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වීම හෝ වකුගඩු අකර්මණ්‍ය වීම සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට වකුගඩු ඉවත් කිරීමට සිදු වෙනවා.ඉතින් මේ තත්ත්වයන් නිසා ඇතිවන වකුගඩු ආශ්‍රිත රෝග බොහොමයකට ගොදුරු නොවී සිටින්නට ස්වාභාවිකව ක්‍රමවේද ඕනෑ තරම් පවතිනවා. නමුත් අද බොහෝදෙනෙක් ඒ පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා මේ වකුගඩු රෝගීන් දවසින් දවස ඉහළ යමින් සිටිනවා.ඒ නිසාම අද ඔබට අපි කියන්නට සූදානම් වෙන්නේ වකුගඩු රෝගවලින් ආරක්ෂා වෙන්නට හැකි වකුගඩු ස්වාභාවිකව පිරිසිදු කරගන්නට හැකි අපූරු සාර්ථකම ක්‍රම පිළිබඳවයි.
අපේ ශරීරයේ ඉතා වැදගත් කාර්‍යයන් රාශියක් සිදු කරන වකුගඩු කොඳු නාරටිය දෙපස ඉල ඇටවලට පහළින් පිහිටා තියෙන බෝංචි බීජ හැඩයේ කුඩා අවයව දෙකක් . එය ශරීරයේ නිෂ්පාදනය වන අපද්‍රව්‍ය ඉවත් කරන අතර අයන ප්‍රමාණය සමබර කරන්නට වගේම ඇතැම් හෝර්මෝන වර්ග නිපදවන්නටත් උදව් වෙනවා. වෙනත් රෝග කිසිවක් ඇති අයෙකුට සමබල ආහාරවේලකින් වගේම ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීමෙන් වකුගඩුවල සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කර ගන්නට පුළුවන්. ඒ වගේම විවිධ ඔසු පැල , විවිධ ස්වාභාවික ආහාර වර්ග මගින් පවා අපේ වකුගඩු නීරෝගීව තබා ගන්නට අපිට පුළුවන්.
ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම

අපේ සිරුරේ නීරෝගී පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව ඔබ දන්නවා.සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ ශරීරයේ ජලය 60% ක් පමණ අන්තර්ගත වෙනවා.මොළයේ සිට අක්මාව දක්වා වු ශරීරයේ ඇති සෑම අවයවයකටම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යන්නට ජලය අත්‍යවශ්‍ය වෙනවා. ශරීරයේ ඇති පෙරනය විදියට වකුගඩුවලට මුත්‍රා නිෂ්පාදනයට ජලය අත්‍යවශ්‍ය වෙනවා. මුත්‍ර කියන්නේ අපේ ශරීරයේ ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන ප්‍රාථමික අපද්‍රව්‍යයක්. පුද්ගලයෙක් ජලය පානය කරන ප්‍රමාණය අඩු වෙනවිට මුත්‍ර නිපදවීමේ ප්‍රමාණයත් අඩු වෙනවා. මේ ආකාරයට මුත්‍ර අඩුවෙන් පිටවීම වකුගඩුවල ක්‍රියාකාරිත්වය අක්‍රමවත් කරන්නට හේතුවක්. ප්‍රමාණවත් තරම් ජලය ශරීරයට ලැබීම නිසා වකුගඩුවකට ඉතා හොඳින් ශරීරයේ ඇති විෂ ඉවත් කරන්නට හැකියාව ලැබෙනවා.එය වකුගඩු ඉතා හොඳින් පිරිසිදු කරන්නට හේතු වෙනවා.
පිරිමි පුද්ගලයන් දිනකට ජලය ලීටර් 3.7 ක් ද කාන්තා පාර්ශවය දිනකට ජලය ලීටර් 2.7ක් ද පානය කළ යුතු බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.
වකුගඩුවලට හිතකර ආහාර මිදි,රට කජු සහ ඇතැම් බෙරි වර්ගවල ශරීරයට හිතකර රෙස්ට්‍රීරෝල් කියන ශාකමය සංඝටකය අඩංගු වෙනවා. එය වකුගඩු සඳහා ඉතා සුදුසු ආහාර ලෙසටයි සලකන්නේ. දවසකට අත පිරෙන තරමට මිදි සවස් කාලයේදී ගන්නට හැකි නම් එය ඉතා සුදුසුයි.
ග්රෑන්බෙරි මුත්‍රාශය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක තබා ගන්නට මේ ගරේන්බෙරි උදව් වන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.
පලතුරු බීම ලෙමන්, දොඩම් සහ මෙලන්වල සිට්‍රික් අම්ලය හෝ සිට්‍රේට් අඩංගු වෙනවා. මේ සිට්‍රේට් මුත්‍රාවල ඇති කැල්සියම් සමඟ බැදිලා මුත්‍රාශ ගල් ඇතිවීම වළක්වනු ලබනවා.
- මුහුදු පැලෑටි
- කැල්සියම් බහුල ආහාර
මුත්‍රාවල බහුල වශයෙන් ඔක්සලේට් ඇතිවිට වකුගඩුවල ගල් ඇතිවෙනවා. නමුත් මේ කැල්සියම්වලට මේ ඔක්සලේට් බැඳ තබාගෙන ඔක්සලේට් අවශෝෂණය අඩු කරන්නට වගේම එමගින් බහිශ්‍රාවිය පහසු කරන්නටත් හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් දවසකට කැල්සියම් ග්‍රෑම් 1.2 ක ප්‍රමාණයක් ගත යුතු බටයි වෛද්‍යවරුන් නිර්දේශ කර තියෙන්නේ. සෝයා, ආමන්ඩ් කිරි, හාල් මැස්සන් වගේ කැල්සියම් බහුල ආහාර ගැනීමෙන් ශරීරයේ කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්.
වකුගඩු පිරිසිදු කරන පාන වර්ග

හයිඩ්රන්ජියා මේ මල් පැලෑටිය ලංකාවේ බොහො ප්‍රදේශවල වැවෙන ලැවෙන්ඩා, රෝස, සුදු සහ නිල් පැහැ මල් දකින්නට ප්‍රතිඔක්සිකාරක බහුල පැලෑටියක්. මෑතකාලීනව සිදුකරන ලද පර්යේෂණයකින් සොයාගෙන තියෙන විදියට මේ මල්වල යුශ දින 3 ක් ලබා ගැනීමෙන් වකුගඩුවලට සිදුව ඇති හානිය අඩු කරන්නට හැකි බව.
නැවුම් ලෙමන්, ඉඟුරු සහ බීට් රූට් අවුන්ස 8 බැගින් දමා සාදා ගත් පානයන් වකුගඩු පිරිසිදු කර ගැනීමට ඉතා වැදගත්. මෙය උදෑසන පානය කිරීම වඩා ප්‍රතිඵලදායි වෙනවා.
- විටමින් B 6
- ඔමේගා 3 S මේද අම්ලය
අප ගන්නා ආහාරවල බහුලව ඔමේගා 6 මේද අම්ලය අන්තර්ගත වෙනවා. නමුත් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම වකුගඩුවල ගල් ඇතිවිය හැකි බවට සොයා ගෙන තියෙනවා.ඔමේගා 3 S වලින් ස්වාභාවිකවම ඔමේගා 6 වල පරිවෘත්තීය ක්‍රියා අඩු කරනවා. මේ මේද අම්ල දෙක 1: 1 අනුපාතයෙන් ගැනීම තමයි වඩා සුදුසු .
නිවිති, වට්ටක්කා ඇට, කුකුළු මස්,ටෝෆු, මාළු ආදී සත්ත්ව ප්‍රෝටීන අඩංගු ආහාර ආදියත් වකුගඩු පිරිසිදු කරන අතර වකුගඩුවල නීරෝගීභාවයට ඒවා ඉතාම වැදගත් වෙනවා.