විටමිනයක් කියන්නේ අපේ සිරුර තුළ ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවන් වලදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන අණුවකි (molecule). ඒවා විවිධ එන්සයිම වර්ග 15ක් සමඟ ක්‍රියාකරයි.සාමාන්‍යයෙන් විටමින් අපේ සිරුර තුළ නිපදවෙන්නේ නැහැ.එම නිසා සිරුරට අවශ්‍ය විටමින් පෝෂණය ලබාගැනීමට සිදුවන්නේ ආහාර පාන හා අතිරේක පෝෂක වශයෙනුයි.
ප්‍රධාන වශයෙන් විටමින් වර්ග 2 කි:ජල ද්‍රාව්‍ය හා මේද ද්‍රාව්‍ය.ජල ද්‍රාව්‍ය විටමින් සිරුර තුළ තැන්පත් නොවේ. ඒවා මූත්‍රා සමඟ බැහැර වේ.එමනිසා ඒවා දිනපතා සිරුරට ලබාගැනීමට සිදුවේ.විටමින් C හා B විටමින් වර්ග මීට උදාහරණයි. මේද ද්‍රාව්‍ය විටමින් එතරම් ඉක්මනින් සිරුරෙන් බැහැර වන්නේ නැහැ.මේවායේ අතිරික්තය අක්මාවේ හෝ සිරුරේ මේද පටක තුළ පසු භාවිතයට ගැනීම සඳහා ගබඩා වේ.විටමින් A,D,E හා K මීට උදාහරණයි. අද අපි කතා කරන්නේ විටමින් C හා එම විටමිනය ඌන වීමෙන් සිරුරේ ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් පිළිබඳවයි.
විටමින් C යනු අපගේ අස්ථි වල නීරෝගිබව සහ සමේ නම්‍යතාව ආරක්ෂා වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂකයකි. දිනකට ලබාගත යුතු යැයි නිර්දේෂිත විටමින් C පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය දැක්වෙන්නේ මිලිග්‍රෑම් 80 ක් ලෙසයි.
විටමින් C ඌනතාවේ ප්‍රධාන රෝග ලක්ෂණ

- පුද්ගලයෙකුගේ සිරුරේ විටමින් C ඌනතාවක් ඇති බව ඔහුගේ/ඇයගේ දත් වල ස්වභාවය නිරීක්ෂණය කිරීමෙන් පහසුවෙන්ම හඳුනාගත හැකිය. පළමුව, විදුරුමස් වලින් ලේ ගැලීමට පටන්ගැනීම සිදුවිය හැකි අතර, ක්‍රමක්‍රමයෙන් දත් වැටීමට පටන්ගත හැකිය.
- ඊට අමතරව සිරුරට අධික මහන්සියක් දැනීම
- කොලැජන් විනාශ වී යාමෙන් සම, සන්ධි, බන්ධනි, කණ්ඩරා ආශ්රිත ගැටලු මතුවීම
- ප්‍රතිශක්තිය දුර්වල වී සිරුර නිතර නිතර ලෙඩ රෝග ආසාදන වලට ගොදුරුවීම
- දත් වල මැලියම් බැඳීම වැඩිවීම වැනි ගැටලු තත්වයන් සිරුරේ මතුකළ හැකියි.
- අපේ සිරුරට විටමින් C කිසිසේත්ම නොලැබීම මරණය පවා ඇතිවීමට හේතුවක් විය හැකි බව වෛද්‍ය මතයයි.ශීතාද රෝගය හෙවත් scurvy රෝගය යනු බරපතල විටමින් C ඌනතා තත්වයකි.
විටමින් C ඌනතාව ඇතිවීමෙන් සිරුරේ මතුවිය හැකි වෙනත් ගැටලු අවදානම් මොනවාද?
- හයිපොකොන්ඩ්‍රියා තත්වය- සැබෑවටම එසේනොවුවද අවටින් අසන්නට ලැබෙන සෑම ලෙඩ රෝගයක්ම තමාට ඇති බව නිතර සිතෙන කාංසා ගතිය
- විශාදය (මානසික අවපීඩනය)
- පෙරිෆොලිකියුලර් හයිපර්කෙරටෝසිස් තත්වය- රෝම කූපය වටා සම අධික ලෙස රළුවී,රතුවී හා කොරල ලෙස පෑදෙන සමේ තුවාල තත්වයකි.
- දඟර ගැසුණු රෝම කූප අධිකව වර්ධනය වීම.මේ තත්වය දුරුකරගැනීමට සිරුරට හොඳින් විටමින් C ලබාගැනීම වැදගත් වේ.
- නිරක්තිය (ඇනිමියාව හෙවත් ලේ අඩුකම)- මෙම රෝගයට යකඩ,විටමින් B12 වැනි පෝෂක ඌනතා පමණක් නොව සිරුරේ විටමින් C අඩුකම ද සෘණාත්මකව බලපායි.
- අධික ලෙස හිසකෙස් වියළීම
- නහර ප්‍රදාහයට ලක්වීම (වේදනාකාරී ලෙස ඉදිමීම) මකුළු නහර හෙවත් කුඩා නහර පොකුරු වශයෙන් ඉලිප්පීම
- හුස්ම හිරවෙන ගතිය
- ඇඩ්රිනලින් හෝර්මෝන නිෂ්පාදනයට බලපෑම් ඇතිවීම
විටමින් C බහුල ආහාර පාන මොනවාද ?

දොඩම්,දෙහි,නාරං,ලෙමන් වැනි පැඟිරි පලතුරු,බෙල්පෙපර්,ස්ට්‍රෝබෙරි ඇතුළු බෙරි වර්ග,තක්කාලි,වියළි මිදි,ගෝවා,නිවිති,සැල්දිරි, පලා වර්ග ,අර්තාපල් ඇපල්, ඇතුළු නොයෙකුත් කොළ හා කහ එළවළු පලතුරු වල විටමින් C බහුලයි.
විටමින් C සප්ලිමන්ට් වර්ග ලෙස ද ලබාගත හැකියි. කෙසේවෙතත් ඒවා ගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබගැනීම වඩාත් සුදුසුයි.