මූත්‍රාශයේ පිළිකාවක් හැදීගෙන එන විට මුත්‍රා වල සිදුවෙන වෙනස්කම් 8 ක්

health tips

සිරුරේ මූත්‍රා එකතුවීම සිදුවන්නේ යටි බඩ ආසන්නයේ පිහිටා ඇති බැලුමකට සමාන අවයවයක් වන මූත්‍රාශයේයි. වයසට යන විට මූත්‍රාශයේ ද විවිධ වෙනස්කම් ඇතිවිය හැකියි.මූත්‍රාශයේ පටක් දැඩි වී ඇදෙනසුලු බව අඩුවී යයි.මූත්‍රාශයේ බිත්ති නම්‍යශීලි බවින් අඩුවීම නිසා තරුණ කාලයේදි මෙන් බොහෝ කාලයක් මූත්‍රා තද කරගෙන සිටීමේ හැකියාව නොලැබී යයි.මීට අමතරව ඔබේ මූත්‍රාශයේ නීරෝගි ක්‍රියාකාරීත්වය ඇණහිටීමට ඉඩ තිබෙයි. මූත්‍රාශ පිළිකා අවදානම බොහෝ දුරට ඇතිවන්නේ වයස අවුරුදු 50-55 ඉක්මවුවන් අතර වුවත් මේ වන විටත් ඔබේ මූත්‍රාශයේ ක්‍රියාකාරීත්වය නීරෝගී මට්ටමක නොතිබෙනවා වෙන්න පුළුවන්. මූත්‍රාශයේ එවැනි ගැටලු ඇතැම් සංඥා මඟින් ද පෙන්නුම් කරයි. පහත දැක්වෙන්නේ එවැනි සංඥා කිහිපයකි. මේවා කිසිසේත්ම නොසලකා හැරීම සුදුසු නොවේ.ඔබත් මෙවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත්වන්න.

මූත්‍රා වල අධික ගඳ මූත්‍රා කරන සෑම අවස්ථාවකම මූත්‍රා වලින් අධික ගඳක් වහනය වේ නම්, මෙය ඔබේ මූත්‍රාශයේ යම් ගැටලුවක් පවතින බව පෙන්නුම් කරන සංඥාවකි.මූත්‍රා වල වැඩි පුර ඇත්තේ ජලයයි. මීට අමතරව ජීර්ණය වූ ආහාර වලින් සිරුරට උරානොගැනුණු අපද්‍රව්‍ය කොටස් ද වේ.නමුත් මූත්‍රා වල වැඩිපුර ඇත්තේ ජලයට වඩා අපද්‍රව්‍ය නම් මූත්‍රා වල ඇමෝනියා මෙන් ප්‍රබල ගන්ධයක් වහනය වීමට පටන්ගත හැකියි.ඇමෝනියා යනු නයිට්‍රජන් හා හයිඩ්‍රජන් මිශ්‍ර වී සෑදෙන සංඝටකයකි.මෙය අවර්ණ වායුවක් ලෙස පවතින අතර තදබල ගඳක් වහනය වෙයි.ආමාශයික ආන්ත්‍රික මාර්ගයේ හා මූත්‍රාශය අතර ඇතිවන ගැටලුකාරී තත්වයන් නිසා ද ඇතැම් අවස්ථා වල මූත්‍රා වලින් ගඳක් වහනය වෙයි. ඊට අමතරව මූත්‍රාශය හා මූත්‍රා මාර්ගය බැක්ටීරියා ආසාදන වලට ලක්වීමෙන් ද මෙවැනි ලක්ෂණ මතුකළ හැකියි.

මූත්‍රා වල පාට වෙනස්වීම මූත්‍රාශය රෝගී වීමෙන් මූත්‍රා වල පැහැය ද බොහෝ විට වෙනස්වීමට පටන්ගනියි.මූත්‍රා වඩාත් තද පැහැයක් ගත හැකියි.හොඳින් ජලය පානය කරන කෙනෙකුගේ මූත්‍රා ලා පැහැතිය. තද කහ පැහැති මූත්‍රා පිටවන්නේ බොහෝ විට සිරුර විජලනය වූ විටයි.හොඳින් ජලය පානය කරන විට සිරුරේ වස විස අපද්‍රව්‍ය හොඳින් බැහැර වී යයි. කෙසේවෙතත් ජලය පානය කිරීම අඩුනම් සිරුරේ එවැනි  අපද්‍රව්‍ය එකතුවීම්ට පටන්ගෙන, මූත්‍රා සාන්ද්‍රවීමට (තද පැහැති මූත්‍රා පිටවීමට) පටන්ගනියි.

මූත්‍රා කරන විට වේදනාව හෝ දැවිල්ල ඇතිවීම මෙය නොසලකා හැරීමට සුදුසු ලක්ෂණයක් නම් නොවෙයි.මූත්‍රා කරන විට ඇතිවන දැවිල්ල ඇතැම් විට මූත්‍රා මාර්ග ආසාදනයේ ලක්ෂණයක් වීමට පුළුවන්.මූත්‍රා මාර්ගයේ පවතින මූත්‍රාවාහිනි, මූත්‍රාශය, වකුගඩු වැනි අවයව බැක්ටීරියා ආසාදනයට ලක්වී ප්‍රදාහය වීම නිසා මූත්‍රා පිටකරන විට මෙවැනි පීඩාකාරි ලක්ෂණ ඇතිවිය හැකියි.පිරිමින්ට වඩා කාන්තාවන් මූත්‍රා ආසාදන වලට ලක්වීමේ අවදානම වැඩි බව අධ්‍යයන පෙන්වාදේ.

මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව නිසා විටින් විට නින්දෙන් අවදි වීම මූත්‍රා බර නිසා රෑ මැද විටින් විට නින්දෙන් අවදිවීම ඔබේ මූත්‍රාශයේ යම් ගැටලුවක් පවතින බවට සංඥා කරනවා විය හැකියි. මෙය nocturia නම් තත්වයයි.මෙහි බරපතල තත්වයක සිටින පුද්ගලයෙකු බොහෝ විට රාත්‍රියේදි වාර 6ක් පමණ නින්දෙන් අවදිවීමට ඉඩ තිබෙයි.දිගින් දිගටම මේ තත්වය පවතියි නම් ඇතැම් විට එය රාත්‍රියේ බියර් වැනි මත්පැන් හෝ වතුර පානය කළ නිසාම නොව, මූත්‍රාශයේ ගැටිති වර්ධනය වීමක් හෝ කාන්තාවන්ගේ මූත්‍රාශයේ ආරක්ශක පටක දුර්වල වී එල්ලාවැටීම (bladder prolapse) වැනි ගැටලුවක් නිසා විය හැකියි.

අපැහැදිලි හෝ රුධිරය සහිත මූත්‍රා පිටවීම මූත්‍රා වල අමුතු අපැහැදිලි ස්වභාවයක් (cloudiness) දැකිය හැකි නම් ඊට හේතුව සිරුරේ මතුව ඇති සියුම් විජලන තත්වය විය හැකියි.හොඳින් ජලය පානය කිරීමෙන් මේ තත්වය ඉබේ පහව යයි.නමුත් මෙය දිගින් දිගටම පවතියි නම්,එය බරපතලයි. මූත්‍රාශයෙන් ගලන රුධිරය හෝ සැරව එකතුවීමෙන් මූත්‍රා අපැහැදිලි විය හැකියි.මූත්‍රා වල රතු පැහැයක් දක්නට ලැබේ නම් එය බොහෝ විට hematuria තත්වයයි.මූත්‍රා මාර්ගයේ ආසාදන වැනි ගැටලු නිසා මෙවැනි තත්වයන් මතුවෙයි. මූත්‍රා සමඟ රුධිරය පිටවුව ද වේදනාවක් නොදැනෙන නිසා බොහෝ විට එය නොසලකා හැරීමට ලක්විය හැකියි.කෙසේවෙතත් වේදනා සහිතව හෝ රහිතව මූත්‍රා සමඟ රුධිරය පිටවීම සාමාන්‍ය තත්වයක් නම් නොවෙයි.එම නිසා එවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

උණ දුර්ලභ ලක්ෂණයක් වුවත් මූත්‍රාශයේ ගැටලු ඇතිවූ විට පුද්ගලයා තුළ උණ ලක්ෂණ මතුවිය හැකියි.මෙය බොහෝ විට සියුම් ,තදබල නොවන උණ තත්වයක් විය හැකියි.මූත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවූ විටක ද උණ මතුකළ හැකියි.ආසාදනය වකුගඩු වල සිට රුධිර ප්‍රවාහයට මිශ්‍ර වීමෙන් මේ ලක්ෂණ මතුවීමට පටන්ගනියි. වෙවුලීම, ඔක්කාරය හා වමනය වැනි ලක්ෂණ ද පෙන්නුම් කළ හැකියි.

බඩේ සහ කොන්දේ වේදනාව මූත්‍රාශයේ ගැටලු මතුවීමෙන් බඩේ හා කොඳු ප්‍රදේශයේ වේදනා මතුවීමට පටන්ගත හැකියි.මූත්‍රාශයේ ආසාදන ඇතිවීමෙන් යටිබඩ ආශ්‍රිත වේදනාව-කැක්කුම් මතුකරයි. මෙම පීඩාකාරී ලක්ෂණ නිසා එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු වලට පවා බාධා මතුවෙයි. මූත්‍රාශය පිරුණු විට මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව දැනෙයි.මූත්‍රාශය රෝගී වී ඇත්නම් එහි ක්‍රියාකාරීත්වය දුර්වල මට්ටමක පවතියි.එම නිසා මූත්‍රාශය පිරුණු අවස්ථා වල පෙර සඳහන් කළ කැක්කුම් පීඩා තවත් නරක අතට හැරීමට පටන්ගනියි.එම කැක්කුම් ශ්‍රෝණි ප්‍රදේශය හා තුනටිය ආශ්‍රිතව ද පැතිරෙයි. මූත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව දැනෙන විට බඩේ හා කොන්දේ වේදනාව මතුවේ නම් එය නොසලකා හැරිය යුතු ලක්ෂණයක් නොවේ.

වෙනදාට වඩා මූත්‍රා පිටකිරීමට අවශ්‍යවීම මූත්‍රා බර ඉවසගෙන සිටීම මූත්‍රාශයට හොඳ නැති බව ඔබත් අසා ඇති.බොහො අය  දිනකට 6-8වතාවක් පමණ මූත්‍රා පිටකරයි.නිතර නිතර මූත්‍රා පිටවීම දියවැඩියාවේ ලක්ෂණයක් ලෙසත් ගැබිණි සමයේදී කාන්තාවන් අත්දකින තත්වයක් ලෙසත් හඳුන්වයි.ඇතැම් විට පුරස්ථි ග්‍රන්ථි ගැටලු නිසා ද මෙවැනි තත්වයක් මතුවිය හැකියි.පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමෙන් එය මූත්‍රාවාහිනියට එරෙහිව තෙරපී පවතියි. මින් මූත්‍රාශය දෙසට මූත්‍රා ගමන් කිරීම වළකියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස අපහසුතාවට පත් මූත්‍රාශයෙන් එහි එතෙක් එකතු වී ඇති මූත්‍රා පිටකිරීමට පටන්ගනියි.මේ නිසා වෙනදාට වඩා වැසිකිළි යන වාර ගණන වැඩිවෙයි.