මානසික රෝග අතර වර්තමානයේ වැඩි දෙනෙකුට පවතින රෝග තත්ත්වයක් ලෙස විශාදය හඳුනාගත හැකිය. එනම් 21වන සියවසය තුළ වසංගතය. නමින් විශාදය හඳුන්වා තිබේ. ඊට හේතුව එම කාලවකවානුව තුල එවැනි රෝගීන් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන තිබීමයි. බොහෝ විට අප අතර වුවද විශාදය ඇතිවීම හේතුවෙන් රහසින්ම පීඩා විඳින්නන් බොහෝය. එම නිසා තමා පිළිබඳව මෙන්ම අනෙකාගේ වෙනස් වන හැසිරීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
එනම් ඊට හේතුව ශරීරයේ ඇතිවන රෝග වලට මෙන්ම මනසෙහි අභ්‍යන්තරව ඇතිවන මෙම රෝග වලටද ප්‍රතිකාර අතවශ්‍ය වීමයි. එනම් මනසෙහි නීරෝගී භාවය ශරීරයේ නීරෝගී භාවයටද ද වැඩි බලපෑමක් ඇති කරනු ලැබේ. මේ නිසා කය ,මනස යන දෙයංශයම නීරෝගීව පවත්වා ගැනීම මිනිසාට බෙහෙවින් වැදගත්වේ.
බොහෝ දෙනෙකුට විශාදය ඇතත් එය විශාදය ද යන්න තහවුරු කර ගැනීමට අපහසුවේ. එම නිසාම රෝගය උත්සන්න වූ විට බොහෝ දෙනෙකු ප්‍රතිකාර ගැනීමට පැමිණේ. එවිට ප්‍රතිකාර කිරීමට යම්තාක් දුරකට අපහසුවේ. මේ නිසා වෛද්‍ය වරුන් විශාදය ඇතිවූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පෙන්වා දී තිබේ. එම රෝග ලක්ෂණ පිළිබඳව අවබෝධයෙන් සිටීමෙන් විශාදය ඇතිවී ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු විය හැකිය.
විශාදයේ රෝග ලක්ෂණ

වෙහෙස මහන්සිය ඇතිවීම.විශාදය ඇති වූ විටක පළමුව ශරීර තෙහෙට්ටුව අලසබව මහන්සිය ඇතිවනු ලැබේ. එනම් එදිනෙදා නිරත වන කාර්යයන් වල නිරත නොවුන විටක දී වුවද ඇතිවන මහන්සිය, හා උදෑසන අවදි වීමෙන් පසුව කිසිදු ක්‍රියාවක නිරතවීමට ඇති නොහැකියාව හා කිසිදු ප්‍රබෝධමත් ගතියක් නොමැති වීම විශාදයේ සුවිශේෂී රෝග ලක්ෂණවේ.
අසතුටින් කල් ගත කිරීම.විශාදයෙන් පෙළෙන බොහෝ රෝගීන් හේතුවක් නොමැතිව අසතුටින් කාලය ගත කිරීමට පෙළඹේ. එනම් බොහෝ විට මොවුන් විනෝදාංශයක නිරත වුවද එයින් කිසිදු තෘප්තිමත් භාවයක් ලබා නොගනී. එමෙන්ම තමන් අවට සිටින සමීපතමයින් ආශ්‍රය කිරීමෙන් ද මොවුන් වැළකී සිටියි. එනම් මොවුන් නිතර අලස බවින් කටයුතු කරනු ලැබේ.
ජීවත් වීමට අවශ්‍ය නොමැති බව සිතීම. බොහෝවිට විශාදය ඇති වූ පුද්ගලයින් රහසිගතවම මිය යාමට හේතු වන්නේ මෙම සිතිවිල්ලයි. එනම් තමන් නොවටිනා පුද්ගලයකු ලෙසත් තමන්ගෙන් අන් අයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව සිතීමත් තමා තමාව නොසලකා හැරීමේ සිතුවිලි සිතට නැගීමත් බොහෝ විශාදය පවතින රෝගීන් සියදිවි නසා ගැනීමට මූලිකව බලපානු ලැබේ. මෙවැනි සිතුවිලි ඇති වන යම් පුද්ගලයෙක් වේනම් ඔහු වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු කළ යුතුය.
නින්ද නොයෑම ,සහ එක දිගට නිදා ගැනීම.පුද්ගලයෙකුගේ කායික මෙන්ම මානසික නිරෝගී භාවය නින්ද මගින් තීරණය කළ හැකිය. එනම් බොහෝ විට නින්ද නොයෑම මෙන්ම එක දිගට නිදා ගැනීම කුමන හෝ රෝගයක රෝග ලක්ෂණයකි. එනම් මෙය බොහෝ විට මානසික රෝගයක පූර්ව රෝග ලක්ෂණයක්වේ. විශාදය ඇතිවූ විට නින්ද නොයෑම මෙන්ම පැය අටක් පමණ එකදිගට හොඳින් නිදා ගෙන ඊට අමතරව තවත් කාලයක් එකදිගට නිදා ගැනීමට සිතීම විශාදයේ රෝග ලක්ෂණයකි.
අවධානය සහ මතකය දුර්වල වීම. බොහෝ දෙනකුට වයස්ගත වීමත් සමග අවධානය, මතකය මනස තුළින් ගිලිහී යාම සිදුවේ. නමුත් වයස්ගත නොවූ පුද්ගලයින්ට අවධානය,මතකය ගිලිහී යන්නේ නම් එය ගැටලුකාරී තත්වයකි. එනම් පෙර දිනයන් වලට වඩා අමතක වීම සහ අවධානය ගිලිහෙන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් පුද්ගලයකුගේ නම හෝ එම පුද්ගලයාට හිමි දුරකථන අංකය මෙන්ම මතකයෙහි රඳවා ගැනීමට උත්සාහ කරන යම් දෙයක් සුළු කාලයකදී අමතක වන්නේ නම් එය විශාදයේ රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැකිය.
කළ කිරීමෙන් පසු වීම.විශාදය පවතින රෝගීන්ට හේතුවක් නොමැතිව නිතර තරහ, දුක, කළකිරීම ඇති වනු ලැබේ. එනම් නිතර ම පවතින්නේ තමා වටා සෘණාත්මක සිතුවිලිය. මේ නිසා නිතර කලකිරීම ,තරහ ,දුක ඇති වනු ලැබේ.

ආහාර ගැනීම සම්බන්ධයෙන් ගැටලු ඇති වීම.විශාදය නැමති රෝග තත්ත්වය ඇති වූ විටක යම් පුද්ගලයෙකු ආහාර වැඩි වශයෙන් ගැනීම සිදුකරයි. එමෙන්ම විශාදය ඇතිවූ තවත් පුද්ගලයෙකු ආහාර නොගෙන සිටීම සිදුකරයි. එනම් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් මෙම ලක්ෂණ දෙකම විශාදයේ රෝග ලක්ෂණ ලෙස වෛද්‍ය වරු පවසා තිබේ.
කායිකව රෝගී වීම.මානසිකව මෙසේ රෝගී වූ විට එය කායික රෝගී භාවයටද හේතුවනු ලැබේ. එනම් නිතර සන්ධි හා කොන්ද ආශ්‍රිතව වේදනාවන්ට හට ගැනීම, හිසරදය, ආහාර ජීර්ණය ක්‍රමවත් ව සිදු නොවීම ආදී රෝග ලක්ෂණ දැකගත හැකිය.
බොහෝ විට මෙම රෝග ලක්ෂණ වෙනත් රෝගයක රෝග ලක්ෂණ වුවද විය හැකිය. නමුත් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ වලින් කීපයක් ම පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වේ.
විශාදය නමැති රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ප්‍රථමව මනසට ප්‍රතිකාර ලබා ගත යුතුය. එනම් මනෝ විද්‍යාව උපදේශකයෙකු මුණගැසී මෙම රෝග ලක්ෂණ පැවසීම ප්‍රකාශ කිරීම තුළින් ඔහු හෝ ඇය එම රෝගයට සුදුසු ප්‍රතිකාර සිදු කරනු ඇත. එනම් මනෝ වෛද්‍ය උපදෙස්, චිකිත්සක ක්‍රම ,තෙරපි, සත්ව තෙරපි, විද්‍යුත් හෝ චුම්බක උද්දීපනය ,කණ්ඩායම් තෙරපි ආදී වශයෙන් නොයෙකුත් ප්‍රතිකාරයන් සිදුකරනු ලබයි. එනම් ඉන් විශාදය හොඳින් පාලනය කරගත හැකිය.
නමුත් තමාට විශාදය ඇති බව පිළිගෙන වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්නේ සුළු පිරිසකි. මේ නිසා අප අවට සිටින සෑම පුද්ගලයකුගේම හැසිරීම් වල යම් වෙනස්කමක් දැකගත හැකි නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් වෙත යොමු කිරීම මගින් විශාදය නිසා පීඩා විඳින රෝගීන් මෙන්ම විශාදය නිසා ඇතිවන සියදිවි නසා ගැනීම් බොහෝ දුරට වලක්වාගත හැකිය.