දියවැඩියාව යනු නිදන්ගත රෝගී තත්වයක්. මේ තත්වය වර්ධනය වීම ඇස් පෙනීම දුර්වල වීම, අවයව අකර්මන්‍යතා ඇතිවීම, චර්ම ගැටලු,ස්නායු දුර්වල වීම වැනි සිරුරේ වෙනත් සංකූලතාවන් මතුවීමට තුඬු දිය හැකියි.දියවැඩියාව පළමු කාණඩයේ දියවැඩියාව සහ දෙවන කාණ්ඩයේ දියවැඩියාව ලෙස වර්ග දෙකකි. තිබිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා සිරුරේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ ගොස් තිබීම සාමාන්‍යයෙන් දියවැඩියා තත්වය ලෙස හඳුන්වයි.
දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්වය ලොව බහුලව හඳුනාගැනෙන දියවැඩියා ප්‍රභේදයයි.ආහාර වල ඇති ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය කිරීමට සෛල වලට උපකාර කරන්නේ ඔබේ අග්න්‍යාශය මඟින් නිපදවන ‘ඉන්සියුලින්’ නම් හෝර්මෝනයි.එසේ වුවත් දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයේදී එම රෝගියාගේ සිරුරේ ඉන්සියුලින් නිපද වුණත් ඔහුගේ/ඇයගේ සිරුරේ සෛල වලට ඒවා ක්‍රමවත්ව භාවිත කිරීමේ හැකියාවක් නොපවතියි.
දෙවන කාණ්ඩයේ දියවැඩියා තත්වයේදි පුද්ගලයාගේ රුධිර සීනි මට්ටම් ඉතා අධික මට්ටමකට වැඩිවන නිසා මෙය ඉතා භයානක තත්වයක් ලෙසත් ඇතැම් අධ්‍යයන වලදී පෙන්වාදී තිබෙනවා.මෙම රෝගයේ පූර්ව සංඥා හඳුනාගැනීම මඟින් වඩාත් බරපතල සංකූලතා දක්වා එය දරුණු වීමේ අවදානම අවම කරගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.
ඉතින් අපි බලමු දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයේ අවදානම් පෙන්නුම් කරන පූර්ව සංඥා හා රෝග ලක්ෂණ මොනවාද කියලා!

නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම රුධිරයේ ග්ලූකෝස් අධික නිසා එම අතිරික්තය සිරුරෙන් බැහැර කරවාගැනීමට සිරුරට අවශ්‍ය වේ. එම නිසා මූත්‍රා හරහා එම අතිරික්ත ග්ලූකෝස් සිරුරෙන් ඉවත් වී යයි. අධික සීනි ඔබේ වකුගඩු ක්‍රියාකාරීත්වයට දැඩි පීඩාවක් ඇතිකළ හැකියි.සිරුරෙන් ඒවා ඉවත්කර දැමීමට ඒවාට අධි ක්‍රියාකාරී වීමට සිදුවෙයි.බරපතල තත්වයකදී නම් පැයකදී වාර කිහිපයක්ම මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව පුද්ගලයෙකුට ඇතිවිය හැකියි.වෙනදාට වඩා මෑතක සිට නිතර නිතර මූත්‍රා කිරීමේ අවශ්‍යතාවක් මතුවී ඇතැම් ඔබට සිතේ නම් මේ ගැන වඩාත් සැලකිලිමත්වන්න.මූත්‍රා හරහා අධික ලෙස ග්ලූකොස් ඉවත් වී යන නිසා සිරුරේ බර ද අඩුවෙයි.ග්ලූකෝස් නැතිවීමෙන් සිරුරේ කැලරි ප්‍රමාණය ද අඩුවෙයි. මූත්‍රා වල සීනි සුවඳක් වහනය විය හැකියි.මෙය දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයේ බරපතල අවධියේ රෝග සංඥාවකි.
අධික පිපාසයක් දැනීම මූත්‍රා පිටවීම වැඩිවීමත් සමඟ සිරුරේ ජලය ප්‍රමාණය ද වැඩි ප්‍රමාණයකින් ඉවත්ව යයි.මේ නිසා ඔබට දැඩි පිපාසයක් දැනීමට පටන්ගනියි.සිරුර විජලනය වීම වළක්වාගැනීමට හොඳින් ජලය පානය කිරීම වැදගත්.දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගීන් තුළ තොල කට වියළී යාමේ ලක්ෂණය වඩාත් බහුල බව පෙන්වාදේ. පිපාසය දැනීමට මෙය ද බලපාන බව සඳහන් වේ.රුධිර සීනි මට්ටම් වල අස්ථාවර බව නිසා දිගින් දිගටම මේ තත්වය ඇතිවෙන්නට පුළුවන්.
සැමවිටම බඩගිනි දැනීම ආහාර බිඳීගොස් සෑදෙන ග්ලූකෝස් සිරුරට අවශ්‍ය ශක්තිය සපයාදෙන ප්‍රධාන ඉන්ධනය ලෙස ක්‍රියාකරයි.කෙසේවෙතත් දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගීන් තුළ මෙම ක්‍රියාකාරීත්වය සාර්ථකව සිදුනොවේ.රුධිරයේ සිට සෛල වෙත ප්‍රමාණවත් තරම් ග්ලූකෝස් නොලැබෙන නිසා සිරුරට ක්‍රියාකාරී වීමට අවශ්‍ය තරම් ශක්තිය ඊට නොලැබෙයි.එම නිසා ග්ලූකෝස් සපයාගැනීමට නම් සිරුරට ආහාර අවශ්‍ය බව මොළයට සංඥා නිකුත්වීමට පටන්ගනියි. ආහාර ගත්ත ද බොහෝවිට බඩගිනි ගතිය නොසන්සිඳෙයි.නිතර නිතර බඩගිනි ඇතිවීම දෙවන කාණ්ඩයේ දියවැඩියාවේ ප්‍රධාන සංඥාවකි.
විඩාබර බවක් දැනීම නිතර මහන්සියක් දැනීමට නිතර බඩගිනි ඇතිවීමේ බලපෑමද හේතුවේ.ඊට හේතුව සිරුරට ප්‍රමාණවත් ලෙස ශක්තිය හෙවත් ග්ලූකෝස් නොලැබීමයි.කිසිඳු වැඩක නොයෙදුණත් ඔබට නිතර තෙහෙට්‍ටුවක් දැනෙයි නම්, එය දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයේ ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.

පෙනීම බොඳවීම රුධිරයේ සීනි මට්ටම් අධික වීම නිසා ඇස් වල කුඩා රුධිර නාළ වලට හානිවීමට පවා ඉඩ තිබෙයි.මෙය ඇස් වල පෙනීම බොඳවීයාමට පවා බලපෑ හැකියි.මෑතක සිට ඔබට අවට දේවල් පෙනෙන්නේ බොඳ වී නම්, බොහෝ විට ඊට හේතුව ඔබේ ඇස් වල කේශ නාළිකා වලට හානිවී තිබීම විය හැකියි.ඇසේ පටල ඉතා සියුම් නිසා ඒවාට පහසුවෙන් හානිවිය හැකියි.ඇස් බොඳ වී පෙනීමේ තත්වයට වහාම ප්‍රතිකාර නොගතහොත් එය වඩාත් නරක අතට හැරෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි.කලක් ගත වන විට ඔබේ ඇස් ස්ථීර ලෙසම බොඳ වී පෙනීමට පටන්ගත හැකියි. සති 6ක් වැනි කාලයක් පුරා රුධිර සීනි මට්ටම් නිසි ලෙස පාලනය කරගැනීමට සමත් වුවහොත් මෙම අක්ෂි ගැටලුව යථා තත්වයට පත්වීමේ හැකියාව ඉතා වැඩි බවත් අධ්‍යයන පෙන්වාදෙනවා.
කැපුම් හා තුවාල සුවවීමට කල්ගත වීම තුවාල සුවවීමට ඉතා දිගු කලක් ගත වීම සාමාන්‍ය තත්වයක් නොවේ. මෙය බොහෝ විට දෙවන කාණ්ඩයේ දියවැඩියාවේ ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.රුධිර සීනි මට්ටම ඉහළ අගයක් ගන්නා විට, ඔබේ ස්නායු වලට හා රුධිර නාළ වලට දැඩිව හානිවීමට පුළුවන්.එම නිසා තුවාල සුවවීමට අවශ්‍ය කරන රුධිරය කැටිගැසීයාම අඩුවීම සහ තුවාලය ඇති ස්ථානය සුවවීමට අවශ්‍ය පෝෂක රැගත් රුධීරය නිසි ලෙස සංසරණය නොවීම වැනි ගැටලු මතුවේ.තුවාල සුවවීම මන්දගාමී වන්නේ මෙම හේතු නිසයිඔ.කුඩා තුවාල පවා සුවවීමට මාස ගණන් ගත විය හැකියි.මෙය අවදානම්ය. විවෘත තුවාල ආසාදනය වීමට ඉඩ ඇති නිසා ඒවා වණ වීමට පවා ඉඩ තිබෙනවා. කකුල් වල මේ තත්වය ඇතිවීම ඉතා භයානකයි.
අත් පා වල අපහසුතා මතුවීම රුධිර සීනි මට්ටම වැඩි නිසා සිරුර පුරාවට සිදුවන රුධිර සංසරණයට බාධා වීමට පුළුවන්.එමෙන්ම ස්නායු වලට ද බලපෑම් මතුවීමට ඉඩ තිබෙයි.ක්‍රම ක්‍රමයෙන් මෙය අත් පා වල හිරිවැටීම් හා වේදනා මතුකළ හැකියි.මෙය ‘නියුරෝපති’ (neuropathy) තත්වයයි.කලක් ගත වෙද්දී මෙය වඩාත් නරක අතට හැරිය හැකියි.වහාම ප්‍රතිකාර නොගතහොත් වඩාත් බරපතල සංකූලතා පවා වර්ධනය වීමට ඉඩ තිබෙයි. පූර්ව දියවැඩියා අවදානම ඇති අය තුළත් මේ ලක්ෂණ මතුකළ හැකියි. අත් පා හිරිවැටීම නිසා තුවාලයක් සිදුවුවත් පුද්ගලයාට එය නොදැනිය හැකියි. එවැනි තුවාල ආසාදනය වීමෙන් වඩාත් බරපතල ගැටලු ඇතිවීමට ඉඩ තිබිය හැකියි. ඇතැම් විට පාදයෙන් කොටසක් ඉවත් කිරීමට පවා ඉඩ තිබිය හැකියි.
සමේ තැනින් තැන අඳුරු පැල්ලම් (dark patches) මතුවීම බෙල්ල,කිහිලි ඇතුළු සිරුරේ තැනින් තැන අඳුරු පැල්ලම් මතුවී ඇත්නම් ,බොහෝ විට එය දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.බොහෝ විට ඉකිලි වල පවා තද කලු පැහැති පැල්ලම් දැකිය හැකියි. මෙම පැල්ලම් අතට ඉතා මෘදුය. සමේ කැසිල්ල සහ යීස්ට් ආසාදන
රුධිරයේ සීනි අධිකකම යීස්ට් වලට හිතකර පරිසරයක් නිර්මාණය කරයි.මෙහි ප්‍රතිඵලය ලෙස යීස්ට් ආසාදන සිරුරේ මතුවිය හැකියි.සිරුරේ උණුසුම් හා තෙත් ස්ථාන වල බොහෝවිට මේවා ඇතිවේ.කට,කිහිලි සහ ලිංගික අවයව ආශ්‍රිතව බොහෝවිට යීස්ට් ආසාදන මතුවේ.රුධිරයේ අධික ග්ලූකෝස් මට්ටමක් තිබීම මූත්‍රා මාර්ගයේ ආසාදන පවා ඇතිකළ හැකියි.ඊට හේතුව සීනි අධික රුධිරය තුළ බැක්ටීරියා ඉතා වේගයෙන් ගහණය වීමයි.
*ඔබත් කලක පටන් මෙවැනි ලක්ෂණ අත්දකිනවා නම්, වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට සැලකිලිමත්වන්න.