ඇස් පෙනීම වැඩි කරන ආහාර 9 ක්

health tips

අද කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා පවතින බොහොම සුලබ ආබාධයක් තමා ඇස් පෙනීමේ දුර්වලතාවය. වයස් භේදයක් නැතිව ඇතිවන අක්ෂි ආබාධ වළක්වා ගන්න කළයුතු වැදගත් දේවල් අතරින් එකක් තමා නිවැරදි ආහාර රටාව. අපි ගන්න ආහාර පාන අපේ මුළු ශරීරයටම බලපානවා. ඉතිං ශරීරයේ වැදගත් ම ඉන්ද්‍රියක් වන ඇස් දෙක රැක ගන්න අපි වැදගත් ස්ථානයක් ලබා දෙන්න ඕන.
ඉතිං සෞඛ්‍ය සම්පන්න ඇස් වලට අපි ලබා ගන්න ආහාර වල අඩංගු විටමින් වර්ග රැසක්ම වැදගත් වෙනවා. විශේෂයෙන් විටමින් A වලින් පොහොසත් ආහාර වැඩි පුර ලබා ගැනීමෙන් ඇස්වල සෞඛ්‍යය දිගු කාලීනව රැක ගන්න අපිට පුළුවන්. 

ඉතිං මේ ඇස්වල විවිධ ආසාදන, පෙනීමේ දුර්වලතා ඇතුළු විවිධ අක්ෂි ආබාධ  මගහරවා ගන්න විටමින් A, C, D බහුල ආහාර අමතක නොකර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න. 

නිවිති යකඩ සපිරි නිවිති අපේ කෑමට අත්‍යවශ්‍ය ආහාරයක් බව කියනවා නම් එහි වැරැද්දක් නෑ. ඉතිං ඒ නිසා නිවිති කියන්නේ දිනපතා ඔබේ ආහාර වේලට එකතු කර ගන්න තරම් වටිනා ඖෂධිය ගුණයක් සහිත පලා වර්ගයක්. නිවිති කෝප්පයක් මගින් දිනකට අවශ්‍ය වන විටමින් A, C, K, මැන්ගනීස්, යකඩ, කැල්සියම් ශරීරයට සපයා ගන්නට පුළුවන්. 

බිත්තර බිත්තර කියන්නේ ශරීරයට බොහෝ පෝෂ්‍ය ගුණ ලබා දෙන ආහාරයක්. බිත්තර වල අඩංගු ලූයිටීන් සහ විටමින් A ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ඇස් පෙනීමට ඉවහල් වනවා. ඒ වගේම  ඇස් වියළි වීමට ඇති අවස්ථාව අඩු කරනවා.  අක්ෂි සෞඛ්‍යය හා ක්‍රියාකාරිත්වය වර්ධනය කරන්නත් බිත්තර උදව් වෙනවා. 

කිරි කිරි වීදුරුවක් මගින් විටමින් A, D වගේම  ප්‍රෝටීන්, කැල්සියම්, මැග්නීසියම් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගන්න අපිට පුළුවන්. යොදය රහිත කිරි පරිභෝජනය ඇස් පෙනීමට ඉවහල් වන විටමින් A අවශ්‍යතාව නොඅඩුව සපුරා ගන්න පුළුවන්.

පලතුරු හා බෙරි වර්ග මිදි, දොඩම්, ලෙමන්, බෙරි විටමින් C වලින් පොහොසත් පලතුරු අතර ඉහලින්ම ඉන්නවා. මේ පළතුරු වර්ග ආහාර වේලට එකතු කර ගන්නවා නම් ඔබේ ඇස් ඔබට ස්තුති කරාවි.

ඔමේගා 3 අඩංගු ආහාර ඔමේගා 3 අඩංගු වන ආහාර වර්ග මඟින් අක්ෂි ගැටළු රාශියක් මඟහරවා ගන්න පුළුවන් වගේම ඇස් පෙනීම වර්ධනය කර ගන්නත් පුළුවන්. මාළු, ධාන්‍ය වර්ග, සව්, ඕට්ස් වැනි ආහාර වර්ග ඔමේගා 3 වලින් පොහොසත් ආහාර. මේ ආහාර නිතරම ඔබේ ආහාර වලට එකතු කරගන්න.

කැරට් ඇස් පෙනීම වර්ධනය කරන ආහාර අතර ඇති වැදගත් ම ආහාරයක් තමා කැරට්.  කැරට් ආහාරයට ගැනීම මගින් අක්‍ෂි සෞඛ්‍යය සැබවින්ම වර්ධනය කර ගන්න පුළුවන්. කැරට් වල අඩංගු විටමින් A, K, B, තන්තු, මැග්නීසියම් ශරීරයට වගේම ඇස් පෙනීම වර්ධනයටත් බොහෝ උදව් උපකාර ලබා දෙනවා.

බතල බතල කියන්නේ විටමින් A බහුල තවත් ආහාරයක්. බතල සතු වැදගත් පෝෂණ ගුණය නිසාම සාමාන්‍ය ප්‍රමාණයක බතල අලයක් මගින් ඉතා ඉහල කැලරි ලබා ගන්න පුළුවන්. 

තක්කාලි විටමින් සහ ඛනිජ වලින් පොහොසත් තක්කාලි පළතුරක් සහ එළවළුවක් යන දෙයාකාරයටම අපිට අපේ ආහාර වේලට එකතු කර ගන්න පුළුවන්.