හෘදය යනු මිනිස් සිරුරේ ඇති වැදගත්ම ඉන්ද්‍රියකි. සෛල වලට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය පරිවහනය කිරීම සහා අනවශ්‍ය දේ සෛල වලින් බැහැරට ගෙන යාම සිදුකරමින් සිරුර පුරා රුධිරය සංසරණය කිරීමේ ක්‍රියාවලියේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මිනිස් හෘදයයි. කෙසේවුවත් හෘද සෞඛ්‍ය පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වන්නේ කීයෙන් කී දෙනාද?
නොසලකා හැරීම සුදුසු නොවන හෘද ගැටලු හා සම්බන්ධ රෝග ලක්ෂණ කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නට සූදානම. පහත සඳහන් ලක්ෂණ දිගින් දිගටම අත්දකින්නට ලැබේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍යය තත්වය පරික්ෂා කරගැනීමට සැලකිලිමත්වන්න. බොහෝ විට ඒවායින් පෙන්නුම් කරන්නේ ඔබ යම් හෘද රෝගයකින් පෙළෙනබව විය හැකියි.
පපුවේ වේදනාව හෘද රෝග වල සුලභම ලක්ෂණයකි.ධමනි අවහිර වීමෙන් හෘදයට ප්‍රමාණවත්ව රුධිරය නොලැබීමෙන් ඇතිවන තත්වය කිරීටක හෘද රෝගයයි (coronary heart disease).එය පපුවේ පීඩනය වැඩිගතියක් දනවන මිරිකන තරම් වේදනාවක් ලෙස මතුකරයි. මෙම රෝග ලක්ෂණය හඳුන්වන්නේ ඇන්ජයිනා (angina) ලෙසයි. වෙනත් අවයව වලට මෙන්ම හෘදයට ද ඔක්සිජන් සහ රුධිරය අවශ්‍යයයි.ධමනි අවහිර වී ඇතිවිට මෙම ඇන්ජයිනා තත්වය හටගනියි.ධමනි අවහිර වන්නේ මේද සහ කොලෙස්ටරෝල් අධිකව ඒවායේ තැන්පත්වීමෙනි.
විවේකීව සිටින විට කිසිඳු අසාමාන්‍ය පීඩාවක් නොදැනුණත් ක්‍රීඩා කිරීමේදී හෝ ජිම් එකේ ව්‍යායාම කිරීමේදී ඔබේ පපුවේ අධික පීඩනයක් ඇතිවන බවක් දැනිය හැකියි (stable angina).මෙය කෙටි වෙලාවක් පැවතී විවේක ගත් පසු නැතිවී යයි.මෙය හෘදයාබාධ තත්වයක් නොවුණත් එහි පූර්ව ලක්ෂණයක් වීමට ඉඩ තිබෙයි.විවේකීව සිටින විට පවා පපුවේ වේදනාවක් පීඩනයක් ඇතිවීම ඇන්ජයිනා තත්වයේ තවත් ප්‍රභේදයකි(unstable angina).මෙය දිගු වෙලාවක් පැවතිය හැකි අතර යලි යලි මතුවිය හැකියි.මෙය ද හෘදයාබාධයක් නොවුණත් එවැනි ආසන්න අවදානමක පූර්ව ලක්ෂණයක් ලෙස සැලකිය හැකියි.
පපුවේ වේදනාව ඇතිවුවත් ධමනි අවහිර නොවී ඇති තත්වය තවත් ඇන්ජයිනා ප්‍රභේදයකි(microvascular angina).කුඩා කිරීටක ධමනි නිසි ලෙස ක්‍රියානොකිරීමෙන් හෘදයට ලැබෙන රුධිර සැපයුම අඩාල වීමේදී මෙය මතුවෙයි.මිනිත්තු 10කට වඩා පමණ පපුවේ වේදනාව පැවතිය හැකි අතර මෙය කාන්තාවන් අතර වඩාත් බහුලව හඳුනාගත හැකියි (විශේෂයෙන් ආර්තවහරණයට ලක්වූවන් අතර).
යම් හේතුවක් නිසා ධමනි තද වීමෙන් හෘදයට ලැබෙන රුධිර ප්‍රවාහයට බාධා ඇතිවීම අනෙක් ඇන්ජයිනා ප්‍රභේදයයි(Prinzmetal’s angina).මෙම පපුවේ වේදනාව බොහෝ විට උත්සන්න වන්නේ රාත්‍රී කාලයේදීය.මෙය ඉතා පීඩාකාරීය. කෙසේවෙතත් මෙය ඉතා දුර්ලභය .මෙවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

හෘද රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙයි.පපුවේ වේදනාව වඩාත් බහුල ලක්ෂණය වුවද ඇතැම් විට අජීර්ණය , බඩපපුවේ දැවිල්ල,ඔක්කාරය,බඩේ වේදනාව වැනි තත්වයන් ද රෝග ලක්ෂණ ලෙස මතුවිය හැකියි.සිරුරේ වෙනත් අවයව වලට අවශ්‍ය රුධිරය සංසරණය කිරීම සම්බන්ධයෙන් හෘදයේ ගැටලු මතුවීම මීට බලපායි.ආහාර ජීර්ණ මාර්ගය ද එහිදි බලපෑමට ලක්වෙයි.
රුධිර සංසරණය මන්දගාමී නිසා සිරුරේ රසායනික සංයුතින් වෙනස්වෙයි. සිරුර වඩාත් ආම්ලික වීමට පටන්ගනියි.හෘද රෝග නිසා ඇතිවන බඩේ වේදනා ඉතා තියුණුය.දිගු කල් පවතින එවැනි වේදනා අපහසුතා තත්වයන් බඩවැල් ඇන්ජයිනා හෙවත් intestinal angina ලෙස හඳුන්වයි.මෙම වේදනා හටගන්නේ උදරයේ ඉහළ වම් ප්‍රදේශයේ යි.ඔබ යම් හෘද රෝගයකින් පෙළෙන්නේ නම් අධික ලෙස දහඩිය දැමීම සහ ඔක්කාරය දැනීම වැනි ලක්ෂණ දිගින් දිගටම අත්දකින විට වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
ජීර්ණ පද්ධතියට හොඳින් රුධිරය ගමන් නොකරයි නම් ආහාර ගන්නා විට පවා අධික වේදනාවක් දැනීමට පටන්ගනියි.මේ තත්වය සිරුරේ බර වේගයෙන් අඩුවීමට පවා බලපෑ හැකිය.වේගයෙන් සිරුරේ බර අඩුවීයාම හෘද රෝගයක සංඥාවක් විය හැකියි.
රුධිර කැටියක් අවහිට වීමෙන් ජීර්ණ පද්ධතියේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් නැවතිය හැකියි.රුධිර සැපයුම අඩාල වීමත් සමඟ බරපතල අවස්ථා වල ආහාර ජීර්ණය කිරීම පවා නතර වී යා හැකියි.හෘද රෝගයකින් පෙළෙන විට සිරුර වඩාත් ආම්ලික වෙයි.එහිදී ආමාශය තුළ පවා අධිකව හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිපදවෙයි.ජීර්ණයට අත්‍යවශ්‍ය වුවත් මෙම අම්ල අධික වීම ආමාශයේ බිත්ති ඛාදනය කරයි. අධික අම්ල ගතිය ඔක්කාරය ඇතිකරයි.ප්‍රතිකාර නොගෙන සිටීමෙන් ආමාශයේ වණ (ulcers) පවා වර්ධනය විය හැකියි.

වම් අතේ සුලු සුලු වේදනා කැක්කුම් ඇතිවීම ඉතා සාමාන්‍යයි.එහෙත් එකවරම හදිසියේ හෝ අසාමාන්‍ය ආකාරයේ වේදනාවක් වම් බාහුවේ ඇතිවීම බරපතල තත්වයකි. මෙය අසාධ්‍ය අනතුරකට ලක්වීම නිසා හෝ ඇතැම් විට යම් හෘද රෝගයක පූර්ව ලක්ෂණ මතුකිරීමක් ද විය හැකියි. පපුවේ වේදනාවක් නිසා මතුවන තත්වයක් නම් මුලදී වේදනාව පපු ප්‍රදේශයෙන් ආරම්භ වී වම් බාහුවට පැතිරි යයි.ඇතැම් විට වේදනාව වම් බාහුවෙබ්ම ආරම්භ විය හැකියි.
හෘදයේ යම් ගැටලු පැවතීම සිරුරට බලපෑම් කරන තවත් ආකාර දෙකක් වන්නේ ඉස කරකැවිල්ල සහ ක්ලාන්ත ගතිය වැනි ලක්ෂණ මතුකිරීමයි.හෘදයේ රුධිර සැපයුම අවහිර වී ඇති විට මොළයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබෙයි.ක්ලාන්ත ගතිය ඇතිවීමට ප්‍රධානම හේතුව මෙයයි. සුලු ක්‍රියාකාරකමක යෙදුණු විට පවා ඉස කරකැවිල්ලක් දැනිය හැකියි.ඇතැම් අවස්ථා වල සිහි සුන් වී ඇද වැටීමට පවා ඉඩ තිබෙයි. හෘදය අධි ක්‍රියාකාරී වීමෙන් ඇතිවන තෙහෙට්‍ටුව ද මීට බලපායි. පඩිපෙළක් නැගීම වගේ සරල ක්‍රියාවකින් පවා ඔබේ සිරුරට මෙවැනි අපහසුතාවන් දැනෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
මාංශ පේශි වෙත ඔක්සිජන් නොලැබීම ඒවායේ තෙහෙට්‍ටුව ඇතිකරයි. හුස්ම හිරවීම,පැහැදිලි හේතුවක් නොමැතිව අධිකව දහඩිය දැමීම, තදබල කකුල් වේදනාව වැනි ලක්ෂණ මතුකරවයි.දවස පුරා අප්‍රාණිකබවක් දැනීම යම් හෘද රෝගයක් වර්ධනය වෙමින් පවතින බවට සංඥාවක් විය හැකියි. පර්යන්ත ධමනි රෝගය (peripheral heart disease) හෙවත් කිරීටක ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත්වීමෙන් ඇතිවන රෝගය එවැනි අවදානමකට එක් උදාහරණයකි.