උන හෙම්බිරිස්සාව පැය 24ක් යන්න කලින් සුව කරන පාන 3 ක්

health tips

අපව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසිනි.රෝගී නොවී සිටීමටනම් ඔබව රෝග වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තීකරණ පද්ධතිය නිරෝගි විය යුතුයි. සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරවමින් එහි නීරෝගි බව වඩවන ඖෂධ ගැන ආයුර්වේදයේ සඳහන් වේ.ආයුර්වේදයේදි සිරුරේ ප්‍රතිශක්තිය සම්බන්ධ කරන්නේ ඕජස් යන්නටයි.එය අපේ සිරුර ගොඩනගන ධාතු 7 සාරයයි.

පුරාණ ඉන්දියානු චිකිත්සක ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැඩි ලෙස උපදෙස් දෙන්නේ අප එම ඕජ්ස් නමින් හැඳින්වෙන සිරුරේ නීරෝගී හා පරිපූර්ණ යහපැවැත්මට වැදගත් වන අත්‍යාවශ්‍ය ශක්තිය ගැන සැලකිලිමත් වන වීම සිදුකල යුතු බවය. ඒවා නම් රාසා (යුෂ), රක්ත (රුධිරය), මාන්සා (මාංශ පේශි), මේධ (ශරීර මේදය), ඇස්තී (අස්ථි), මජ්ජා (අස්ථි ඇටමිදුළුව) සහ ශුක්‍ර (ශුක්‍රාණු) ය. ස්වාභාවික ප්‍රතිශක්තියේ ප්‍රධාන ප්‍රභවය වන ඕජස් හෙවත් මෙම ශරීර පටක (ධාතු) 7 හි මූලික සාරය වන අතර එය ජීවිතයට හා පැවැත්මට අතිශයින්ම වැදගත් වේ.

ලෙඩ නොවී සිටීමට නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙඩ නොවී ‍රැකගත යුතුයි.ඉතින්, අද අපි ඔබට කියාදෙන්නට සූදානම් වන්නේ ඔබේ ප්‍රතිශක්තිය වඩවන එවැනි ආයුර්වේදීය පාන වර්ග කිහිපයක් ගැනයි. විශේෂයෙන්ම වෛරස ආසාදන පැතිර යන මේ කාලයේදී මේ ඖෂධීය පාන වර්ග ඔබේ සිරුරේ ලෙඩවීම වළකමින් ප්‍රතිශක්තිය වර්ධනය වීමට ප්‍රතිලාභ දෙනු ඇත.

‘ක්‍රිෂ්ණ තුල්සි කසාය’තුල්සි (holy basil) හෙවත් හීන් මදුරුතලා කොළ 4-5ක් පමණ ඇති රිකිලි (දළු) කොටසක් මේ සඳහා අවශ්‍යයි. වතුර කෝප්ප 2ක ප්‍රමාණයකට මෙම කොළ එක්කරන්න.මෙම කසාය සෑදීමට අඟලක පමණ දිග ඉඟුරු කැබැල්ලක් (හෝ වියළි ඉඟුරු කුඩු තේ හැඳි 1/4ක්), කිතුල් හකුරු හෝ සූකිරි මේස හැඳි 1ක් හෝ මී පැණි තේ හැඳි 1 ක් ,කහ කුඩු තේ හැඳි 1ක් සූදානම් කරගන්න.තුල්සි කොළ එක්කළ වතුර බඳුන ලිප තබා එයට මේ සියල්ල එක්ක හොඳින් තම්බාගන්න.කෝප්පයකට පෙරා ඊට ලෙමන් යුෂ තේ හැඳි 1ක් පමණ එක්කර උණුසුම් පිටම පානය කරන්න.

මෙම ඖෂධීය පානය උදෑසන කාලයේ පානය කිරීම වඩාත් ගුණදායකයි.මෙය ඔබේ ප්‍රතිශක්තිය වඩාත් ප්‍රබල කරවන හොඳම ආයුර්වේදීය පානයකි.තුල්සි කොළ වල ඇති ඖෂධීය ගුණය ඔබේ සිරුරේ ඇති සෙම් දොස් දුරුවීමට ආධාර කරයි. පෙනහළු ක්‍රියාකාරීත්වය වඩවමින් ශ්වසන අපහසුතා සමනය කරයි.ඉඟුරු සහ කහ වල ඇති ප්‍රබල වෛරසනාශක ගුණය නිසා සිරුරට හොඳ ආරක්ෂාවක් ලැබේ.

‘ෂංක්පුෂ්පී කසාය’ෂංක්පුෂ්පී’ යනු කටරොළු මල්ය. මේවායේ ප්‍රබල ඖෂධීය ගුණ ඇති බව ආයුර්වේදයේ හා පාරම්පරික වෛද්‍ය ක්‍රම වල සඳහන් වේ.කටරොළු මල් වලින් රසවත් මෙන්ම ගුණවත් පානයක් පිළියෙල කරගන්නා ක්‍රමය බලමු:

මේ සඳහා කටරොළු මල් 5-6ක් පමණ අවශ්‍යයි.මල් කිහිපය බඳුනකට දමා නටන උණු වතුර කෝප්ප 2 1/2ක් පමණ ඊට වත්කරගන්න.පියනකින් වසා පැය බාගයක් පමණ තැම්බෙන්නට හරින්න.පසුව, වෙනත් බෝතලයකට හෝ වීදුරුවකට මෙම වතුර පෙරාගන්න.ඊට ලෙමන් හෝ දෙහි යුෂ මේස හැඳි 1ක් පමණ එක්කර කළවම් කරන්න.දැන්, මෙය පානයට සූදානම්.

රාත්‍රීයේදි මෙම ආයුර්වේදීය පානය ලබාගැනීම වඩාත් උචිත බව සඳහන්.කටරොළු මල් සොයාගැනීමට නොහැකි නම් ඒවා කුඩු වශයෙන් ද ආයුර්වේද ඖෂධ හල් වලින් ලබාගත හැකියි. මේවා උණු වතුර සමඟ මිශ්‍ර කර පානය කළ හැකියි. කටරොළු මල් වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක හා ෆ්ලැවනොයිඩ වැනි ශාක රසායන බහුලයි.සිරුර සන්සුන් හා සමනය කිරීමේ සහ ආතතිය අඩුකිරීමේ ගුණාංග මෙහි අඩංගුයි.මානසික විඩාව මෙන්ම ජීර්ණ ක්‍රියාවලිය හා ප්‍රතිශක්තිය ද ප්‍රවර්ධනය කරයි.

නෙල්ලි + ඉඟුරු + කලු ගම්මිරිස් මිශ්‍ර ඖෂධීය තේ පානය මේ සියලු ඖෂධ වර්ග ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ඉහළ මට්ටමේ ගුණාංග පෙන්නුම් කරන බව ආයුර්වේදයේ මතයයි.නෙල්ලි කුඩු හෝ යුෂ මේස හැඳි 1ක්, ඉඟුරු යුෂ මේස හැඳි 1ක්, තලාගත් ගම්මිරිස් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1/2ක් එකට දමා මිශ්‍ර කරන්න.දැන්, මෙය උගුරින් උගුර පානය කරන්න.පසුව උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.

මෙය දවසේ ඕනෑම වෙලාවක පානයට සුදුසුයි.මෙම පානයේ ප්‍රබල ප්‍රතිප්‍රදාහක ගුණ අඩංගුයි.නෙල්ලි වල විටමින් C බහුල නිසා ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හොඳින් ආධාරක වේ. ආයුර්වේදයට අනුව, නෙල්ලි වල ත්‍රිදෝෂ -වාත, පිත, කප (වාතය, තාපය , සෙම) යන සියලු දෝෂ අඩු කිරීමට උපකාරී වන ගුණ අන්තර්ගත වේ (මේවා සාමාන්‍ය මට්ටමට වඩා වැඩිවීම නැතිනම් කුපිත වීම නිසා ලෙඩ රෝග ඇතිවේ.). ඉඟුරු මෙන්ම ගම්මිරිස් වල ද ආසාදන වලට එරෙහිව සිරුර ආරක්ෂා කළ හැකි ආයුර්වේදීය ගුණංග බහුලයි. ඉඟුරු මඟින් උග්‍ර වූ වාත හා සෙම් දොස් අඩුකරයි. එසේම, ඉඟුරු කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අපහසුතා,නියුමෝනියාව, ඇදුම සහ බ්රොන්කයිටිස් වැනි ශ්වසන ආබාධ සඳහා සහනයක් ලබා ගැනීමට උපකාරී වේ.