නරක්වී ගෙන එන වකුගඩු පවා නැවත යතා තත්වයට පත්කර හැකි ආහාර පාන 10 ක්

health tips

සෛල වලට අනවශ්‍ය දේ සිරුරෙන් බැහැර කිරීම සඳහා නිර්මාණය වී ඇති අවයව සමූහය ලෙස සැලකෙන බහිස්ස්‍රාවීය පද්ධතියේ ප්‍රධාන කාර්යබාරයක් ඉ‍ටු කරන අවයවයක් ලෙස වකුගඩු හැඳින්විය හැකියි. බෝංචි ඇට දෙකක් හැඩයට පිහිටා තිබෙන මේ කුඩා අවයව වල කාර්ය නම් සුලුප‍ටු නැහැ.

සිරුරේ අතිරික්ත ජලය බැහැර කිරීම,සිරුරේ අපද්‍රව්‍ය බැහැර කිරීම,ලවණ,පොටෑසියම් සහ pH මට්ටම් නිසි නියාමනයකින් පවත්වාගෙන යාම  වැනි වැදගත් කාර්යන් ‍රැසක් වකුගඩු මඟින් ඉ‍ටුකරයි. තනිව විෂහරණය කරගැනීමේ හැකියාව වකුගඩු සතුව තිබුණත් ඇතැම් අවස්ථා වල වකුගඩු නිසි ක්‍රියාකාරීත්වයේ නොපවතින්නට පුළුවන්. වකුගඩු වල ගැටලු හටගැනීමෙන් තෙහෙට්‍ටුව, අප්‍රාණිකබව,බඩපිපුම,නින්ද ආශ්‍රිත ගැටලු,හිසරදය ආදි නොයෙකුත් ගැටලු ලක්ෂණ ඇතිවිය හැකියි.

වකුගඩු වල ස්වභාවික විෂහරණ ක්‍රියාවලිය ප්‍රශස්ත මට්ටමින් සිදුවීමට නම් ඔබේ ආහාර පාන රටාවේද හිතකර වෙනස්කම් ඇතිකරගත යුතුවෙනවා.ඉතිනද අප ඔබට කියන්නට සූදානම් වන්නේ වකුගඩු පිරිසිදු කරමින් ඒවයේ ක්‍රියාකාරීත්වය නීරෝගී කරවන ‘වකුගඩු වලට ගුණ ආහාර පාන’ කිහිපයක් ගැනයි.

රතු බෙල්පෙපර් මේවයේ පොටෑසියම් මට්ටම් අඩු අතර විටමින් C ගුණයෙන් බහුලයි.එමෙන්ම විටමින් A,B6 සහ ෆෝලික් අම්ල ද අඩංගුයි.තන්තු ගුණයෙන් ද යුක්තයි.ලයිකොපීන් ප්‍රතිඔක්සිකාරක ද ඇත.ඒවා ඇතැම් පිළිකා තත්වයන්ට එරෙහිව සිරුරට හොඳ ආරක්ෂාවක් ලබාදෙයි.මේවා එළවළු සලාද හා තෙම්පරදු ආහාර වලට එක්කර රසවිඳිය හැකියි.

ගෝවා ෆයිටෝරසායන වලින් අනූන ගුණදායි එළවළුවකි.මේවා සිරුරට හානිකළ හැකි මුක්තකණ්ඩ බිඳ දැමීමට ක්‍රියාකරන සංඝටකයි.පිළිකා වලට එරෙහිව මෙන්ම හෘද රෝග වලට එරෙහිව ද සිරුරට ඉතා ගුණදායකයි.විටමින් K,C Hආ තන්තු මෙන්ම ෆෝලික් අම්ල ද අඩංගුය. විටමින් B6 පෝෂණය ද ඇත. පොටෑසියම් ද අඩුය.

ලූනු ඇලියම් ශාක කුලයට අයත් ලූනු වල සල්ෆර් සංඝටක ඇත. ඒවායේ ප්‍රබල සුවඳට හේතුව ද මෙම අන්තර්ගතයයි.ක්වර්සටීන් වැනි ෆ්ලැවනොයිඩ ද බහුලයි.මෙම ප්‍රබල ප්‍රතිඔක්සිකාරක මඟින් හෘද රෝග අවදානම් අවම කරයි.පොටෑසියම් අඩුය. ක්‍රොමියම් ගුණය ද ඇත.ක්‍රොමියම් යනු කාබෝහයිඩ්‍රේට,මේද හා ප්‍රෝටීන් පරිවෘත්තියට සහය වන ඛනිජ ලවණයකි.

බිත්තර සුදුමද බිත්තර වල පෝෂණ ගුණය ඉතා ඉහළයි. පොස්පරස් ද අන්තර්ගත නිසා වකුගඩු වල නීරෝගී බව සඳහා විශේෂිත ආහාර පාන රටාවක් අනුගමනය කරන අයට හොඳ ආහාර විකල්පයකි.මේවායේ උසස් ගුණාත්මක, වකුගඩු වලට හිතකර ප්‍රෝටීන් බහුලයි.

බතල බතල වල තන්තු, බිටා-කැරොටින් සහ විටමින් A ඇතුළු වකුගඩු ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනත් විටමින් හා ඛනිජ ලවණ රාශියක් ඇත.පොටෑසියම් ද අන්තර්ගතයි. පොටෑසියම් සිරුරේ සෝඩියම් මට්ටම් සමතුලිත වීමට සහය වෙයි.වකුගඩු විඩාවට පත්වීම් අවම කරයි.බතල තම්බා හෝ වෑංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකියි.

ඔලිව් තෙල් පොලිෆෙනෝල් සහ ප්‍රතිඔක්සිකාරක සංඝටක බහුල නිසා සිරුරේ ප්‍රදාහය හා ඔක්සිකාරක හානි අවම කරයි.ඔලිව් තෙල් වල අන්තර්ගත ඔලෙයික් අම්ල සිරුරේ ප්‍රදාහය අඩුකිරීමට ප්‍රතිලාභ දෙන බව අධ්‍යන මඟින් ප්වා පෙන්වාදී ඇත.මේවායේ ඇති ඒක අසංතෘප්ත මේඩ ඔක්සිකාරක හානි වලින් සෛල ආරක්ෂා කරයි.අතිශය පිරිසිදු ඔලිව් තෙල් පරිභෝජනය වකුගඩු වලට හිතකරයි. මේවායේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළයි.

බිම්මල් වකුගඩු රෝග අවදානමින් පෙළෙන අයට බිම්මල් ඉතා ගුණදායක බව සඳහන්. ඊට හේතුව ඒවයේ විටමින් D අඩංගු වීමයි. විටමින් D වකුගඩු ක්‍රියාකාරීත්වය නියාමනය වීමට සහය වේ.

ඇපල් සයිඩර් විනාකිරි ඇපල් සයිඩර් විනාකිරි වකුගඩු වල ඔක්සිකාරක හානි ඇතිවීම ඵලදායීව වළකයි. ප්‍රතිඔක්සිකාරක මට්ටම් ඉහළ දමයි.රුධිර සීනි මට්ටම් පාලනය කරයි. රුධිර පීඩනය අඩුකරවයි.ස්ට්‍රික් අම්ල ඇති අතර වකුගඩු ගල් දියවීමට ද ගුණදායකයි.නිතිපතා භාවිතයෙන් වකුගඩු වල වස විස ද්‍රව්‍ය බැහැර වී වකුගඩු විෂහරණය වීම සිදුවෙයි.

ලෙමන් යුෂ ලෙමන් යුෂ වල ආම්ලිකබව ස්වභාවයෙන්ම පවතියි.මූත්‍රා වල සිට්‍රේට් මට්ටම් ඉහළ නංවයි.ඒ හරහා වකුගඩු ගල් ඇතිවීමේ අවදානම බොහෝ හොඳින් පාලනය වේ.ලෙමන් යුෂ රුධිරයේ ඇති වස විස ද්‍රව්‍ය පෙරීම හා බැහැර වීමට සහය දේ.දිනපතා ලෙමන් මුසු ජලය පානය කිරීමෙන් වකුගඩු ගල් ඇතිවීමේ වේගය අඩුකරයි.කැල්සියම් ඔක්සලේට් ස්ඵටික දියකර හරියි.ලෙමන් යුෂ හා ඔලිව් තෙල් සංයෝග කර පරිභෝජනය පහසුවෙන් ගල් පිටවීමට සලස්වයි.

මේද මාලු සැමන්, හුරුල්ලෝ,සාඩින් වැනි මේද මාලු වල ඔමේගා-3 මේද අම්ල බහුලයි.මේවා හෘදයට හිතකර ප්‍රෝටීන් වලින් ද අනූනයි.ඔමේගා-3 රුධිරයේ මේද තැන්පතු කොටස් අවම කරයි.රුධිර පීඩනය අඩුකරයි.අධි රුධිර පීඩනය හා අධික මේද තැන්පත් වීම් වකුගඩු රෝග අවදානම් ඉහළ දමන හේතුසාධකය.

වකුගඩු වලට අහිතකර ආහාර පාන කිහිපයක්

කෑන්/ටින් කළ ආහාර සුප්, එළවළු, පේස්ට් වර්ග, ධාන්‍ය වර්ග, මාංශ ආහාර වැනි දෑ මේ ක්‍රමයට ඇසුරුම් කර අලෙවි කරයි.කෙසේවෙතත් මේවායේ ලුණු, මේද, රසකාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය බහුලයි.මේවා වකුගඩු වලට ඉතා හානිකරයි.හැකිතාක් ලුණු අඩු හෝ ලුණු නොමැති ආහාර පාන ‍තෝරාගන්න.

අධි ප්‍රෝටීන් ආහාර රතු මස්, කුකුළු මස්, මාලු සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන වල ප්‍රෝටීන් අධිකයි.පේශි වර්ධනයට හා පටක අලුත්වැඩියාවීමට යම් ප්‍රමාණයකින් සිරුරට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි.කෙසේවෙතත් ඒවා අපද්‍රව්‍ය ලෙස වකුගඩු වල එකතුවීම ඉහළ යා හැකියි.ආහාර වල අධික ලෙස ප්‍රෝටීන් අන්තර්ගත වීමෙන් වකුගඩු වලට අධි ක්‍රියාකාරීව එම කාර්ය ඉ‍ටුකිරීමට සිදුවෙයි. මෙය නිතර නිතර වීමෙන් වකුගඩු ලෙඩ වීමට පටන්ගත හැකියි.

කැෆේන් කෝපි,තේ,සෝඩා පාන හා චොකලට් වැනි ආහාර වල මේවා අඩංගුයි. කැෆේන් උත්තේජකයකි.රුධිර ප්‍රවාහය,රුධිර පීඩනය හා වකුගඩු වල ආතතිය ද වැඩිකරවයි.මේවා සිරුරෙන් බැහැර කිරීමේදී වකුගඩු වලට යම් අසීරුතාවලට ලක්වීමට සිදුවිය හැකියි.අධික කැෆේන් පරිභෝජනය වකුගඩු වල ගල් හටගැනීම කෙරෙහි බලපෑම් ඇතිකරවන බව අධ්‍යයන ඇසුරෙන් පෙනීයයි. එම නිසා මධ්‍යස්ථ ප්‍රමාණවලින් ලබාගැනීමට සැලකිලිමත්වන්න.

පොටෑසියම් අධික එළවළු සහ පලතුරු පොටෑසියම් වකුගඩු වල ආතතිය ඇතිකරයි.එම නිසා වකුගඩු රෝගීන් විශේෂයෙන් මෙවැනි ආහාර පාන පරිභෝජනය අවම කළ යුතුයි.බොහෝ පලතුරු වල පොටෑසියම් බහුලයි. පුහුල්,කෙසෙල්,දොඩම්,වියළි ප්ලම් ,අලිපැර,බෝංචි,පරිප්පු ,නට් වර්ග සහ තක්කාලි උදාහරණ කිහිපයකි.කිරි නිෂ්පාදන වල ද මෙම ඛනිජය බහුලයි.තද පැහැති සෝඩා පාන වල ද මේවා අධිකයි.ඇපල්, මිදි, ස්ට්‍රෝබෙරි,මල්ගෝවා වැනි ආහාර වල මේවා අඩුය.

මත්පැන් මත්පැන් අක්මාවට පමණක් නොව වකුගඩු වලට ද හානිකරයි.මත්පැන් සිරුර විජලනයට පත්කරවන පානයක් බැවින් වකුගඩු වල වස විස අපද්‍රව්‍ය පෙරීමේ ක්‍රියාවලියට ඉන් බාධා ඇතිවේ.එනම් මූත්‍රා පෙරීමට අවශ්‍ය ජලය සිරුරේ නොමැතිවීම ගැටලුවකි.අධික ලෙස මත්පැන් පානය කිරීම රුධිර පීඩනය ඉහළ යාමට හේතුවේ. අධි රුධිර පීඩනය වකුගඩු වලට හානි ඇතිකරවයි.

පොස්පරස් බහුල ආහාර අස්ථි හා දත් වලට පොස්පරස් පෝෂක ඉතා වැදගත්ය.එමෙන්ම කාබෝහයිඩ්‍රේට හා මේද පරිවෘත්තියට ද වැදගත්ය.නමුත්, ඔබ යම් වකුගඩු රෝගයක සිවුවන අවධියේ පසුවෙයි නම් එවැනි ආහාර වලින් වැළකී සිටීමට උපදෙස් දේ. කිරි නිෂ්පාදන, චොකලට්, තුනපහ හා වෙනත් රසකාරක යොදා පදම් කළ ආහාර, පෙර සැකසුම් ක්‍රියාවලියට ලක්කළ ආහාර (සොසේජස්,මීට් බෝල්ස්, හැම්, බේකන් වැනි), බේකිං පවුඩර්, පූර්ණ ධාන්‍ය වලින් සෑදු පාන්, සීරියල් සහ ඕට්ස්, නට් වර්ග, සූර්යකාන්ත ඇට,තද පැහැති සෝඩා පාන වැනි ආහාර වලින් වළකින්න.