වර්තමානය වන විට මිනිසාගේ විවිධ අහිතකර ආහාර රටාවන් මෙන්ම වෙනත් විවිධ හේතූ නිසා බෝහෝමයක් පුද්ගලයන් විවිධ රෝගාබාධ වලින් පීඩා විදිනු ලැබේ. මෙහිදී විශේෂයෙන් හදුනා ගත හැකි රෝගී තත්වයක් ලෙස අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් හදුනා ගත හැකිය. අක්මාව අප ශරීරයේ මනා ක්‍රියාකාරිත්වය සදහා අත්‍යාවශ්‍ය කාර්යයන් ගණනාවක් ම ඉටු කරනු ලබන සුවිශේෂී අවයවයක් වේ. එමෙන්ම මෙය ශරීර අභ්‍යන්තයේ පවතින විශාලතම අවයවය වේ . අක්මාව මගින් ඉටු කරනු ලබන ප්‍රධාන කාර්යයන් ගණනාවක් ඇත.
- 1. ශරීරයේ විෂ ද්‍රව්‍ය පෙරා ඉවත් කිරීම
- 2. ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීම යනාදිය ඒ අතර වේ.
අක්මා රෝගී තත්වයන් ඇති වීම සදහා විවිධ හේතූන් බලපානු ලැබේ .නමුත් මෙම තත්වයන් රෝගය ආරම්භක අවධියේදී ම හදුනා ගත හොත් එම රෝග සුවපත් කර ගැනීමට හැකියාව ලැබේ .එසේ නොමැතිව රෝගී තත්වය වර්ධනය වූ විට සුවපත් කර ගැනීමට නොහැකි වී මරණය පවා අත් වේ .
එබැවින් එහි මූලික රෝග ලක්ෂණ මොනවාදැයි අප නියමාකාරයෙන් දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ.එසේම අක්මා රෝග ඇති වීම සදහා බලපානු ලබන හේතු පිළිබඳව ද අප දැනුවත් වීම වැදගත් වේ .

- 1. විවිධ රෝගවලට ඖෂධ නිතරම භාවිත කිරීම.
- 2. පෙරසිටමෝල් නිතර නිතර භාවිත කිරීම .
- 3. රුධිර වහනය සිදු වීම.
- 4. රුධිර පීඩනය අවම වීම .
- 5. කම්පනයට පත් වීම .
- 6. ක්ෂය රෝගයට දීර්ඝ කාලයක් තිස්සේ ඖෂධ භාවිත කිරීම.
- 7. අක්මාවේ මේදය තැන්පත් වීම( දියවැඩියාව ,කොලෙස්ටරෝල් රෝගී තත්වයන් මේ සදහා බලපානු ලැබේ . )
- 8. හෙපටයිටිස් A,B,C,E යන රෝග වැළදීම අක්මාවට අහිතකර වේ.
- 9. මී උණ, ඩෙංගු ,විසප්පු ,සිරෝසීස්,පිළිකා රෝග හේතූවෙන් ද අක්මා රෝගී තත්වයන් ඇති වේ .
මෙවැනි හේතූන් නිසා අක්මාව රෝගී වූ විට දැකගත හැකි ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම පවතී .අප ඒවා හදුනා ගෙන සිටීම මෙවැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීමට මුල් අවස්ථාවන්හිදීම යොමු වීමට උපකාරී වේ .එම ලක්ෂණ පහත පරිදි වේ.
ශරීරය කහ පැහැ ගැනීම.අක්මා රෝගයක් හට ගෙන ඇති විට ඇස් ,සම ,නියපොතු කහ පැහැයක් ගනු ලැබේ .මෙම රෝග ලක්ෂණය ඇති වනුයේ කිසියම් පුද්ගලයෙකුට අක්මා රෝගය වැළදී එය සිරෝසීස් යන තත්වයට පත් වූ පසුව ය.මෙවැනි අවස්ථාවන්හි කළ යුතු වඩාත් සුදුසුම ක්‍රියමාර්ගය වන්නේ වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමයි .
රුධිරය කැටි ගැසීම සහ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් පැවතීම .වෙනත් රෝග තත්වයන් හට ගැනීමේදී ද මෙම රෝග ලක්ෂණය දැකගත හැකි වේ .අක්මා රෝග එනම් සිරොසීස් හා වෙනත් අක්මාව ආශ්‍රිතව හටගන්නා රෝග නිසා ලේ කැටි ගැසීම ,අධික ලෙස කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම සිදු වේ .එම නිසා ඉක්මනින් ම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතුය .
පාද යටිබඩ ඉදිමීම.අප ශරීරයේ ප්‍රධාන අවයවයක් වන අක්මාව රෝගී වූ විට පාද හා යටි බඩට ඉහළ කොටස ඉදිමීම දක්නට ලැබෙන රෝග ලක්ෂණයක් වේ. මේ සදහා ප්‍රධාන වශයෙන් හේතූ වන්නේ අක්මාව ක්‍රියාකාරී නොවීම හා ඊට අදාළ ඉන්ද්‍රියන් වල දියර එකතුව පැවතීමයි .
සමෙහි ඇතිවන සංවේදීතාවය.අක්මාව රෝගී වූ විට දැකගත හැකි තවත් රොග ලක්ෂණයක් ලෙස මෙය හදුනා ගත හැකිය .මෙහිදී සම කැසූවිට සම මත කැලැල් ඇති වීම දක්නට ලැබේ .මේ සදහා හේතූ වන්නේ සම අභ්‍යන්තයෙන් ඉදිමීමට ලක්ව තිබීමයි.එමෙන්ම සම රතු පැහැ වීමද අක්මා රෝගී තත්වයන් වල ලක්ෂණයක් වේ.මේ අනූව සමෙහි ඇතිවන මෙම වෙනස්කම් පිළිබඳ අප වඩාත් සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය වේ.
මානසික ව්‍යාකූලත්වය සහ අප්‍රාණික බව .අක්මා රෝගයක් හට ගෙන ඇතිබව අපට හඟවන පළමු ප්‍රධාන රෝග ලක්ෂණය වශයෙන් මෙය හදුනා ගත හැකිය .මෙහිදී අක්මාව නිසියාකාරව ක්‍රියාත්මක නොවන විට එහි රෝගී තත්වයක් ඇති වූ විට ශරීරයේ විෂ බැහැරවිම නිසියාකාරව සිදු නොවේ.එම නිසා අක්මා රෝගී තත්වයක් ඇති පුද්ගලයකුට ,

- 1. ශරීර අප්‍රාණික බව.
- 2. තෙහෙට්ටු ගතිය.
- 3. මහන්සි ගතිය.
යනාදී ශාරීරික අපහසුතා සංකූලතා ඇති වීම දක්නට ලැබේ .මෙම රෝග ලක්ෂණ ඇති වේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතුය .ප්‍රතිකාර සදහා යොමු නොවුනොත් මානසික ව්‍යාකූලතා ඇති වීම සදහා හේතු වේ. එය වෛද්‍ය පරීක්ෂණවලින් ද තහවුරු කර තිබේ .
ආහාර අරුචිය ඇති වීම .අපට ඇතිවන බොහෝ රෝග නිසා ඇති වන රෝග ලක්ෂණයක් වන මෙම ලක්ෂණය අක්මා රෝගයක් ඇති වූ විට ද දක්නට ලැබේ. අක්මා රෝගී තත්වයක් ඇති විට ,
- 1. වමනය .
- 2. ඔක්කාරය .
- 3. රෝගියාගේ බර පහත බැසීම .
- 4. කුස පිරුණු බවක් දැනීම .( මෙය අක්මා රෝග ඇති විට දැකගත හැකි ප්‍රධානම රෝග ලක්ෂණයක් වේ.) ආදී රෝග ලක්ෂණ ද දක්නට ලැබේ.
මෙහිදී කුස පිරුණු ස්වභාවයක් ඇති වන්නේ ශරීරයෙන් පිට කරන ලෙප්ටින් හොර්මෝන ප්‍රමාණය එකතු වී ඉහළ යාමයි. අක්මා රෝගී තත්වයක් ඇති පුද්ගලයන්ගේ ශරීරයේ ලෙප්ටින් හොර්මෝන ප්‍රමාණය ඉහළ අගයක් ගනු ලැබේ . මෙම රෝග ලක්ෂණය බෝහෝ විට පුද්ගලයන් ට ඇති වන නිසා සුළු කොට සැළකීම අප සිදු නොකළ යුතුය. එය අක්මා රෝග වැනි බරපතළ රෝගී තත්වයජ ලක්ෂණයක් ද වන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ. එසේ නොවුනොත් අපට වටිනා පුද්ගලයන්ගේ ජීවිත ද අහිමි වේ.
උදරයේ දකුණු පස ඉහළ කෙළවරේ වේදනාකාරී ස්වභාවයක් ඇති වීම ,මුහුණ හා කන් දෙපැත්තේ ඇති පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම.මේ නිසා මුහුණ විශාල වී රවුම් වීම සිදුවේ.මෙම රෝග ලක්ෂණය අපට බෝහෝ විට දැකගත හැකි වන්නේ මත්ද්‍රව්‍ය විශාල වශයෙන් භාවිත කරනු ලබන පිරිමි පුද්ගලයන් තුළිනි .
මෙලෙස ඉහතින් දක්වන ලද රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් කිසියම් පුද්ගලයෙකු තුළ දක්නට ලැබේ නම් වෛද්‍යවරයකු හමු වී ඔහු පරීක්ෂා කර බැලීම අත්‍යාවශ්‍ය වේ. එමගින් අපට අක්මා රෝග තත්වයක් හට ගෙන ඇත්නම් එයට ප්‍රතිකාර කර වළක්වා ගැනීමට හැකියාව ලැබේ . කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයක් සුරකින්නට ඔබ මේ පිළිබඳ ව දැනුවත් වීම ඉතා වැදගත් වේ .