ඉදිරිපස දත් අතර හිඩැසක් ඇති පුද්ගලයන් ගැන අනාවැකි 5ක්

health tips

යම් යම් පුද්ගලයන්ගේ ඇස්, තොල්, හිසකෙස් ඇඟිලි , දත් ආදී මෙකී නොකී බොහොමයක් බාහිර අංග ලක්ෂණ අප එතරම්  සැලකිල්ලට නොගත්තත් එයින් ඒ ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ පිළිබඳව නොයෙකුත් කාරණා  ගැන අපට දැන ගන්නට හැකියාව තියෙනවා. දේහ ලක්ෂණ විද්‍යාවේ  මේ පිළිබඳව  කතා  කෙරෙනවා. දත්වල පිහිටීම අනුව ඒ පුද්ගලයාගේ ගති ස්වභාවය හඳුනා ගන්නට  හැකියාව තියෙනවා. ඉදිරිපස දත් අතර හිඩැස් ආකාරයට පිහිටා තියෙන අය ගැන තමයි අද අපි කතා කරන්නේ. 

මේ තත්ත්වය බොහෝ අය අතර දකින්නට තියෙනවා. ඒ වගේම තමයි එතරම් ප්‍රචලිත නැතත් මීට වසර ගණනාවකට ඈත සිටම මේ දත් අතර හිඩැස් අනුව හිමිවෙන චරිත ලක්ෂණ ගැනත් අවධානය යොමු කරලා තියෙනවා. මොකද දේහ ලක්ෂණ අනුව පුද්ගලයාගේ චරිත ලක්ෂණ හඳුනා ගැනීම ඈත අතීතයේ සිටම පැවතෙන දෙයක් නිසා. ඔබේ දත්වල ඇති හිඩැස ගැන  ඔබ කිසිවිටෙක ගැඹුරින් නොසිතන්නට ඇති. ඉතින් අපි අද කතා  කරමු දත් අතර හිඩැස් ඇති ඔබට එය කොහොමද බලපාන්නේ කියලා.

වාසනාවන්ත බව  හිඩැස්  නැති මුතු කැට වගේ දත් දෙපලකට අපි හැමෝම කැමති වුණත් එය ඔබට වාසනාව ගෙන එන ලක්ෂණයක් බව නොදන්නවා ඇති. ඉදිරිපස දත් දෙක අතර ඇති  මේ හිඩැස ඔබට වාසනාව ගෙන එන නමුත් එය අවලස්සන ලෙස සිතා දන්ත වෛද්‍යවරයෙකු හමුවී පියවා ගන්නට උත්සාහ කළොත් නම් ඒ වාසනාව ඔබ අහිමිවෙලා යන්නට පුළුවන්. 

මේ කතා කරන්නේ දිව එළියට දාන්නට තරම් විශාල සිදුරු දත් අතර ඇති ඔබ ගැනයි.නමුත් ඔබට මෙය සාමාන්‍ය පරිදි ක්‍රියා කරන්නට බාධාවක් පෙනුමට විශාල බාධාවක් නම් ඒ සඳහා දන්ත වෛද්‍යවරයෙකු හමුවී පිළියමක් යෙදුවත් එවැනි ගැටළුවක් ඔබට නැත්නම් ඒ හිඩැස ගැන ඔබ එතරම් කලබලයට පත් වෙන්නට එපා. මොකද එය ඔබට වාසනාව ගෙන එන ලකුණක් නිසා.

ඉතා ඉහළ බුද්ධියක් ඇති බව ඉදිරිපස දත් අතර හිඩැසක් ඇති බොහෝ අය ඉතා නිර්මාණශීලියි. ඒ විතරක් නෙවෙයි අතිශය බුද්ධිමත්. මේ ලක්ශණය ඇති අය වඩාත් උනන්දුවෙන් වගේම උද්වේගයකින් කටයුතු කරන අය වෙනවා.ඒ නිසා ජීවිතයේ බොහෝදේ   ළඟා කරගන්නා  සාර්ථක අයෙක් වන්නට ඇති ඉඩකඩ මේ පුද්ගලයන් තුළ ඉතා  ඉහළයි.

නිර්භීත බව දත්වල ඇති හිඩැස් ඔබ ආත්ම විශ්වාසයෙන් සහ නිර්භීත බවින් යුත් අයෙක් බව පෙන්නුම් කරන ලක්ෂණයක්. කොතරම් අවදානම් සහිත කටයුත්තකට වුණත් නොබියව මුහුණ දෙන්නට එවැනි පුද්ගලයන්ට හැකියාව තියෙනවා.  ඕනෑම අභියෝගයක් භාර ගෙන එය හැකි උපරිමයෙන් කරන්නට උත්සාහ කරන ඔබ එයින් සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට නිතරම කැපවෙන  අයෙක්.දත් අතර හිඩැස විශාල වෙන තරමටම ඒ පුද්ගලයාගේ නිර්භීත බව තවදුරටත් වැඩි වෙනවා.

මූල්‍ය  කළමණාකරණය මූල්‍ය  කළමණාකරණය හොඳින් පවත්වා ගන්නට මේ පුද්ගලයන්ට හැකියාව තියෙන බව සඳහන්. විශේෂයෙන්ම හිඩැස් ඇති පුද්ගලයන් අතිශය බුද්ධිමත්  අය වීමේ ඇති හැකියාව නිසාම මූල්‍ය කළමණාකරණයත් බුද්ධිමත් ලෙස සිදු කිරීම නිසා ආර්ථික වශයෙන් ශක්තිමත් බවක් ඔවුන්  නිර්මාණය කර ගන්නවා.

දොඩමලු බව දත්වල හිඩැස්  තිබෙන පුද්ගලයන් තුළ තිබෙන වැඩිදෙනෙක් කැමත්තක් නොදක්වන ගුණාංගයක් තමයි නිතරම දොඩමලු බව. දවස මුළුල්ලේම වෙහෙසකින් තොරව මෙසේ දොඩමලු වීමට ඔවුන්ට අපූරු හැකියාවක් තියෙනවා.

දත් අතර හිඩැස් තියෙන අයෙක් නම් ඔබටත් මේ ලක්ෂණ  ඇත්දැයි  බලන්න. ඒ වගේම ඔබේ පෙනුමට බාධාවක් නොවන්නේ නම් හෝ මේ දත් පිරවීමක් ඕන වෙන්නෙත් නැහැ.