නීරෝගීමත් ලස්සන දරුවෙක් ලබාගන්න ගැබිනි මවක් අදම කර යුතු දේවල් 11 ක්

health tips

සෑම මවක් පියෙක්ම තමන්ගේ දරුවා රුවෙන් ගුණෙන් වැඩි දරුවෙක් වෙනවා දකින්න බොහෝ කැමතියි. ඒ නිසාම සෑම මවක්ම  දරුවෙකු පිළිසිද ගත් දා පටන්  තමන් එතෙක් ගත කළ ජීවන රටාව  සම්පූර්ණයෙන්ම වෙනස් කර ගන්නවා. කරන කියන දේවල් සිතන පතන දේවල් වගේම ලබා ගන්නා ආහාර ගැනත් විශේෂ සැලකිල්ලක් දක්වනවා. මොකද මව සිදු කරන සෑම දෙයක්ම දරුවාට හිතකර ලෙස හෝ අහිතකර ලෙස බලපාන නිසාවෙන්. රුවෙන් බුද්ධියෙන් වැඩි නීරෝගී දරුවෙක් බිහි කිරීම සෑම මවකගේම අපේක්ෂාව නිසා ගැබිනි මවක් ඒ වෙනුවෙන් ගත යුතු ආහාර මොනවද කියලා දැන ගත යුතු වෙනවා. ගැබිනි මවක් ගත යුතු ආහාර සහ නොගත යුතු ආහාර වගේම වැඩිපුර ලබාගත යුතු ආහාරත් මධ්‍යස්ථව ලබාගත යුතු ආහාරත් පවතිනවා. අද අප කතා කරන්නේ බුද්ධිමත් ලස්සන දරුවෙක් බිහි කරන්නට ඔබ ආහාරයට ගත යුතු ආහාර වර්ග මොනවාද  කියලා ඔබව දැනුවත් කරන්නටයි.

දොඩම් දොඩම් ගැබිනි ඔබ හැකිතාක් ආහාරයට එකතු කර ගත්තාට වරදක් වෙන්නේ නැහැ. නමුත් මේ දොඩම් වස විසෙන් තොරව විශ්වාසවන්ත ස්ථානයකින් ලබා ගන්නට මතක තබා ගන්න. විටමින් C බහුලව අඩංගු වෙන දොඩම් දරුවාගේ වර්ධනයට බෙහෙවින් වැදගත් වෙන විටමිනයක්.එය විශේෂයෙන්ම පැහැපත් දරුවෙක් ලබා ගන්නට උදව් වෙනවා.

ආමන්ඩ් ගර්භනී සමයේදී මවක් ගත යුතුම ආහාරයක් තමයි ආමන්ඩ් කියන්නේ. ආමන්ඩ්වල කැල්සියම්, මැග්නීසියම්, ප්‍රෝටීන් , විටමින් E වගේම තන්තුත් බහුලවම අඩංගු වෙනවා. මේ ආමන්ඩ් සතු ප්‍රෝටීන් දරුවාගේ වර්ධනය හොඳින් සිදු  වෙන්නට හේතුවෙනවා. හොඳ උපත් බරක් සහිත දරුවෙක් ලබා ගන්නට වගේම විටමින් ඊ වලින් සමන්විත ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් දරුවාගේ සම පැහැපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේවායේ අඩංගු තන්තු හේතුවෙන් ගැබිනි සමයේ මවට ඇතිවන මලබද්ධය ආදී තත්ත්වයන් ද වළක්වනවා. ඒ විතරක් නෙවෙයි ආමන්ඩ් සතු කැල්සියම් මැග්නීසියම් දරුවාගේ අස්ථි ශක්තිමත් කරන්නටත් දායක වෙනවා.

පොල් උපදින දරුවා පැහැපත් වන්නට නීරෝගී වන්නට මවක් ආහාරයට ගත යුතුම ආහාරයක් තමයි පොල් කියන්නේ. ඒ වගේම මවට ඇතිවන මලබද්ධය ගෑස්ට්‍රයිටීස් ආදී තත්ත්වයන් සමනයටත් පොල් ඉතාම වැදගත්. ගැබිනි සමයේ දේහයේ  ජල මට්ටම හොඳින් රඳවා තබා ගන්නත් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් පොල්වලට හැකියාව තියෙනවා. ඒ නිසා ළපටි පොල් කුරුම්බා මදය ගර්භනී මවක් සඳහා ඉතාම සුදුසුයි.

මහදුරු ආහාර සඳහා එකතු කරන මහදුරු ගර්භනී සමයේ දී ආහාරයට එකතු කර ගැනීම මගින් ප්‍රතිලාභ බොහොමයක්ම ලබා ගන්නට පුළුවන්. එය දරුවාගේ සම පැහැපත්ක් කර ගන්නට වගේම ගැබිනි මවකගේ මුල් මාස කිහිපයේදී ඇතිවන ආහාර අරුචිය වමනය සහ ඔක්කාරය සමනය කර ගන්නත් දායක වෙනවා.

ගිතෙල් ගැබිනි මවකට දරු ප්‍රසූතියේදී ඒ අපහසුතා අඩුකර ප්‍රසූතිය පහසු කරන්නට ගිතෙල් ආහාරයට ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ විතරක්ම නෙවෙයි ඔබේ දරුවා නීරෝගී ලස්සන දරුවෙක් කරන්නත් මේ ගිතෙල් ආහාරයට එකතු කර ගැනීම වැදගත්.

බිත්තර බිත්තරවල ප්‍රෝටීන් යකඩ ආදී පෝෂක බහුලවම අඩංගු වෙන නිසා එය දරුවාගේ පැහැය වැඩි කරන්නත් වර්ධනය හොඳින් සිදු කරන්නත් දායක වෙනවා.  දරුවාගේ වර්ධනය සඳහා වඩාත් වැදගත් වෙන්නේ බිත්තර සුදු මදයයි.

කෙසෙල් ගැබිනි සමයේදී ආහාරයට ගත යුතුම පලතුරක් වන කෙසෙල්වල  පොටෑසියම් බහුලයි. මේ පොටෑසියම්  ගර්භනී සමයේදී සිදුවන වමනය,  ඔක්කාරය පාලනය කරනවා.

අඹ විටමින් සී සහිත තන්තු බහුල පලතුරක් වෙන අඹවල ෆෝලික් අම්ලය සහ යකඩත් බහුලවම අඩංගු වෙනවා. මේ නිසා බුද්ධිමත් දරුවන්  බිහිවීමටත් දරුවාගේ සම පැහැපත් කිරීමටත් ගැබිනි මවක් අඹ ආහාරයට එකතු කර ගත යුතු වෙනවා.

ඇපල් වස විසෙන් තොර ඇපල් ගැබිනි මවක් ආහාරයට ගන්නේ නම් එය පසුකාලීනව දරුවාට හතිය රෝගය වැළදීමේ අවදානම බොහෝදුරට අඩු කරනු ලබනවා.

ෆෝලික් ඇසිඩ්  බහුල ආහාර ෆෝලික් අම්ල බහුල ආහාර ගැබිනි සමයේදී ලබා ගැනීම දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත් කරන්නට හේතු වෙනවා. නිවිති, මුකුණුවැන්න, කරපිංචා, සලාද, මල් ගෝවා, සාරණ, ගොටුකොළ ආදී කොළ ආදී සෑම එළවලුවකම ෆෝලික් අම්ලය අඩංගු වෙනවා.  පිසින ලද නිවිති කෝප්පයකින් මයික්‍රො ග්‍රෑම් 263 ක් තරම් ප්‍රමාණයක් ෆෝලික් අම්ලය අඩංගු වෙනවා. බීට්, බණ්ඩක්කා, මෑකරල්, බ්‍රොකෝලි, වට්ටක්කා, හතු ආදී එළවලු, සෝයා, බෝංචි, මුං, උදු කව්පි, පරිප්පු, කඩල, බෝංචි ඇට, මුං ඇට ආදී ධාන්ය වර්ග, කෙසෙල්, අලිගැට පේර, මිදි අන්නාසි, ඇඹරැල්ලා, පැපොල් නැවුම් පලතුරු, ආදියේ ද ෆෝලික් අම්ල බහුලවම අඩංගු වෙනවා.

මේ ෆෝලික් අම්ලය දරුවාගේ මොළය වර්ධනය කරන අතර ඔටිසම් රෝගය සහිත දරුවන් ලැබීම 40 % කින් පමණ අඩුකර ගන්නටත් මේ ආහාරවලින් හැකියාව ලැබෙනවා.

යකඩ බහුල ආහාර බුද්ධිමත් දරුවන් බිහිකර ගන්නට තද කොළ පැහැ එළවලු, කුකුල් මස්, නිවිති අලිගැට පේරා ආදී  යකඩ බහුල ආහාර අත්‍යවශ්‍ය වෙනවා. මෙමගින් ස්නායු පද්ධතිය හොඳින් වර්ධනය කරන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා.

ඒ වගේම අලි ගැට පේර , දෙළුම්, කිවි,යෝගට්, ගොටුකොළ එකතු කළ කොළ කැඳ, එළකිරි සමඟ සැෆ්‍රන්  රේණු 2 ක් දමා පානය (ව්‍යාජ සැෆ්‍රන් නොව මේ සඳහා නියම  සැෆ්‍රන් සපයා ගැනීමට උත්සාහ කරන්න.) කිරීම මගිනුත් පැහැපත් දරුවෙක් වගේම බුද්ධිමත් දරුවෙක් ඔබට  බිහි කරන්නට හැකියාව ලැබෙනවා.