අද අපි කතා කරන්නේ ලාංකීය අපි හැමෝම නිතරම ආහාරයට එකතු කර ගන්නා එළවළුවක් ගැන. කැරට් කැරට් අල වගේම කැරට් කොළත් අපේ ආහාරය පිණිස භාවිතයට ගන්නට පුළුවන්. කැරට් ආහාරයට ගැනීමෙන් බොහෝමයක් සෞඛ්‍ය ප්‍රතිලාභ අපිට ලබාගන්නට හැකියාව තියෙනවා. කැරට් සතුව අපේ සිරුරේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා .
කැරට් ව්‍යාංජනයක් විදිහට, සලාදයක් විදිහට පානයක් විදියට විතරක් නෙවෙයි වෙනත් ආහාර රස ගැන්වීම සඳහාත් නිරන්තරයෙන්ම භාවිතයට ගැනෙනවා. නමුත් කැරට් වඩාත් පෝෂණීය ආහාරයක් වෙන්නේ ඒවා අමුවෙන් ආහාරයට එකතු කර ගැනීමෙන්. කැරට් භාවිතා කරලා සකස් කරන කැරට් පානය අපිට සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලබා දෙන්නට සමත් වෙනවා. එහි ප්‍රතිඔක්සිකාරක බහුලයි. බීටා කැරොටින්, විටමින් සහ ඛනිජ ලවණවලින් ද ඉතාම පොහොසත්.
මේ කැරට්වල ශරීරයට හිතකර ප්‍රෝටීන, විටමින් ඒ, විටමින් බී, විටමින් සී, මේදය, ජලය, තයමින්, රයිබොෆ්ලේවීන්, ෆෝලික් අම්ලය ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. මේ පෝෂණීය අගය නිසාම කැරට් යුෂ අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල්වල වඩාත් ජනප්‍රිය පානයක් බවටත් පත්වෙලා .

කැරට් යුෂ පානය සකසා ගන්නේ කොහොමද-මේ සඳහා කැරට් අල එකක් හෝ දෙකක් ප්‍රමාණවත් වෙනවා. මේවායේ පොතු ඉවත් කරගෙන කැබලිවලට කපා එයට ප්‍රමාණවත් පරිදි සීනි, ලුණු සහ ජලය එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු මෙය හොඳින් පෙරා ගෙන දෙහි යුෂ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මේ රසවත් පානය රසවිදින්න .
ඔබට අවශ්‍ය නම් මේ පානය සකසා ගැනීමේදී සීනි වෙනුවට මී පැණි භාවිතා කරන්න පුළුවන්.
මෙහි පෝෂණීය අගය වැඩි කරගන්නට ඔබට වෙනත් එළවළු සහ පලතුරු එකතු කර කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ රසවත් පානය අපේ ශරීරයට ප්‍රතිලාභ ගොඩක් ලබාදෙනවා.
කැරට් යුෂ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ
අක්ෂි රෝග නිවාරණය කරනවා.කැරට්වල අඩංගු වෙන විටමින් A සහ බීටා කැරොටින් ඇස්වල පෙනීම වර්ධනය කරමින් අක්ෂි රෝග සමනය කරනවා. නිතර නිතර කැරට් පානය කිරීම ඇස්වල නිරෝගි බව ආරක්ෂා කරන්නට විශාල වශයෙන් දායක වෙනවා.
කුරුලෑ සඳහා ඉතාම හිතකරයි.කැරට්වල අඩංගු වෙන විටමින් A කුරුලෑ සමනය කරමින් නැවත කුරුලෑ ඇති වීම පාලනය කරනවා. එනිසාවෙන් කුරුලෑ සඳහා ඉතාම හොඳ ප්‍රතිකර්මයක් විදිහට කැරට් යුෂ පානය සඳහන් කරන්න පුළුවන්.
හිස්කෙස් සම්බන්ධ ගැටලු නිරාකරණය කරනවා.කැරට්වල අඩංගු වෙන විටමින් ඒ, බී, සී සහ ඊ ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් අකලට ගැලවී යාම නිට්ටාවටම සුවපත් කරමින් හිසකෙස් වර්ධනය කිරීම වේගවත් කරනු ලබනවා. නිතර කැරට් ආහාරයට ගැනීමෙන් වගේම පානයක් ලෙස සකසා දිනපතා පානයට ගැනීමෙන් මේ ප්‍රතිලාභ ඔබට අත්කරගත හැකියි.
සම පෝෂණය කරනවා.කැරට් සමට ඉතාම හිතකර ආහාරයක්. දිනපතාම කැරට් පානයට ගැනීමෙන් එහි අඩංගු විටමින්, පොටෑසියම්, කැරොටීන් ආදී පෝෂක සමේ අඳුර ලපකැලැල් ආදිය ඉවත් කර සම එල්ලා වැටීම වළක්වන්නට උදව් වෙනවා. සම පෝෂණය කර සමෙහි පැහැපත් බව වර්ධනය කරනවා. විශේෂයෙන්ම සමේ තෙතමනය රඳවා ගනිමින් හිරු කිරණින් සමට ඇතිවන බලපෑම අවම කරනවා.
බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා.
පිළිකා ඇතිව වීමේ අවදානම අඩු කරනවා.කැරට් වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මුත්‍රාශයේ පිළිකා ඇතිවීමේ අවදානම අඩුවන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම කැරට් ලියුකේමියාවට ප්‍රතිකාර කිරීම සඳහා ජෛව ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍යවල විශිෂ්ට ප්‍රභවයක් විදිහටත් සැලකෙනවා.
මොළයේ සෞඛ්‍යය වැඩි දියුණු කරනවා.කැරට් යුෂවල ඇති බීටා කැරොටින් අපේ මතක ශක්තිය වැඩි දියුණු කරන්න උදව් වෙනවා විතරක් නෙවෙයි වයස්ගත වෙද්දි මතකය සම්බන්ධ ගැටළු ඇතිවීමේ අවදානම අඩු කිරීමේ හැකියාවත් කැරට් සතු වෙනවා .ඒ වගේම කැරට්වල අන්තර්ගත වෙන පොටෑසියම් ආඝාතය ඇති වීමේ අවදානමත් අඩු කරනවා.

ශරීරය සිසිල් කරනවා.කැරට්වල අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරයේ උෂෂ්ණත්වය සමනය කර එනිසා ඇතිවෙන දැවිල්ල කුෂ්ඨ සහ තුවාල ආදියත් සුවකර ගන්නට උපකාරී වෙනවා.
- අස්ථි ශක්තිමත් කරනවා.
- රුධිර පීඩනයෙන් ආරක්ෂාව සලසනවා.
- ආහාර ජීර්ණය පහසු කරනවා.
- මලබද්ධය ඇතිවීම වළක්වනවා.
- ශරීරයේ විෂ නැසීමට උපකාරී වෙනවා
- හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
- ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරනවා.
- ආමාශයේ රෝග නිවාරණය කරනවා.
- අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
- මතක ශක්තිය වැඩි දියුණු කරනවා.
- ස්නායු ශක්තිමත් කරනවා.
- පණු රෝගවලට ගුණදායකයි.
කැරට් කොතරම් ගුණදායක වුණත් දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට නිතරම කැරට් ආහාරයට ගැනීම හිතකර නොවන වග මතකයේ තබා ගන්න. ඒ වගේම කැරට් යුෂ පානය කිරීමේ දී යහපත් ප්‍රතිලාභ ලබාගන්නට නම් වස විසවලින් තොර නැවුම් කැරට් භාවිතා කරන්නට සැලකිලිමත් වෙන්න. ඒ වගේම අධික ලෙස ප්‍රමාණය ඉක්මවා කැරට් පානය කිරීම ඔබේ සෞඛ්‍යයට හිතකර නොවන බවත් මතක තබා ගන්න .