ඕනෑම දණහිස් වේදනාවක් එක රැයෙන් සුව කරන ස්වභාවික පානයක්

health tips

තරුණ වයස ඉක්මවීමත් එක්ක ගොඩක් දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්න අපහසුතාවක් තමයි දණහිස්වල ඇතිවන වේදනාව. දණහිස්වල වේදනාවන් විවිධ හේතූන් මත ඇති වුණත් එයට ප්‍රබලම හේතුවක් විදිහට බලපාන්නේ අස්ථි සම්බන්ධ වන ඛණ්ඩනීය සහ ස්නායු ඇදීමට ලක්වීම නිසා. මේ වේදනාව ඇතිවීම අනෙකුත් ශාරීරික වේදනාවන්වලට දෙවැනි නොවන පීඩාකාරී තත්ත්වයක්. නිසි කාලයේ දී හඳුනාගෙන ඒ සඳහා පමා නොවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් මේ ආබාධ බොහෝ දුරට සුවපත් කරගන්නට අපට හැකියාව තියෙනවා.  මුල් කාලීනව මේ දණහිස් වේදනාව සඳහා අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා නොදුන්නොත් ආතරයිටිස් වගේ රෝග තත්ත්වයක් දක්වා වුණත් එය වර්ධනය වීමේ හැකියාව පවතිනවා.

 දණහිස් වේදනාවට බලපාන හේතු

  • වයස්ගතවීමත් සමඟ අස්ථි ගෙවීයාම 
  • ආතරයිටිස් රෝගය 
  • දණහිස් ආශ්‍රිත අස්ථි වෙනස් වීම
  • අධික බර ඉසිලීම
  • ක්‍රීඩා කටයුතු හෝ නර්තනය 
  • විවිධ  අනතුරු

 මෙහිදී දණහිස්වල වේදනාවට අමතරව දණහිස් ආශ්‍රිත ප්‍රදේශය ඉදිමීම, දණහිස් නවන විට සහ දිගහරින විට දැඩි වේදනාවක් දැනීම, දණහිස් අවට රතු වීම කියන ලක්ෂණ දැක ගන්නටත්  ලැබෙනවා.

මේ රෝග තත්ත්වය සඳහා දේශීය වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුළත්  විවිධ ප්‍රතිකාර තියෙනවා. නමුත් අපි අද කියලා දෙන්නේ ස්වභාවික වට්ටෝරුවක් ආශ්‍රය කරගත් පිළියමක් ගැන.

මේ පානය සකසා ගන්නේ මෙහෙමයි  

තල ඇට මේස හැදි 4ක්-කැල්සියම් බහුල ධාන්‍ය වර්ගයක් වන තල ඖෂධීය ගුණාංග රාශියකින්ම සමන්විතයි. ඒ නිසාම අතීතයේ සිට ආයුර්වේදය තුළ වටිනා  ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා. මේ තලවල විටමින් සහ ඛනිජ ලවණ එකතුවක් පවතින නිසා එය නිසැකයෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාරයක්. විශේෂයෙන්ම තල ඇටවල පොස්පරස්, කැල්සියම්, සින්ක් වගේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණ අඩංගු වන අඩංගු නිසා අස්ථි ශක්තිමත් කරන්නට සහ සෞඛ්‍ය සම්පන්නව තියාගන්නට එය සුවිශාල කාර්යභාරයක් ඉටු කරනවා. එනිසා ඔස්ටියෝපොරෝසිස් වගේ රෝග තත්ත්වයන් ඇතිවීමත්  වළක්වනවා.

 වට්ටක්කා ග්‍රෑම් 40 ක් -වට්ටක්කා ඇටවල ප්‍රෝටීන්, සෞඛ්‍ය සම්පන්න මේදය සහ තන්තු සැලකිය යුතු මට්ටමකින් අන්තර්ගත වෙනවා. ඒ හැරුනහම සින්ක්, මැග්නීසියම්, මැන්ගනීස්, තඹ ප්‍රතිඔක්සිකාරක සහ ෆයිටොස්ටෙරෝල් ආදී වටිනා පෝෂ්‍ය  පදාර්ථවලින් ද වට්ටක්කා ඇට සමන්විත වෙනවා. වට්ටක්කා බීජවල ප්‍රතිඔක්සිකාරක ගුණ පවතින නිසා ආතරයිටිස් වේදනාව අඩු කරනවා. සන්ධිවල වේදනාවට ප්රතිකාර කිරීම සඳහාත්  මේවා උදව් වෙන්නේ ඒ නිසාමයි. 

රසයෙන් තොර ජෙලටින් මේස හැඳි දෙකක්-ජෙලටීන් නමින් හඳුන්වන්නේ වර්ණයකින් තොර සතුන්ගේ අස්ථිවලින් හටගන්නා කොල්ජන් වර්ගයක්. ආහාර සඳහා භාවිතා කරන ජෙලටීන්  සෞඛ්‍ය ප්‍රතිලාභ ගොඩක් අපිට ලබා දෙනවා. ඒ අතරින් අස්ථි ශක්තිමත් කරන්නට විශේෂ දායකත්වයක් ලබා දෙනවා. ජෙලටීන්වල කොන්ඩ්‍රෙයිටීන් අඩංගු වෙන නිසා ආතරයිටිස්වල දී ඇතිවන වන වේදනා පවා අඩු කරන්නටත්  සන්ධි තදවීම් නැති කරන්නටත්  කාටිලේජ නිසි පරිදි වර්ධනය කරන්නටත්  උදව් වෙනවා. ඒ  නිසා දණහිස ආශ්‍රිත වේදනාවලින් පෙළෙන අයටත් ජෙලටීන් කියන්නේ හිතකර ආහාරයක්.

වියලි මිදි මේස හැඳි තුනක්-කැල්සියම්, යකඩ, පොටෑසියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, සින්ක්, විටමින්, විටමින් k, විටමින් a, විටමින් b ආදි  විවිධ පෝෂක සංඝටකවලින් පරිපූර්ණ වියළි මිදි  ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක්. විශේෂයෙන්ම වියළි මිදිවල අඩංගු වෙන බෝරෝන් වයස්ගත වෙද්දි කාන්තාවන්ට ඇතිවිය හැකි අස්ථි දුර්වලතා මගහැර ඔස්ටියෝපොරෝසිස් වගේ රෝග ඇතිවීමේ අවධදානමත්  අඩු කරනවා .

හණ ඇට මේස හැඳි අටක් -අපේ ශරීරයට වඩාත් ගුණදායක ධාන්‍ය වර්ගයක් තමයි හණ ඇට. මේ හණ ඇට දුඹුරු පැහැයෙන් වගේම රන්වන් පැහැයෙන් වර්ග දෙකක් දකින්නට ලැබෙනවා. නමුත් එහි පෝෂණ ගුණයන් එක හා සමානයි. හණ ඇටවල ප්‍රෝටීන්, තන්තු, ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු ප්‍රමාණයක් ද B1 B6 කැල්සියම්, යකඩ  මැග්නීසියම්, පොස්පරස්,  පොටෑසියම් වැනි පෝෂක  සංඝටක රාශියක් ද අන්තර්ගත වෙනවා. 

මී පැණි ග්‍රෑම් දෙසීයක්-මී පැණි අපේ දේහයට ලබාදෙන පෝෂණය ඉතාම ඉහළයි. ඒ වගේම වටිනා කියන ඖෂධ යක්. එනිසාවෙන් විවිධ බෙහෙත් වට්ටෝරු සඳහා මී පැණි භාවිතයට ගැනෙනවා .

සකසා ගන්නේ මෙහෙමයි -පිට පොත්ත ඉවත් කරගත් තල ඇට සහ පිරිසුදු කරගත් අනෙකුත් අමුද්‍රව්‍ය දමා හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. මෙසේ සකසා ගත් පේස්ට් එක ජීවානුහරණය කරගත් බෝතලයකට දමා උදේ ආහාරයට පෙර සහ සවස  ආහාරයට පෙර දිනපතා මේස හැන්දක  ප්‍රමාණයක් පරිභෝජනය කරන්න.

මෙහි  අඩංගු විශ්මිත පෝෂණ ගුණය දින කිහිපයක් ඇතුළත දී හානි වී ඇති කාටිලේජ හා කණ්ඩරා වර්ධනය කර දණහිස වේදනාවලට  සුවපත්භාවයක් ලබා  දෙනවා.ඔබ පෝෂණ අතිරේක ආදිය ලබා ගන්නේ නම් මෙය භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් පිළිපදින්න .