එක රැයෙන් ඕනෑම ඇනුණු කටුවක් අද්දවන ස්වභාවික ක්‍රම 9 ක්

health tips

ලොකු පොඩි භේදයකින් තොරව හැමෝටම වගේ  අත්විඳින්නට සිදුවන අනතුරු අතර නිතරම සිදුවෙන කරදරයක් තමයි කුමක් හෝ කටුවක් ශරීරයේ ඇනීම. මේවා ඇතැම් වෙලාවට ඉතාම විෂ සහිත වුණොත් එය  ශරීරයට ඉතාම හානිකර විදිහට බලපානවා. ඒ වගේම දැඩි ලෙස වේදනා ගෙන දෙනවා. ඒ වගේ අවස්ථාවලදී නිවසේදී ඒ කටුව වේදනාවකින් තොරව ඉවත් කරගන්නට විෂ අද්දවා ගන්නට ඕන කරන පිළියම් පිළිබඳව දැන සිටීම හරිම වැදගත්. 

 ඔබ වත්ත පිටියෙ ඇවිදින අවස්ථාවලදී පාවහන් පැලඳ සිටියත් නැතත් මේ වගේ අනතුරකට ඕනම වෙලාවක මුහුණ දෙන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම දැනුවත් කළ යුතු කාරණාව තමයි යකඩ ඇණ හෝ වීදුරු කැබලි ඇණුන අවස්ථාවකදී නම් මේ වගේ අත් බෙහෙත් කිරීම යෝග්‍ය නොවන බව. මෙවැනි අවස්ථාවලදී අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතුයි. ඒ බවත් සිහියේ තබාගෙනම අපි බලමු මේ වගේ අනතුරකදී අපිට එයින් මිදෙන්නට ඒ කටුව ඉවත් කර ගන්නට භාවිතා කරන්නට හැකියාව තියෙන අත් බෙහෙත් මොනවද කියලා.

 මුලින්ම කටුව ඇනුණු විගසම ඒ ස්ථානය හොඳින් සෝදා රෙදි කඩකින් තෙත  ඉවත් කරගන්න. ඉන්පසුව කටු ඇද්දව වීම සඳහා වූ ප්‍රතිකර්ම ඔබට භාවිතයට ගන්නට පුළුවන්.

  • ඉතා තුනීවට කපාගත් අර්තාපල් පෙත්තත් කටු ඇණුනු ස්ථානයේ තබා වෙලා රැයක් තිබෙන්නට හැර පසුදා ඉවත් කර බලන්න.
  • කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්තේ කටුව ඇණුනු ස්ථානයේ  තබා ප්ලාස්ටරයක් ගසා රැයක් තියෙන්නට හැර පසුදා ගලවා ඉවත් කරන්න.
  • බේකින් සෝඩා ස්වල්පයකට ජල බින්දු කිහිපයක් එකතු කර එය ආලේපයක් විදියට සකසා කට්ට ඇණුනු  ස්ථානයේ ගල්වා  පැය විසි හතරක් තිබෙන්නට හැර බලන්න.

 ආයුර්වේද පිලියම්  

  • රසතැල් කොල, කලුදුරු, අමු කහ කයිප්පු සහ පැපොල් මුල් පොල් කිරෙන් අඹරා කටු ඇනුණ ස්ථානයේ අඹරා බදින්න.
  • කටු ඇනුණු ස්ථානය හොඳින් සෝදා දෙහි කටුවකින් පාදා ගස්ලබු කිරි දමා බඳින්න.
  • පෙරුම්කායම්, බත් දංකුඩ, කඩු පහර, පොල් කිරෙන් තම්බා කටු ඇනුණු ස්ථානයේ බඳින්න.
  • සීනි, පොල් සහ කහ මිශ්‍ර කර කටු ඇනුණු තැන බඳින්න.
  • දිවිකදුරු පොතු, දිවිකදුරු කොල, කිරි සහ අමු කහ සමඟ අඹරා කටුව ඇනී ඇති  ස්ථානයේ බඳින්න. 
  • සීනි සහ ගා ගත් පොල් මලවා බදින්න.
  • ලුණු වතුර සහ පොල් තෙල් එකට කලවම් කර කකාරා මද රස්නයෙන් බදින්න .
  • කටුපිල දඩු, කටුපිළ මුල්, හාල් සෝදා ගත් වතුරෙන් තම්බා   අබරා ගාන්න.

( මෙය විෂ කටුවල විෂ ඉවත් කරගන්නට උදව් වෙනවා. වරු 3 ක් මේ පිළියම කිරීම ප්‍රමාණවත්.) නමුත් ඉදිමීම, අධික වේදනාව සහ වෙනත් අපහසුතා ඇත්නම් මෙවැනි සත්කාර සිදු කරනවාට වඩා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවට ගොස් අදාළ ප්‍රතිකාර කර ගැනීමට කටයුතු කරන්න.