සති දෙකෙන් මුහුණේ ලප කැලැල් ඉවත් කර මුහුණ පැහැපත් කරන සත්කාර 6 ක්

health tips

ධාන්‍ය වර්ග අපේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. මේ ධාන්‍ය වර්ග අතරින් වඩාත් ගුණදායක ධාන්‍ය වර්ගයක් තමයි මුං ඇට. මුං ඇට ආහාරයට ගැනීමෙන් ඉහළ පෝෂණ ගුණයක් අපේ සිරුරට ලැබෙනවා. ඒ  වගේම තමයි රූපලාවණ්‍ය සත්කාර සඳහා යොදා ගැනීමෙන් කෙනෙකුට දෙපාරක් හැරිලා බලන්න හිතෙන රූප ස්වභාවයක් හිමිකර ගන්නත්  පුළුවන්. 

 මුං ඇට ස්වභාවික ආහාරයක් වන නිසා  ඕනෑම සමකට සත්කාර පිණිස භාවිතා කරන්නට හැකියාව තියෙනවා. කුරුලෑ සහිත සමකට පවා මේ සත්කාර වඩාත් යෝග්‍යයි. දීප්තිමත් පැහැපත් සමක් උරුම කර ගන්නට මුං ඇට භාවිතා කරන විදිය ගැනයි අපි අද ඔයාට කියන්නේ. 

 කුරුලෑ සහිත සමකට

  • මුං ඇට 
  • එළඟි තෙල්

මුං ඇට ස්වල්පයක් රැයක් පුරාවට පෙගෙන්නට දමන්න.පසුවදා ඒවා  හොඳින් අඹරා ගන්න. ඉන්පසුව එළඟිතෙල් ස්වල්පයක් සමඟ මිශ්‍රකර පිරිසිදු කරගත් මුහුණේ  හොඳින් ආලේප කර සම්බාහනය කරන්න. මද වේලාවකින් සෝදා හරින්න.

 මේ ආලේපනය ශීතකරණයේ කල්තබා ගැනීමට හැකියාවත් පවතිනවා. මේ මිශ්‍රණය සතියකට දෙවරක් ඔබේ මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ ආසාදන වගේම ලප කැලැල් ඉතා ඉක්මනින් නැති කරගන්නට පුළුවන්.

  • මුං ඇට
  •  කහ
  •  යෝගට්

 මුං ඇට අඹරා එයට යෝගට් සහ කහ ස්වල්පයක් එකතු කර මිශ්‍රණයක් ලෙස සකසා ගෙන මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ නැතිකර ගන්නට පුළුවන්. මෙයට ඔබට අවශ්‍ය නම් දෙහි ස්වල්පයකුත් එකතු කරන්න හැකියාව තියෙනවා. 

ලප කැලැල් සහිත සම සඳහා කුරුලෑ නිසා ඇති වෙන ලප කැළැල් නිසා බොහෝ තරුණයෝ තරුණියන් පීඩාවට පත්වෙලා ඉන්නවා. මෙසේ පීඩාවට පත්වෙලා ඉන්න ඔබට මුං ඇට භාවිතා කරලා මේ ලප කැළැල් ස්වභාවිකවම ඉවත් කරගන්නට හැකියාව තියෙනවා.

 මේ සඳහා  මුං ඇට ස්වල්පයක් අඹරා ආලේප කිරීම පමණයි කළ යුත්තේ.  එය සතියකට දින කිහිපයක් සිදු කිරීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

  • මුං ඇට 
  • මී කිරි 

මං ඇට පිටි වශයෙන් ගෙන ඒවාට මී කිරි ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් කහ ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ ඇති විෂබීජ ඉවත් වෙලා කුරුලෑ නිසා හටගත් ලප කැළැල් ආදිය ඉවත් වෙනවා.මෙය කුරුලෑ ආසාදනයන් පාලනය කරගන්නටත්  උදව්වෙන සත්කාරයක් .

 වියළි සම සඳහා

  • මී කිරි
  • මුං ඇට 

රැයක් පුරාවට මුං ඇට ස්වල්පයක් පොගවා ගෙන උදෑසන ඒවා අඹරා මී කිරි සමඟ මිශ්‍ර කර මුහුණේ ගෙලේ ආලේප කිරීමෙන් සමේ ඇති වියළි බව නැති කරගන්න පුළුවන්. මොකද මුං ඇටවලට හැකියාව තියෙනවා අපේ සමේ තෙතමනය හොඳින් ආරක්ෂා කරන්නට. ඔබට මේ සත්කාරය සතියකට කිහිප වරක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. 

දීප්තිමත් සමක් සදහා

  • මුං ඇට 
  • මී පැණි
  • පොල් තෙල්

 රැයක් පෙඟෙන්නට තබා අඹරාගත් මුං ඇටවලට මී පැණි සහ පොල් තෙල් ස්වල්පය බැගින් එකතු කර හොඳින් මිශ්‍රකර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි විස්සක් තියෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න. මේ සත්කාරය දවසක් හැර දවසක් සිදු කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

  •  මුං ඇට 
  •  බිත්තර සුදු මද
  •  මී පැණි

 පෙඟෙන්නට දමා හොඳින් අඹරා ගත් මුං ඇට, බිත්තර සුදු මදය සහ මී පැණි එකතු කර හොඳින් කලවම් කරන්න. මෙසේ සකසා ගත් මිශ්‍රණය මුහුණේ ගෙලේ ආලේප කර විනාඩි 45ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. 

මුං ඇටවලින් ස්ක්‍රබ් එකක් විවිධ රසායනික එකතු කරපු ස්ක්‍රබ් භාවිතා කරනවාට වඩා සම හොඳින් පිරිසිදු කරගන්නට, මැරුණු සෛල ඉවත් කර ගන්නට, සම පැහැපත් කර ගන්නට ස්වභාවික ස්ක්‍රබ් එකක් ලෙස මුං ඇට භාවිතා කරන්න පුළුවන්. මුං ඇට පොඩි කර නැත්නම් අඹරාගෙන එය අත් කහ ස්වල්පයක් සමඟ මිශ්‍ර කරලා අත්වල හා පාදවල ස්ක්‍රබ් එකක් විදිහට මුහුණට ස්ක්‍රබ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මෙයින්  සම පැහැපත් කර ගන්නට වගේම සමට හොඳ ප්‍රබෝධමත් බවක් ලබා ගන්නටත් පුළුවන්.

හිස්සොරි නැති ශක්තිමත් කෙස් කළඹකට හිසකෙස් ගැලවී යාම, හිසකෙස් කැඩීයාම, හිස්සොරි ඇතුළු රෝග බොහොමයකටම මේ සත්කාරය ගුණදායකයි.

  •  මුං ඇට පිටි
  •  උදු පිටි

 මුං ඇට පිටි සහ උඳු පිටි සමාන ප්‍රමාණයකින් ගෙන ඇල් ජලය ස්වල්පයකින් හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව මේ ආලේපය හිසේ ගල්වා විනාඩි 30කින් පමණ සෝදා හරින්න. මේ සත්කාරය දින කිහිපයක් ගැල්වීම තුළින් හිස්සොරි කරදරෙන් මිදෙන්නට  වගේම හිසකෙස් කැඩීයාමේ ගැටළුවෙන් මිදෙන්නත් පුළුවන්