අපේ ජීවිතය පවත්වාගෙන යන්නට ආහාර අවශ්‍ය කරනවා. ඒ නිසාම බොහෝ දේ අතරින් ආහාරවලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ජීවිතය රැක ගැනීම ආහාරවල මූලික අරමුණ වුණාට ඊට අමතරව ලෙඩ රෝගවලට, ශරීර වර්ණයට, ශරීර ශක්තියට, බුද්ධිය වර්ධනයට, ආයුෂ රැකගැනීමට ආදී කරුණු බොහොමයක් සඳහා අපි ගන්නා ආහාර බලපානවා. ඉතින් ඒ නිසා සෞඛ්‍යයට හිතකර වෙන විදිහට නිතරම අපේ ආහාර වේල සකස් කර ගැනීමට අපි උනන්දු වෙන්න ඕන.
සෑම ගෙදරකම ගෘහණිය කියන්නේ සකසුරුවම් අත්පොත කියලා කිව්වොත් නිවැරදියි. ඒ නිසා සෑම කාර්යයකදීම අරපිරිමැස්ම කියන දේ ගැන ඔවුන් වැඩියෙන් හිතනවා. මේ නිසාමයි කෑම බීම වුණත් අපතේ යාමකින් තොරව නැවත පරිභෝජනයට ගන්නට පෙලඹෙන්නේ .අරපිරිමැස්ම කොතරම් හොඳ දෙයක් වුණත් ශරීර සෞඛ්‍යට අහිතකර නොවන විදියට ඒවා සිදු කරන්නට අපි දැනුවත් වෙන්න ඕන. මොකද ගෘහණියන් සිදුකරන නොයෙකුත් වැරදි හේතු කරගෙන බෝ නොවන රෝග බොහොමයක් වැළඳෙන්නට ඉඩකඩ නිර්මාණය වෙනවා. පිසින ලද ආහාර අපතේ දැමීමට ඇති නොහැකියාව සහ අකමැත්ත නිසාම එකම ආහාරය නැවත නැවත රත්කර ගෙන ආහාරයට ගන්නට ගෘහණියන් කටයුතු කරනවා.
ගෘහණියන් පවා රැකියා කටයුතුවල නිරත වීමත් නිසා කාර්යබහුල වීම තමයි මෙයට වැඩි වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ. පිසින ලද ආහාර ශීතකරණයේ ගබඩා කර නැවත පරිභෝජනයට ගන්න කලින් රත්කර ගන්න කටයුතු කරන පුද්ගලයන් අද ඕනෑ තරම් ඉන්නවා. මේ පුරුද්ද අපේ ශරීර සෞඛ්‍යයට නම් කොහෙත්ම හිතකර වෙන්නේ නැහැ. මොකද ඇතැම් ආහාර නැවත රත්කිරීමෙන් අපේ ශරීරයට අහිතකර විෂ වර්ග නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කොතරම් කාර්යබහුල වුණත් මෙන්න මේ ආහාර නම් නැවත රත් කර ආහාරයට එකතු කරගන්නට එපා.
පර්යේෂකයන් සඳහන් කර ඇති ආකාරයටයට ඇතැම් ආහාර නැවත රත්කර ආහාරයට ගැනීම මරණය පවා ඇති කරන්නට තරම් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත රත් නොකළ යුතු ආහාර වර්ග ගැන දැනුවත් වෙමු.

බත්-අපේ මූලික ආහාරය බත් නේ. බොහෝ දෙනෙක් බත් ඉතිරි වුණාට පස්සේ නැවත රත්කරලා ආහාරයට ගන්නට පුරුදු වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් නොදන්නාවා වුණාට මෙමගින් අපේ ශරීරයට අහිතකර විෂ සංඝටක නිර්මාණය වෙන්නට පුළුවන්. මෙයට හේතුව වෙන්නේ ප්‍රතිරෝධී ලෙස කටයුතු කරන බැසිලස් ඒරූස් කියන බැක්ටීරියාව. රත් කරද්දි මේ බැක්ටීරියාව විනාශ වුණාට ඒ බීජාණු කොතරම් රත් කලත් විනාශ වෙන්නේ නැහැ. ඒවා තවදුරටත් ගුණනය වෙලා අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කරනවා.
අල වර්ග-අර්තාපල් අලවල පොටෑසියම්, විටමින් බී6 ආදිය බහුලවම අඩංගු වෙනවා. නමුත් නැවත මේවා රත් කිරීමේදී ඒවායේ විවිධ හානිකර බැක්ටීරියා ඇතිවෙලා ශරීරයට අහිතකර වෙන්න පුළුවන්.
හතු වර්ග-හතු වර්ග එක්වරක් පිස ගැනීමෙන් පසුව නැවත රත් කර ඔබ පරිභෝජනයට ගන්නවා නම් ඔබ හදවත් රෝගියෙක් බවට පත්වීමට එය හේතුවක් වෙනවා. පර්යේෂණවලින් සොයාගෙන තියෙන කාරණාවක් නිසා නැවත මේ හතු වර්ග ආහාරයට එකතු කර ගන්න එපා .හතුවල ප්‍රෝටීන අඩංගු වන අතර ඛනිජ වර්ගත් බොහොමයක් අඩංගු වෙනවා. මේ නිසා ආහාර ජීරණ පද්ධතියට හානි සිදුවීමත් ශරීරයට අහිතකර මුක්ත ඛණ්ඩක නිර්මාණය වීමත් නිසා දේහයට බරපතළ ගැටළු ඇතිවන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.
තම්පලා , රාබු ඇතුළු පලා වර්ග -මේ පලා වර්ග මයික්‍රොවේව් අවන් එකක දමා නැවත රත් කරලා භාවිතයට ගන්නවා නම් පෝෂය පදාර්ථ සියල්ලක්ම වගේ විනාශ වීමට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේවායේ නයිට්‍රේට් අඩංගු වෙන නිසා රත් කරද්දි නයිට්‍රේට් විෂ ද්‍රව්‍යයන් බවට පත් වෙන්නට ඉඩ තියෙනවා. මේ විෂ අපේ ශරීරයේ පිළිකා ඇති කරන්නට හේතුවක්.
නිවිති-නිවිති යකඩ බහුලවම අඩංගු වන ආහාරයක්. පිසන ලද නිවිති නැවත රත් කරද්දී යකඩ ඔක්සිකරණයට ලක් වෙලා විනාශ වෙලා යනවා. ඒ වගේම අපේ ශරීරයට අහිතකර මුක්ත ඛණ්ඩක නිෂ්පාදනය වෙනවා. මේ මුක්ත ඛණ්ඩ මූලික වශයෙන් අපේ ශරීරයේ පිළිකා ඇති කරන්නටත් මදසරු බවටත් හේතුවක්.
බීට්-බීට්වලත් නයිට්‍රේට් වැඩි වශයෙන් අඩංගු වෙනවා. වරක් පිසින ලද මේ බීට් නැවතත් ආහාරයට එකතු කර ගනිද්දී නයිට්‍රික් අම්ල සක්‍රීය වීම හේතු කරගෙන ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙනවා. එතුළින් ආහාර විෂවීම මූලිකවම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආහාර වරක් පිසීමෙන් පසු ආහාරයට ගෙන ඉවත දැමිය යුතු වෙනවා.
ප්‍රෝටීන බහුල මස්, මාළු -පෝෂණවේදීන් සඳහන් කරන විදිහට ප්‍රෝටීන් බහුල ආහාර වර්ග නැවත රත් කරලා ආහාරයට ගැනීම කිසිසේත්ම අපේ ශරීරයට සුදුසු නැහැ. වැඩිපුර ප්‍රෝටීන් අඩංගු ආහාරවල නයිට්‍රජන් වැඩිපුර අඩංගු වෙලා තියෙනවා. ඒ නයිට්‍රජන් ඔක්සිකරණය වෙලා පිළිකා ඇති වෙන්න ඉඩක් නිර්මාණය කරනවා. ඇතැම්විට මේ ආහාර නිසා මරණය පවා පුද්ගලයෙකුට ඇති වෙන්නට පුළුවන්.
කුකුල් මස් -කුකුල් මස් පිසීමෙන් පසුව නැවත රත්කර ගැනීමේදී ඒවායේ අඩංගු ප්‍රෝටීන සියල්ලක්ම විනාශ වෙලා යනවා. ඒ වගේම අජීර්ණ තත්ත්වයන්, උදරාබාධ ආදී යම් යම් ගැටලූත් නිර්මාණය වෙනවා. දිගුකාලීනව මේ විදිහට ආහාර රත්කර ගැනීමෙන් පිළිකා ඇතිවීමේ හැකියාව තියෙනවා.
බිත්තර-බදින ලද එහෙමත් නැත්නම් තම්බන ලද හෝ වෙනත් ආකාරයකට පිසින ලද බිත්තර නැවත රත් කරලා ආහාරයට ගැනීමත් සුදුසු නැහැ. ඒවායේ අඩංගු රසායනික අංශු සක්‍රීය වීම නිසා අපේ ශරීරයට අහිතකර වෙලා පාචනය, උදරාබාධ පවා ඇතිවෙන්නට පුළුවන්.

කැනෝලා තෙල්, ඔලිව් තෙල් හෝ තල තෙල්-මේ තෙල් වර්ගවල අපේ ශරීරයට වඩාත් හිතකර ඔමේගා ත්‍රී ඇතුළු මේද අම්ල වර්ග අඩංගු වෙනවා. නමුත් මේ ඔමේගා ත්‍රී මේද අම්ල අධික උෂ්ණත්වය නිසා වෙනත් සංඝටක විදිහට කැඩී යන්න පුළුවන්. වඩා රත් කිරීම නිසා ඔමේගා 3 අම්ල මේද අම්ල විනාශවෙලා තෙල් මුඩු බවට පත් වෙනවා. ඒ නිසා මේ තෙල් භාවිතයෙන් සකස් කරපු ආහාර නැවත නැවත රත්කර ආහාරයට ගැනීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ.
මේ තෙල් වර්ග නැවත නැවත රත්කිරීමේදී පිළිකා ඇති කරන්නට හේතු වන ට්‍රාන්ස් මේදය නිෂ්පාදනය වෙනවා. මේ විශ සහිත සංයෝග ඉතාමත් භයානක පිළිකා ඇති කරන්නට හේතු වෙනවා වගේම ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටමත් වැඩි කරනවා. හදවත් රෝග වැළඳීමේ අවදානමත් ඉහළ දමනවා.
- සැල්දිරි
- කැරට්
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට නම් මේ වගේ ආහාර නැවත රත්කර ආහාරයට එකතු කර ගැනීමෙන් වළකින්න. සෑම ආහාරයක්ම පිසූ විගස ආහාරයට ගැනීම මගින් ආහාරයේ රසය ගුණය වගේම සෞඛ්‍යාරක්ෂිත බවත් ආරක්ෂා කරගන්නට පුළුවන් . ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න.