නීරෝගීව ජීවත් වෙන්නට කවුද අකමැති. ඒ විතරක් ද නීරෝගීව එක තත්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්නත් අපි හැමෝම කැමතියි. අපි කවුරුවත් අකාලයේ මියැදෙන්නට කැමතින් නැහැ නේ. ඉතින් මේ අපේක්ෂාවන් ඉටු කරගන්නට කැප වෙන්නට අපිට ඉඩකඩ ඇත්තෙන්ම අඩුයි. නිවසේ වැඩකටයුතු, රැකියාව, දරුවන්ගේ කාර්යන් එක්ක නිතරම කාර්යබහුල වෙන ඔබට සැලසුමක් ඇතිව ඔබේ නීරෝගී බව වෙනුවෙන් දෙයක් කරන්නට අපහසු ඇති. ඒ වගේම ඒ වෙනුවෙන් ඔබේ විනෝදජනක ඔබ ප්‍රිය කරන දේවල් මගහැර ගන්නටත් කැමති නැතුව ඇති. ඉතින් ඔබට මේ සරල ක්‍රම කිහිපය නීරෝගීව ජීවත් වෙන්නට ඔබට පාර කියාවි නිසැකයෙන්ම. ඉතින් බලමු ආයුෂ වැඩි කරන අපව නීරෝගී කරන මේ ක්‍රම මොනවද කියලා.
නිදා ගන්නා වේලාව දවසේ වැඩ කටයුතු සියල්ලම අවසන් කරලා පසු දිනයට කළ යුතු කටයුතු සඳහාත් සූදානමක් සහිතව අපි නින්දට යනවා. නමුත් නින්දට යන වේලාව ගැන අපි වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ නේ. විශේෂයෙන්ම තමන්ගේ වැඩ ටික අවසන් වන වේලාව තමයි අපි නින්දට යන වේලාව වෙන්නේ. නමුත් චීන වෛද්‍ය කණ්ඩායමක් විසින් ශරීරයේ එක් එක් අවයව පුනර්ජනනය වන වේලාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ අනුව අපි නින්ද ලබාගන්නට සුදුසුම වේලාව ලෙස රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා වන බවටත් කරුණු දක්වා තියෙනවා.අපේ දේහයේ අවයව රාත්‍රීයේ එක් එක් වේලාවන්වලට ඔවුන්ගේ කටයුතු සිදු කරන නිසා අපි නින්දට යන වේලාව බොහෝසෙයින් වැදගත් බව ඔබටත් වැටහේවි.

සාමාන්‍යයෙන් අපේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විෂ ඉවත් කරමින් බැක්ටීරියා සමඟ සටන් කරමින් කරමින් ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 9-11 ත් අතර කාලයේදී. අක්මාවේ ක්‍රියාකාරකම් ප්‍රතිජනනය කර ගන්නේ රාත්‍රි 11- උදෑසන 1 ත් අතර කාලය තුළදී. ඒ වගේම අපේ පෙනහළු පිරිසිදු වීම සිදු වෙන්නේ පාන්දර 1 ත් 5 ත් අතර කාලය තුළයි. ඒ වගේම මලපහ පිටවෙමින් ආහාර මාර්ගය පිරිසිදු වෙන්නේ උදෑසන 5 ත් 6 ත් අතර කාලය තුළදීයි. ඒ නිසාම ඔබ නින්දට යා යුතු වේලාව රාත්‍රී 10 සහ අවදි විය යුතු වේලාව වෙන්නේ උදෑසන 6 ට බව මතකයේ තබා ගන්න.
හිරු එළියට නිරාවරණය වීම සම ගැන හිතන කාන්තා බොහෝදෙනෙක්ම හිරු එළියට නිරාවරණය වෙන්නට කොහෙත්ම කැමති නැහැ. මොකද සම අවපැහැ ගැන්වෙන නිසා. නමුත් උදෑසන හිරු එළියට අපි නිරාවරණය වීමෙන් සමට එවැනි හානියක් ඇති නොවෙන් අතර අපිට සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහොමයක්ම ලබා ගන්නටත් හැකියාව ලැබෙනවා. මොකද එමගින් අපේ දේහයට විටමින් D ලැබෙන නිසා. එමගින් අපේ මානසික ආතතිය දුරුකර මනස සැහැල්ලු කරනවා. ඒ වගේම දියවැඩියා අවධානමත් මේ නිසා අඩු කර ගන්නට අපිට හැකියාව තියෙනවා. පර්යේෂණවලින් පවා අනාවරණය කරගෙන තිබෙන්නේ දිනකට පැයක පමණ කාලයක් හිරු එළියට නිරාවරණය වීමෙන් එසේ නොකරන අයට වඩා සියලුම ආකාරයේ පිළිකා අවදානම 67% කින් අඩු වෙන බවයි.
අපි ගැන අනිත් මිනිසුන් සිතන දේ බොහෝදෙනෙක්ගේ ජීවිත ඉදිරියට යනවා වෙනුවට පසුපසට ගමන් කරවන්නට හේතුවන මූලිකම කාරණයක් තමයි තමන් ගැන අනුන් සිතන දේ ගැන ඕනවට වඩා සිතට ගැනීම. අනුන් තමන් ගැන සිතන දේ ගැන වධ වෙන්නට යාමෙන් ඔබට නිරන්තරයෙන්ම මානසික අසහනයෙන් කල්ගත කරන්නට සිදු වෙනවා. ඇමරිකානු වෛද්‍ය කණ්ඩායමක් තහවුරු කරගෙන තියෙනවා අනුන් සිතන දේ ගැන වද නොවෙන පුද්ගලයන් නීරෝගීව වගේම සතුටින් කාලය ගත කරන බව. ජීවිතයේ සතුට නැතිකරන ඒ දේවල් ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න. ඔබ දුකෙන් කලකිරීමෙන් සිටීම ඔබ රෝගී කරන්නත් ඔබේ ආයුෂ කෙටි කරන්නත් හේතුවක් වන බව මතකයේ තබා ගන්න.
නිතරම ඇඟ සේදීම හෝ දිගු වේලාවක් ස්නානය දිනකට දෙවරක් තුන්වරක් නොව ඊටත් වඩා වාරයක් දිගු වේලාවක් ඔබ ස්නානය කරන්නේ නම් හෝ ඇඟ සෝදන්නේ එය අපේ දේහයේ ආරක්ෂාවට යම් බලපෑමක් ඇති කරනවා. නිතර උණු ජලයෙන් ස්නානය, සබන් භාවිතය නිසා සමේ පිටත ඇති ස්වභාවික තෙල් ඉවත් වීමෙන් සමට අපේ ශරීරය ආරක්ෂා කිරීමේ හැකියාව අඩු වෙනවා.
ඒ වගේම තමයි බොහෝවෙලාවක් දත් මැදීම සහ නිතර නිතර දත් මැදීමත්, මවුත් වොෂ් නිතර භාවිතයත් මගින් දත්වල එනැමලයට හානි වීම සිදු වෙනවා. ඒ වගේම ආහාර ගත් විගසම දත් මැදීමත් එතරම් සුදුසු දෙයක් නම් නෙවෙයි . මේවායේ ප්‍රතිඵල විදියට දත් මුල් දියවීම, දත් කුහර ඇතිවීම ආදියත් දත් කහ පැහැවීමත් සිදු වෙනවා.
අධික ශබ්දඋදෑසන අවදි වෙන්නට ඔබ තබන එලාම් එක පවා අපේ සෞඛ්‍යයට අහිතකර වෙනවා. මෙය අධික ශබ්දයකින් නාද වීම සහ වෙනත් අධික ශබ්දවලට නිරාවරණය වීම හෘදයාබාද ඇති කරන්නට හේතුවක් වෙනවා. ඒ වගේම අධික ශබ්දය ස්නායු පද්ධතියටත් අහිතකර ලෙස බලපානවා.

නටන්න නර්තනය කියන්නේ අපූරු කලා මාධ්‍යයක්. සංගීතය වගේම නර්තනයත් අපිට නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වෙන්නට විශාල උදව්වක් වෙනවා. ප්‍රංශයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සොයා ගෙන ඇත්තේ නර්තනය ඉගෙනීම ජීවිත කාලය දීර්ඝ කරන බවටයි. විශේෂයෙන්ම සැල්සා ඉගෙනීම ඉතාම සුදුසු බවයි. අස්ථිවල ශක්තිමත් බවට වගේම පෙනහළුවල නීරෝගී බවටත් අසාත්මිකතාවලින් ආරක්ෂාවීම සඳහාත් එය බොහෝසෙයින් උපකාරී වෙනවා. ඒ නිසා දිනකට කෙටි වේලාවක් හෝ නර්තනයක යෙදෙන්නට හැකි නම් එය ඔබේ මනසටත් කයටත් සැහැල්ලුවක් ගෙනදේවි.
මේ කාරණා හැරුණාම දුම්පානය මත්පැන් භාවිතය නතර කිරීම, අධික තෙල්, අධික පිටි සහ අධික සීනි සහ ලුණු භාවිතයෙන් ඈත්වීමත් ගුණදායක ස්වභාවික එලවළු පලතුරු ආහාරයට ගැනීමත් නීරෝගීව ජීවත් වෙන්නට ඉතාම වැදගත්.