ඔබේ සිරුරේත් ඉන්නන් වර්ධනය වී සිටිනවාද? නක්ෂස්ත්‍රය,දේහ ලක්ෂණ විද්‍යාව මෙන්ම ඇතැම් සංස්කෘතීන්වල විශ්වාසයන්ට අනුව සිරුරේ විවිධ ස්ථාන වල මතුව ඇති ඉන්නන් මඟින් එම පුද්ගලයාගේ පෞරුෂත්වය පිළිබඳව යම් යම් ඉඟි සපයන බව ඇතැම් විශ්වාසයන් පවතියි.සිරුරේ මෙම ඉන්නන් මතුවී ඇති ස්ථාන අනුව ඉන් කියවෙන අර්ථ ද ද වෙනස්ය. එවැනි ලක්ෂණ පැහැදිලි කිරීම් කිහිපයක් ගැනයි මේ කියන්නට සූදානම.
ලිංගික අවයව වල ඉන්නන් මතුවී තිබීමඔබ ප්‍රේමාන්විත පුද්ගලයෙකි.එමෙන්ම නිර්ලෝභීය.විවෘත මනසකින් හෙබි අයකි. මිල මුදල් සෙවීමට වඩා අලුත් අත්දැකීම් පසුපස හඹා යාම ඔබේ ලක්ෂණයකි.
කම්මුල් කම්මුලේ ඉන්නෙක් මතුවී සිටීම මුහුණේ ලස්සන වැඩි කරන ලක්ෂණයක් වෙන්න පුළුවන්.ඔබේ දකුණු කම්මුලේ මෙවැනි ඉන්නෙක් වර්ධනය වි සිටියි නම් , ඔබ අන් අය වෙත ආදර ගෞරවයෙන් සලකන , සංවේදී පුද්ගලයෙකු බව ඉඟි කරයි.අන් අය ඔබ සමඟ ගැවසීම වඩාත් ප්‍රිය කරයි.ඔබ සහකරුගේ/සහකාරියගේ අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දෙයි.එම නිසාම ඔබේ පවුල් ජීවිතය ඉතා ප්‍රීතිමත් හා සාමකාමී එකකි.
වම් කම්මුලේ ඉන්නෙක් සිටියි නම් ඔබේ සේවකයින්ගෙන් ඔබට ගරු බුහුමන් ලැබෙයි.එතරම් සමාජශීලි නැති ඔබ තනිව කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කරයි.ඔබ ඇසුරු කරන මිතුරන් ප්‍රමාණය සීමිත වුවත් ඔවුන් අතරේදී ඔබ වඩාත් ආරක්ෂිත බවක් ඔබට හැඟෙයි.ඔබ ඔවුන්ව අවංකවම විශ්වාස කරයි.
නළල නළලේ ඉන්නෙක් මතුවී ඇත්නම් එය දුර තියාම හොඳින් කැපී පෙනෙනවා. ඉන්නා මතුවී සිටින්නේ නළලේ මැද නම් , ඉන් ඔබ ඉතා සන්සුන් සහ බුද්ධිමත් අයෙක් බව ඉඟි කරයි.ඔබට පැහැදිලි දැක්මත් තිබෙයි.වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවීම ඔබට ගැටලුවක් ලෙස නොදැනෙයි.
නළලේ දකුණු පැත්තේ ඉන්නෙක් මතුවී සිටියි නම් , ඉන් ඔබ අනාගතයේ ධනවතෙකු වීමේ ප්‍රබල හැකියාවක් පවතින බවට ඉඟියක් ලබාදෙයි.නළලේ වම් පැත්තේ ඉන්නෙක් මතුව ඇති අය තරමක් ආත්මාර්ථකාමී ගති ඇති අය ලෙස සැලකෙයි.
බෙල්ල බෙල්ල පිටුපස ඉන්නෙක් වර්ධනය වී තිබේ නම් ඉන් ඔබ වඩාත් ප්‍රසන්න-සරල ජීවිතයක් ප්‍රිය කරන කෙනෙකු බව ඉඟි කරයි.
ඔබ ඉතා සාමකාමීය. අනවශ්‍ය ලෙස සංදර්ශන පෙන්වමින් කාලය කෑමට ,ගැටුම් වලට මැදිවීමට අකමැතිය.ඔබ සතු ආකර්ෂණීය පෞරුෂත්වය නිසාම ඔබ වටා සිටින අය ඔබ මහත් හරසරින් පිළිගනියි.ඔබ සතු ප්‍රබලම ශක්තීන් වලින් එකක් වන්නේ ඔබේ ඉවසීමේ ගුණයයි.වෙහෙස මහන්සි වී වැඩ කිරීම ද ඔබේ ලක්ෂණයක්.
නාසය නාසය මතුපිට ඉන්නෙක් වර්ධනය වී සිටීම ඔබ සෘජුව හා වේගවත්ව සිතන කෙනෙක් බව ඉඟි කරයි.ඔබේ ආත්මාභිමානය ඕනෑවටත් වැඩිය.ජනකාන්ත පෞරුෂත්වයක් ඔබ සතුය.පුද්ගලයින්ට ප්‍රිය උපදවන චරිතයක් ලෙස කැපී පෙනෙයි.ඔබේ ක්ෂණික කෝපය පාලනය කරගැනීම ඉතාම වැදගත්.එය ඔබේ සම්බන්ධතා වලට සෘජුවම බලපෑම් එල්ල කරන්නට පුළුවන්. වියදම් අතින් ඔබ වඩාත් ඉදිරියෙන් සිටින නිසා මුදල් ගැටලු වලින් ඔබට බොහෝ විට අඩුවක් නැත.
තොල් තොල් උඩ ඉන්නෙක් සිටීම ඔබ අධිෂ්ඨානශීලී අයෙක් බවට යම් ඉඟියක් සපයයි.අභියෝග අවදානම් වලට මුහුණ දීම ප්‍රිය කරයි.ගවේෂණාත්මක පෞරුෂත්වයක් ඔබ සතුයි.අන් අයට වඩා දේවල් වඩාත් නිර්මාණාත්මකව දැකීමට ඔබට හැකියි.ඔබ ඉතා සමාජශීලී අයෙකි.ඔබව දකින වෙනත් අයෙකුට ඔබ දැඩි කුතුහලයක් ඇති කෙනෙක් බව වැටහෙනු ඇත.ඔබ ගත කරන ජීවිතය ගැන ඔබ තෘප්තිමත්ය.
නිකට නිකටේ ඉන්නෙක් සිටියි නම් , ඉන් ඔබ නිතරම වෙනසක් බලාපොරොත්තු වෙන අයෙක් බව ඉඟි කරයි.ඉතා පහසුවෙන් ඔබට යමක් එපා වී යයි.අලුත් අලුත් දේවල් කෙරෙහි ඔබ වේගයෙන් ආකර්ෂණය වෙයි.සංචාරය කිරීම ඔබේ ප්‍රියතම විනෝදාංශයක්.අලුතින් මිතුරන් හඳුනාගනියි.විනෝදකාමී චරිතයකි.
කකුල් සහ යටිපතුල් මෙවැනි ලක්ෂණයක් ඇති අය විනෝදයෙන් පිරුණු සංචාරක ජීවිතයක් ගත කිරීමට වඩාත් ප්‍රිය කරයි.දකුණු යටි පතුලේ ඉන්නෙක් සිටියි නම් ඉන් ඔබට හොඳ සහකරුවෙක්/සහකාරියක් හමුවීමේ වාසනාව වැඩිබව ඉඟි කරයි.නමුත් වම් යටි පතුලේ ඉන්නෙක් සිටීම මුදල් සම්බන්ධයෙන් ඔබ එතරම් දක්ෂයෙක් නොවන බව පෙන්නුම් කරයි.දණහිස හා වළලුකර අතර මැද ඉන්නෙක් මතුවී සිටියි නම් , ඔබ ඉතා අලස, නොසැලකිලිමත් අයෙක් බව ඉඟි කරයි.
ඇහි බැමි ඇහි බැමි ඉහළින් ඉන්නෙක් වර්ධනය වී සිටීම ඔබ සෘජු හා දේවල් ගැන බරපතලව සිතන කෙනෙක් බව පෙන්නුම් කරයි.යමක් කෙරෙහි යොමුවුවහොත් එහි පරතෙරටම ගමන් කොට මිස ආපසු හැරී නොබලයි.අසම්පූර්ණව තිබියදී දේවල් අත්හැර යාම ඔබේ පුරුද්ද නොවේ.ඔබ අසලදී අන් අයට හොඳ ආරක්ෂිතබවක් දැනෙයි.ඔබ අන් අයට රිදවන කරදර කරන හෝ අන් අයගේ දියුණුව කකුලෙන් ඇද වළකන කෙනෙක් නොවීම ඊට ප්‍රධාන හේතුවකි.විහිළු තහළු අඩු කෙනෙක් නිසා අන් අය ඔබව දරදඬු කෙනෙක් ලෙස සිතයි. අන් අය මෙහෙයවීමේ හැකියාව ඔබ සතුය.බලසම්පන්න බව ඔබට ලැබී ඇත්තේ ස්වභාවයෙන්මයි.
ඇහි බැම මැද ඉන්නෙක් පිහිටයි නම් ඉන් ඔබ ධෛර්යයසම්පන්න බව ඉඟි කරයි.ඔබ කෙරෙහි හොඳ විශ්වාසයක් ඇත. ඔබේම තීරණ ගැන ඕනෑවට වඩා නැවත සිතීමට නොයයි.කෙසේවෙතත් ඔබේ වාද කිරීමේ ස්වභාවය නිසා ඇතැම් අවස්ථා වල නොසිතු ගැටලු වලට පවා ඔබට මුහුණ දීමට සිදුවිය හැකියි.
දණහිස් දණහිස් මතුපිට ඉන්නන් ඇති පුද්ගලයින් ඉතා මිත්‍රශීලි හා උණුසුම් හදවත් ඇති අය ලෙස සැලකේ.ඔබ බොහෝමයක් පුද්ගලයින් ඇසුරු කරයි.
ඇස් ඇසේ බාහිර කොනේ ඉන්නෙක් සිටියි නම්, ඔබ ඉතා සුවිශේෂි පුද්ගලයෙක් බව ඉන් ඉඟි කරයි.අසමසම ආකර්ෂණ ශක්තියක් ඔබට ඇත.ඔබව ඇසුරු කරන මිතුරන් බොහෝ ප්‍රමාණයක් ඔබට සිටියි.අන් අය සමඟ පහසුවෙන් මිත්‍රශීලී වෙයි.ඔබේ ඇවතුම් පැවතුම් ඉතා සරලයි.ජීවිතය කෙරෙහි ධනාත්මක හැඟීමක් ඔබට ඇත. අන් අයව ධෛර්යයමත් කරවයි.
ඇසේ අභ්‍යන්තර කොනේ ඉන්නෙක් වර්ධනය වී සිටීයි නම්, ඔබට සෞඛ්‍ය මෙන්ම මුදල් අතින් ද ඇතැම් අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඉඟි කරයි.ඔබේ ධනාත්මක ප්‍රවේශයන්ගෙන් වගේම ඔබේ ආදරණීයයන්ගේ සහයෝගයෙන් සාර්ථකව එම බාධක ජයගැනීමට ඔබට හැකිවෙයි.
බඩ බඩේ ඉන්නෙන් වර්ධනය වී සිටීම සුඛෝපභෝගී ජීවිතයක් බලාපොරොත්තු වන අයෙක් බව පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස සැලකෙයි.ජීවිතය උපරිමයෙන් විඳීම ඔබේ අරමුණයි.නාභියට (පෙකණියට) ආසන්නව පිහිටා තිබෙන තරමට ඔබ ඉතා වාසනාවන්ත අයෙක් බව සැලකෙයි.බඩේ දකුණු පැත්තේ ඉන්නෙක් පිහිටීම ඔබ ධනවතෙකු විය හැකි බව පෙන්නුම් කරයි.බඩේ වම් පැත්තේ ඉන්නෙක් සිටියි නම් ඉන් ඔබ ආත්මාර්ථකාමී අයෙකු බව ඉඟි කරයි.
අල්ල හා ඇඟිලි මෙය එතරම්ම හිතකර ලක්ෂණයක් නොවේ. ඉන් කියවෙන්නේ ඔබට අනාගතයේදී බොහෝ ගැටලු කම්කටොළු වලට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
කොන්ද ඔබට යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි බව ඉඟි කරයි.මිතුරන් හා පවුලේ අය සමඟ හොඳ සම්බන්ධතාවක් පවත්වාගනියි.ඔබේ ජීවිතයට අලුතින් එක්වෙන ඇතැම් අයට ඔබ විශ්වාසය තැබිය නොහැකි කෙනෙක් යැයි හැඟීමක් ඇතිවීමට ඉඩ තිබිය හැකියි.
අත් දකුණු අතේ ඉන්නෙක් සිටියි නම් ඔබ යම් වැඩක් ක්‍රමවත්ව අවසන් කරන පුද්ගලයෙකු බව පෙන්නුම් කරයි.වම් අතේ ඉන්නෙක් සිටියි නම් ඉන් ඔබ ඉහළ මට්ටමේ අරමුණු ඇති, එහෙත් සරල ජීවිතයක් ගත කරන කෙනෙක් බව පෙන්නුම් කරයි.වැළමිටට පහලින් පිහිටයි නම් පොහොසත් හා සාර්ථක අයෙක්බව ඉඟි කරයි.අන් අයට උදවු කිරීමට මෙන්ම අවශ්‍ය විටක උදවු ඉල්ලීමට ද ඔවුන් මැලි නොවේ.මැණික්කටුව මත ඉන්නෙක් සිටීම පුද්ගලයාගේ ළමාකාලය ප්‍රීතිමත් එකක් නොවන බව ඉඟි කරයි.ඔවුන් ආගමානූකූල හා නිර්මාණශීලීය.පොහොසතෙකු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
කළවා දකුණු කළවයේ ඉන්නෙක් සිටියි නම් ඔබ ඉතා නිර්භීත අයෙක් බවත් සංචාරය කිරීමට ප්‍රිය කරන බවත් පෙන්නුම් කරයි.වම් කළවයේ ඉන්නෙක් සිටීම පුද්ගලයා කලාත්මක බවින් අගතැන්පත් බව පෙන්නුම් කරයි. ඔවුන් විවේකීව කාලය ගත කිරීමට වඩාත් කැමතිය.කාලය රන් හා අගය කරයි.බොහෝ විට තනිවම කාලය ගත කරයි.ආශ්‍රිතයින් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් ඇසුරු කරයි.
පපුව ඔබ ඉතා නිර්ලෝභී අයෙකි.ඔබට උණුසුම් හදවතක් ඇත.ලොකුවට හීන දකියි. එමෙන්ම ඒවා ඉටු කරගැනීමට මහන්සි වී වැඩ කරයි.සරාගීය.ඇතැම් අවස්ථා වල ඔවුන්ව තේරුම් ගැනීමට අසීරුය.
කන් කන මත ඉන්නෙක් පිහිටන අය ජීවිතයේ හොඳම දේවල් හිමිකරගැනීමට දැඩි ලෙස ආසා කරයි.කන පිටුපස ඉන්නෙක් සිටියි නම් එම පුද්ගලයා ඉතා සාම්ප්‍රදායික ලෙස ජීවත් වීමට කැමති අයෙක් බව ඉඟි කරයි.