පොළොං විෂ පවා නසන්නට සමත්  ඇඹුල් දොඩම් ශාකයේ ඖෂධීය ගුණ 

health tips

සිහින් අතු සහිත  කුඩා ශාකයක් වන ඇඹුල්දොඩම් මීටර් 10ක් පමණ උසට වැඩෙන ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයකි. එනම් Rutaceae කුලයට අයත් ඇඹුල් දොඩම් ශාකයේ ළපටි අතු වල කටු පිහිටා තිබේ. පත්‍ර ඒකාන්තරව පිහිටි සරල පත්‍ර අණ්ඩාකාර හැඩයෙන් යුක්තය. එනම් ළපටි පත්‍ර ලා කොළ පැහැති වන අතර මේරූ පසු තද කොළ පැහැති වේ. කක්ෂීය පුෂ්ප මංජරියේ සුදු පැහැති මල් කිහිපයක් හටගනී. ඵලය ගෝලාකාර බදිරියක් වන අතර ඉඳුණු පසු කහ හෝ තැඹිලි පැහැති වේ. ඵලාවරණයේ වාෂ්පශීලී සුගන්ධ තෙල් අඩංගුවේ. දෙහි යුෂ ඇඹුල් රසින්  යුක්ත වේ. එනම් මෙහි සුදු පැහැති බීජ රාශියක් අඩංගු වේ. 

ඇඹුල් දොඩම් වර්ග කිහිපයක්ම පවතී. 

මධු ජම්බීර හෙවත් පැණි දොඩම් 

හීං නාරං 

මාතුලංග 

ලප්නාරං

දෙහි

ජම්බෝල හා සීදරන් 

යනාදි වශයෙන් එම වර්ග හඳුනාගත හැකිය. එනම් මේවා විවිධ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ.

ඇඹුල් දොඩම් ශාකයේ ඖෂධීය ගුණ 

හෘද රෝගයන්ට

ආම දෝෂයට

පණු රෝගයන්ට

කුසගිනි මදිකමට

පිපාසයට

මුඛ රෝගයන්ට 

මෙවැනි රෝග ගණනාවක් සුව කිරීමට ඇඹුල් දොඩම් ශාකය ඖෂධයක් ලෙස භාවිතා කරයි. එනම් ඇඹුල් දොඩම් ශාකයේ මුල් ,මල්, ගෙඩි,ඇට, තෙල් ,දලු කොළ ,ගෙඩියේ පිට පොත්තෙහි ඇති පැගිරි යනාදී පංචාංගයම ඖෂධ සඳහා යොදා ගනු ලැබේ. 

එමෙන්ම දේශීය චිකිත්සාවේදී ද ඇඹුල් දොඩම් යුෂ සුලභව භාවිත කරයි. එමෙන්ම ආයුර්වේදය තුළ ඇඹුල් දොඩම් යොදා නිපදවන ඖෂධ රාශියක් හඳුනාගත හැකිය. 

ජම්බීරාදී පානකය

ජම්බීර කල්කය

ජම්බීර ලවන වටී

මහා කෝල දවුණ්ඩය , දියතාරාමය ආදී ගුලි ඇඹරීමේදී මාත්තුවක් ලෙස ඇඹුල් දොඩම් යුෂ එක් කරනු ලැබේ. එමෙන්ම සීතාරජ ,බුද්ධරාජ ,මාත්තු පහ,චන්ද්‍ර කල්කය , ශර්කරාදී කල්කය , යෂ්ඨි කල්කය ,ආදී ගුලි කල්ක සකස් කිරීමට අනුපාන ලෙස ඇඹුල් දොඩම් යුෂ මෙන්ම දළු ද යොදා ගනී. මෙම ඖෂධ අතුරින් බුද්ධරාජ කල්කයෙහි මකරන්දනන් අනුපානය වඩාත් ප්‍රචලිතය. එනම් මෙම ඖෂධය

උණ ,සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස ,හතිය, අජීර්ණ  වැනි රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ.  එනම් මෙම ඖෂධය සකස් කිරීමේදී ඇඹුල් දොඩම් යුෂ,අමු ඉගුරු යුෂ ,මී පැණි… යන ආදී ඖෂධ යොදා ගනී. 

පොළොං විෂට

පොළොං විෂ නැසීම සඳහා ඇඹුල් දොඩම් ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් 

මේ සදහා දෙහි, ඇඹුල් දොඩම් කොළ සහ පොතු , ඉගුරු අල යනාදී ඖෂධ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන දුම් ඇල්ලීම යෝග්‍ය වේ. 

• ඇස්වල ඇතිවන පිළිකාවට

එනම් මේ රෝගය සඳහා අබ ඇට පතක් පමණ ගෙන දොඩම් ගෙඩියක් තුළට දමා උණු අළුවේ තම්බා ගෙන ඇඹුල් දොඩම් ඇඹුලින් අනා ඇස් වටා ආලේප කිරීම යෝග්‍යය වේ.

• ඇස්වල රතයට 

එනම් මේ සඳහා ඇඹුල් දොඩම් ඇට, තෝර ඇට, දිවුල් මද සමව ගෙන එළකිරෙන් අඹරා ඇස්වටා ආලේප කිරීම යෝග්‍යය වේ. 

• සෙම් රෝගයට

නවරත්න කල්කය ඇඹුල් දොඩම් යුෂයෙන් පානය කිරීමට ලබා දීම යෝග්‍ය වේ. 

• සන්ධි බිඳීමට

සන්ධි බිඳීම් සමනය කිරීම සඳහා දොඩම් ගැට පුළුස්සා ගත් අලු, පරණ ගොරකා ,දොඩම් ඇඹුලෙන් හොඳින් අඹරා රත්කර බිදුණු සන්ධි මත ආලේප කිරීම යෝග්‍යය වේ.

මීට අමතරව

රස ඖෂධ ශෝධනය සදහා එනම් ස්වර්ණ මාක්ෂික ,අංජන කැට ,සංඛ ආදී  ප්‍රධාන රස ඖෂධ සෝදනයට  බහුලව භාවිතා කරන්නේ ඇඹුල් දොඩම් ඇඹුල් ය. 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස ඇඹුල් දොඩම් ශාකය භාවිතා කළ හැකිය.