Acanthaceae උද්භිද කුලයට අයත් පාවට්ටා යනු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල හොඳින් වැඩෙන ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයකි. එනම් පඳුරක් ලෙස මීටර් 4 ක් 5 ක් පමණ උසට වැඩෙන දේශීය ශාකයක් වූ පාවට්ටා ශාකය කුඹුරට ජලය සපයන මාර්ග වල බහුලව වගා කරනු ලැබේ. එනම් ඉන් පාංශු ඛාදනය වීම වළක්වා වීම වලක්වා ගත හැකිය. එපමණක් නොව පලිබෝධ මර්ධනය කිරීම සඳහා ද පාවට්ටා ශාකය භාවිතා කළ හැකිය.
ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඈත අතීතයේ සිටම පාවට්ටා ශාකය භාවිතා කර තිබේ. පාවට්ටා ශාක පංචාංගයම ඖෂධීය ගුණයෙන් යුතු වන අතරඈත අතීතයේ දී ආහාර හිඟ වූ විට විදේශීය ජාතිකයන් ලපටි පාවට්ටා දළු තම්බා ලුණු මීපැණි හා කිරි සමඟ මිශ්‍ර කර ආහාරයට ගෙන තිබේ.එනම් පාවට්ටා ශාකයේ පංචාංගයම භාවිතා කිරීමෙන් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය.

- අර්ශස් රෝගයට
- ලේ පිරිසිදු කිරීමට
- මුත්‍රා පිටකිරීමේ අපහසුතාවයන්ට
- ප්‍රසූතිය පහසු කිරීමට
- ඇදුම ,හතිය වැනි රෝග තත්ත්වයන්ට
- ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කිරීමට
- උගුර ආශ්‍රිත රෝගයන්ට
- දද කුෂ්ඨ ආදී චර්ම රෝග සමනය කිරීමට
- පණු රෝග වලට
- කෘශ වීමට
අපස්මාරයට - සන්ධිගත රෝගයන්ට
- ශරීරගත ඉදිමුම් වලට සහ වේදනාවට
- විසබීජ නාශනයට
- අතීසාරයට
- උණට
- ශරීර දුර්ගන්ධයට
මෙම රෝග සමනය කිරීමට පාවට්ටා ශාකයේ කොළ,මල්,දඬු,මුල් යන පංචාංගයම භාවිතා කරනු ලැබේ.
දද, කුෂ්ඨ රෝග සඳහා පාවට්ටා දළු සමඟ අමු කහ අඹරා ආලේප කිරීමෙන් චර්ම රෝග දද, කුෂ්ඨ සමනය කර ගත හැකිය.ළ
කල් ගත වූ උණ සඳහා පාවට්ටා පංචාංගයම කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ.
සන්ධි ඉදමුම සඳහා පාවට්ටා කොළ තම්බා මද උණුසුමින් එම ස්ථානව තැවීමෙන් ආමවාතය නිසා ඇතිවන සන්ධි ඉදිමුම සමනය කර ගත හැකිය.
ශ්වසන රෝග සඳහා පාවට්ටා ශාකයේ පංචාංගයම ගෙන කෙසෙල් කොළයක හෝ පුවක් කොළපතක දමා හොඳින් බැඳ වතුර නොයන සේ පොළව යට වළදමා පස්වලින් වසා සතියකට පසු ගෙන මද අව්වේ වියළා කුඩු කර පසුව එම කුඩු හුළං නොවදින සේ බෝතලයකට දමා උදේ සවස තේ පානයක් ලෙස උණු වතුරට ඉන් කුඩු ස්වල්පයක් දමා පානය කිරීමෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සමනය කර ගත හැකිය.
අතීසාරය සඳහා පාවට්ටා කොළ මිටක් පමණ ගෙන කොටා එහි යුෂ ගෙන පානය කිරීමෙන් අතීසාරය සමනය කර ගත හැකිය.
අර්ශස් රෝගය සඳහා පාවට්ටා පංචාංගයම ගෙන වණ්ඩුවේ දමා තම්බා තැවීම මගින් බොහෝ දෙනෙකු පීඩා විඳින අර්ශස් රෝගය සමනය කර ගත හැකිය.
අපස්මාරය සඳහා පාවට්ටාවලින් සකස් කර ගත් තෙල් ආලේප කිරීමෙන් අපස්මාරය සමනය කර ගත හැකිය.
පණු රෝග සඳහා පාවට්ටා කොළ කොටා යුෂ ගෙන ගුද මාර්ගය අවට ආලේප කිරීමෙන් පණුවන් ඉවත් කර ගත හැකිය.
මුත්‍රා රෝග සඳහා පාවට්ටා ශාකයේ මල් කුඩු කර තම්බා පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල මුත්‍රා අඩස්සිය සමනය කර ගත හැකිය.
රක්තහීනතාවය සඳහා පාවට්ටා ශාකයේ පංචාංගයම කෂාය කර සීනි, මී පැණි මිශ්‍ර කර පානය කිරීම යෝග්‍ය වේ.

ශ්වසන රෝග සඳහා කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම,පීනස වැනි රෝගවලට පාවට්ටා මගින් සකස් කරන පැණිය භාවිතා කිරීම ගුණදායකය. එනම් පාවට්ටා පංචාංගයම සමව ගෙන වතුර පත හතරක් දමා පත එකට සිඳුවා පෙරා සීනි පදමට මිශ්‍ර කර ලිප තබා කකරවා පැණි පදමට පැමිණි පසු වාතාශ්‍රය මුසු නොවන සේ බෝතලයකට දමා ගබඩා කර ඉන් දිනපතා තේ හැන්ද බැගින් පානය කිරීමෙන් ශ්වසන රෝග සමනය කර ගත හැකිය.
අම්ල පිත්තය සඳහා-පාවට්ටා පංචාංගයම යොදා මී පැණි හෝ සීනි සමඟ පානය කිරීමෙන් අම්ලපිත්තය පාලනය කර ගත හැකිය.මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස පාවට්ටා භාවිතා කිරීම යෝග්‍ය වේ. නමුත් දියවැඩියාව වැනි නිදන්ගත රෝග සඳහා පාවට්ටා ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.