කිහිළි ප්‍රදේශවල අඳුරු පැහැය ඉවත් කරන සත්කාර 8 ක්

health tips

කිහිළි ප්‍රදේශයේ කලු පැහැගැන්වී ඇති ස්වභාවය බරපතල චර්ම රෝග තත්වයක් නම් නොවෙයි. එය acanthosis nigricans යනුවෙන් හඳුන්වන චර්ම ස්වභාවයකි. මෙම තත්වය හේතුවෙන් සම ඝනකමට පත් වීම සහ අඳුරු පැහැ වීම සිදුවේ. කෙසේවෙතත් මෙම තත්වය සුන්දරත්වයට බාධාවකි. කලු පැහැගැන්වී ඇති කිහිළි නිසා කැමති විදියේ අත් කපපු ඇඳුමක් වත් නිදහසේ අඳින්නට නොහැකියි. විශේෂයෙන්ම මෙය කාන්තාවන් හට මහත් අපහසුතාවන් ඇතිකරවන සුලු ගැටලුවකි.

මෙවැනි තත්වයන් සඳහා සිදුකල හැකි සත්කාර සහ ප්‍රතිකාර ක්‍රම කිහිපයක්ම තිබෙනවා.මෙම සත්කාර ක්‍රම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබට නිවසේදීම සොයාගන්න පුලුවන් ඒවා වීමත් විශේෂත්වයක්.

  1. ඇපල් සයිඩර් විනාකිරි + බේකිං සෝඩා

අවශ්‍ය ප්‍රමාණ:

  • ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2 ක්
  • බේකිං සෝඩා තේ හැඳි 2 ක්

ක්‍රමය:

මේවා හොඳින් මිශ්‍රකරගන්න. මිශ්‍රණය බුබුලු නඟින තුරු කලවම් කරන්න. බුබුලු ඉවත්වි ගිය පසු මිශ්‍රණය කිහිළි ප්‍රදේශයේ ආලේප කර වියළෙන්නට හරින්න. මිනිත්තු කිහිපයක් පුරාවට තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කරගනිමින් තුවායකින් තෙත මාත්තු කර වියළා ගන්න.

මෙම සත්කාරය සතියකට වාර 3 ක් පමණ සිදුකරන්න.

  1. රෝස වතුර + බේකිං සෝඩා

ක්‍රමය:

මේවා ස්වල්පයක් බැගින් ගෙන මිශ්‍රකරගන්න.. ඉන්පසු, ඒවා කිහිළි ප්‍රදේශ වල ආලේප කර මිනිත්තු 10 ක් පමණ තිබෙන්නට හරින්න. අනතුරුව සිසිල් ජලයෙන් ඒවා සෝදා ඉවත් කර තෙත මාත්තු කරමින් වියළාගන්න.

මෙම සත්කාරය සතියකට දෙවරක් පමණ සිදුකරගන්න.

  1. කිරි+කහ+මී පැණි

අවශ්‍ය ප්‍රමාණ: 

  • එළකිරි මේස හැඳි 1 ක්
  • කහ කුඩු තේ හැඳි 1 ක්
  • මී පැණි තේ හැඳි 1 ක්

ක්‍රමය:

මේවා බඳුනකට දමා හොඳින් මිශ්‍රකරගනිමින් ඔබේ කිහිළි ප්‍රදේශවල ආලේප කරගන්න. වියළෙන්නට තබා පසුව ජලයෙන් සෝදා ඉවත් කරගන්න.

මෙය සතියකට තෙවරක් පමණ සිදුකරන්න.

  1. දුඹුරු සීනි + ඔලිව් තෙල්

අවශ්‍ය ප්‍රමාණ:

  • දුඹුරු සීනි මේස හැඳි 3 ක්
  • පිරිසිදු ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

ක්‍රමය:

මෙම අමුද්‍රව්‍ය එකට දමා හොඳින් මිශ්‍රකරගන්න. ඒවා කිහිළි වල ආලේප කරගනිමින් මිනිත්තු 2 ක් පුරාවට මෘදුව අතුල්ලාගන්න. ඉන්පසුව මිනිත්තු 5 ක් පමණ සම මත වියළෙන්නට හරින්න. අනතුරුව ඇල් මැරුණු ජලයෙන් කිහිළි ප්‍රදේශය සෝදා පිරිසිදු කරගෙන තුවායකින් තෙත මාත්තු කරගන්න.

මෙම සත්කාර ක්‍රමය සතියකට දෙවරක් පමණ සිදුකරගන්න.

  1. ආමන්ඩ් තෙල්

ක්‍රමය:

ආමන්ඩ් තෙල් බිංදු කිහිපයක් අත්ලට ගෙන ඒවා කිහිළි ප්‍රදේශ වල ආලේප කරමින් මිනිත්තු 8-10 ක් පමණ මෘදුව සම්බාහනය කරගන්න. මෙම සත්කාරය දිනපතාම සිදුකරන්න.

  1. මුල්තානි + ලෙමන් + ජලය

අවශ්‍ය ප්‍රමාණ:

  • මුල්තානි (fuller’s earth) මේස හැඳි 2 ක්
  • ලෙමන් යුෂ තේ හැඳි 1 ක්
  • ජලය

ක්‍රමය: 

මෙම අමුද්‍රව්‍ය තුන එකට දමා හොඳින් මෘදු මිශ්‍රණයක් වන තුරු කලවම් කරගන්න. එය කිහිළි වල ආලේප කර මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හරින්න. ඇල් මැරුණු ජලයෙන් සම සෝදා පිරිසිදු කරගන්න. මෙය සතියකට දෙවරක් සිදුකරන්න.

  1. අර්තාපල්

ක්‍රමය:

අර්තාපල් අලයක් ගෙන පොතු ඉවත් කර ග්‍රේට් කරගන්න. ඒවා මිරිකමින් යුෂ ඉවත් කරගන්න. මෙම යුෂ ඔබේ කිහිළි ප්‍රදේශවල ආලේප කර මිනිත්තු 15 ක් පමණ තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා ඉවත්  කරගන්න. මෙම සත්කාරය දිනකට දෙවරක් සිදුකරන්න. උදෑසන එක්වරක් ලෙසත්  රාත්‍රි නින්දට පෙර එක් වරක් බැගින් සිදුකරන්න.

  1. ටී ට්‍රී ඔයිල් + ජලය

අවශ්‍ය ප්‍රමාණ:

  • ටී ට්‍රී ඔයිල් බිංදු 4-5 ක්
  • ජලය කෝප්ප 1 ක්

 ක්‍රමය:

 හිස් ස්ප්‍රේ බෝතලයකට ජලය කෝප්පය වත්කරගන්න. එයට් ටී ට්‍රී ඔයිල් බිංදු කිහිපය එක්කරගනිමින් හොඳින් බෝතලය කලත්තා ගන්න. පසුව, ඔබේ කිහිළි ප්‍රදේශවලට මෙම දියරය ස්ප්‍රේ කරගනිමින් වියළෙන්නට හරින්න. මෙම සත්කාරය දිනපතාම සිදුකිරීම සුදුසුයි.