තරුණ වියේදී ගැහැණු පිරිමි භේදයක් නැතිව බොහෝ දෙනෙක්ට තිබෙන සම ආශ්‍රිත ගැටලුවක් තමයි කුරුලෑ කියන්නේ. කුරුලෑ විදියට සමේ මතුවන මේ බිබිලි සෑදෙන්න ප්‍රධාන වශයෙන් හේතුවන්නේ ස්නේහක ද්‍රව්‍ය එහෙමත් නැතිනම් සමේ තෙල් සම මතුපිටට පැමිණීමට නොහැකිව සමේ සිදුරු තුළ අවහිර වී රෝම කූප වල බැක්ටීරියා වර්ධනය වීම හෝ හෝර්මෝන වල ක්‍රියාකාරිත්වය. එසේ ආසාදනය වන සම බිබිලක් ලෙස ඉදිමී කුරුලෑවක් ඇතිවේ.
කුරුලෑ ඒවා ප්‍රදාහය (inflammation) ඇතිකරවන්නේද නැතිද යන්න මත දෙයාකාරයකි. එනම් ප්‍රදාහක නොවන කුරුලෑ (non- inflammatory acne) සහ ප්‍රදාහක කුරුලෑ (inflammatory acne) වේ. ප්‍රදාහය යනු ආසාදනයකදි හෝ අනතුරකදි සම ඊට ප්‍රතිචාර දක්වමින් එම අදාළ ප්‍රදේශයේ සම රතු වීම, ඉදිමීම හා දැවිල්ල වේදනාව ඇතිකරවන තත්වයකි. ප්‍රදාහක නොවන කුරුලෑ වලට වඩා ප්‍රදාහක කුරුලෑ බරපතලය. එම නිසා එවැනි කුරුලෑ තත්වයකදී නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම තමයි වඩාත් සුදුසු.
වඩාත් බහුල කුරුලෑ ප්‍රභේද කිහිපයක් හඳුනාගනිමු.
- සුදු හිසක් සහිත කුරුලෑ බිබිලි (whiteheads)

රතු රවුමක් මැද සුදු කොටස් වැනි ආකාරයක් පෙනෙන සමේ හටගන්නා ප්‍රදාහක නොවන සම කොටසක්/ සුදු පැහැති බිබිලික් හෝ තිත්ය .ඇතැම් ඒවායේ මැදින් රෝම කූපයක් පිටතට වර්ධනය වී හෝ ඒවා තුළ සිරවී ඇති ආකාරයක් දැකිය හැකියි.
ඇතිවීමට හේතු: කුණු දුහුවිලි, ස්නේහක ද්‍රව්‍ය (තෙල්) සහ සමේ මැරුණු සෛල සිදුරු තුළ පිරි එය අවහිර වීමෙන් මෙම කුරුලෑ හටගනියි.සමේ සිදුරු තුළ වැසී පවතියි.
- කලු හිසක් සහිත කුරුලෑ බිබිලි (blackheads)

whiteheads වල ප්‍රතිවිරුද්ධ තත්වය තමයි blackheads කියන්නේ.ප්‍රදාහක නොවන අතර කුරුලෑව මතුපිට කලු පාට තිතක් ආකාරයෙන් සමේ ඉලිප්පී මතුවන බිබිලි තත්වයකි.මෙම බිබිල වටා ඇති සම සාමාන්‍ය ස්වභාවයක් ගන්නා අතර බිබිලේ මැද කලු ය.
ඇතිවීමට හේතු:මේවා කලු ස්වභාවයක් ගැනීමෙන් අදහස් වන්නේ මේවා තුළ ඇත්තේ සිරවුණු තෙල් කුණු අපද්‍රව්‍ය බව නම් නොවෙයි.සමේ සිදුරු වඩාත් පළල් වී ඇති බවට මෙය සංඥාවකි.මේවා ඇතිවන්නේ රෝම කූප අවහිරවිමකිනි.
- පොඩි රතු පැහැති ඉදිමුණු බිබිලි (papules)

ප්‍රදාහක කුරුලෑ විශේෂයක් වන අතර සම මතුපිටට පහළින් පිහිටයි. මෙම කුරුලෑ අවට සම සාමාන්‍යයෙන් රතු පාටට හැරුණු ඉදිමුණු ස්වභාවයක් ගනියි.රෝස පැහැති, ඝනකම් හා මෘදු මොළොක් සමෙන් ඉහළට ඉලිප්පුණු බිබිලි වේ.ප්‍රදාහක නොවන ඉහත සඳහන් කුරුලෑ දෙවර්ගයටම වඩා, මේවායේ පැහැදිලිව පෙනෙන මැද කොටසක් නැති අතට එතරම් පළල් ද නැත.
ඇතිවීමට හේතු:සමේ ආසාදන (Molluscum contagiousum),කුඩා රුධිර ශිරා වර්ධනය වීමට පටන්ගැනීම (cherry angioma තත්වය),ඉන්නන්,එක්සිමා (දද),ආසාත්මිකතා නිසා සම ප්‍රතික්‍රියාකිරීම්
- සැරව බිබිලි සේ ඇතිවන සුදු පැහැති බිබිලි (pustules)

pimples ලෙස හඳුන්වන මේවා වෘත්තාකාර මැදක් සහිත මෘදු, විශාල ලෙස සමෙන් ඉහළට නෙරූ බිබිලිය.මැද ඇත්තේ රතු සම් කොටසකට ඉහළින් ඇති කහ /සුදු පැහැති සැරවය.මේවා විශාල වූ whiteheads ලෙස පෙනිය හැකි නමුත් මේවා ප්‍රදාහයට ලක්ව ඇති කුරුලෑ වේ.
ඇතිවීමට හේතු: ආහාර වලට හෝ පාරිසරිත තත්වයන්ට හෝ ආසාත්මිකකාරක වලට සම ප්‍රතික්‍රියාකිරීම, විෂ සහිත කෘමි දෂ්ට කිරීම් නිසා, මැරුණු සම හා තෙල් අපද්‍රව්‍ය සමේ සිරවීමෙන් බැක්ටීරියා වර්ධනය වී ඇතිවේ.
- ගැටිති (nodules)

ප්‍රදාහයට ලක්වූ (ඉදිමුම සහිත දැවිල්ල), වේදනාකාරී හා ඝනකම් ලෙස සමෙන් ඉහළට නෙරූ , සම ගැඹුරින් පිහිටා ඇති බිබිලි නැතිනම් ගැටිති වේ.මේවා වඩාත් බරපතල අතට හැරිය හැකි අතර ඔබේ සමේ කැලැල් ඇතිකිරීම හා අඳුරු ලප වර්ධනය වීම වැනි සංකූලතා ඇතිකරවිය හැක.
ඇතිවීමට හේතු: මේවා ප්‍රදාහක කුරුලෑ ගණයට අයත් වන අතට අවහිර වූ සමේ සිදුරු වල සෛල හා සම පහළින් ගැඹුරින් පිහිටි පටක හානිවීමේදී හටගනියි.
- සැරව සහිත විශාල ගෙඩි (cysts)

pimples/pustules ආසාදනය වීමෙන් ඒවා ඉතා වේදනාකාරී ස්වභාවයක් ගැනීමට පටන්ගනියි.මෙසේ වීමේදී ඒවා විසර ගෙඩි එහෙමත් නැතිනම් සැරව පිරුණු විශාල බිබිලි ලෙස වර්ධනය වේ.මෙම සැරව පිරුණු කුරුලෑ ගෙඩි වල සුදු හෝ රතු පැහැති, වේදනාකාරි, විශාල එහෙත් වඩාත් මෘදු බිබිලි සම ගැඹුරින් පිහිටයි.ඊටත් වඩා ගැඹුරින් පහළින් ගැටිති පිහිටා තිබෙයි.මේවායේද සැරව පිරී පවතියි.සමේ කැලැල් ඇතිකිරීම වැනි බරපතල චර්ම සංකූලතා ඇතිවීමට හේතුවන කුරුලෑ තත්වයකි.
ඇතිවීමට හේතු: සැරව පිරුණු සුදු පාට බිබිලි (pimples) ආසාදනය වීමෙන්