හිසේ කැක්කුම ඇතුළු ශරීරයේ වෙනත් ඕනෑම වේදනාවකදී ඒ වේදනාවන් සමනය කරගන්නට බොහෝ දෙනෙක් භාවිතා කරන වේදනා නාශකය තමයි ඇස්ප්‍රීන් කියලා කියන්නේ. හදවත් රෝගවලින් සහනය සලසා ගන්නට, රුධිර කැටි ඇතිවීම වළක්වා ගන්නටත් මේ ඇස්ප්‍රීන් අපට උදව් වෙනවා. ඇස්ප්‍රීන්වල අඩංගු වෙන සැලිසිලික් අම්ලයට පින්සිදු වෙන්නට බොහොමයක් රෝග තත්ත්වයන්වලින් සහනය ලබා ගන්නට වේදනාව දුරු කරගන්නට අපිට මෙයින් හැකියාව ලැබෙනවා.
නමුත් බොහෝ දෙනෙක් ඇස්ප්‍රීන් බාහිරව ආලේප කිරීමෙන් ලබාගන්නට හැකි ප්‍රතිලාභ ගැන නම් දැනුවත් වීමක් නැහැ. ඉතින් ඒ නිසා අපි අද සිතුවා මේ ඇස්ප්‍රීන් භාවිතයෙන් ලබා ගන්නට හැකි වෙනත් ප්‍රතිලාභ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.

හිස්සොරි නැති කර හිස්කබල පිරිසිදු කරන්නට උදව් වෙනවා.හිසකෙස් අකාලයේ ගැලවිලා යන්නට,සමේ කුරුලෑ බිබිළි ඇති කරන්නට මූලිකම හේතුවක් වෙන්නේ හිස් කබලේ ඇති ඉස්සොරි තත්ත්වය. ඔබේ හිස් කබල නිතරම කස නවා නම් ඒවා පොතු වශයෙන් ගැලවිලා වැටෙනවා නම් මේ ඇස්ප්‍රීන් භාවිතා කර එයින් සහනයක් සලසා ගන්නට පුළුවන්. මේ සත්කාරය සිදු කරන්නේ මේ ආකාරයටයි.
මුලින්ම ඇස්ප්‍රින් පෙති තුනක් පමණ අරගෙන ඒවා කුඩු කරගන්න. මේ ආකාරයට කුඩුකරගත් ඇස්ප්‍රින් කුඩු ඔබ ගල්වන ෂැම්පු සමඟ හොඳින් මිශ්‍ර කරන්න. ඒ සකසා ගත් ෂැම්පූවලින් හිස්කබල හොඳින් සම්භාහනය කර මිනිත්තු කිහිපයක් තියෙන්නට හැර සෝදා හරින්න. මේ සත්කාරය මගින් ඔබට ඉතා පහසුවෙන්ම හිස්හොරි කරදරයෙන් මිදෙන්නට පුළුවන්.
මුහුණෙහි ඇති කුරුලෑ කැලැල් සහ වලවල් නැති කරන්නට උදව් වෙනවා.ඇස්ප්‍රින් පෙති භාවිතයෙන් ලබාගන්නට හැකි තවත් වටිනා ප්‍රතිලාභයක් තමයි සමේ ලප කැලැල් ඉවත් කරගන්නට ඒවා දක්වන දායකත්වය.
ඇස්ප්‍රින් පෙති දෙකක් හෝ තුනක් පමණ ගෙන එය සිහින් කුඩු බවට පත්වන තෙක් හොඳින් තළා ගන්න. ඉන්පසුව මේ ඇස්ප්‍රින් කුඩුවලට ජල බින්දු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන මුහුණේ කැලැල් සහ වලවල්වල ආලේප කරන්න. ඉන්පසු එය හොඳින් වියළෙන්නට තබා සෝදා හරින්න.
ඒ වගේම ඇස්ප්‍රින් පෙති හතක් පමණ ගෙන එයට යෝගට් මේස හැඳි තුනක්, පිරිසිදු මී පැණි මේස හැන්දක් එකතු කර හොඳින් කලවම් කර පිරිසිදු කරගත් මුහුණේ ආලේපකර විනාඩි 15කින් පමණ සෝදා පිරිසිදු කර ගන්න.
කුරුලෑ ආසාදන දුරුකරනවා.මේ ඇස්ප්‍රීන්වලට හැකියාව තියෙනවා අපේ සමේ ඇති මැරුණු සෛල ඉතා හොඳින් ඉවත් කරන්නට. ඒ විතරක් නෙවෙයි අපේ සම මත තැන්පත් වෙන අමතර තෙල් ස්වභාවය ඉවත් කරන්නට, මුහුණේ පවතින කුඩා විවරවල රැඳෙන කුණු දූවිලි ආදියෙන් අවහිරවීම නැතිකර කුරුලෑ ආදි ආසාදනවලින් සහ චර්ම රෝගවලින් සුවය ලබා ගන්නත් මේ ඇස්ප්‍රීන් අපිට උදව් වෙනවා.

වතුර කෝප්ප කාලකට හොඳින් කුඩු කරගත් ඇස්ප්‍රීන් පෙති 5ක් පමණ එකතු කර පේස්ට් එකක් ලෙස සකසා මුහුණේ ආලේප කරන්න. විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හැරීමෙන් මෙම ප්‍රතිලාභ අපට ලබාගන්න පුළුවන්.
ඇස්ප්‍රින් පෙති දෙක තුනක් හොඳින් කුඩු කරගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර කුරුලෑ සහිත ස්ථානවල ආලේප කර විනාඩි කිහිපයක් තියෙන්නට හැර සෝදා හරින්න. මේ ආලේපන ගල්වා ගැනීමෙන් පසු හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකිය යුතුයි.
ඇඳුම්වල දහදිය පැල්ලම් ඉවත් කර ගැනීම සඳහා දහඩිය දැමීම නිසා ඇඳුම්වල ඇතිවන පැල්ලම් ඉවත් කර ගන්නටත් මේ ඇස්ප්‍රීන් අපිට භාවිතා කරන්න පුළුවන්. ඇස්ප්‍රින් පෙති කිහිපයක් ජලයේ දියකර ගෙන එය ඇඳුම්වල පැල්ලම් ඇති ස්ථානවල ගල්වා මද වේලාවක් පෙඟෙන්නට හැර සෝදා හැරීමෙන් දහඩිය නිසා ඇතිවන පැල්ලම් වලින් ඉවත් කරගන්නට පුළුවන්.
මල් නැවුම්ව තබා ගැනීමට උපකාරී වෙනවා.ස්වභාවික මල් වර්ග මල් බොකි ආදිය නැවුම්ව බොහෝ කාලයක් තියා ගන්නට මේ ඇස්ප්‍රීන් අපිට භාවිතා කරන්න පුළුවන්. spray බෝතලයක් ගෙන එයට වතුර දමා ඇස්ප්‍රීන් පෙති කිහිපයක් දමා මිශ්‍රණය හොඳින් සොලවා මල්වලට ස්ප්‍රේ කරන්න.
මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ඇතිවන කැසීම් නැති කර ගන්නට උදව් වෙනවා. මදුරුවන් දෂ්ට කිරීම නිසා ඇතිවන කැසීම් පලු දැමීම් ආදී ආසාදනයන් දුරු කරගන්නට මේ ඇස්ප්‍රීන් අපිට භාවිතා කරන්නට පුළුවන්. ඇස්ප්‍රීන් කුඩු මේස හැන්දක ප්‍රමාණයක් පෙනෙන්නට හැර හොඳින් දියකර ගන්න. .මේ ආලේපනය මදුරුවන් දෂ්ට කළ ස්ථානයේ ආලේප කර විනාඩි කිහිපයක් තිබෙන්නට හැර සෝදා හරින්න.
ඉතින් ඇස්ප්‍රීන් කියන්නේ වේදනා නාශකයක් පමණක් නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.