ඕනෑම වකුගඩු රෝගයක් හැදෙන්න කලින් සුව කර හැකි පොල්පලා පානය

health tips

ලාංකේය අපිට අපේ පැරැන්නන්ගෙන් උරුම වුණු වටිනා කියන වෙද හෙදකම් වගේම ආහාර රටාවක් සංස්කෘතික රටාවක් තිබෙනවා. මෙවැනි වටිනා කියන දේවල් අප අතරෙන් මේ ගෝලීයකරණයත් එක්කම වේගයෙන් අතුරුදහන් වෙලා යනවා. අපේ පැරැන්නන්ගෙන් ලැබුණු දැනුම් තවමත් යම්තාක් දුරට හෝ ඉතිරි වෙලා තියෙන එක සන්තෝෂයට කාරණාවක්. මේ පරිවර්තනයේ ප්‍රතිඵලයක් විදියටහට තමයි එදා පැරැන්නන්ගේ ගෙවත්තේ නිදහසේ වැවුණු පොල්පලා ගසක්වත් අද අපේ ගෙවත්තක දකින්නට නැති වෙලා තියෙන්නේ. එහෙම ලැබුණත් ඒ කලාතුරකින් විතරයි .ඉතින් ඔන්න අපි අද කතා කරන්න යන්නේ විවිධ රෝග ගණනාවකට ප්‍රතිකර්මයක් විදිහට අපේ පැරැන්නන් භාවිතයට ගත් පොල් පලා ශාකය භාවිතයෙන් සකසා ගත හැකි අපූරු පානයක් ගැනයි.

Aerva lanata කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පොල් පලා ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ඇති මේ පොල්පලා ඉන්දියාවේ පවතින පොල්පලා පැලෑටියට වඩා ක්‍රියාකාරිත්වයෙන් වැඩි බව සඳහන් වෙනවා. එය අස්වැන්න පොල්පලා විදියටයි හඳුන්වන්නේ. ඉන්දියාවේ ඇති පොල්පලා පුස්වැන්න ලෙසටයි හඳුන්වන්නේ.නමුත් මේ වටිනා පොල්පලා පැලෑටිය ප්‍රයෝජනයට ගන්නේ ඉතා සුළු පිරිසක් පමණයි.
බූව සහිත දුර්වල කඳක් සහිත මේ ශාකයේ පත්‍ර ඒකාන්තරයි. පුෂ්ප රාශියක් පවතිනවා. වසර පුරාම මල් පිපෙන පොල්පලා පැලෑටියේ හොඳින් මේරු වියළි කිනිති පොඩිකර බීජ ලබාගෙන වපුරා හරින්නත් පුළුවන් .අද වෙද්දි බහුතරයක් දෙනා මේ ඔසු පැලෑටියේ ගුණ දන්නා නිසා මේ ශාකයට ඇති ඉල්ලුම වැඩිවෙලා තියෙනවා.

අද අපිට අමතක වුණාට මේ පොල්පලා රසවත් ආහාරයක්. ඒ නිසා මෙය විවිධ ආකාරයට භාවිතා කරන්න පුළුවන් . පොල්පලා මැල්ලුමක් වශයෙන්,ව්‍යංජනයක් වශයෙන්,කැඳ වශයෙන් හෝ වියළීමෙන් තේ වශයෙන් ද භාවිතයට ගන්නට පුළුවන්. මේ මල් හටගැනීමට පෙර ලපටි පොල්පලා පැල කව්පි අහුරක් හෝ කොස් ඇට දමා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකියි.ලපටි පොල්පලා කොළ, රතු ළූණු, උම්බලකඩ, දෙහි හා පොල් දමා අමුවට රසවත්ව සම්බෝලයක් ලෙස සකසා ආහාරයට පුළුවන්.

පොල්පලා සතු ඖෂධීය ගුණයන් ශරීරය සිසිල් කරනවා.මේ සඳහා වියළි පොල්පලා තම්බා එම වතුර දවසට දෙවරක් බැගින් පානය කරන්න. මේ පොල්පලා දින තුනකට වරක් පානය කිරීමෙන් හිරුගෙන් ශරීරයට වන හානි අවම කර සමේ තෙතමනය ආරක්ෂා කරන්නට උදව් වෙනවා.මුත්‍රා මාර්ගයේ ඇතිවන ගල් දිය කර මුත්‍රා ආසාදන සුව කරන්නට දායක වෙනවා. මේ සඳහා අමු පොල්පලා ගසක් සම්පූර්ණයෙන්ම ගෙන සෝදා කුඩා කැබලිවලට කපා මුට්ටියකට දමා වතුර බෝතලයක් දමා මද ගින්නේ තේ කෝප්ප 5 ක ප්‍රමාණයට සිඳගන්න.රාත්‍රී ආහාරයෙන් පැයක් ගතවීමෙන් පසුව තැම්බූ පොල්පලා වතුර පෙරා පානය කරන්න.මෙය දවසක් හැර දවසක් පානය කිරීම සුදුසුයි.විවාහ වූ අලුත කාන්තාවන්ට ඇතිවන මධුසමයේ වකුගඩු ආසාදන වළක්වා ගන්නට උපකාරී වෙනවා.

  • ඇදුම රෝගයට ගුණදෙයි.
  • ශක්තිය වඩවනවා .
  • ගෝනුස්සන් , පත්තෑයන් දෂ්ට කළ විෂ නසන්නට උපකාරී වෙනවා .
  • දාහය, උණ ,ස්වාසය නසනවා.
  • ලේ අතීසාරය,කැස්ස, ඇදුම, උගුරේ ආසාදන හා අර්ශස් රෝගයට ප්‍රතිකාර සඳහා පොල්පලා භාවිතා කරනවා.
  • වාත රෝගවලට ගුණදායකයි.
  • අවුරුද්දට අඩු දරුවන්ගේ දිරවීමේ පහසුව ඇති කරනවා.
  • ගොනෝරියාව නම් ලිංගික රෝගයට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේදයේ පොල්පලා භාවිතා කරනවා.
  • පිපාසයට හිතකරයි.
  • වකුගඩුවල පෙරීමේ ගුණය වැඩිකර ශරීරයෙන් දියර ඉවත් කරමින් මුත්‍ර මාර්ගය පිරිසිදු කරනවා.
  • අසාත්මිකතා වළකනවා .
  • පිළිකා සෛල විනාශ කරනවා.
  • අක්මා පටල ප්‍රතිසංස්කරණය කරනවා .
  • රුධිරගත සීනි මට්ටම පාලනය කරනවා.
  • මේදය අඩු කරනවා.
  • ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
  • හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා.

පොල්පලා පානය

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු පොල්පලා මිටක්
  • ලුණු ස්වල්පයක්
  • සීනී තේ හැඳි 2 ක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • දෙහි ස්වල්පයක්

සාදා ගන්නා ආකාරයඅමු පොල්පලා මිටක් ගෙන හොඳින් සෝදා කුඩා කැබලිවලට කඩා බ්ලෙන්ඩරයකට දමා වතුර එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. එය වීදුරුවකට පෙරා ලුණු ගම්මිරිස් සහ සීනි දමා කලවම් කර දෙහි ස්වල්පයක් ද එකතු කර හොඳින් මුසුකර පානය කරන්න.

සැලකිය යුතුයි.කොතරම් ගුණදායක ඔසුවක් වුණත් නියම මාත්‍රාව ඉක්මවා ආහාරයට ගැනීම භයානක ප්‍රතිඵල ඇති කරනවා. මේවායේ අනිසි භාවිතය ඇතැම්විට වකුගඩුවල ඇති සියුම් නාල පවා විනාශ කරන්නට හේතුවක් වෙනවා . එබැවින් පොල්පලා පානයට වඩා අවදානම මගහැරීම සඳහා පොල්පලා මැල්ලුම සතියකට දවසක් දෙකක් එකතු කර ගැනීම ප්‍රමාණවත්. ප්‍රතිකාරයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න.