ඕනෑම මුත්‍ර රෝගයක් සුව කරන පොල්පලා ශාකය සතු ගුණ 8ක්

health tips

“පොල් කුඩු පලා” යන නමින් ද හඳුන්වන පොල් පලා යනු ආයුර්වේදය තුළ මුත්‍ර රෝග සඳහා බහුලව භාවිතා කරන තවත් එක් වටිනා ඖෂධයකි. එනම් දකුණු අප්‍රිකාව නිජබිම කොටගත් පොල් පලා ශාකය මීටර් දෙකක් පමණ උසට වැඩෙන සුදු පැහැති සියුම් බූවකින් යුක්තවන ශාකයකි. පත්‍ර ඒකාන්තර පත්‍ර වන අතර ගෝලාකාර හැඩයෙන් යුක්ත වේ.

  • වසර පුරා සුදු පැහැති මල්  හටගන්නා පොල් පලා ශාකයේ හොඳින් මෝරා ගිය කිනිති පොඩිකර බීජ ලබාගත හැකිය. 
  • පොල් පලා පානයක් ලෙස,කැඳ පානයක් ලෙස ව්‍යංජනයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. 
  • පොල් පලා පානය 
  • මේ සඳහා අමු පොල්පලා මිටක් ලුණු ස්වල්පයක් සීනී තේ හැඳි 2 ක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් දෙහි යුෂ ස්වල්පයක් අවශ්‍ය වේ. 

පළමුව අමු පොල්පලා මිට  ගෙන හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩරයකට දමා වතුර ස්වල්පයක් එකතු කර බ්ලෙන්ඩර්  කර එහි යුෂ  වීදුරුවකට පෙරා ඊට ලුණු ,ගම්මිරිස් සහ සීනි මිශ්‍ර  කර දෙහි ස්වල්පයක් එක් කර   පානය කිරීමෙන් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

පොල්පළා ශාකය ඖෂධීය භාවිතය.

  • මූත්ර අඩස්සියට
  • මූත්ර ගල්
  • මූත්‍ර දැවිල්ල
  • ඇදුම 
  • පාණ්ඩුව 
  • අර්ශස් 
  • ගුල්ම රෝග 
  • හෘද රෝග 
  • කාන්තා රෝග 
  • පීනිස 
  • පාචනය 
  • අතීසාරය 
  • කැස්ස 
  • හිසරදය 
  • උගුරේ ආසාදන
  • ගොනෝරියාව
  • ප්ලීහා රෝග
  • ප්‍රමේහ 

මෙවැනි රෝග ගණනාවක් සමනය කරගැනීමට පොල් පලා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

මුත්‍ර රෝග සමනය කරයි.මූත්‍ර රෝග සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිට ම ඖෂධයක් ලෙස පොල් පලා භාවිතා කර තිබේ. මූත්‍රා අඩස්සිය මුත්‍රා දැවිල්ල මුත්‍රා ගල් යන අතින් රෝග සමනය කිරීමට පොල්පළා ශාකයම ගෙන තම්බා පානය කිරීම යෝග්‍ය වේ.

සත්ව දශ්ටනය සඳහා-ගෝනුස්සන් ,පත්තෑයන් දෂ්ට කළ විට එම විෂ ඉවත් කර ගැනීම සඳහා පොල් පලා කැඳ සකස් කර පානය කිරීම ගුණදායක වේ.

ඇදුම සමනය කරයි.වියළි පොල්පලා පත්‍ර හා මල් ගෙන ගිනි අඟුරු මතට දමා දුම ආග්‍රහණය කිරීමෙන් ඇදුම සමනය කරගත හැකිය. 

හිසරදය සමනය කරයි.පොල් පලා ශාකයේ මුල් ගෙන හොඳින් අඹරා නළල මත ආලේප කිරීමෙන් හිසරදය සමනය කරගත හැකිය. 

කැස්ස සමනය කරයි.වියළා ගත් පොල් පලා චූර්ණය උණුසුම් වතුරට වතුර වීදුරුවකට දමා තම්බා සීනි සමඟ පානය කිරීමෙන් කැස්ස සමනය කරගත හැකිය.

රුධිරගත මේදය සහ සීනි අඩු කරයි.පොල් පලා තම්බා පානය කිරීමෙන් රුධිරගත මේදය සහ සීනි මට්ටම අඩු කර ගත හැකිය. 

ශරීරය සිසිල්කරයි.පොල් පලා ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් ශරීරයේ උෂ්ණාධික භාවය දුරු කර ශරීරය සිසිල් කර ගත හැකිය. එනම් මේ සඳහා පොල් පලා වල අඩංගු භාෂ්මික ගුණය උපකාරී වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. පොල්පළා ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය එමෙන්ම පිළිකා සෛල විනාශකර පිළිකා ඇතිවීම වලක්වා ගැනීමටද පොල්පළා භාවිතා කිරීම ගුණදායක වේ.

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට පොල් පලා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් නිදන්ගත රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.