අප සෑම දෙනාම පාහේ ප්‍රධාන ආහාර වේල් තුනක් ලබා ගන්නා අතර ආහාර ගත් පසුව විවිධ කාර්යයන් වල නිරත වීම පුරුද්දක් කොටගෙන තිබේ. එමගින් බොහෝ දෙනෙකු විවිධ රෝග වලට වැඩි වශයෙන් ගොදුරු වන අතර ඔවුන්ට මේ පිළිබඳව දැනුවත් භාවයක් ද නොමැත.ආහාර ගත් විගස නොකළ යුතු දේවල් සිදු කිරීමෙන් ශරීරයට විවිධ බලපෑම් ඇති වන බව වෛද්‍ය පරීක්ෂණ වලින් ද තහවුරු වී තිබේ.ආහාර ගත් විගස නොකළ යුතු දේවල්
- නිදා ගැනීම.
- පලතුරු ආහාරයට ගැනීම.
- ඇවිදීම
- තේ පානය කිරීම.
- දුම් පානය කිරීම.
- වැඩිපුර ජලය පානය කිරීම.
- ස්නානය කිරීම.
- ආදී කාර්යයන් වල නිරත වීම සිදු නොවේ.

නිදා ගැනීම.බොහෝ දෙනකු ආහාර වැඩිපුර ගෙන ආහාර ගත් විගස නිදා ගැනීම පුරුද්දක් කොට ගෙන තිබේ. නමුත් මෙය ද එතරම් සුදුසු නොවන බව රෝග බොහොමයකට හේතුවක් වන බව වෛද්‍යවරුන් සඳහන් කර තිබේ. එනම් මෙමගින් ආහාර ජීර්ණය ක්‍රමවත් ව සිදු නොවීම උදරය ඉදිරියට නෙරා ඒම වැනි ගැටලු ඇතිවීම සිදුවේ. මේ නිසා ආහාර ගත් විගස නිදා ගැනීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුවේ.
පලතුරු ආහාරයට ගැනීම.ආහාර ගත් විගස පලතුරු ආහාරයට ගැනීම යෝග්‍ය නොවේ. නමුත් බොහෝ දෙනකු ආහාර ගත් විගස පලතුරු ආහාරයට ගැනීම පුරුද්දක් කොට ගෙන තිබේ. නමුත් කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එසේ ආහාර ගත් විගස පලතුරු ආහාරයට ගැනීමෙන් ආහාර ජීරණය ප්‍රමාද වන බව ය. එමෙන්ම පලතුරු ආහාරයට ගත යුත්තේ ප්‍රධාන ආහාර ගැනීමට පෙර හෝ හිස් බඩටය. එවිට පලතුරුවල පෝෂ්‍ය පදාර්ථ ඒ අයුරින් ම ශරීරයට ලබාගත හැකි අතර නොමැතිව ආහාර ගත් විගස පලතුරු ආහාරයට ගැනීමෙන් ජීර්ණ ගැටලු මෙන්ම එම පලතුරුවල පෝෂ්‍ය පදාර්ථ ශරීරයට ලබා ගැනීමට බාධා ඇති විය හැකිය.මේ නිසා ආහාර ගත් විගස පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
ඇවිදීම.ආහාර ගත් විගස ඇවිදීමෙන් ආහාර ජීර්ණය පහසු කර ගත හැකි බව බොහෝ දෙනෙකු විශ්වාස කරයි. නමුත් ආහාර ගත් විගස ඇවිදීමෙන් දිවීමෙන් උදරයේ යටි බඩ ආශ්‍රිතව වේදනාවක් ඇතිවනු ලැබේ. එනම් එම වේදනාව ඇති වන්නේ ආහාර ගත් විගස ඇවිදීම නිසාය. මේ නිසා ආහාර ගත් විගස ඇවිදීම සිදු නොකොට ආහාර ගෙන විනාඩි 45 ක් පමණ ගිය පසු ඇවිදීම හෝ දිවීම සිදු කිරීම වඩාත් සුදුසුවේ.
තේ පානය කිරීම.බාල මහලු වයස් භේදයකින් තොරව වැඩි දෙනෙකු ආහාර ගත් විගස තේ පානය කිරීම පුරුද්දක් කොට ගෙන තිබේ. නමුත් මෙය එතරම් සුදුසු දෙයක් නොවන බව වෛද්‍ය පරීක්ෂණ ඔස්සේ අනාවරණය කරගෙන ඇති අතර ආහාර දිරවීමට පෙර තේ පානය කිරීම මගින් තේ වල අඩංගු ආම්ලික ගතිය ආහාරවල ප්‍රෝටීන් සමඟ ක්‍රියා කර ආහාර ජීරණය ප්‍රමාද කරනු ලැබේ.ඊට අමතරව තේ පානය කිරීමෙන් ලබාගත් ආහාරවල ඇති විටමින්, ඛනිජලවණ , ප්‍රෝටීන් ආදිය සිරුරට අවශෝෂණය කර ගැනීමට ද බාධා ඇති කරයි. විශේෂ කොට ආහාරවල ඇති යකඩ සිරුරට අවශෝෂණය කර ගැනීම තේ පානය මගින් අඩපණ කිරීම සිදුකරන නිසා යකඩ ඌනතා වුවද ඇති විය හැකිය. මේ නිසා ආහාර ගත් විගස තේ පානය කිරීමෙන් වැළකිය යුතුය.

දුම්පානය කිරීම.බොහෝ පිරිමි පුද්ගලයින් ආහාර ගත් විගස දුම් පානය කිරීම පුරුද්දක් කොට ගෙන ඇති අතර එය යහපත් නොවේ. ආහාර ගත් විගසම දුම් පානය කිරීමෙන් දුම්වැටි 10ක පමණ බලපෑම සිරුරට ඇතුල් වී එය පිළිකා තත්ත්ව , වෙනත් අතුරු ආබාධ ඇති කිරීමට හේතුවන බව තහවුරු වී තිබේ. මේ නිසා ආහාර ගත් විගස දුම් පානය කිරීමෙන් වැලකිය යුතුය.
වැඩිපුර ජලය පානය කිරීම.බොහෝ දෙනකු ආහාර ගත් විගස ජලය පානය කිරීම සිදුකරයි. එමෙන්ම තවත් පිරිසක් ආහාර ගන්නා අතරතුර ජලය වැඩිපුර පානය කිරීම සිදුකරයි වෛද්‍යවරු සඳහන් කරන්නේ මෙම අවස්ථාවන් දෙකෙහිම වැඩිපුර ජලය පානය කිරීම සුදුසු නොවන බවයි. ආහාර ගත් විගස වැඩිපුර ජලය පානය කිරීමෙන් ක්‍රමවත් ව ආහාර ජීර්ණය සිදු නොවේ. එමෙන්ම ආහාර ගන්නා අතරතුර වැඩිපුර ජලය පානය කිරීමෙන් ආහාර රුචිය අඩු වේ. මේ නිසා ආහාර ගන්නා අතරතුර හෝ ආහාර ගත් විගස වැඩිපුර ජලය පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
ස්නානය කිරීම.පුරුද්දක් ලෙස හෝ එදිනෙදා ගතකරන කාර්ය බහුලත්වය නිසා බොහෝ දෙනෙකු ආහාර ගත් විගස ස්නානය කිරීම සිදුකරයි. නමුත් ඉන් ආහාර ගත් විගස ස්නානය කිරීම එතරම් සුදුසු නොවේ. ආහාර ගත් විගසම ස්නානය කිරීමෙන් සිරුරේ අනෙකුත් කොටස් වලට රුධිරය වේගවත්ව ගමන් කිරීම නිසා ආමාශයේ ආහාර ජීරණයට අවශ්‍ය වන පරිදි රුධිරය සැපයීමක් සිදු නොවේ. එමගින් ආහාර ජීරණයට බාධා ඇති වී ආහාර ජීර්ණය ක්‍රමවත් ව සිදු නොවේ. මේ නිසා සාමාන්‍යයෙන් ආහාර ගෙන පැය දෙකක් පමණ පසුවන තෙක් ස්නානය නොකර සිටීම වඩාත් සුදුසුවේ.
මේ ආකාරයට ආහාර ගත් විගස ඉහත සඳහන් කළ දේවල් නොකර සිටීමෙන් ආහාර ජීර්ණ ගැටලු ඇති වීම වළක්වා ගත හැකිය. එමෙන්ම එමගින් ආමාශගත රෝග ඇති වීම වළක්වා ගෙන නීරෝගී දිවියක් ගත කළ හැකිය.