පලා වර්ග අතර බොහෝ ගුණ ඇති පලා වර්ගයක් ලෙස අගුණකොල හැඳින්විය හැකිය. එනම් කලවම් පලා මැල්ලුමක් ලෙස සම්බෝලයක් ලෙස අගුණ කොල ආහාරයට එක් කර ගත හැකිය. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ අගුණකොල වැඩි වශයෙන් දැකගත හැකි අතර විදේශීය වශයෙන් පිලිපීනය, චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල බහුලව දැකගත හැකිය. දැනට හඳුනාගෙන ඇති අගුණ කොළ ප්‍රභේද දෙකකි. එනම්
- 1.කිරි අඟුණ
- 2.තිත්ත අගුණ
වශයෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය. නමුදු මෙම ප්‍රභේද ගුණයෙන් හා රසයෙන් එක සමාන වන අතර දෙවර්ගයම ආහාරයට ගනී. අගුණ කොළ සලාදයට හා කලවම් පලා මැල්ලුමට වැඩි ඉල්ලුමක් තිබුණද අගුණ කරල් ව්‍යාංජනයක් ලෙස වුවද සකස් කර ආහාරයට ගත හැකිය. එපමණක් නොව හෙළ වෙදකම තුළ අගුණ වැල් ශාකය නොයෙක් රෝග සමනය කිරීම සඳහා බහුලව භාවිතා කර තිබේ. එමෙන්ම අගුණ කොළ මැල්ලුමක් ලෙස, සලාදයක් ලෙස ආහාරයට ගැනීමෙන් ශරීර ගත බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් අගුණ කොල වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. පොස්පරස්, කැල්සියම්, විටමින් ඒ, යකඩ, විටමින් සී , තන්තු, ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. මේ ආදී ගුණයන්ගෙන් අනූන අගුණ කොළ සම්බෝලය සකස් කර ගන්නා ආකාරය.

- අගුණ කොළ මිටක්
- ලූණු ගෙඩි දෙකක්
- අමුමිරිස් කරල් 3
- උම්බලකඩ ස්වල්පයක්
- පොල් ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
- දෙහි යුෂ ස්වල්පයක්
අගුණ කොළවල නටුව සමග කඩා සෝදා පොඩි නොකර එකම පැත්තකට සිහින්ව ලියලා ගන්න. එනම් එසේ එකම පැත්තකට ලියලා ගැනීමෙන් තිත්ත රසය අඩු කර ගත හැකිය. පසු අමුමිරිස් ලූණු ද සිහින්ව ලියලා ගෙන ඊට අගුණ කොළ ,උම්බලකඩ, ලුණු, පොල් මිශ්‍ර කර හොදින් කලවම් කරන්න. පසුව ආහාරයට ගැනීමට මොහොතකට පෙර රස පදමට දෙහි යුෂ ද එක්කර ගන්න.
අගුණ කොළ වල ඖෂධීය භාවිතය.
රක්තහීනතාවය සමනය කරයි.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හෙවත් රක්තහීනතාවය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ යකඩ ඌණතාවයයි. මෙම යකඩ ඌණතාවය මඟ හරවා රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය කිරීමට ආහාරයට ගත යුතු පලා වර්ගයක් ලෙස අගුණකොල හැඳින්විය හැකිය. එනම් අගුණ කොළ ආහාරයට ගැනීමෙන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කරයි.
මළ බද්ධය සමනය කරයි.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසුවීමේ රෝග තත්ත්වය මළබද්ධය ලෙස හැඳින්විය හැකිය. එනම් මෙම රෝග තත්ත්වය උග්‍ර වීමෙන් අර්ශස් වැනි රෝග තත්ත්වයන් වුවද ඇතිවිය හැකිය. කෙසේ වෙතත් මළ බද්ධය පවතින අවස්ථාවක අගුණකොල සලාදයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගන්නේ නම් ඉන් මළබද්දය සමනය කර ගත හැකිය. එනම් අගුණ කොළ වල අඩංගු තන්තු මළ බද්ධය සමනය කිරීම සිදුකරයි. එනම් ගර්භනී අවස්ථාවේ ඇතිවන මළබද්ධය සමනය කිරීමටද අගුණ කොළ ආහාරයට ගැනීම ගුණදායකවේ.

පණු රෝග අතීසාරය සමනය කරයි.වයස් භේදයකින් තොරව පවතින පණු රෝග සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම අගුණකොල ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් මේ සඳහා අගුණ කොළ සලාදයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකවේ.
මව්කිරි එරීම වර්ධනය කරයි.මව්කිරි අවම වීමෙන් පීඩා විඳින මව්වරුන්ට අගුණ කොල සලාදයක් ලෙස හෝ කලවම් පලා මැල්ලුමක් ලෙස සකස් කර දීමෙන් මව්කිරි එරීම වැඩි කරගත හැකිය. මීට අමතරව
- උණ, වෛරස් සමනයට
- සර්ප විෂට
- පිළිකා මර්ධනයට
- පිස්සු බලු රෝගයට
- දියවැඩියාව පාලනය කිරීමට
- ආහාර රුචිය වැඩීමට
- පැහැපත් සමක් ලබාගැනීමට
- සමේ හටගන්නා දද කුෂ්ඨවලට
- නිරෝගී හිසකෙස් වර්ධනයට
- අධි රුධිර පීඩනය සමනය කිරීමට
- අමීබා වෛරසය සමනය කිරීමට
- ශරීර ඉදමුම් සමනය කිරීමට
- අක්ෂි රෝග සමනයට
- ඇදුම, කැස්ස සමනය කිරීමට ආදි වූ නොයෙක් රෝග සමනය කිරීමට අගුණකොළ මැල්ලුමක් ,සලාදයක් ලෙස ආහාරයට ගත හැකිය.